Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

10 කොටස...

නිදු ඇඟ සෝදනවාද නානවද යන අතීරනයෙන් සිට උණ නිසා දවස් තුනකින් නාන්න බැරි වූන නිසාවෙන්ම හොඳ හැටි නා ගත්තාය...නිදු ආ විටම සදු ඇමතුම අවසන් කර ඇඟ සෝදා ගැනීමට ගියාය...

වහා කාමරයට වැදුනු නිදූ කොණ්ඩය ගොතා වමතේ උපන්ලපයක් මෙන් කළු පැහැති තිතක් තබා සාලයට ගියාය...ඒ සමඟම තාත්තා ඉන්දීප අයියා සමඟ ගෙට ආවේය...තාත්තා කුස්සියට යද්දී ඉන්දීප සාලයෙහිම නැවතුණි...

"සදූ කෝ අක්කා..."

"ෂ්...එයා බාත්රූම්..."

අම්මාවත් තාත්තාවත් පෙනෙන්නට නොසිටි බැවින් ඇගේ අද්විතීය රංගනය සාර්ථක වෙමින් ඉන්දීප නිදූව සදූ ලෙස වරදවා වටහා ගත්තාය...

"කිව්වේ නෑනේ..."

"නෑ අයියා...ඔයා එපා කිව්වනේ..."

"මං ඔයාලට අඹ ගෙනාවා..."

"අම්මෝ අමු අඹද මරුනේ..."

"චූටි නංගි අමු අඹ කන්න ආස නෑනේ..."

නිදූට තම පෙරේතකම ගැන තරහ සිතුණි...

"නෑ අයියා දැන් ටිකක් විතර කනවා...අක්කා තමයි ඉතින් ආසම..."

"යමුකෝ අක්කව බලන්න..."

"අයියා යන්න...මං තේ අරන් එන්නම්..."

නිදූ හිනැහෙමින්ම කුස්සියට ගියාය...

"චූටි කෝ අක්කා..."

"මහත්තයා මේ චූටි නෙවෙයි ඔයාගේ ලොකු කෝළම...හැබැයි ලොකූ රෑට නාලා තව කොණ්ඩෙත් ගොතන් ඉදලා ඔළුව රිදෙනවා කියනවකෝ..."

"මටත් පැටලුනානේ...මොකෝ මේ කවදාවත් නැතුව කොණ්ඩේ ගොතලා...වෙනදා ඔයා කොණ්ඩේ ගොතන්නෑනේ රෑට...මං හිතුවේ චූටි කියලා..."

"අයියෝ නෑ තාත්තා මාත් මේ වෙනසකට වගේ ගෙතුවා අද..."

"කෝ සුදු පුතා..."

"දුව මං කලින්ම කිව්වා මුකුත් නාඩගමක් නටලා අහුවෙන්න එපා මට...ඒ දරුවා ගෙට ගොඩ උනා විතරයි..."

මොන විදියට වෙනස් උනත් අම්මා තමන්ව වෙන්කර හදුනා ගන්නා අයුරු ගැන විටක නිදූට පුදුම සිතුණි...

"පිස්සුද අම්මා එහෙම කරනවද මං...අම්මා හැමවෙලේම කෑගහනවනේ උදව් කරන්නෑ කියලා කෝ අයින් වෙන්න මං ඕක කරන්නම්..."

නිදූ අම්මාට උදව් වෙද්දි තාත්තා තේ බොමින් නැවතත් පත්තරයට හිස නැමුවේය...

"නිදූ රූම් එකේ ඇත්තේ...මගේ පුංචි කෙල්ල..."

කාමරයේ නිදූ නොසිටි බැවින් තමා වෙනුවෙන් සැකසූ පසම්ගේ කාමරයට ගොස් ඉන්දීප සිය බෑගය තැබුවේය...නිදු තේ ද රැගෙන අයියා සොයා කාමරයට ගියාය...

"සදු මං අක්කට ආදරෙයි..."

"මො...මොකක්ද..."

"මං එයාට ආදරෙයි කියනවා අද...එයාව පුදුම කරන්න යන්නේ අද...මේ බලන්න රින්ග් එක...ලස්සනද..."

නිදූගේ අත තිබූ තේ කෝප්පයේ තේ ඉහිරුනි...

"සො...සොරි අයියා...මං වෙන තේකක් ගේන්නම්..."

"මේ ටික ඇති නංගා...ඇයි චූටි ඔයා බය උනේ..."

නිදූට කීමට යමක් සිතා ගත නොහැකි විය...

"ආහ් කෝප්පේ...මං නිදූව සප්රයිස් කරලා එන්නම්...නැන්දයි මාමයි කැමතියි...ඔයත් අකමැති නෑනේ මං මස්සිනා වෙනවට..."

නිදු පිළිතුරු දීමට මත්තෙන් ඉන්දීප කාමරයෙන් පිට විය...ඉන්දීප යනවිට සදූ ඇඳුම් මාරු කර අවසානයේ අල්මාරිය වහමින් උන්නාය...පිටිපස්සෙන් ගොස් සදූව වැළදගත් ඉන්දීප එකාතකින් ඇගේ දෑස් වැසුවාය...

"කවුද..."

සදූ තම ඇස් වැසූ අත අතගා බැලුවද ඇයට එක්වරම ඒ කවුදැයි සිතාගත නොහැකි විය...

"සුදු අයියද..."

ඉන්දීප සතුටින්ම සිය අත ගෙන සදූව වඩා ගත්තේය...

"ඇ...ඇයි අයියා මේ කවදාවත් නැතුව..."

"ඉන්නකෝ කියනකම්...කෝ ඇස් වහ ගන්න..."

සදූට කිසිවක් තේරුම් ගත නොහැකි උවද ඇය දෑස් වසා ගත්තාය...ඉන්දීප සදූගේ දෑත ගෙන වෙදගිල්ලට මුදුව දැමීමට සැරසෙද්දී ඇගේ වමතේ තිබූ උපන්ලපය දැක කලබල වූවේය...වමතේ සුළැගිල්ල ළග උපන්ලපයක් තිබුනේ සදූට පමණක් බැව් කුඩා කල සිට එකටම හිදි ඉන්දීපට සිහි විය...

"චූටි..."

සදූ වහා දෑස් හැර බැලුවාය...

"ඇයි අයියා...මට ඇස් වහ ගන්න කිව්වේ ඇයි..."

"මොනවා...එතකොට අර හිටියේ ලොකූද..."

සදූ පුදුමයෙන් බලා සිටිද්දී ඉන්දීප මුදුවද රැගෙන සාලයට ගියාය...නිදූ සෙටියේ වාඩි වී ඇය කැමතිම කතාව බලමින් උන්නාය...

"මෝඩි...

"ආව්..."

නිදූට තම හිසට වැදුනු පහර රිදුනි...

"මං කවුරු කියලද හිතුවේ ආහ්...මාව රවට්ටන්න හිතුවා මදියි..."

ඉන්දීප නිදුගේ ගොතා තිබූ කොණ්ඩයෙන් ඇයට රිදෙන තරම් වේගයෙන් ඇද්දේය...

"ආව් අම්මා...අයියා මාව මරනෝ..."

"මරනෝ..මරනෝ නෙවෙයි හම ගහනෝ..."

"අතාරින්න අයියා..."

නිදූ සිය කොණ්ඩය මුදවාගෙන නැගිට්ටාය...

"වද දෙනවනේ අයියා ඔයා ආපු ගමන්ම...බලන්නකෝ මගේ ඔළුවත් රිදෙනවා..."

"සොරි ලොකූ...කෝ එන්න ඔළුව අතගාන්න..."

"අපෝ ඕන නෑ...තව මොනවා කරයිද දන්නෑ..."

"ලොකූ මං මෙහේ නවතින්නම විතරක් නෙවෙයි ආවේ...මගේ ජීවිතේ වෙනස් කරගන්නත් එක්ක..."

නිදූ තම හිස පිරිමදින ගමන් කිසිවක් නොතේරෙන බැල්මෙන් අයියා දෙස බැලුවාය...ඒ එක්කම අම්මා සාලයට ආවාය...

"මොකද දුව ඔළුව අල්ලන්...මං කියලා තියෙනවා රෑට නාන්න එපා කියලා...කියන කිසිම දෙයක් අහන්නෑ..."

"නාපු නිසා නෙවෙයි අම්මා...මේ බූරුවා මගේ කොණ්ඩෙන් ඇද්දා..."

"ලොකූ ඔහොමද අයියට කතා කරන්නේ...අනික මේ ඔයාගේ මහත්තයා වෙන්න ඉන්න කෙනා..."

තාත්තා පත්තරය අතැතිව සාලයට ආවේය...

"කෝ චූටි...තාම ඇඟ හෝදනවද...මං වැඩ ඇරිලා එනකනුත් මෙයාලා හෝදනවා..."

"තාත්තා යන්න මං ආවා..."

තාත්තා පත්තරය ස්ටූලය මත තබා පිටව ගියේය...

"නැන්දා කෑගහන්න එපා..."

"දැන් කාගෙන් අහලද එහෙම තීරනයක් ගත්තේ...මං තාම කාවවත් මගේ මහත්තයා කර ගන්න හිතලා නෑ..."

නිදූ තරහෙන් කීවාය...සදූ නිදූගේ අත අල්ලා ගත්තාය...

"ලොකූ තාත්තයි මායි තමයි ඔයාලගේ දේවල් තීරණය කරන්නේ...සුදු පුතා එහෙම නරක කෙනෙක් නෙවෙයි..."

"කව්ද කිව්වේ අයියා නරකයි කියලා...මං කිව්වේ මට මඟුල් එපා කියලා..."

"නැන්දා අපි නංගිට ටිකක් කල් දෙමු...එකපාරම එහෙම හා කියන්නත් බෑනේ නේද ලොකූ..."

"විකාර..."

නිදූ ගස්සාගෙන කාමරයට යන විටම සදූද ඇය පිටුපසින් ගියාය...

"අක්කා ඔයා කතා කරපු විදිය හොඳ නෑ...හොඳ වෙලාවට තාත්තා ඇඟ හෝදන්න ගියේ...නැත්තන් අද ඔයා ගුටි කනවා..."

"නෑ චූටි ඔයාම කියන්නකෝ...මං වැරදිද...මං කවදාවත් සුදු අයියා ගැන එහෙම දෙයක් හිතලා නෑ...අනික අම්මයි තාත්තයි කොහොමද එහෙම කරන්නේ...මගෙන් ඇහුවෙවත් නෑ...අනික ඔයා කියනකම් අයියා එනවා කියලා මං දන්නෙවත් නෑ චූටි..."

"මට බයයි අක්කා අම්මලා තෂ්මල්ට අකමැති වෙයිද කියලා..."

"කියන්න බෑ ඔයාටත් දැන්මම කවුරුහරි හොයලද කියලා..."

"අනේ අක්කා ප්ලීස් මාව බය කරන්න එපා..."

ඒත් එක්කම කාමරයට පැමිණි අම්මාව දුටු නිදූ අනිත් පැත්ත හැරී ඇඳේ ඇල වූවාය...

"ලොකූ කන්න එන්න...තාත්තව තරහ ගස්සන්න එපා...ඒ මගේ අයියගේ පුතා...මං දන්නවනේ සුදු පුතාව පොඩිකාලේ ඉදන්ම...හිතුවක්කාර වෙන්න එපා දුව...චූටි දූ...අක්කා බෑ කියන්නේ කැම්පස් එකෙන්වත් කොල්ලෙක් ඉන්නවද මෙයාට..."

සදූ තිගැස්සුනාය...

"න්...නෑ අම්මා අක්කට එහෙම කෙනෙක් නෑ..."

"හ්ම්ම්...මං බය උනා...මං අයියට වචනෙත් දීලා ඉවරනේ..."

"අම්මා වචනේ දීලා ඉවරනම් හොඳ කෙනෙක් හොයලා අයියට බන්දලා දෙන්න...මේ මාව ඕවට ගාවගන්න එපා..."

"හරි අපි පස්සේ ඕවා හෙමීට කතා කරමුකෝ...යමු දැන් කන්න..."

"මට ඕන ඇති කෑමක් නෑ..."

"උණ හොඳ උනා විතරයි...තව ලෙඩක් හදා ගන්නකෝ පුළුවන්නම්..."

"නෝනා...චූටි...ලොකූ...කන්නැද්ද මේ පුතත් බඩගින්නේ..."

"ආන්න තාත්තා කෑගහනවා...චූටි එන්න යමු...ලොකූ කන්න එන්න ළමයෝ ඉක්මනට..."

අම්මා නිදූගේ හිස අතගා පිට වූවාය...

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo

Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

11 කොටස...

කාලය නවතා දමන්නට නොහැකි ලෙසින් ඉගිලී යන්නට විය...ස්ටඩී ලීව් ලැබී මිතුරන් දහදෙනා සමුගත්තේ නැවත පාඩම් කිරීම සඳහා මුණ ගැහෙමු යන අදහසින් පසුවය...ගෙදර ඇවිත් දවසක් යද්දී සදූ නිදූ ළගින්ම ඇඳෙහි අසුන් ගත්තාය...

"අක්කා තරහා ගන්නැත්නම් දෙයක් කියන්නද..."

නිදූ සදූ දෙස මවිත වී බැලුවාය...

"ඇයි මේ බටර් ගාන්නේ..."

"අනේ නෑ අක්කා...මල්ලිට රුමිත් කියලා අපෙන් පාඩම් වගයක් අහගන්න තියේ කියලා...එයාගේ යාළුවොත් දන්නෑලු...එන්න කියන්නද..."

"මං දන්නෑ ඔයා කියලා දෙන්න..."

"අනේ අක්කා ඒ සබ්ජෙක්ට් එක මට වඩා ඔයාට පුළුවන්..."

"හරි එන්න කියන්නකෝ...හැබැයි ඔයත් කියලා දෙන්න ඕන..."

"හා...මගේ හොඳ අක්කා...ඒ කොල්ලා බය වෙලා ඔයාගෙන් අහන්නත්..."

සදූ කියද්දී රුමිත් සිහි වී නිදූ හිනැහිණි...

"ආව් ආව් කොල්ලව මතක් වෙද්දී මූණේ තියෙන පෙම් පාට..."

"මේ නංගා මගෙන් මුකුත් අහගන්න එපා...යනවා ගිහින් මල්ලිට කියනවා..."

නිදූ සදූට කොට්ටයක් දමා ගසමින් කීවාය...කතා කරගත් පරිදි රුමිත් නිවසට පැමිණියේය...සාලයේ උන් නිදූ වහා කාමරයට ගොස් සදූ සමඟ නැවතත් පැමිණියාය...තමාව දැක දැකත් කතා නොකර පිටුපා ගිය නිදූගේ හැසිරීම ගැන දුකක් රුමිත්ගේ හිත් කොණක ඉතිරි විය...

"ආ වාඩි වෙන්න මල්ලි...ඉන්න මං බොන්න මොකුත් හදන් එන්නම්..."

නිදූ කුස්සියට ගියාය...සදු රුමිත් අසල වාඩි වූවාය...

"අක්කේ නිදූ අක්කා මං එක්ක තරහෙන්ද..."

"අනේ නෑ මල්ලි එහෙම දෙයක් නෑ...තරහ නම් ඔයාට බීම හදන්න යයිද..."

"ඔව්නේ..."

රුමිත් තම සිත එලෙසට හදා ගත්තේය...බීම බී පාඩම් කියා දෙද්දී නිදු රුමිත් දෙසට හැරුනේය...තමා දෙසම බලා හිඳින රුමිත්ගේ බැල්ම දරාගත නොහැකිව ඇය නැවතත් සිය හිස නමා ගත්තීය...

"නංගා දැන් මෙයා මොනාද දන්නෑ දෙන්නේ අපි කුප්පි දානවට..."

"අම්මෝ මේ සබ්ජෙක්ට් එක ගොඩ දාලා දුන්නොත් ඉල්ලන ඕන දෙයක් දෙන්නම්...මුකුත් තේරෙන්නැතුව හිටියේ...ඔයාලට මොනාද තියෙන්නේ..."

නිදුගෙන් පිළිතුරක් නැති විට රුමිත් සදූ දෙස බැලුවේය...

"මට බී...අක්කට ඒ ප්ලස්..."

"මාරයිනේ නිදූ...ඔයා නම් මාර ටැලන්ට්...මේ සබ්ජෙක්ට් එකට ඒ ගත්තා කියන්නේ..."

"නිදූ නෙවෙයි මට අක්කා කියන්න...හරිද..."

නිදූ තරහෙන් කියද්දී සදු නිදුගේ අත මත ඇගේ අත තබා නිහඩ වෙන මෙන් ඇඟෙව්වාය...

"සොරි...අක්කා..."

රුමිත් හිස බිමට යොමු කරගෙන එය කියූ ආකාරයට නිදු හිනැහිණි...

"හරි ආයෙත් නවත්තපු තැනට...මේ බලන්න මේක ලේසියි...හොඳට අහගෙන ඉන්න...ඔයාගේ යාළුවෝ හිතයි නැත්නම් අපි හරියට කියලා දීලා නෑ කියලා...ඔයා දැන් එයාලට කියලා දෙන්න ඕන කිව්වනේ..."

නිදූ කියද්දී සදු තෂ්මල්ගෙන් ලැබුන ඇමතුමට පිළිතුරු දීමේ අටියෙන් කාමරයට වැදුනාය...

"හෙලෝ තෂ්..."

"අද මීට් වෙමුද බබා...මට පාළුයි..."

"අනේ තෂ් රුමිත් මල්ලී ඇවිත් කුප්පියක් දාගන්න...හෙට එන්නද..."

"ඇයි අක්කා ඉන්නේ...තමුසේ ඒ දෙන්නට ඩිස්ටර්බ් කරන්නැතුව මෙන්න මෙහේ එනවා...එයත් කැමතියි ඔයා නොදන්නවා උනාට..."

"පිස්සුද ඔයාට...ඕවා නම් විහිළුවටවත් කියන්න එපා අක්කට..."

"හරි හරි තුන වෙද්දී හන්දියේ ඉන්න...මං බයික් එකෙන් එනවා ඔයාව ගන්න..."

"අනේ තෂ්..."

ඈ පිළිතුරු දීමට මත්තෙන් තෂ්මල් ඇමතුම විසන්ධි කරද අවසන්ය...

"අක්කා...තෂ්මල් එන්න කිව්වා...මං මොකක්ද අම්මට කියන්නේ..."

සදු නිදුගෙන් අහද්දී නිදූ සමඟ තනිවීමට කැමැත්තෙන් සිටි රුමිත්ගේ සතුට ඉහවහා ගියේය...

"ලයිබ්‍රි යනවා කියලා යන්න..."

"රුමිත්ට ගෙදරට බොරු කියලා පුරුදුයි වගේනේ..."

"නෑ නිදූ අක්කා මං ඉතින් කිව්වේ සදු අක්ක පව් නිසා..."

"අනේ අක්කා අම්මා අහයි ඔයා යන්නැත්තේ ඇයි කියලා..."

"මේ හොල්මනට මේක කියලා දෙනවා කියන්න...හැබැයි නංගා රෑ වෙන්න කලින් එන්න නැත්නම් මට තමයි සුදු අයියට උත්තර දෙන්න වෙන්නේ..."

"ක...කව්ද සුදු අයියා..."

"ආහ් ඔයා දන්නෑනේ ඒ අපේ මාමගේ පුතා...දැන් මෙහේ ඉන්නේ...එයා තමයි අපේ අක්කි බබාව මැරි කරන්න ඉන්නේ..."

රුමිත්ගේ මුහුණ හැකිලෙනවා දුටු සදු නිදූ දෙස බලා ඇහැක් ගසා සූදානම් වීමට කාමරයට ගියාය...

"ඇත්තද අක්කා අර සදු අක්කා කිව්වේ..."

"ඇත්ත උනත් බොරු උනත් ඔයාට මොකද...මෙන්න මෙහේ පාඩුවේ ආව දේ කරගන්නවා..."

"ප්ලීස් මට ඔහොම කරන්න එපා...මේ නාඩගම් බලන්නද මං ආවේ...ඌ එන්නේ කීයටද..."

"රුමිත් කාටද ඔය කතා කරන්නේ ආහ්...ඒ මගේ අයියා...ඔයාට අයිතියක් නෑ ඔහොම කතා කරන්න..."

"මට අයිතියක් තියෙනවා...ඇති මං යන්නම්...තේරුනා...තැන්ක් යු..සදූ අක්කටත් තෑන්ක්ස් කරා කියන්න..."

රුමිත් මේසයෙන් නැගිටිද්දී නිදූ රුමිත්ගේ අතින් අල්ලා ඔහුව නැවතුවාය...

"ඇයි...යන්න එපාද..."

"වාඩිවෙන්න...තව ඉවර නෑ..."

"නෑ කමක් නෑ අක්කා...මගේ හිත රිදෙනවා මේ වැඩෙන්..."

නිදූ රුමිත්ට පාඩම් කියාදී අවසන් වන විටම සදූ සහ ඉන්දීප නිවසට පැමිණියෝය...

"මං ඒත් බැලුවා චූටි මට එයාව හංදියෙන් ගන්න කිව්වම ඔයා නැත්තේ මොකද කියලා..."

"අයියා මේ රුමිත්...අපේ ජූනියර්..."

"ආහ් එහෙමද...මං ඉන්දීප...ඔන්න නිදුගෙයි මගෙයි වෙඩින් එකට එන්නම ඕන..."

රුමිත්ට අතට අත දී ඉන්දීප පිටව යද්දී සදුද අම්මාව සෙවීමට කාමරයට ගියාය...

"අක්කා සදූ කිව්වේ ඇත්තද එතකොට...මාව මරා ගන්නද හදන්නේ...සතුටුයිනේ...මගේ මිනිය උඩින් තමයි අරූ එක්ක යන්න වෙන්නේ...දැක්කද කියපු හැටි...ඌ හෙන ලොකුවෙන් කිව්වේ ඒක..."

රුමිත්ගේ තරහව දුටු නිදූට හිතට තරහක් වෙනුවට තමා ගැන මෙතරම් සිතන ඔහු ගැන සතුටක් දැනිණි...

"මං එයාට කැමති නෑ...අයියා හිතන් ඉන්නේ එහෙම..."

"ඔයා බෑ කියලත්ද එහෙම කිව්වේ...ලැජ්ජා නැද්ද දන්නෑ..."

"ඔයත් ඉතින් ඔය ඒකමනේ කරන්නේ..."

නිදූ කියද්දී රුමිත් නිදූගේ අත අල්ලා ගත්තේය...නිදුද අත මුදා ගැනීමට කිසිදු වෙහෙසක් නොගත්තාය...

"අක්කා මං තරම් ඔයාට ආදරේ කරන කිසිම කෙනෙක් නෑ...මේ පපුව පුළුවන්නම් පළලා පෙන්නනවා ඔයාට තියෙන ආදරේ තරම..."

"ආහ් පුතා තේ..."

අම්මාගේ හඩින් රුමිත් සිය අත මුදවා ගත්තේය...රුමිත්ගේ වාසනාවට අම්මා එය නොදැක්කාය...

"ආන්ටි මං මේ යන්න කියලා..."

"ඉන්න පුතා රෑට කාලම යමු...ඉන්දීප පුතා කාර් එකෙන් ඔයාව ගිහින් දාවි..."

"නෑ ආන්ටි ඕන නෑ...මං බස් එකේ යන්නම්..."

ඉන්දීප ෂෝර්ටට ටී ෂර්ටයක් ඇද සාලයට ආවේය...

"ඉන්න මල්ලී මං ගිහින් දාන්නම්...ලොකූ කමුද බඩගිනියි..."

ඉන්දීප නිදූගේ හිස අතගා කීවේය...නිදුගේ ඇස් ගියේ රුමිත් දෙසටය...රුමිත්ගේ දෑස් රත් පැහැ වූයේ තරහවටද නැතිනම් දුකට දැයි කියා තේරුම් ගැනීමට නිදූ සමත් නොවිණි...

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo

Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

12 කොටස...

නිදූ අසළින්ම ඉන්දීපද අම්මා අසළින්ම සදූද අසුන් ගනිද්දී තාත්තා මුල් අසුනද ඒ අසළම රුමිත්ද අසුන් ගත්හ...

"සුදු පුතා මේ රුමිත් පුතා ගොඩක් හොඳ දරුවෙක්...අපේ කොල්ලගේ හොඳ යාළුවෙක්නේ..."

පහදා කිව නොහැකි යම් හේතුවක් නිසා ඉන්දීපගේ හිතේ රුමිත් ගැන පළමු දසුනෙන්ම ඇති වූයේ නොපහන් බවකි...

"බාප්පා නිදූට තව අවුරුදු දෙකයි නේද..."

"ඔව් පුතා..."

"මං මේ හිතුවේ ඉක්මනටම ඒ අවුරුදු දෙකත් ගෙවිලා යනවනම් කියලා..."

නිදූට එකවර කෑම හිරවෙද්දී සදුටද කලියෙන් වතුර එකද අතැතිව රුමිත් නැගිට්ටේය...

"නෑ නෑ හරි මල්ලී..."

රුමිත් දෙස සියල්ලෝම බලද්දී නිදූ වහා පැන ඔහුව බේරා ගත්තාය...

"බලාගෙන කන්න දරුවෝ...වෙන ලෝකවල ඉදන් කෑම ගන්න එපා...අර පේන්නැද්ද චූටි ඔය ෆෝන් එක පැත්තකින් තියනවා...කන වෙලාවෙත් ඒකෙම ඔළුව ඔබන්...අනේ මන්දා දැන් හැදෙන ළමයි...මහත්තයා මෙයා මේ මොකකටහරි පැටලිලාද දන්නෑ...ඉක්මනටම මෙයාටත් කවුරු හරි බැලුවනම් හොඳයි..."

"අනේ අම්මා මේ යාළුවෙක් මැසේජ් කරේ නෝට් වගයක් ඉල්ලලා...බොරුද අක්කා මේ බලන්නකෝ අම්මට කියන්නකෝ අනේ..."

රුමිත්ට සිනහා ගියේ ආන්ටි හොරාගේ අම්මාගෙන් පේන ඇසු නිසාය...නිදූ කිසිදින සදූව පාවා නොදෙන බැව් ඔහු හොඳාකාරව දැන උන්නේය...නිදූ අම්මා දෙස බලද්දී අම්මා නැවතත් කෑම පිඟානට හිස යොමු කරගෙන උන්නාය...

"දැන් පුතා කොහොමද යන්නේ..."

"මාමා මං මේ මල්ලිව ගිහින් දාන්න කියලා හිතුවේ..."

"හොස්ටල් වහන්නේ කීයටද පුතා..."

"තව පැයක් තියෙනවා අංකල්..."

රුමිත් අත සෝදමින් කීවේය...සැදෑ අදුර දසත විසිර යද්දී රුමිත් මිදුලට පා එසවූවේය...සදූද ඔහු පසුපසින්ම ගියේ කතා කිරීමේ අදහසින්ය...

"මල්ලි ඔයා අක්කා ගැන හෝප්ස් තියාගන්න එපා..."

"කවුද අක්කට එයාද කිව්වේ මට ඔහොම කියන්න කියලා..."

"අනේ නෑ මල්ලී..."

සදූ රුමිත්ට ළංව කියන විටම ඉන්දීපද මිදුලට පැමිණියේය...

"ඔය අහුවුනේ හොරේ...මං ඒත් බැලුවා පාඩම් අහගන්න විතරමද ආවේ කියලා...මට තේරුනා...හොඳ වෙලාවට සදූ වුනේ..."

"ඇයි නිදූ වුනානම් මොනවා කරන්නද..."

රුමිත් ඉන්දීප දෙස එකෙල්ලේ බලා අහද්දී හදවත ගැහෙන්නට වූයේ එතනට පැමිණි නිදූගේය...

"නිදූ මගේනේ...කවුරු ට්‍රයි කරත් වැඩක් වෙන්නෑ ඉතින්..."

ඉන්දීප නිදූව තුරුලට ගෙන කීවේය...නිදූ වහා ඔහුගෙන් මිදී යද්දී සදූ රුමිත්ට නිහඩ වනමෙන් හැඟවූවාය...ඉන්දීප කාරයේ යතුර ගෙන ඒමට නැවත සාලයට යද්දී රුමිත් අතමිට මොළවා බිත්තියට ගැසුවේය...රුමිත්ගේ අතට දැනුනාට වඩා වේදනාවක් නිදූගේ හිතට දැනුණි...නිදු වහා රුමිත් අසලටම වූවාය...

"මල්ලි පිස්සු නටන්න එපා..."

"සදු අක්කා මෙයාට කියන්න මට මල්ලි කියාගෙන එන්න එපා කියලා...මං මාස තුනකට වැඩිමල්...කැම්පස් නාවනම් කියලත් හිතෙනවා ඔහොම මල්ලි කියද්දී..."

"හරි මං ඔයාට රුමිත් කියන්නම්..."

නිදු කියද්දී රුමිත්ගේ සිතට ජයග්‍රාහි හැඟීමක් ඇති විය...

"මාත් ඔයාට අක්කා නොකියා නිදූ කියන්නද..."

"බලන්නකෝ නංගා මෙයාට මේ පොඩි බුරුලක් දුන්නම ගෝනි නැතුව කරේ නගින්න එනවනේ..."

නිදූ තරවටුවක හඩින් කියද්දී ඉන්දීප යතුර අතැතිව පැමිණියේ කරේ නගින්නේ කවුදැයි අසමිනි...

"නෑ අයියා ඒක මේ කැම්පස් එකේ කතාවක්..."

නිදූ වහා කතාව මාරු කළාය...

"එහෙනම් ඔන්න අක්කලා අපේ නකුටගේ බර්ත්ඩේ එකට හෙට එනවනේ..."

"කාගේ..."

ඉන්දීප අහද්දී නිදූ මෙන්ම සදූද පුදුමයෙන් රුමිත් දෙස බැලුවේ මෙතෙක් වෙලා එවැන්නක් ගැන කිසිඳු කතාබහක් සිදු නොවූ බැවිනි...

"මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ අයියා...අපි කීප දෙනෙක්ට පොඩි පාර්ටි එකක් ඌ ඕගනයිස් කරා...අක්කලගෙත් හොඳ යාළුවෝ..."

"නිදූ ඔයාලට ඉන්නේ කොල්ලො විතරද යාළුවොන්ට..."

"එහෙම තමයි සුදු අයියා කැම්පස් ගියාම කොල්ලොද කෙල්ලොද වෙනසක් නෑ හැමෝම එක අම්මගේ දරුවෝ වගේ තමයි..."

නිදූ කීවාය...

"හ්ම්ම් යමු යමු...ලොකූ මං එනකම් නිදාගන්න එපා..."

කාරයට නැගීමට ගිය රුමිත් නිදූ දෙස බැලුවේ ඇයව දවා හළුකරවන බැල්මකි...නිදු තරහින් පිටව යන දෙදෙනාටම රැව්වාය...

"මේක යකෝ මාර වැඩක් වුනානේ...මුන් දෙන්නා මාව මරන් කන්න හදනවනේ...එහෙන් අර මල්ලි බබා රවනවා...මෙහෙන් අයියා මගේ ඔළුව කනවා..."

"අක්කා හරි අපි ටිකක් ඉවසමුකෝ...අන්තිමේදී මං දන්නවා ඔයා කැමති වෙන්නේ මල්ලි බබාට තමයි කියලා..."

සදූ අක්කාගේ හැටි හොඳින්ම දන්නා නිසා දිව්වාය...සදූව අල්ලා ගැනීමට ඈ පසුපස හඹා ගිය නිදූ අම්මාගේ ඇඟේ වැදුනාය...

"කොහේද ළමයිනේ මේ දුවන්නේ...ලොකූ දැන් ඔහොම හරියන්නෑ හොඳේ...අර සුදු පුතා දැක්කොත් මොනවා හිතයිද..."

"අනේ ඕන එකක් එයාට හිතාගන්න කියන්න අම්මා..."

නිදූ අම්මාට පවසමින් කාමරයට වැදුනාය...සදූ හිනැහෙමින් ඇඳෙහි වාඩි වී උන්නාය...

"අක්කා ගහන්න ඔට්ටු නෑ ඔන්න..."

සදූ කියද්දී නිදූ ඇගේ කණ මිරිකුවාය...

"ආව්..."

සදූ කෑගහද්දී තාත්තා කාමරයට හිස පෙව්වේය...

"ලොකූ මට ටිකක් කතා කරන්න ඕන..."

"ඇ...ඇයි තාත්තා..."

"සාලෙට ආවනම්..."

නිදු සදු දෙස ප්‍රශ්ණාර්ථය පිරි බැල්මක් හෙළද්දී ඈ කිසිත් නොදන්නා බවට උරහිස් හැකිළුවාය...නදූ සාලයට ගියේ අම්මා එක්ක මෙන් තාත්තා එක්ක ඇයට සැහැල්ලුවෙන් හැසිරී නුපුරුදු බැවින් හිතේ හටගත් චකිතයෙන් යුතුවය...

"වාඩිවෙන්න මෙතනින්...නෝනා..."

තාත්තා නිදූට ඔහු අසලම තිබූ අසුන පෙන්නුවේය...අම්මා සාලයට විත් අසුන් ගත්තේ තාත්තා දිගු කතාවකට මුල පුරන බැව් රැල් බුරුල් හැරි උගුර සපථ කරද්දීමය...

"නෝනා මං මේ ලොකු දූත් එක්ක කතා කරන්න හැදුවේ සුදු පුතා ගැන..."

"ඒක හොඳයි මහත්තයා...මේවා ඉතින් කවද ගියත් කෙරෙන දේවල්නේ...දැන්ම ඔය හිතේ තියෙන විකාර අදහස් නැති කර ගත්තොත් හොඳයි..."

"දූගේ ලොකු මාමලත් කැමතියි...අපෙත් අකමැත්තක් නෑ...මං හිතන්නේ චූටි දුගෙයි පුතාගෙයිත් අකමැත්තක් නැති වේවි සුදු පුතා මස්සිනා වෙනවට...දූගේ අදහස මොකක්ද..."

"තාත්තා දැන් මගෙන් අහලා තේරුමක් නෑනේ...අම්මා කිව්වා ඔක්කොම කතා කරන් පොරොන්දු වෙලත් ඉවරයි කියලා..."

"නෑ එහෙම දෙයක් නෑ දුව...දූගේ හිතේ වෙන කව්රුහරි ඉන්නවනම් අපිට කියන්න...කවදාහරි කසාද බැඳලා එක වහලක් යට ඉන්නේ දූනේ...අපිට ඕන අපේ දරුවොන්ගේ සතුට...සුදු පුතාගේ වැරැද්දක් මං නම් දකින්නෑ...ඒකයි මං මේකට කැමති උනෙත්..."

"මහත්තයා මෙයාගෙන් අහලා වැඩක් නෑ...මෙයාට මේ තාම නැටිල්ල...මේ දැනුත් චූටිගේ පාරේ එළවන් ගියා...තාම අවුරුදු දහයයි කියලනේ හිතන් ඉන්නේ..."

"අනේ එහෙම නෑ අම්මා...සුදු අයියා හොඳයි...ඒත්..."

"ඇයි ඒත් කිව්වේ..."

අම්මා වහා නිදූගේ දෑස් දෙස බැලුවේ නිදූ කියන්නට හදන්නේ කුමක්දැයි දෑසින් හඳුනා ගැනීමට මෙනි...

"ඇයි දූ කැම්පස් එකෙන් කව්රුහරි..."

නිදූ තාත්තට නැතැයි පිළිතුරු දීමට සැරසෙද්දීම සදූ වහා සාලයට විත් ඔව් යැයි කීවාය...නිදූද සදූ දෙස බැලුවේ පුදුම වීය...

"මොකක්...චූටි දැන්ද කියන්නේ...මං කලින් දවසක ඇහුවනේ ඔයාගෙන්..."

"නෑ අම්මා අක්කා මේ ළගදි යාළු වුනේ...එයා බයෙන් හිටියේ ගෙදරට කියන්න..."

"කවුද...කොහේ කෙනෙක්ද...මොනවද කරන්නේ...කුලේ කොහොමද..."

"නෝනා කලබල නොකර අපි හෙමීට බලමුකෝ..."

"අම්මා අක්කා බය වෙලා ඉන්නේ...එකපාර එකක් අහන්නකෝ..."

"තාත්තලා දූලා ඕන දෙයක් කරගන්න...මට තමයි දැන් අයියගෙන් නරක නාමේ එන්නේ...සුදු පුතාට කිව්වම දැන් මොන නාඩගමක් මෙතන නටයිද දන්නෑ..."

අම්මා තරහෙන් සාලයෙන් පිටව යද්දී තාත්තා නිදූගේ හිස අතගෑවේය...

"ඒ කියන්නේ දූ සුදු පුතාට කැමති නෑනේ...හොඳට හිතලා බලලා හොඳ තීරණයක් ගන්න...ඔයාලා බුද්ධිමත් ළමයි...දැනුම් තේරුම් තියෙන වයසනේ මේ..."

"එහෙම නෙවෙයි තාත්තා මට අයියා ගැන එහෙම හිතිලා නෑ..."

අම්මා නැවතත් සාලයට ආවේ තෙලට වතුර බිංදුවක් වැටුනාක් මෙන් පුපුරමින්ය...

"එහෙනම් කාටද දන්නෑ කැමති...එන්න කියනවා ගෙදරට අපිට බලාගන්නත් එක්ක...කාට අහු වෙලාද දන්නෑ...මං බයෙන් හිටියේ චූටි ගැන...බලන් යනකොට චූටි හොඳයිනේ.. එයාගේ ඔළුවට ඔය මඟුල් විසේ ගහලා නෑනේ..."

සදූ බියෙන් අක්කා දෙස බැලුවාය...

"කෑගහන්න එපා නෝනා...හදිසි වෙලා මුකුත් කරන්න බෑනේ..."

එවිටම ඉන්දීප කාරය මිදුලේ නතර කර සාලයට ආවේය...

"පුතා..."

අම්මා ඉන්දීප අමතද්දී නිදූ සදූ මෙන්ම තාත්තද ඇය දෙස බැලුවේ කලබලයෙනි...ඉන්දීප වහා ඇය අසලට ළං විය...

(නදූව උමයංගටද ඉන්දීපටද රුමිත්ටද දෙන්න ඕන...කියාගෙනම යන්න ☺☺☺)

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo

Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

9 කොටස...

"මොකද මේ දෙන්නගේ සද්දේ..."

"නෑ අම්මා මල්ලියා නැතුව ගෙදරම පාළුයි..."

"ඔව් ඉතින් කෙල්ලෝ දෙන්නෙක් හිටියට උදව්වක්වත් කරනවද...කොල්ලා තමයි මං කෑවදවත් අහන්නේ..."

"අම්මා ඔයාට ඉතින් මල්ලිම තමයි හොඳ...කොහොමත් අම්මලා ආදරේ පුතාලටනේ..."

නිදූ කියද්දී අම්මා දියණියන් දෙදෙනාගේ හිස අත ගෑවාය...

"මට ඔයාලා තුන් දෙනාම එකවගේ...එහෙම එක දරුවෙක්ට කියලා අම්මලා වෙනස්කම් කරන්නෑ ලොකූ...තේරෙයි අම්ම කෙනෙක් උන දවසක..."

"මගේ තුදු අම්මියට දුක හිතුනද..."

නිදු අම්මගේ බෙල්ල බදා ගත්තාය...

"හා හා ඇති හුරතලේ...චූටි අර දරුවට කෝල් එකක් දීලා බලන්න දැන් හොඳද කියලා..."

"කාටද අම්මා...මගේ ෆෝන් එකේ සල්ලි නෑ...අක්කා ඔයාගේ එකෙන් අරන් දෙන්නකෝ..."

"කොයිවෙලේ බැලුවත් ඕකේ සල්ලි නෑ...ඒ උනාට බැලුවොත් ඇත්තන් ෆෝන් එකේමයි...මං රුමිත් පුතාගෙන් නම්බර් එක ඉල්ලා ගත්තා...ඔන්න ලොකූ මේ නම්බර් එක ගහන්නකෝ...071..."

"අක්කා ඔයාට පහේ සිම්නේ ගන්නවකෝ..."

"ඇයි චූටි ඔයාට ඒ සිම් එකක් නැද්ද..."

කපල් සිම් එකක් පමණක් භාවිතා කළ සදූට කට උත්තර නැති විය...සදු පසුවු අපහසුතාවය තේරුම් ගත් නිදු ඈව බේරාගැනීමේ අටියෙන් අම්මා කියු අංකයට වහා ඇමතුමක් ගෙන දුරකතනය පෑවය...

"හෙලෝ පුතා...මං මේ පසම්ගේ අම්මා..."

"ආහ් ආන්ටි...මේ ආන්ටිගේ නම්බර් එකද..."

"නෑ පුතා මේ අපේ ලොකු දූගේ..."

රුමිත්ට තටු ලැබුනා මෙන් හැගිණි...පසම්ගෙන් නිදූගේ දුරකතන අංකය ඉල්ලා ගත නොහැකිව ඔහු මේ තෙවසර පුරාවටම තැවුන තරම් දන්නේ ඔහු පමණකි...

"ආහ් හරි ආන්ටි...."

"පුතාට කොහොමද දැන්...තවම අඩු නැත්නම් මෙහේ එන්න..."

"මොනව කියනවද මන්දා...මල්ලිත් ගෙදර නෑ...පිස්සුද අම්මා..."

රුමිත් තමා ගැන අදහසකින් පසු වන බැව් දැනගත් වෙලේ සිට ඇයට රුමිත්ව නයාට අදුකොළ මෙන් විය...අම්මා නිදූ දෙස තරවටුව පිරි බැල්මක් පෑවාය...

"මොනාද ආන්ටි අක්කා කියන්නේ..."

"නෑ පුතා මුකුත් නෑ...බෙහෙත් බිව්වද...දැන් කොහොමද බඩේ කැක්කුම..."

"හොඳයි ආන්ටි...අනේ ආන්ටටි ගොඩක් පින් අම්මා වගේ මාව බලා ගත්තට..."

රුමිත්ගේ වචන ඇසු අම්මා නිරායාසයෙන්ම නෙතඟට ඉනූ කදුළු ඇඟිළි තුඩු වලින් පිස දැමුවාය...

"අනේ පුතේ ආයේ වෙලාවක ඇවිත් යන්න...මං කටට රහට කෑම ටිකක් හදලා දෙන්නම්කෝ..."

"හරි ආන්ටි මං පසම් ඉන්න වෙලාවක් බලලා එන්නම්කෝ..."

"හරි පුතා බුදු සරණයි..."

දුරකථනය නිදූ අත තබමින් අම්මා නිදූ දෙස බැලුවාය...

"ලොකූ හැදෙන හැටි නම් අන්තිමයි...අර දරුවට ඇහෙන්නත් ඇති...මොකද වෙලා තියෙන්නේ...ඒ ළමයා ඔයාගේ කරේ එල්ලුනේ නෑනේ...හොඳ හැදිච්ච කොලු පැටියා..."

"අනේ අම්මා දන්න තරම තමයි..."

නිදූ අම්මාට නෑසෙන්න තමාටම මුමුණා ගනිමින් කාමරයට වැදුනාය...

"මහන්සිද අක්කෝ...කොහොමද දැන්..."

සදු නිදුගේ ගෙලට අත තබා බැලුවාය...

"දැන් නම් අඩුයි වගේ...අක්කා මං අහන්න හිටියේ උමයංගට අක්කා අකැමති ඇයි..."

"අනේ නංගා මට දැන් මේ මඟුල් ඇති වෙලා තියෙන්නේ...මොකක්ද වදේ මට තාම විසි දෙකයිනේ...මං ගෙදරට නාකි වෙන්න යනවා වගේ කතාව..."

"ඇයි තව කවුද ඇහුවේ..."

"ඇයි අර බූරුවා..."

"කවුද..."

"රුමිත්..."

"කවුරු...මේ රුමිත් මල්ලී..."

"මල්ලී තමයි...ඒකා හොඳ මල්ලි..."

නිදූ එය කියූ විදියට සදූට සිනහව පාලනය කරගත නොහැකි විය...

"ඒ යකාට පිස්සුද අක්කා...ඒක නෙවෙයි අපේ සුදු අයියා මෙහේ ටික කාලෙකට නවතින්න එනවලු..."

"කවුද මේ ලොකු මාමගේ පුතා..."

"හ්ම්ම්...ඉන්දීප අයියා...එයාට මෙහේ බ්‍රාන්ච් එකට ට්‍රාන්ස්පර් ලැබිලා..."

"දැන් කොහේද ඉතින් ඉන්නේ..."

"මල්ලිගේ කාමරේ ඉන්න පුළුවන් කියලා අම්මා කිව්වේ..."

"ඔව් ඉතින් එයත් ගෙදර නෑනේ...ඇයි අම්මා මට නොකිව්වේ..."

"සුදු අයියගේ වැඩ තමයි...අපි හැමෝටම කිව්වා ඔයාට කියන්න එපා ඔයාව පුදුම කරන්න ඕන කියලා...ඒත් මගේ අක්කා පණට මං හැමදේම කියන නිසා ඔන්න මං කිව්වා...සුදු අයියට කියනවා එහෙම නෙවෙයි මං කිව්වා කියලා..."

"හරි හරි මං නොදන්නවා වගේ ඉන්නම්කෝ...අදද එනවා කිව්වේ..."

"ඔව් රෑට තාත්තා එක්ක එනවලු..."

"අප්පේ අර කාමරේ අස් කරන්න වෙයි එහෙනම්...නැත්නම් අයියට පිස්සු හැදෙයි..."

නිදූ වහා පසම්ගේ කාමරයට ගියාය...මුළු කාමරයම යකුන් නැටූ පිටියක් වැනිය...යට ඇඳුම්ද පුටු උඩය...නිදූ තනියම පසම්ට බැන බැන කාමරය අස් කළාය...සදූට අක්කාට උදව් කිරීමට අවැසි උවත් සුපුරුදු තෂ්මල්ගේ ඇමතුම මඟහැර සිටීමට තරම් සවියක් නොදැනිනි...සදූ තෂ්මල් සමඟ කතා කරද්දී නිදූ පසම්ගේ කාමරය පිළිවෙලට සකස් කළාය...

"ලොකූ ආහ් මේ තේ එක බොන්න...කෝ චූටි...එයා උදව් කරේ නැද්ද...සුදු පුතා කිව්වා ඔයාට කියන්නත් එපා කියලා..."

"නංගා බාත්රූම් එකේ අම්මා...ඇයි අයියා මට කියන්න එපා කිව්වේ..."

නිදූ නැගණිය බේරාගැනීමේ අටියෙන් බොරුවක් ගෙතුවාය...

"එයාට තේ පස්සේ දෙනවා එහෙනම්...මන්දා සුදු පුතා දුවත් එක්ක ඒ කාලේ ඉදන්ම එකමුතුයිනේ...දූව පුදුම කරන්න වෙන්න ඇති..."

"ඔන්න බලන්න අම්මා මං අයියව පුදුම කරනවා...බලමුකෝ අන්තිමට කවුද පුදුම වෙන්නේ කියලා..."

"දුව දඟ වැඩ කරනවා එහෙම නෙවෙයි...තාම පොඩි එකෙක් කියලද හිතන් ඉන්නේ..."

නිදූ අම්මගේ ගෙල බදා ගෙන අම්මාගේ කම්මුල සිප ගත්තාය...

"ඇති නාකි හුරතලේ...කෝ දෙන්න කෝප්පේ...බලන්න මේ කොල්ලා මේකේ කොහොම හිටියද මන්දා...අර රුමිත් පුතා මොනවා හිතන්න ඇද්ද...කෝ දුව ඔය ඇඳුම් ටිකත් දෙන්න..."

අම්මා පසම්ගේ කිළුටු ඇඳුම්ද ගෙන පිටව යද්දී නිදූ ඇඳේ වාඩි වී මහන්සිය නිවා ගත්තාය...අළුත් ඇඳ ඇතිරිලි දැමු ඇඳේ එකදු ඉරක්වත් නොහිටින සේ ඇඳ නැවතත් සැකසූ නිදූ ඇඟ සෝදා ගැනීමට කාමරයෙන් පිට වූවාය...

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo

Post has shared content

Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

8 කොටස...

"වරෙන් බන් ඉක්මනට..."

රුමිත් සිය මිතුරා ළගට අඩිය ඉක්මන් කළේය...

"රුමිත් මොකෝ කෙල්ලව බැලුවද...ළගටම වෙලා ඉන්න ඇතිනේ..."

"අනේ මන්දා බන්...මට වෙලාවකට බයත් වගේ මට ඒකිව නැති වෙයි කියලා හිතෙනවා බන්..."

"මටත් ආරංචියි උඹේ කෙල්ලට සින්නෙක් ලයින් කියලා..."

"ඈහ්...කවුද උඹට කිව්වේ..."

"හොස්ටල් එකේ උන් කතා උනේ...උන් උඹේ සීන් එක දන්නවනේ..."

"මන්දා බන්...උඹ දන්නවනේ නිදූ මගේ ජීවිතේම...මං පසම්ට ඊයේ කියන්නත් හදලා බොරුවක් කියලා ෂේප් උනා..."

"හොද දෙයක් කරපන් කොල්ලෝ...කලබල වෙලා නම් හරියන්නෑ...තාම ෆස්ට් ඉයර්නේ...තව ටිකක් ඉදින්...උඹ ලැම්බට් කොක්කක්නේ ගහන්න යන්නේ.."

"මං අද කිව්වා නිදූට..."

"නෑහ්..."

"කිව්වා බන්...ඒකි ගත් කටටම බෑ කිව්වා..."

"අවුලක් ගන්න එපා බන්...දැන් යමු කැන්ටිමට...උඹ එහෙන් කාලද ආවේ..."

"ඔව් උඹලට කෑම එකක් ගෙනාවා..."

"අම්මෝ රජෝ උඹේ නැන්දම්මා දෙවියෙක් නෙවෙයි දේවාලයක්..."

"හරි හරි කමු...අරුනුත් කැන්ටිමේ ඇති..."

රුමිත් කැන්ටිමට යනවිටම නදූද සිය මිතුරන් සමඟ කැන්ටිමට ආවාය...

"කෝ බන් බිත්තරේ..."

"අපෝ මේකා ගිල්ලා..."

"යකෝ උඹ කනවද නානවද...බලපන්..."

"කාපන් කියව කියව ඉදලා අන්තිමේ කෑගහන්න එපා..."

"කටවල් තුනයි කෑවේ ඒකත් ඉවරයි..."

"රෙහානා උඹේ එකත් දිගෑරපන්..."

ගෙවල්වලින් ගෙනා කෑම කන අයුරු සිනාසෙමින් රුමිත් බලා සිටියේය...

"කාපන් රුමියා...කොහේද බලන්නේ..."

"මට ඇති බන් මං කාලා ආවේ..."

නිදූ අත සේදීමට යන විටම රුමිත් එතනට ගියේය...රුමිත් සිනාසුනද නිදූ අහක බලාගෙන අත සෝදාගෙන යහළුවන් වෙත ගියාය...

"මචන් කුප්පියක් දාපන්කෝ..."

තරිඳු කියන විට අහස් හිනැහුනේය...

"අනේ පලයන් බන්...උඹ මුළු රෑම කරේ පාඩම් කරපු එක...උඹ අපිට කුප්පි දාපන්..."

"මටත් පාඩම් කරන්න උනේ නෑ ඊයේ උණ නිසා..."

"රෙහානා වරෙන් බෙන්ච් එක ළගට...තව පැය එකහමාරක් තියෙනවා ලෙක්චර්ස් වලට..."

"අනේ ඔව් බන්..."

රෙහානා දහයේ කල්ලියෙන් උවමනාවෙන්ම වැඩ කළ කෙනා විය...අසයිමන්ට් එකක් දුන්නද ඈ වයිබර් ග්රූප් එකේ ෆොටෝ ගසා සියල්ල දැම්මාය...ඒ මිතුරන්ගේ පහසුව පිණිසය...රෙහානාගේ කුප්පියට පින්සිඳු වන්නට නිදූද ඇතුළුව කීප දෙනෙක්ම ක්විස් එක ගොඩ දමන ලදි...

"නිදිමතයි බන්..."

එක ළග පේළි දෙකක වාඩි වී සිටි මිතුරන් දසදෙනා ඊළග දේශණය වෙත අවධානය යොමු කිරීමට අසාර්ථක උත්සාහයක යෙදුනෝය...

"ඒ මැඩම් මේ පැත්ත බැලුවොත් ඇනපන් ඈ...තරිඳු උඹ නම් අනින්න එපා...මට එදා තව ටිකෙන් කෑගැහෙනවා..."

"මටත් නිදිමතයි බන්...අවුලකට තියෙන්නේ නින්ද යයි කියලා නෙවෙයි හීනෙන් කියවයි කියලා..."

"අපෝ ඔව් උඹ ඊයේ රෑත් කියෙව්වා..."

පහන් දෙස බලා දසුන් කියද්දී නිදූට තම සිනාව නවතාගත නොහැකි විය...

"අක්කා පිස්සු නටන්න එපා..."

සදූ නිදූට වැලමිටෙන් ඇන රැව්වාය...සදූ අසලම වාඩි වී සිටි තෂ්මල් නිදි කිරමින් සිටියේය...ලෙක්චර් එක නිමාවී මිතුරන් අඹ ගස යටට සුපුරුදු පරිදි එක් වූවෝය...

"මචන් මට සෑහෙන්න අවුලක් තියෙනවා මේ දවස් වල..."

"ඒ මොකක්ද..."

විහඟ කියද්දී පාරින්දි ලං වී ඇසුවාය...

"ඔළුවට කිසි දෙයක් යන්නෑ බන්..."

"උඹට විතරක් නෙවෙයි බන් මටත් එහෙමයි..."

පහන් කියද්දී රෙහානා සිය කටහඩ අවදි කළාය...

"අවධානෙන් ඉන්න එකක්ය...ඇටෙන්ඩන්ස් ගන්න විතරනේ ලෙක්චර්ස් යන්නේ...සයින් ෂීට් එක නැත්නම් උගන්නන්නේ කවුද කියලවත් දැනගන්නකක් නෑ..."

"උඹ එහෙම කිව්වම මට මතක් උනේ...දවසක් අම්මගේ යාළුවෙක් අපේ ගෙදර ආවා...මාත් ඉතින් කතා කරා...බැලින්නම් අපේ කැම්පස් එකේ උගන්වනවා..."

"කවුද බන්..."

විහඟ ඇසූවිට පහන් නැවතත් බෙන්ච් එකේ හරිබැරි ගැසී වාඩි විය...

"රත්නායක මැඩම් බන්..."

"ආහ් අර කොමන් සබ්ජෙක්ට් එකක් කරේ ෆස්ට් ඉයර්..."

"ඔව් බන්...මං කවදාවත් ඒ ලෙක්චර් එකට ආවේ නෑනේ...මුන් හතරදෙනානේ සයින් කරේ..."

පහන් තම මිතුරියන් දෙස කෘතවේදීත්වය පිරි දෑසින් බැලුවේය...

"අම්මගේ යාළුවෙක්ලු බන්...මගෙන් කැම්පස් එක ඇහුවා...බැලින්නම් අපිට උගන්වලා තියෙන්නේ එයාලුනේ...හද්ද චාටර් එක බන්...මාව කවදාවත් දැකලා නෑ කිව්වනේ...අපේ අම්මා මං දිහා බැලුවා බැල්මක් මට මතක් වෙද්දිත් මාව සීතල වෙලා යනවා වගේ..."

"දැන් ඒ මැඩම් මෙහේ නැත්තේ හොඳ වෙලාවට...නැත්නම් උඹ ඉවරයි මචෝ..."

ලෙක්චර්ස් අවසන් වී නිදූ සදු නිවසට ආවෝය...

"මල්ලි නැතුව ගෙදරම පාළුයි අක්කා..."

"ඔව් ඉන්නකන් මාත් එල්ලෙනවා...පව් අහිංසකයා..."

"නැති වෙලාවට ආදරේ පෙන්නලා වැඩක් නෑ අක්කා..."

"මට ඔයාට වගේ එක දාගෙන පුරුදු නෑ..."

නිදු සදුට කියද්දී අම්මා දියණියන්ගේ හඩ ඇසී සාලයට ආවාය...

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo

Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

6 කොටස...

"උඹේ පිටේ කැරපොත්තෙක්..."

පසම් කෑගහගෙන ඇඳ උඩ නැග්ගේය...

"මොකද මල්ලී..."

"ඇයි පුතා..."

නිදූ සදු අම්මා කාමරයට ආවෝය...

"නෑ ආන්ටි මේ මේකා බය වෙලා..."

"අ...අම්මා කැරපොත්තෙක් පි...පිටේ..."

"කෝ මොකෙක්වත් නෑ පුතා...අම්මෝ මගේ පපුව ගැහුණ තරම් කරදරයක්ද කියලා..."

"බලනවා මල්ලී අපි බයවෙලා දුවන් ආවා...ලොකූ බෙහෙත් ටිකත් දාලා දුවන් ආවේ..."

"සොරි ලොකූ..."

පසම් කණගාටුවෙන් නදු දෙස බැලුවාය...

"කමක් නෑ මල්ලෝ ඔයා කැරපොත්තොන්ට බයයි කියලා අපි දන්නවනේ..."

"කෙල්ලෝ තමයි හරි නම් උන්ට බය...මේකා මේ අක්කලා එක්කම හැදිලද කොහේද..."

පසම්ට එසේ කීවද නිරපරාදේ සියල්ලෝම බය කිරීමට සිදුවීම ගැන රුමිත් පසුතැවිලි විය...නමුදු තම සිත මිතුරාට දැන්මම විවෘත කිරීමට නොහැකි වගක් ඔහුට දැනුණි...

"ඉන්න පුතා මං පුතාලට බත් බෙදන් එන්නම්...කෑමට පෙර බෙහෙත් තියේනම් බොන්නකෝ..."

"නෑ ආන්ටි අපි කෑම මේසේට එන්නම්..."

"ඉක්මනට එන්න බඩගිනියි..."

සදු එසේ කියමින් තම නාද වන දුරකථනය ගෙන නිදන කාමරයට ගියාය...ඇය කට වැසෙන සේ අත තබාගෙන සෙමින් කතා කරන්නට වූවාය...

"හෙලෝ..."

"හෙලෝ තමයි තමුසේ මොකද ආන්සර් කරන්න පරක්කු උනේ..."

"අනේ තෂ් මං මල්ලිගේ රූම් එකේ හිටියේ..."

"කවුද දන්නේ කාත් එක්ක හරි චැට් එකක ඉන්න ඇති..."

"මං ඔන්ලයින් හිටියා කියලා දන්නේ ඔයත් ඔන්ලයින් නිසානේ..."

"කටගහන් එන්න එපා සදු...රෑට කෑවද..."

"නෑ දැන් කන්න හදන්නේ...මං තියන්නම්..."

"මොකෝ හදිස්සිය...ඇයි වෙන කාටහරි කෝල් කරන්න තියේද..."

"තෂ් ඇයි මේ හැමදාම නිකන් රණ්ඩු කරන්නේ...අම්මා එනවා මං තියනවා..."

අම්මා ඒ සමඟම කාමරයේ දොර රෙද්ද මෑත් කළාය...

"චූටි එන්න ළමයෝ කෑම කන්න...කොයිවෙලේ බැලුවත් ෆෝන් එකේ...කවුද ඔයතරම් කෝල් කරන්නේ..."

"කවුරුත් නෑ...මේ එනවා අම්මා..."

පසම් කෑම ගනිමින් සිටියදී සිය කටහඩ අවදි කළේය...

"තාත්තා...හෙට උදේම මං යන්න ඕන...අම්මා එළාම් තියන්න හතරට..."

"තව අවුරුදු තුනක්ම පුතා දුක් විදින්න ඕන...හරියට කෑමක් බීමක්වත් නෑනේ දරුවට..."

"දුක් විදපු මිනිස්සු තමයි නෝනේ හැමදේකම අගේ දන්නේ..."

"ආන්ටිට කොයිතරම් සතුටුද තුන්දෙනාම කැම්පස් නිසා..."

අම්මා සිය දරුවන් තිදෙනා දෙස මහත් වූ ආදරයෙන් බැලුවාය...

"ලොකු දූ අන අන ඉන්නේ කන්නකෝ දරුවෝ...බත් එක එහෙමමයිනේ..."

"කට තිත්තයි අම්මා..."

"උණ හැදුනම එහෙම තමයි ලොකූ..."

නිදු සදු සමඟ කාමරයට එනවිටම නැවතත් සදුට ඇමතුමක් ලැබුණි...

"සදු කවුද ලසංග නානායක්කාර කියන්නේ...ඔයාගේ ෆොටෝ එකකට හාට් රිඇක්ට් කරලා තියෙන්නේ...තව කමෙන්ට් එකකුත් දාලා වාව් නයිස් කියලා..."

"මං දන්නෑ තෂ්..."

"එතකොට තමුන් නොදන්න එවුන්ද ඇඩ් කරන් තියෙන්නේ..."

"තෂ් අක්කට උණ හැදිලා ඉන්නේ...එයාට නින්ද යන්නෑ මං ඔයා එක්ක කතා කරද්දී මෙහෙම...මං තියනවා..."

"තියපන් බලන්න මරනවා..."

"තෂ් තරහ ගන්න එපා සුද්දෝ...ගුඩ් නයිට්..."

තෂ්මල්ගේ පිළිතුරවත් නෑසු සදු ඇඳේ දිගාවී සිය ජීවිතය ගැන සිතන්නට වූවාය...

"මං ඉක්මන් වැඩි උනාද කියලත් හිතෙනවා වෙලාවකට...තෂ්ගේ මේ සැකේ නපුරුකම නැත්නම් එයා කොයිතරම් හොඳද...මට තේරෙන්නෑ..."

සදූ සිය පෙරවනයෙන් හිසේ සිට දෙපතුළ දක්වාම වසාගැනීමට මත්තෙන් සොයුරිය දෙස බැලුවාය...

"පව් හොඳටම නින්ද ගිහින්..."

උදෑසන අවදි වූ අම්මා සිය පුතුට ගෙනයාම සඳහා කෑම පිළියෙළ කරන්නට වූවාය...

"ආ පුතා...ඔන්න පුතා මං වෙනදටත් වැඩිය බෙදුවා..."

"කොල්ලෝ කෙල්ලෝ ටික සෙට් උනාම කොයිතරම් තිබුනත් මදියි අම්මා..."

"ඔව් ඉතින් ගෙදර බත් එකක් කිව්වම කවුරුත් වට වෙනවා ඇතිනේ..."

තාත්තා සිය අත්දැකීමෙන් කියද්දී පසම් සිනාසී දෙදෙනාටම වැන්දේය...

"හෙල්මට් එක ගන්න පුතා..."

පසම් සොයුරියන්ගේ කාමරයට ගොස් ඔවුන් දෙස මඳ වෙලාවක් බලා සිට නැවතත් සාලයට ආවේය...

"යන්නම් මචන්...ආයේ කවදා එන්න වෙයිද දන්නෑ..."

"හරි බන්...මාත් හත වෙද්දි යනවා..."

"අක්කලාත් එක්කම පලයන්..."

"හරි කොල්ලෝ..."

"යන්නම් අම්මා..."

හැමදාමත් වගේ කැම්පස් එක වෙත පිටත්වී යන පුතු දෙස ඇය දුකෙන් බලා උන්නාය...

"පරිස්සමින් මගේ පුතේ...බස් එකට නැගලා කෝල් එකක් දෙන්න..."

"හරි අම්මා..."

උදෑසන හත වනවිට සොයුරියන් දෙදෙනා සමඟ කැම්පස් යෑම සඳහා සිය ඇඳුම් බෑගයද රැගෙන රුමිත් පාරට බැස්සේය...

"අක්කා ඔයාට මෙඩිකල් දාන්න තිබුනේ..."

"දැන් ටිකක් අඩුයි නංගා...අද කුවිස් එකකුත් තියේනේ..."

"පාඩම් කරලද දැන් දෙන්නා..."

"මං නම් ටිකක් බැලුවා...අක්කට තමයි බැරි උනේ..."

"නදු දක්ෂයිනේ...ඕක ගොඩ දාගනී..."

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo

Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

7 කොටස...

"අක්කා තෂ් එනවා කිව්වා හන්දියට බයික් එකෙන්...ඔයාලා හෙමීට යන්න...මං එන්නම්..."

"පරිස්සමින් නංගා..."

"අනේ මල්ලි අක්කව පරිස්සමට එක්ක එන්න..."

"හරි සදු අක්කේ..."

සදු සිය පෙම්වතා එනතුරු නැවතී සිටියදී නිදු රුමිත් සමඟ බසයට ගොඩ වූවාය...රුමිත්ගේ වාසනාවට අසුනක් හිස්ව තිබුණි...නිදූ ජනේලය අසලට වන්නට අසුන් ගනිද්දී රුමිත් නිදූගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරම් දුරින් අසුන් ගත්තේය...

"මල්ලි මගේ ඔළුවේ කැක්කුමයි...මට බහින තැනදි කියන්න..."

"අක්කා මගේ උරහිසින් ඔළුව තියාගන්න..."

"කමක් නෑ මල්ලි මෙහෙම හොඳයි..."

රුමිත් බලෙන්ම ඇගේ හිස ගෙන සිය උරහිසට බර කර ගත්තේය...නිදූ වහා සිය හිස මෑත් කර ගනිද්දී රුමිත්ගේ හිත පෑරිණි...

"ප්ලීස් මාව පිට කෙනෙක් කරන්න එපා..."

"මල්ලි හොඳ නෑනේ මේ බස් එකනේ...අනික කවුරුහරි දැක්කොත් මිස් අන්ඩස්ටෑන්ඩ් කර ගනීවි...ඔයාටම තමයි පාඩුව කෙල්ලෝ හිතයි ලැම්බට් කොක්කක් ගහලා කියන්න..."

"ඉතින් හොඳයිනේ...මං කැමති එහෙම හිතනවට..."

"මොකක්..."

නිදු පුදුම වී රුමිත් දෙස බැලුවාය...

"අක්කා මං ඔයාට නිදූ කියන්නද..."

"ඇයි මේ කවදාවත් නැතුව...අද ඔයා එක විදියක්..."

"මං කැමතියි එහෙම..."

"ඒත් මං ඔයාට අක්කනේ..."

"ඒ කැම්පස් එකටනේ අක්කා...නැත්නම් මං ඔයාලගේ වයසමනේ...මං සකන්ඩ් ෂයිනේ කරේ..."

"ඒත් ඒවා අදාළ නෑනේ..."

නිදූ සිනාසෙද්දී රුමිත්ට තවදුරටත් සිය සිතුවිලි සඟවා ගත නොහැකි විය...

"නිදූ මං ඔයාට ආදරෙයි..."

රුමිත් එකවරම තම අදහස කීවේය...

"වට්...ආයු මෑඩ්..."

නිදූ අසුනෙන් නැගිටීමට උත්සාහ කරද්දී රුමිත් නිදූගේ අත තදකර අල්ලා ගත්තේය...

"නිදූ මට ලැජ්ජා කරන්න එපා නැගිටලා...මං අවුරුදු තුනක් ඔයා ගැනම හිත හිත හිටියා...ඔයාට මතක නෑ ඔයාලා ගියපු ක්ලාස් වලට තමයි මං ෆස්ට් ෂයි කරද්දී ආවේ...ඔයා කැම්පස් ගියා...ඔයා ගැන හොයලා බලද්දී මං පසම් ගැන දැනගත්තේ...මං පසම්ගේ යාළුවෙක් උනා...කොයිතරම් ගේමක් දීලද ඔයාට මෙහෙම ලං උනේ...ඔයාගේ කැම්පස් එකට මාව සිලෙක්ට් උනාම මං කොයිතරම් සතුටු උනාද කියලා දන්නවද...නිදු ප්ලීස් මට කැමති වෙන්න...මං පිස්සෙක් වෙයි රත්තරන්..."

"මො...මොනවද ඔයා මේ කියන්නේ...මට බෑ...මගේ අත අතාරින්න..."

නිදූ සිය දෑත මුදවා ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක යෙදුනාය...

"නිදූ දගලන්න එපා...මගේ පපුව පැලෙන්න එනවා ඔයා ඔහොම කරද්දී..."

"මල්ලී මං අපේ මල්ලිටයි අම්මටයි කියනවා..."

"මල්ලි කියන්න එපා ඕයි...මගේ පපුවට පිහියකින් අනිනවා වගේ...මං මාස තුනකට වැඩිමල්..."

"ඒ උනාට මල්ලිනේ...ජූනියර්නේ..."

"ජූනියර් නෙවෙයි මං ඔයාගේ හස්බන්ඩ්..."

"රුමිත් මේ පිස්සු කියවන්න එපා...දන්නවනේ මං ඉවසන්නෑ කියලා..."

"ඒකම තමයි මං ඔයාට ආදරෙත්...ඔයාගේ දඟකාරකමට කටකාරකමට මං ආදරෙයි නිදූ...රුමිත් කියන්න හොඳේ...ඔන්න මල්ලි කියන්න එපා ආයේ..."

"කෝළම්...මගේ ඔළුව පැලෙන්න වගේ එනවා..."

"අනේ රත්තරන් කෝ එන්න ඔළුව තියාගන්න...මං අතගාන්නම්..."

"යනවද වදයක් නොවී...ආයේ මගේ මූණවත් බලන්න එන්න එපා..."

"එපාද මාව...මං අවුරුදු තුනක් නැහුනේ ඔය ටික අහගන්නද..."

රුමිත්ගේ කැළඹුණ දෑස දුටු නිදුගේ හදවත සැලුණි...

"මල්ලී..."

"ෂ්..."

රුමිත් තම දෑත නිදුගේ දෙතොල මතින් තැබුවාය...

"විකාර..."

"විකාර තමයි..."

"බහින තැන ආවා...මගේ යාළුවෝ ඉන්නවා ගේට් එක ළග...මං යනවා..."

නිදූ රුමිත්ට පෙර බසයෙන් බැස සිය දහයේ කල්ලිය වෙත ඇදුනාය...

"කෝ නගා..."

"මොකෝ බං මැරිලා වගේ...උඹට අසනීපයක්වත්ද..."

රෙහානා නිදුගේ අතින් අල්ලමින් ඇසුවාය...

"ඔව් උණ හැදුනා..."

"තව දෙන්නෙක් නෑ බන්...බලපන් නමයට ලෙක්චර්ස්..."

"නිදූ..."

උමයංග නිදූගේ අතින් අල්ලද්දී එතනින් යමින් නිදූ දෙස බැලූ රුමිත්ගේ ඇස් ගැස්සෙන අයුරු නිදු හොඳින්ම දැක්කාය...

"මොකද උමයංග මේ..."

නිදු වහා අත ගසා දැමුවාය...

"මනුස්සකමට ඇහුවම ගෑස් දාන්න එපා...කොහොමකරත් අන්තිමට මගේනේ...ඔයාට දැන් කොහොමද..."

නිදූට උමයංගගේ මෙන්ම රුමිත්ගේ හැසිරීම්ද හිතට වදයක් සේ දැනෙන්නට විය...

"අඩුයි ටිකක්..."

"මචන් පෙන්දා..."

රුමිත්ගේ බැචෙක් රුමිත් දැක අත වැනුවේය...රුමිත් පිටුපස හැරී උමයංග හා නිදූ දෙස එක්වරක් බලා සිය වේගය වැඩි කළේය...

"නිදු මං වෙනකාටවත්ම ඔයාව දෙන්නෑ...ඔයා මගේ ඔයා මගේ විතරමයි..."

රුමිත් පාරේ තිබූ ගල් කැටයකට පයින් ගසමින් සිත දැඩි කර ගත්තේය...

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo

Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

5 කොටස...

"මල්ලි මේ කන්න බැරිනම් නිකම් ඉන්නවා..."

"සොරි සොරි අක්කාබූ..."

පසම් ඇවිත් නිදුගේ බෙල්ල වටා සිය දෑත් දමා ගත්තේය...

"රුමියා කාපන් ආහ්...රසයිනේ..."

පසම් රුමිත්ට අග්ගලා දෙමින් කීවේය...

"නංගා රස නැද්ද...මොකද මේ මේකා මැරෙන්න හදන්නේ...අමාරුවෙන් කන්න ඕන නෑ...දෙනවා මෙහාට..."

නිදු පසම්ගෙන් අග්ගලා පිඟාන උදුරා ගැනීමට තැත් කරද්දී පසම් කාමරය වෙත දිව්වේය...අක්ක මලෝලාගේ කෝළම් දැක රුමිත් සිනහ වෙද්දී නිදූට නැවතත් තරහ සිතුණි...

"මොකද ඔයත් හිනා වෙන්නේ ආහ්..."

"අක්කා නිකන් ඉන්නකෝ...මල්ලී ඔයා ගිහින් කන්න..."

සදූ කී විට රුමිත්ද මිතුරාගේ කාමරය වෙත ඇදුනේය...

"මොකද අක්කා වෙලා තියෙන්නේ...මල්ලී ඔයාව අවුස්සන්නනේ ඔහොම කරන්නේ..."

"මගේ ඔළුව රිදෙනවා සදු...ඒ මදිවට මේකා ඇවිත් මාව තරහ ගස්සනවා..."

"ඔයා ටිකක් නිදා ගන්න...මේසේ උඩ දුඹුරු පාට කප් එකේ පැනඩෝල් කාඩ් එකක් ඇති...මං මේ ටික අස් කරලා එන්නම්..."

නිදු කාමරය වෙත ගොස් පැනඩෝල් බීවාය...ඇගේ දුරකථනය නාද උනේ එවෙලේය...

"හෙලෝ...නිදූ..."

"කියන්න උමයංග..."

"හෙට කැම්පස් එනවා නේද..."

"බලන්න ඕන උමයංග...මං ටිකක් ලෙඩ වෙලා..."

"වට්...මං එන්නද බලන්න..."

"නෑ...නෑ ඕන නෑ..."

"හෙට එන්න...මං බලන් ඉන්නවා...අපි හෙට මෙඩිකල් සෙන්ටර් එකෙන් බෙහෙත් ගමු..."

"හ්ම්ම්..."

නිදු දුරකථනය ඇඳ කොනක තබා ඇල විය...

"දුව...දුව..."

නිදූ හෙමීට දෑස් විවර කරද්දී අම්මා ඇගේ හිස අත ගාමින් උන්නාය...

"අ...අම්මා..."

"චූටි කිව්වා දූට උණ කියලා...මේ උමයංග පුතාත් ඇවිත්..."

නිදු වහා සිය ඇඳුම සකසා ගෙන ඇඳේ වාඩි වෙද්දී මල්ලී රුමිත් උමයංග සදු ඈ දෙසම බලා උන්නෝය...

"නිදු බෙහෙත් ටිකක් ගන්න යමුද..."

"ඒක තමා පුතා මාත් බැලුවේ...ඔයාලා ඇවිදලා මහන්සිත් උනානේ...මං මේ නැන්දලයි ගෙදරට ගිහින් ආව විතරයි චූටි කියනකන් මං දන්නෑ..."

"ආන්ටි මං කාර් එකෙන් ආවේ...මං එක්ක යන්නද..."

"මහත්තයා ආවම බෙහෙත් ටිකක් ගේන්න යන්න කියලා හිතුවේ..."

"අන්කල් මහන්සිත් වෙලානේ එන්නේ...මං එක්ක යන්නම්..."

"ඔයාලා ඉතින් හොඳ යාළුවොනේ...චූටි දූ අක්කා එක්ක ගිහින් එන්න..."

"යමු...මාත් එනවා..."

රුමිත් කියද්දී සියල්ලෝම ඔහු දෙස බැලුවෝය...

"මොකෝ බං උඹට...උඹ මෙහේ මොනවද කරන්නේ..."

"අ...අයියා මං මේ..."

"උමයංග පුතා මේ දරුවා අපේ පුතාගේ යාළුවෙක්...අසනීප වෙලා මෙහේ ආවා..."

"ආන්ටි මාත් බෙහෙත් අරන් එන්නද ආයේ..."

රුමිත් කියද්දී පසම් ඔහු දෙස පුදුම වී බැලුවේය...රුමිත් කාමරයට යන විට පසම්ද ඔහු පිටුපසින් ගියේය...

"ඇත්තටම මොකෝ බං උඹ ආයේ බෙහෙත් ගන්නේ...තව ඉතුරුයිනේ බෙහෙත්..."

"හෙට කැම්පස් යන්නත් එපයි...මට තාම අඩු නෑ මේ බෙහෙත් වලට..."

"හරි ඇදගනින්...මාත් එන්නම්..."

"නෑ උඹ ඉදපන්...මං ගිහින් එන්නම් අක්කලා එක්ක..."

රුමිත් කලිසම දාගෙන බෙල්ටය බැඳ ටී ෂර්ටය අදිමින් ඉන්නා විටම උමයංග කාමරයට ආවේය...

"යමු...නිදු රෙඩි..."

දොර රෙද්ද මෑත් කර උමයංග කියන විට අතින්ම කොණ්ඩය සකස් කර ගත් රුමිත් පසම්ගේ පිටට තට්ටුවක් දමා යන්නම් කියා සාලයට ආවේය...

"චූටි දූ මේ සල්ලි වලින් මේ පුතාටත් එක්ක බෙහෙත් ගන්න..."

අම්මා සදු අත මුදල් තබමින් කීවාය...

"නෑ ආන්ටි මං ළග සල්ලි තියෙනවා..."

"එහෙම හොඳ නෑනේ දරුවෝ..."

අම්මා උමයංගට කී විට නිදු සදුට වාරුවී කාරය ළගට ගියාය...

"නිදු ඔයා ඉස්සරහින් නගින්න..."

"නෑ උමයංග මං අක්කා එක්ක පිටිපස්සේ ඉන්නම්...එයාට අමාරුයි වගේ...මල්ලී ඔයා ඉස්සරහට යන්න..."

රුමිත් සදුට පින් දෙමින් ඉදිරි අසුනෙහි වාඩි විය...දෙදෙනාටම බෙහෙත් ගෙන නිවසට ඇරලූ උමයංග හිතේ තිබූ කේන්තියටම නිවසටවත් නෑවිත් ගියේය...

"මොකද අර දරුවා ගෙටවත් ආවේ නැත්තේ..."

"ඒ අයියට වැඩ ඇති අම්මා...මෙයත් මේ පිස්සුනේ නටන්නේ...ඌ හිතනවා ඇති ගෙදර මිනිස්සු හොයලා බලන්නෑ කියලා...අපිට කිව්වේ නෑ ඌට කියලා..."

"මල්ලී කටපියා ගන්න...අක්කා මට කිව්වා..."

සදු පසම්ට තරවටුවක හඩින් කියා නිදුගේ අතින් අල්ලාගෙන අසල තිබූ කෑම මේසයේ පුටුවෙහි ඇයව වාඩි කෙරෙව්වාය...

"දැන් ඉතින් බෙහෙත් ගෙනාවට විතරක් හරියන්නෑ බොන්න ඕන..."

අම්මා නිදු දෙස බලා කියමින් කුස්සියට ගියාය...

"ඇයි අක්කා බෙහෙත් බොන්න කැමති නැද්ද..."

"කව්ද බන් බෙහෙත් බොන්න කැමති...වරෙන් උඹට බඩුවක් කියන්න..."

පසම් කාමරයට යනවිට රුමිත් දෙගිඩියාවෙන් කාමරයට ගියේය...

"මචන් මේක මේ මට හිතුන දෙයක්...මට හිතෙනවා ලොකූයි උමයංග අයියයි අතරේ..."

"මො...මොකක්ද..."

"ඉදපන් කියනකම්...ලව් එකක් ඇති කියලා..."

"නෑ වෙන්න බෑ...එයාට බෑ එහෙම කරන්න..."

තම හැඟීම් පාලනය කරගත නොහැකි වූ රුමිත් ඇඳෙන් නැගිටිමින් කීවේය...

"මොකද බන් උඹට වෙලා තියෙන්නේ..."

පසම් පුදුම වී රුමිත්ට කියන විට රුමිත් වහා සිය මිතුරා අසලට ආවේය...

"මචන් උඹ මොනවා මං ගැන හිතුවත් මේක උඹට කියන්න ඕන..."

"මොකක්ද..."

"මචන් මට තවත් බෑ මට තවත් බැ බන් මේක හන්ගන් ඉන්න..."

"ඉතින් කියපන්..."

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo

Post has shared content
💛💛👧 ආදර නිව්න්නු 👧❤❤

2 කොටස...

දළදා මාළිගාව අසළ වාහනය නවත්වද්දී සදු තෂ්මල් සමඟ එකපෙළට ඇදුනාය... නදු තනිවම ඉදිරියට ඇදුනි...

"මේ හිටපන් බං...මොකෝ තදියම...හෙමීට යමු..."

පාරින්දි ඇවිත් නදුගේ අතින් අල්ලා ගත්තාය...

"උඹට දුකද අරුන් දෙන්නා දැකලා..."

"පිස්සුද පාරි...ඒ මගේ නංගි...මං මොකටද ඉරිසියා කරන්නේ..."

"උඹටත් හරි යයි බං..."

"අනේ පාරියෝ මට නෑනේ ඔය මඟුල් පිස්සුව..."

නිදු පාරින්දිගේ එක පොකුරට බැඳ තිබු දිග කොණ්ඩයෙන් අදිමින් කීවාය...

"ආව්...රිදෙනවා නී..."

පාරින්දි ආදරේට නිදුට කීවේ නී කියාය...මිලදී ගත් නෙළුම් මල් වලින් සැම දෙඅත් පිරී යද්දී පාවහන් ගලවා අව්වට පිච්චෙන දෙපා ඔසවමින් සියල්ලෝම මාළිගාව කරා ඇදුනෝය...බුදුන් වැඳ අවසානයේ නිදු හැරෙන විටම තමා දෙසම බලා සිටින උමයංගව නෙත ගැටුනි...

"මේ මොකද මේ උලමා මං දිහාම බලන් ඉන්නේ..."

නිදුෂි පාරින්දිගේ වැලමිටට අනිමින් උමයංගව පෙන්නුවාය...

"උඹ වැඳලා ඉවර උනාට කමක් නෑ...මට වඳින්න දියං..."

පාරින්දි ඇසෙන නොඇසෙන ගාණට නිදුෂිට කීවාය...තෂ්මල් සමඟ සදුෂි වැඳ අවසානයේ නැගිටිද්දී නිදුෂි ඒ අසලටම ගියාය...

"නංගා මං පාරින්දි එක්ක ඉස්සරහින් යනවා...අම්මට කෝල් එකක් දෙන්න...මං කතා කරාම ඔයාව ඇහුවා..." නිදුෂි පාරින්දි සමඟ යන්නට මත්තෙන් කීවාය...

"අක්කා හරි හොඳයිනේ...ඔයා ගැන හොයලා බලනවා ගොඩක්..."

"ඔව්...අක්කා දඟ උනාට මට ගොඩක් ආදරෙයි..." සදුෂි තෂ්මල්ට කීවාය...

දළදා මාළිගාව වැඳපුදා අවසානයේ සියල්ලෝම දිවා ආහාරය සඳහා නිස්කලංක පරිසරයක වෑන් රථයෙන් බැස ගත්තෝය...කෑම කා අත සෝදා එන නිදුෂිගේ අතින් උමයංග අල්ලා ගත්තේය...

"ඇ...ඇයි මේ...ඔයාට මොන යකෙක් වැහිලද..."

"නිදූ...මට ටිකක් ඔයා එක්ක කතා කරන්න ඕන...අපි අර ගහ යටට යමුද..."

"ඉන්න ටිකක්...මං පිඟාන තියලා එන්නම්..."

නිල් ඩෙනිමට සුදු බ්ලව්සය ඇඳ සිටි දෙසොහොයුරියන් ඕනෑම කෙනෙකුට පැටලෙනවා නොඅනුමානය...තෂ්මල් සමඟ කතාවක සිටි සදුෂිව පෙනෙන දුරට ගොස් නිදුෂි අත වැනුවාය...

"ඇයි අක්කා..." සදුෂි එන ගමන් ඇසුවාය.

"නංගා...ඔයාට උමයංග අර මාර ගහ යටට එන්න කිව්වා..."

"ඇයි ඒ..." සදුෂි තෂ්මල් දෙස බලන ගමන් ඇසුවාය...

"මන්දා..."

නිදුෂි කිසිවක් නොදන්නා ලෙස අඟවන්නට සිය උරහිස් හකුළා ගත්තාය...

"තෂ්මල් ඉන්න ටිකක්..."

"කොහේද යන්නේ..."

සදුෂි ළගට ඇවිත් අතින් අඳින ගමන් තෂ්මල් ඇසුවේය...

"මං ඉක්මනට එන්නම්..."

සදුෂි තෂ්මල්ගේ අත අතහැර මාර ගහ අසලට ගියේ කුමක් අරඹයා උමයංග කතා කළේදැයි දෙගිඩියාවෙනි...නිදුෂි ලෙස වරදවා වටහාගෙන දුර තියා එන තම සිත්ගත් යුවතිය දෙස බලා උමයංග හිනැහුනේය...

"ඇයි...උමයංග..."

කටහඩවල්ද බොහෝ සෙයින් සමාන නිසා උමයංග නිදුෂි ලෙස සදුෂිව වරදවා වටහා ගත්තේය...

"මං මේක ඔයාට කියන්න ගොඩක් කල් ඉදන් බලන් හිටියේ...මට හිතුනා අදම කියන එක හොඳයි කියලා..."

"මො...මොකක්ද..."

"මං ඔයාට ආදරෙයි රත්තරන්..."

සදුෂිගේ ඇස් ගැස්සුනේ තෂ්මල් සමඟ පවතින පෙම ගැන බැච් එකේ සැවොම දැනගෙන තිබියදීත් උමයංග පිස්සු වැටිලාදැයි සිතමිනි...

"ඔ...ඔයාට පිස්සුද උමයංග...තෂ්මල් දැන ගත්තොත් අපි දෙන්නවම මරාවි...ඔයා දන්නවනේ එයාගේ හැටි...විහිළුවටවත් ආයේ ඔහොම දේවල් නම් මගෙන් අහන්න එපා..."

"ඔ...ඔයා...නිදුෂි නෙවෙයිද..."

සදුෂිට සියල්ල පැහැදිලි වෙද්දී ඈට සිනාව නවතා ගත නොහැකි විය...

"මෝඩයා මං සදු..."

"අ...අනේ සොරි සදු...ඉන්නකෝ මේකිව මං අල්ලා ගන්න...ඕකි ඔහොමමයි..."

උමයංග නිදුෂිව සොයාගෙන යද්දී සදුෂි හිනැහෙමින් නැවතත් තෂ්මල් සොයාගෙන ගියාය...

"කොහේද ගියේ..."

තෂ්මල් අසද්දී සිදුවු සියල්ල සදුෂි තෂ්මල්ට කීවාය...

"අනේ ඇත්තටම මේ නිදූ නම්..."

තෂ්මල් හිනැහෙමින් කියා සදුෂිගේ අතින් අල්ලා ගත්තේය...පාරින්දි සමඟ කතාවක සිටි නිදුෂි අසලට පැමිණි උමයංග නිදුෂිට රිදෙන තරම් තදින් අත අල්ලා ගත්තේය...

"මෙහේ එනවා..."

පාරින්දි පුදුමයෙන් බලා සිටියදී නිදුෂිව පාරින්දිගෙන් දුරට ඇඳගෙන ගොස් උමයංග කතා කරන්නට විය...

"තමුසේ මහ පිස්සුනේ නටන්නේ...බලනවා මං නිකන් චාටර් උනා..."

"ඇයි මොකද උනේ..."

"නිදු පිස්සු නම් කරන්න එපා මට පැටලෙනවා දෙන්නව...මං ආදරෙයි නිදූ..."

"වට්...ආයු මෑඩ්...මං ඔයා ගැන කවදාවත් එහෙම හිතලා නෑ...සොරි..."

නිදුෂි සැහැල්ලුවෙන් කියද්දී උමයංගගේ මුහුණ හැකිළිණි...

"හරි කමක් නෑ...තව ටිකක් හිතලා කියන්න ප්ලීස්...එකපාර ඔහොම බෑ කියන්න එපා...සීරියස් මං මේ කිව්වේ ඇත්තටම මං ඔයාට ආදරෙයි...ප්ලීස් මාව තේරුම් ගන්න..."

උමයංග ආදරය ඉදිරියේ බෑගෑපත් වෙද්දී ඒ සියල්ල පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් මායිම් නොකළ නිදුෂි යන්නට හැරුනේ ස්ථීරසාර බැල්මක් ඔහු වෙත මුදාහරිමින්ය...

"මං කිව්වනේ උමයංග...මං ගැන හෝප්ස් තියාගන්න එපා...සොරි..."

නිදුෂි උමයංගට කීවේ ඔහුගේ හිත රිදුනත් ඇත්තය...ඈ තවම පෙම්වතියක වීම ගැන සිතාවත් තිබුනේ නැත...සදුෂි ආදරේදි සිදුවන සියලු දෑ නොවහලා අක්කා සමඟ කියන නිසා ආදරය ගැන නිදුෂිට තිබුනේ අලස බවකි...තෂ්මල් නපුරු චරිතයක් බැවින් සදුෂි හැඩු වාර ගණනත් නිදුෂි සමඟ දුක බෙදා ගත් වාර ගාණනත් මෙතකැයි කිව නොහැකිය...

දිවා ආහාරය අවසන් වී වෑන් රථයේ අසුන් ගත් සියල්ලෝ තම තම ලෝකවල තනි වෙද්දී පහන් සිය කටහඩ අවදි කළේය...

"දැන් කාලා කාලා ගාර්ඩ්න් එකට යනකම් හොඳට නිදා ගනිල්ලා...අනේ ඇත්තටම උඹලා වගේ හරක් ටිකක්...උඹලා ජීවිතේ විඳිනවා නෙවෙයි විඳවනවා...නැගිටලා සිංදුවක් කියපල්ලකෝ..."

පහන් තරිඳුගේ පිටට ගසමින් බැන වැදුනේය...

💛 💛 නිව්න්නු එක්ක යළි හමුවෙමු...❤❤

ලියන්නේ ✍ තක්සලා උයන්ගොඩ ✍
Photo
Wait while more posts are being loaded