" *** යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යන ශබ්ද අෂ්ඨ විධ කර්මයෙන් විස්කම් දැක්වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් වහන්සේ පිළිබඳව කරුණු දක්වන කෙටි සටහනකි.***"
-------------------------------------------------------
යාපහුව වෙහෙරගල විහාරස්ථානයේ මූලික අධ්‍යාපනය ලද කරම්බාවේ සීලරතන හිමියන්ට කුඩා කල සිටම යන්ත්‍ර මන්ත්‍ර ගැන තද ඇල්මක් ඇතිවිය.එතුමා නිතර විහාරස්ථානයේදී යන්ත්‍ර මන්ත්‍ර පාඩම් කළහ.නමුත් විහාරාධිපති තම නායක හිමියන් මෙම කර්තව්‍යය සඳහා සතුටු නොවූහ.නිතර අවවාද කලත් සීලරතන හිමියෝ අවස්ථාව ලද විට පන්සලේ ඇති පැරැණි පුස්කොළ පොත් පරිහරණය කලහ.
මෙසේ කාලයක් ගත වන අතරතුරකදී එක් රාත්‍රියක සීලරතන හිමියෝ අපූර්ව සිහිනයක් දැක ඇත.සුදු හැඳගත් යෝගීවරයෙකු පැමිණ එතුමාට කතාකර යෝගීවරයා විහාරස්ථාන භූමියෙන් එපිට ඝන වනාන්තරය දෙසට එක්කරගෙන ගියහ.මෙසේ ගොස් එම තපස් රුව එක්තරා ස්ථානයකදී තමා අත ඇති පැන් කෙණ්ඩියෙන් පැන් ගෙන විශාල ගල් ගෙයක් දෙසට පැන් ඉස හිමියන්ට කතා කල යෝගීවරයා " ඔබ වහන්සේ පෙර ආත්ම භවයන් තුළද බොහෝ කුසල් පින් දහම් කළ අයෙක් බවත් මෙම භවයේදී දෙස් විදෙස් පතල වීමට තරම් බල ශක්තියක් ඇත්තෙකු බවත් ප්‍රකාශ කර " අනතුරුව ගල් ලෙන දෙසට අත දිගුකර පෙන්වා මෙහි ඇති නිධානයේ හිමි කරු ඔබයි.හෙට දින දහවල් 12:00 ට පමණ මෙම නිධානය ආරක්ෂා කරන නාගරාජයා ඔබට මෙම නිධානය භාරදී ඉවත් වෙනවා.එම නිසා ඔබ වහන්සේ පැමිණ හෙටදින එය භාර ගන්නා ලෙස පවසා යෝගීවරයා අතුරුදහන් වී ඇත.
මෙම සිහිනය දු⁣ටු උන්වහන්සේ රාත්‍රියේ අවදි වී කල්පනා කර එය ගැන සොයා බලන්නට තීරණය කර පසුදින හිමිදිරියේම විහාරස්ථානයේ කටයුතු අහවර කර පිරිසිදු වී නායක හිමියන්ට රහසේ නියමිත ස්ථානයට සිහිනෙන් දුටු මඟ ඔස්සේ ගමන් කර අවසානයේ රූස්ස ගස් සහිත ලෙන අසලට සේන්දු වූහ.අවට පරීක්ෂා කරද්දී විශාල නාගරාජයෙකු ඒ අසල සිට ගොඳුරු සොයා යන බව දැක ඇත.එවිට තමාට පැවරී ඇති කාර්යය සඳහා සුදුසු වේලාව බව අවබෝධ කර ගත් උන්වහන්සේ තමන් හදාරා ඇති මන්ත්‍ර ජප කරන්නට විය.
මෙසේ ටික වේලාවක් ගතවන විට මහා හඬක් නඟමින් නිධානය සහිත ගල් ලෙනෙහි ගල් දොර විවර වී ආලෝක දහරාවක් පතිත වී ඇත.ලෙන තුලට වැඩම කල හිමියන්ට දක්නට ලැබුණේ දඹරන් බුදු පිළිම වහන්සේ නමක් හා පුස්කොළ කිහිපයක් සහ සිංහ තෙල් රැදි පැරණි ගල් බෝතල කිහිපයකි.එම සියල්ල තම දෑතට ගෙන පියවර කිහිපයක් පිය නගත්ම උන්වහන්සේට ඉතා ගාම්භීර හඬකින් විධානයක් ඇසී ඇත.එයින් පවසා ඇත්තේ මෙම නිධානය සීලරතන හිමියන් හට උරුම බවත් එහි ඇති බෙහෙත් බෝතලවල සිංහ තෙල් කවලම් හෙණරාජ තෛල්‍යය හා මහා රාජ තරංගනී තෛල්‍යය මහානුභාව සම්පන්න අප විසින් නාමය නොදත් තවත් තෙල් වර්ගයක් බවය.එම සියල්ල රැගෙන අසරණයන් හට පිහිට වන ලෙසත් එම කර්තව්‍යය සඳහා මහා භඳ්‍රකාලී මෑණියන්ගේ පිහිට උදවු උපකාර හිමියන්ට ලැබෙන බවත් තව දුරටත් පවසා ඇත.
තමන් වහන්සේ ලද සියළු දෑ අසල ගල් ලෙනක රඳවා තබා යලි විහාරස්ථානයට වැඬම කල උන්වහන්සේ තම නායක හිමිපාණන්ගේ දෙපා නැමඳ අවසර ගෙන ගම්වාසීන්ගේ සහයෝගයෙන් එම ගල් ලෙන අසල කුඩා ආවාසයක් ගොඩ නගා පඳිංචි විය.සීලරතන හිමියන් ආවාස ගෙය ගොඩ නැගූ ස්ථානය යක්ෂ ගෝත්‍රිකයන්ගේ සොහොන් බිමක් හෙයින් නිතර අත්භූත ශබ්ද මෙන්ම විෂකුරු නයි පොළඟුන් ගෙන් ගහණ විය.එම නිසා එම ප්‍රදේශය කොණ්ඩදෙණිය යන නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත.ගම්වාසී දායක කාරකාදීන්ගේ උපකාර මත හා ගම්වාසීන් හටද නොමඳ උපකාර කළ උන්වහන්සේ සිය මන්ත්‍ර බලය උපයෝගී කර ගෙන කල කී දැය අපමණය.
( කරම්බාවේ සීලරතන හිමියන් හෙවත් කොණ්ඩදෙණියේ නායක හිමිපාණන් මෙතරම් ප්‍රසිද්ධත්වය⁣ට හා ජනප්‍රිය භාවයට පැමිණීමට හේතුව )

අද වර්ථමානයේ පුවත්පත් තුළ ,රූපවාහිනී නාළිකා තුළ හා අන්තර්ජාලය තුළ පළවන ගුප්ත විද්‍යා දැන්වීම් අතර වැඩි ප්‍රමාණයක් කොණ්ඩදෙණියේ නායක හිමියන්ගේ ගුරුකම් කරන බව සඳහන් කර ඇතත් ඒ කිසිවෙකුට එතුමා කළ සේවයෙන් බිඳක් වත් කිරීමට නොහැකිය.සීලරතන නා හිමියන් කිසිම දිනක අයුක්තියට,අසාධාරණයට,මුදලට,බලයට,හිස නමා කටයුතු නොකළහ.එතුමාට දුගී පැලක සිට හෝ මහ මැඳුරක සිට පැමිණියත් සැවොම එක හා සමානය.දෙදෙනාට දෙඅාකාරයකට හැඳි දෙකකින් බෙඳීමක් නොවීය.
කිසිම විටෙක මුදල් නිසා තම ශාශ්ත්‍රය කිසිවකුට පාවා නොඳීමට උන්වහන්සේ වග බලා ගත්හ.එතුමා හමුවීමට ඉතාම දුඟියාගේ සිට ධනවත් ව්‍යාපාරිකයින් ,දේශපාලකයන් ,පමණක් නොව රටේ නම ගිය කලාකරුවන් ,රෝගීන් හඳුනා ගැනීමට හැකියාවක් එතුමාට වූහ.උන්වහන්සේ ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ ඉතා ජනප්‍රිය පාලකයකු වූ සර් ජෝන් කොතලාවල මැතිඳුන් දේශපාලනයෙන් ඉවත් කරලීමටත් ප්‍රබල රාජ යෝග සහිත පුද්ගලයෝ කිහිප දෙනෙකු ඉවත් කරලීමටත් සමත් වූ අතර ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට එතුමාට හැකිවිය.
කෙතරම් බලවතකු වුවද හිමියෝ ඉතාම සරල ශික්ෂාකාමී ජීවිතයක් ගත කළහ.කිසිඳුවිටක තම දේවාල භූමිය තුළදී කිසිවකුට හඳි හූනියම් නොකළහ.එහෙත් යමකු හඳි හූනියමකට ලක්ව සිටියහොත් එයට වහාම පිහිට විය.එතුමාගෙන් උපකාර පතා පැමිණෙන සෑම දෙනාටම පළමුව තෙරුවන් නැමඳීමට සලස්වා දෙවනුව ආහාර පානයෙන් සංඟ්‍රහ කර මඟී විඩා සන්සිඳුවා ගත් පසුව ඔහුගේ පැමිණි කාරණය හරියාකාරව නිවැරදිව කරදීමට උන්වහන්සේ ඉතා සමත් විය.
සීලරතන නායක හිමියන් වඩාත්ම ප්‍රසිද්ධ වූයේ නඩුහබ ජයග්‍රහණය කරවීම සඳහාය.ඒ සඳහා උන්වහන්සේ හට අසීමිත බලයක් විය.වරක එතුමා විනිශ්වයකාර වරයකුට තම රැකියාව පවා එපාවන තරමට කටයුතු කළහ.තවත් වරක උන්වහන්සේගේ හඳවත වෙඬරු පිඬක් සේ උණු වී ගියේ දුකට පත් අසරණයන් නිසාය.එතුමාට එම කාලයේ හැටියට කොණ්ඩදෙණිය ග්‍රාමය ඝන කැලෑවක් සහිත ජන ශුන්‍ය ප්‍රදේශයක් වුවත් ඉතාම දියුණු නිතර රථ වාහන යන එන තත්වයට ගෙන ඒමට උන්වහන්සේ හට හැකියාව ලැබුණි.
(කරම්බාවේ සීලරතන නායක හිමියන් හෙවත් කොණ්ඩදෙණියේ නායක හාමුදුරුවෝ කළ ගුරුකම් කටයුතු කිහිපයක් පහත සඳහන් කරනුයේ උන්වහන්සේව නව පරපුරට හඳුනා ගැනීම සඳහාය.)
---------------------------*---------------------------
සීලරතන නායක හිමියන්ගේ දස්කම් අතර මුළු රටම කතාබහ කළ දෙස් විදෙස් පතල වූ දුම්රිය අතරමඟ නැවැත්වීමේ සිද්ධිය තුළින් අප මෙම කරුණට අවතීර්ණ වෙමු.
යම් කාර්යයක් උදෙසා මහව හන්දියට වැඩම කළ විට හාමුදුරුවන්ට දුම්රිය ස්ථානයේ සෑම දෙනාම ගරු බුහුමන් කළහ.දුම්රියක් එන තුරු දුම්රිය ස්ථානාධිපතිවරයා තම ආසනය පිලිගන්වා උපස්ථාන කිරීමට තරම් සමීපය.ඒ එතුමා ගැන දන්නා නිසාවෙනි.මෙම කියන දින අසනීප තත්වයක් මත දුම්රිය ස්ථානාධිපතිවරයා නොමැතිව ඒ වෙනුවට සිටි පුද්ගලයා තරමක ආඩම්බර කරුවෙකි.
ඔහු හමුවට ගිය හාමුදුරුවෝ යාපහුවට වැඩම කිරීමට දුම්රියක් එන වේලාව විමසන ලදී.දුම්රිය ස්ථානාධිපතිගේ පිලිතුර වූයේ දැන් දුම්රියක් පැමිණියත් යාපහුවේ නතර නොකරන බවය.නමුත් වෙනදා දුම්රිය ස්ථානාධිපති හාමුදුරුවන්ට දුම්රියෙහි වැඩම කරන්නටත් එය යාපහුවේ නතර කර දීමටත් තරම් සුහද විය.එහෙත් මෙම ආඩම්බර පුද්ගලයා දුම්රිය යාපහුවේ නවත්වන්නේ නැති බවත් ඔය ටික දුර පා ගමනින් වඬිනා ලෙසත් අපට වැඩ තියෙනවා ලෙසත් සරඳම් සිනහවකින් කියවන්න විය.
නියමිත පරිදි කොළඹ බලා යන සීඝ්‍රගාමි දුම්රිය මහව හන්දියට ලඟාවිය.හිමියෝ දුම්රිය⁣ට නැඟ ගත්හ.යාපහුවට ළගා වෙත්ම දුම්රිය එහෙට මෙහෙට පැද්දී විත් නතර විය.අඟුරු දුම්රිය එන්ජිමක් වූ එම දුම්රියෙන් හනිකට බැසගත් අප නායක හිමියෝ ගිනිරත්ව ඇති දුම්රිය එන්ජිමටත් ත⁣ට්ටුවක් දමා රියදුරු දෙස බලා පන්සල වෙතට වැඩම කළහ.එහෙත් ඉන්පසු දුම්රිය ඇන්ජිම ක්‍රියා විරහිත විය.
දුම්රිය කාර්ය මණ්ඩලය නැවතුන දුම්රිය පණ ගන්වන්නට නොකළ දෙයක් නැත.අවසානයේ දුම්රියෙහි ගමන් ගත් මඟීන්ගේ සහ ගම්වාසීන්ගේ බලවත් පෙරෙත්තය මත දුම්රිය සේවක මඬුල්ල කොණ්ඩදෙණිය විහාරස්ථානයට ගොස් හිමියන්ට වැඳ නමස්කාර කොට සමාව ඉල්ලීමෙන් පසු නා හිමියෝ ගල් කැට අසුරක් ගෙන දේව මන්දිරයට පිරිස සමඟ ගොස් කාලී මෑණියන්ට නමස්කාර කරවා රියදුරුට ගල් කැට දුම්රිය පීලි අතරට දමන්නට අණ කලහ.
විශ්මයකි නායක හිමියන් පැවසූ පරිදි ගල්කැට ටික රේල් පීලි අතරට දැමූ විගස මෙතෙක් කිසිඳු සෙලවීමක් නොමැතිව තිබූ දුම්රිය ඇන්ජිම මහ හඬින් පණ ගැන්වින.
පසුදා හිමියන් කළ වික්‍රමය දිවයින පුරා ප්‍රවෘත්ති පත්‍ර තුළ ඦායා රූප සහිතව පලවිය.ඒම වික්‍රමය කරම්බාවේ සීලරතන නායක හිමියන් හෙවත් කොණ්ඩදෙණියේ නායක හාමුදුරුවෝ ආඝෝර මඟින් කළ ස්ථම්භණ ගුරුකමක ප්‍රථිපලයකි.
( කොණ්ඩදෙණියේ නායක හිමියන් ⁣ආඩම්බර අහංකාර පොලිස් නිලධාරීන් හට දුන් දඬුවමක්...)
--------------------------*----------------------------
කොණ්ඩදෙණියේ නායක හාමුදුරුවන්ගේ රියදුරු වූයේ මුස්ලිම් භක්තිකයෙකි.සිකුරාදා දිනයක් වූ එදින ඔහු තම ආගමික කටයුතු සඳහා පල්ලියට යෑම සඳහා නිවාඩු ලබන දිනයකි.හිමියන්ට හඳිසි අවශ්‍ය තාවයකට මහව නගරයට යෑමට සිඳුවිය.පන්සලේ ඇබිත්ත කොළුවා සමඟ නගරයට පිටත්ව ගියද ඔහුට එතරම් රිය පැඳවීම පිළිබඳව පලපුරුද්දක් නොවීය.එමෙන්ම එම කාලයේ අද මෙන් රථ වාහන සුලබ නොවූ නිසා මාර්ග අනතුරු අවම විය.නමුත් මාර්ගය පුරා යන මයිනර් රථය දුටු පොලිස් නිලධාරින් එය නවත්වන්නට විය.එහෙත් කරුමයක මහත මෙම සිද්ධියට මුහුණ පෑවේ හාමුදුරුවෝ ගැන නොදන්නා අළුතින් ස්ථාන මාරුවක් ලබා පැමිණි නිලධාරින් දෙදෙනෙකි.
ඇබිත්ත කොළුවාගෙන් රියදුරු බලපත්‍ර ඉල්ලනු ලැබූ ඔහු ප්‍රකාශ කලේ බලපත්‍ර නොමැති බවත් හාමුදුරුවෝ සමඟ පැමිණි බවය.නායකයා මොකා වුනත් අපට වැඩක් නැහැ.එනවා යන්න පොලීසිය⁣ට කියා අණක් නිකුත් විය.බුද්ධ චීවරය ගැනවත් නොසිතා කතා කිරීම නිසා හාමුදුරුවන්ට තමන්ගේ බලය පෙන්වන්නට සිදුවිය.ඇබිත්ත කොළුවා ලවා ගල් කැට කිහිපයක් අතට ගෙන හාමුදුරුවන්ගේ මුවින් මහා බලගතු විෂ්ණු දැහැනේ හඬ යන්තම් නිකුත් වූවා පමණි.හාමුදුරුවෝ රාජකාරිය අහවර කර කොණ්ඩදෙණියේ තම පන්සලට වැඩම කලහ.
ටික වේලාවක් යනවිට මහව පොලීසියේ ඉහළ නිලධාරින්ට දැනගන්නට ලැබුනේ මහා මාර්ගය මැද එකිනෙකාට ආචාර කරගනිමින් සිටිනා නිලධාරීන් පිළිබඳවය.පොලීසියේ ප්‍රධානීන් හනිකට කොණ්ඩදෙණියේ නායක හිමියන් බැහැදැක වැඳ සමාව ගත් පසු පිරිත් පැන් බෝතලයක් අතට දුන් හිමියන් අවවාද කලේ මින් ඉදිරියටවත් චීවරයට ගෞරව කර හැසිරෙන ලෙසය.
⁣( " කොණ්ඩදෙණියේ නායක හිමියන්ගේ අපවත් වීම...)

මේ සා විශාල හපන්කම් කළ හිමියන්ට මලයාලම් මන්ත්‍ර කරුවකු විසින් හිමියන්ගේ බලය අවසාන වන මොහොත බලා ස්ත්‍රියක් ලෙස සකස් කල බලගතු පිල්ලියක් එවන්නට විය.මේ කාලය වන විට හාමුදුරුවන්ගේ වරම් බලය අවසන් වී ඇතිවග අවබෝධ කරගත් හිමියෝ මෙයින් ගැලවීමට උපක්‍රම යෙදූහ.නමුත් කෙතරම් බලවතකු වුවද දුර්වල වන අවස්ථාවක් එලඹෙන බව අප දැනගත යුතුය.
මෙම මරු පිල්ලියෙන් ගැලවීමට නොහැකි බව අවබෝධ කරගත් අප කතා නායක සීලරතන හිමියන් තමාගේ අතවැසි බංඩා ලවා ගිනි මැලයක් ගසා එයට තමා සතු පතපොත දමන්නට අණ කළහ.පසුව පිල්ලියෙන් පහර කෑ අප නායක හිමියෝ හෘදය අමාරුවක් සෑදී රෝහලේදී අපවත් විය.මේ මොහොතේ ගින්නට දමන්නට නොහැකිව ඉතිරි වූ යම් ප්‍රමාණයක පොත පතද පුංචි බණ්ඩා නම් අතවැසි මාමා නායක හිමියන් සමඟ කටයුතු කිරීමෙන් ඉගෙනගත් දෙයද විහාරස්ථානය සමග කුළුපඟ නිසාවෙන් යම් පමණකට අද අපට ඉතිරිව ඇත...
සමාප්තයි!!!
ඔබ සැමට තෙරුවන් සරණයි!!!

සත්‍යය තොරතුරු ලබා දුන් මාගේ ගුරු දේව ආචාර්ය ගුප්ත විද්‍යා විශාරද පාරම්පරික මහා මන්ත්‍රාචාය්‍යී බණ්ඩාරවෙල නායක හාමුදුරුවන්ට ගෞරව පූර්වක නමස්කාරය පුද කරන අතර.....විශේෂ ස්තූතිය !!! පෞරාණික පොත පත ආදර්ශ හා දැනුම ලබා දුන්:::~ ජ්‍යොතිෂ ප්‍රසාදනී -සම්මානලාභී නිලන්ත කුමාර ධනසේකර මහත්මාට පුද කරමි.
සැකසුම :::~{ පාරම්පරික මන්ත්‍රාචාය්‍යී හර්ෂ මුතුකුමාරණ දු:අ:-075-6502000}……………………බ" *** යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර යන ශබ්ද අෂ්ඨ විධ කර්මයෙන් විස්කම් දැක්වූ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් වහන්සේ පිළිබඳව කරුණු දක්වන කෙටි සටහනකි.***"

සැකසුම :::~{ පාරම්පරික මන්ත්‍රාචාය්‍යී හර්ෂ මුතුකුමාරණ දු:අ:-075-6502000}……………………

Post has attachment

Post has attachment
Astrology service

Post has attachment
නොවරදින යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම්

Post has attachment
Nowaradina yanthra manthra gurukam itu kara ganeema pinisa vishwashayen pivisenna
Photo

Wait while more posts are being loaded