Post has shared content
PhotoPhotoPhotoPhotoPhoto
3/16/18
7 Photos - View album

Post has shared content
එකතු වෙන්න.අලුත් වැඩක්.
SCIENCE පිස්සෝ.... SCIENCE වැඩ්ඩෝ....
අලුත් community එක follow කරලා බලන්න...
Photo

Post has shared content
PhotoPhotoPhotoPhotoPhoto
11/24/16
11 Photos - View album

Post has shared content
100% ආම්ලික සල්ෆියුරික් අම්ලය
Animated Photo

Post has attachment
Photo

Post has shared content
ලෝකයේ වැඩිම ප්‍රමාණයක් මියයන සහ ලංකාවේද වැඩිම රෝගීන් ගණනක් වාර්තාවන මාරාන්තිකම රෝගය පිළිකාවයි. කල්තියා දැනගතහොත් පිළිකා සුවකළ හැකියි. නමුත් පිළිකාව පිළිබඳ නිවැරුදි අවබෝධ්‍යක් තාමත් සමාජය තුළ දක්නට නැත. ඒ නිසාම අන්තිම මොහොත වනතුරැ පිළිකා ගැන සොයා බලන්නට පිරිස යොමුවෙනවා අඩුයි.

පිළිකා යනු කුමක්ද?

මිනිස් සිරුර සැදී ඇත්තේ ඇසට නොපෙනෙන කුඩා සෛල නැමති ඒකක කෝටි ප්‍රමාණයකිනි. මේ සෑම සෛලයක් තුළම එහි පාලනය වර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටිය යනුවෙන් හැඳින්වෙන ව්‍යුහයක් දක්නට ඇත. මෙම වර්ධනය සහ සෛල බෙදීම යම්කිසි ක්‍රමානුකූල රටාවක් අනුව සිදුවේ. සමහර අවස්ථාවන්හි දී මෙය ව්‍යාකූලව හෝ අක්‍රමවත් ලෙස සිදුවේ. තවද මෙසේ නිපදවන අසාමාන්‍ය සෛල වර්ධනය වෙමින් නිරෝගී පටකවල පෝෂණය ලබමින් ශරීරයේ අනිකුත් කොටස් ආක්‍රමණය කෙරේ. මෙවැනි ආක්‍රමණකාරී සෛල සමූහයකට පිළිකාව යැයි කියනු ලැබේ.

පිළිකාව ශරීරය තුළ පැතිර යන්නේ කෙසේද?

පිළිකා ශරීරය තුළ පැතිරීම පහත සඳහන් ආකාර 3 අනුව සිදුවේ.
(අ) ආක්‍රමණයෙන් - පිළිකා සෛල යාබද පෙදෙස්වලට වැඩි සාමාන්‍ය පටක අතර පැතිරී ඒවා විනාශ කරයි.
(ආ) රුධිරයෙන් - පිළිකා සෛල රැධිර වාහිනීවලට ඇතුළු වී රැධිරය මගින් පැතිරේ.
(ඇ) වසා පද්ධතිය මගින් - පිළිකා සෛල වසා නාලවලට ඇතුළු වී වසා ගැටිති (කුද්දටි) මතු කරමින් පැතිරේ.

පිළිකා බෝවන රෝගයක්ද?
නැත. පිළිකා රෝගියෙකු ඇසුරු කිරීමෙන් හෝ සාත්තු කිරීමෙන් රෝගය බෝ නොවේ.

පිළිකා රෝගය පාරම්පරිකද?
කෙටිම පිළිතුර නැත යන්නයි. නමුත් සමහර විරල පිළිකා වර්ග කීපයක් පමණක් පාරම්පරිකව ඇතිවන බව සොයාගෙන තිබේ.

රෝගයට ගොදුරු වන්නේ කවුද?
වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට පිළිකාවක් වැළඳිය හැකිය.

ලංකාවේ බහුල පිළිකා වර්ග මොනවාද?
(අ) මුඛ පිළිකා
(ආ) ගර්භාෂ පිළිකා
(ඇ) පියයුරු පිළිකා

පිළිකා සුවකළ හැකිද?
ඔව්. පිළිකා සාර්ථක ලෙස සුව කිරීමේ හැකියාව රඳා ඇත්තේ එය කල්තියා දැන ගැනීමෙනි. ඕනෑම පිළිකාවක් පැතිරයාමට පෙර හඳුනාගත්තේ නම් සම්පූර්ණයෙන් සුව කිරීමට හැකියාවක් තිබේ.

ගැබ්ගෙල පිළිකාවක මූලික රෝග ලක්ෂණ මොනවාද?
1. යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය.
2. ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය.
3. යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්‍රාවයක් පිටවීම.
4. මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම.

ගැබ්ගෙල පිළිකාවක අවදානම වැඩි කාටද?
1. HPV (හියුමන් පැපිලෝමා) නැමති වෛරසය ආසාදිත කාන්තාවන්ට.
- ගැබ්ගෙල පිළිකා 95% කට වඩා HPV ආසාදනය මගින් සිදුවේ.
- ලිංගික ජීවිතය ඇරඹීමට පෙර HPV එන්නත ලබා ගැනීමෙන් මෙම ආසාදනයට ලක්වීම වලක්වා ගෙන එමගින් ගැබ්ගෙල පිළිකාව වලක්වා ගත හැක.
- දැනට මෙම එන්නත ශ්‍රී ලංකාවේදී ලබාගත හැක්කේ පෞද්ගලික වෛද්‍ය සේවා මගින් පමණි.
2. අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට.
3. බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට.
4. බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමඟ ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට.
5. අක්‍රීයව හෝ සක්‍රීයව දුම්පානයේ යෙදෙන කාන්තාවන්ට.
6. විවිධ රෝග සඳහා ප්‍රතිශක්තීකරණය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට.
7. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සෑදී ඇති කාන්තාවන්ට.

ගැබ්ගෙල පිළිකාව පූර්ව පිළිකා අවධියේ දී හඳුනාගත හැකිද?
ඔව්. අනෙකුත් පිළිකා වර්ග මෙන් නොව ගැබ්ගෙල පිළිකාව වළක්වා ගත හැක. ගැබ්ගෙලෙහි සිදුවන වෙනස්කම් මුල් අවස්ථාවේ දී හඳුනාගැනීමෙන් හා ප්‍රතිකාර කිරීමෙන් එම මූලික අවස්ථාවන් පිළිකාවක් බවට කල්යාමේදී පත්වීමට ඇති හැකියාව වළකාලයි.

ඔබ ගැබ්ගෙල පිළිකාවක් සෑදීමේ අවදානමක සිටින බව කලින් දැනගත හැකිද?
එය පැප් පරීක්ෂාවකින් කළ හැකියි.
• පැප් පරීක්ෂාවක් යනු: ගැබ්ගෙල ආශ්‍රිතව සිදුකරන සරල පරීක්ෂණයකි.
• මේ සඳහා ඔබ පැමිණිය යුතු වන්නේ මාසික ශුද්ධවීම සිදුවී නොමැති දිනකදීය.
• මෙමගින් ඔබට කිසිදු වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති නොවේ.
• මෙමගින් ගැබ්ගෙලෙහි පූර්ව පිළිකා සෛල හඳුනාගත හැක.

පැප් පරීක්ෂණයට යොමුවිය යුත්තේ කවුද?
• පැප් පරීක්ෂණය නිරෝගී කාන්තාවන් වෙනුවෙනි.
• ලිංගික සම්බන්ධතා පවත්වන සියලු කාන්තාවන් සඳහා ප්‍රථම ලිංගික එක්වීමෙන් වසර 5කට පසු මෙය නිර්දේශ කෙරේ.
මෙම පරීක්ෂණය අවුරුදු 35ට වැඩි කාන්තාවන්ට සුවනාරි සායනවලදී කරගත හැක.
පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල අසාමාන්‍ය නම්:
• ගැබ්ගෙල පිළිකා ස්ථීරවම ඇත්දැයි හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කිරීම.
• ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
සාමාන්‍ය නම්:
• එය සතුටුදායක පණිවිඩයකි.
• නමුත්, ඔබගේ ඊළඟ පැප් පරීක්ෂණය වසර 5කින් සිදුකර ගත යුතුය.

පැප් පරීක්ෂණයට යොමුවිය හැක්කේ කෙලෙසද?
• ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පවත්වනු ලබන සුවනාරි සායනය මගින්,
• රෝහල් මගින් පවත්වනු ලබන සුවනාරි/නාරිවේද සායන මගින්,
• පෞද්ගලික අංශයේ සායන මගින්,
• පිළිකා කලින් හඳුනා ගැනීමේ ජාතික සායනය
ගර්භාෂ දේහ පිළිකා
මෙය මැදිවියේ හා මැදිවිය ඉක්මවූ කාන්තාවන් අතර දක්නට ලැබෙන පිළිකාවකි.
ළමයින් නොලද හෝ අඩු සංඛ්‍යාවක් ලැබුණු කාන්තාවන් මේ රෝගයට විශේෂයෙන් ගොදුරැ විය හැක.
රෝග ලක්ෂණ:

අක්‍රමවත් ලේ වහනය හෝ ආර්තවය නැවතීමෙන් පසු ඇතිවන ලේ වහනය මෙහි ප්‍රධාන ලක්ෂණයකි. ආර්තවාහරණය සිදුවන වකවානුවේ දී මෙවන් ලක්ෂණ තිබේ නම් මෙම රෝග ලක්ෂණ සාමාන්‍ය සිදුවීමක් යැයි නොසිතා නොපමාව වෛද්‍ය උපදෙස් පැතිම නුවණට හුරුයි.

♦උපදෙස්: ජාතික පිළිකා සංගමය
Photo

Post has shared content
මේ කව්ද ?

…පහළ ඇති සටහන නොබලා මේ කව්දැයි කියන්න ඔබට හැකිද? ගැහැණියකගේ උකුළක්, බකල වූ කකුල් සහ ඉදිරියට නෙරා ආ දත් ගැන, ඔබට කුමක් සිතෙන්නේද ? මෙතනින් එහාට බලන්න පෙර නැවත ඒ විකාර රුපය දෙස බලන්න…

… ඔව්, මේ ඊජිප්තියානු පාරාවෝ රජ කෙනෙක් වන තුතන්කාමන් ගේ ඩී. එන්. ඒ. පරීක්ෂණයෙන් පසු, ඒ අනුව පරිඝනක මාර්ගයෙන් තැනුණු රජු ගේ රුවයි. බොහෝ ‘අමර්නා කාල පරිච්චේද’ වල ඇති මමී හෙවත්, කල් පවතින ආකාරයට තියාගන්නට තැනූ මෘත දේහ වල මේ විකෘත වූ පාද ඇත. එයට හේතුව ශුද්ධ වූ රාජකීය ලේ, වෙනත් ලේ සමඟ සම්බන්ද නොවීමට කල, පවුල් ඇතුළත ඇතිවන විවාහයන් වේ. එහෙත් පිරමීඩ තාක්ෂනය දැනගත් පැරණි ඊජිප්තු ජාතිකයන් මේ වැරදි විවාහ පිළිවෙත දැන සිටියේද යන්න ප්‍රශ්නයකි. බොහෝ විට ඔවුන් මෙයත් දෙවියන්ගේ ශාපයක් යයි කියන්නට ඇත…

…මේ අකාරය ඇති ඇටකටු පද්ධතියක් හෙවත් සැකිල්ලක් ඇති කෙනෙක්, ශරීරයේ බර සමතුලිත නැති හෙයින් ඇවිදින විට පමණක් නොව නැගිට සිටින විටදී පවා අති විශාල වේදනාවක් දරන්නට ඇති යන්න කායව්‍යවච්චේද විද්‍යාඥයෝ කියති. මේ හේතුවෙන් ඔහු සැමවිටම වැටෙන්නට ඇත. සමහර අය අනුමාන කරන විදියට තුතන්කාමන් රජු මියගියේ වැටීමකිනි.

…අවාසනාවට අදද මේ සිරිත බොහෝ මැද පෙරදිග ජාතීන් අතර පවතී. එකම පව්ලේ අය විවාහ නොවුනද, ළඟ ඥාතීන් ගේ විවාහ සිදු වේ. ඒ හේතුව නිසාම මෙවැනි විකෘති දරු උපත් මෙන්ම තැලීසීමියාව යන රෝගයද බහුලව ඇති වේ. පැරණි ඊජිප්තුවේ නම් මෙය සිදු වූ මුල් හේතුව, රජු මහ දෙවියන් නිරුපනය කරන්නේය, එවිට රජුට නෑදෑයන් වන අනෙක් අය රජුට සම්බන්ද විය යුතු වේ. දෙවන හේතුව සහ මැද පෙරදිග අද පවතින ගෝත්‍රික විවාහ වලට හේතුව වූයේ ආර්ථික සහ සමාජ ස්ථාවරය පවත්වා ගෙන යාම වේ.

…දහ අටවන ඊජිප්තියානු රාජධානියේ (Dynasty) රජ වරුන්ගේ පුතුන් සහ දූ වරුන් අතර විවාහ සිදුව ඇත. පියා සහ දුව අතර විවාහ සිදුව ඇත. . (Thutmosis II, Thutmosis III, Thutmosis IV, Amenhotep III). දුව යනු මවගේ නැවත පැමිණීම සහ නව රැජින විය. ඉහත රුපයෙන් පෙන්වන තුතන්කාමන් රජු එකම පව්ලේ සහෝදරයෙක් සහ සහෝදරියක් අතර සිදු වූ විවාහයක ප්‍රතිපල විය. එය නිගමනය කරන ලද්දේ, ඉතා පරීක්ෂාවෙන් කල ජාන විශ්ලේෂණයක ප්‍රතිපලයක් ලෙසිනි. තුතන් කාමන් භූමදානය කල අති විශාල සොහොනේ සැරයටි විශාල ගණනක් තිබුණි. එනම් සියයකට වඩා තිබුණු එම සැරයටි වෙලින් පෙන්වූයේ ඔහුට යම්තමින් හෝ ඇවිදින්නට හැකි වූ කල සිට මැරෙන තුරුම පාවිච්චි කල සැරයටි වේ. ඔහුගේ මේ බකල් කකුල් නිසා, එදා තිබුණු චැරියට් රථයේ හිඳ ගන්නට ඔහුට නොහැකි වුනා යයි විද්‍යාඥයෝ අනුමාන කරති.

…ලංකාවේද ඇවස්ස නෑනා-මස්සිනා අදද පවතින අවස්තා පවතී. එය පරම්පරාවක් ඈතට ගෙන යන්නට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් හැදෙන හොඳ ක්‍රමයක් නම් නොවේ. ඒ විවාහ අනුමත කිරීම කල යුතු නැත…

…ඇඩම් (හෙවත් ආදම්) සහ ඊව් (හෙවත් ඒව) ගෙන් මනුෂ්‍යයා බිහි වුනා යයි විශ්වාසයන්ට මේ ආකාරයේ විද්‍යාත්මක සොයාගැනීම් මරු පහරකි. ඒ මුල් යුවලක් සිටියා නම්, ඔවුන්ගේ දරුවන් අතර විවාහ සිදු විය යුතුය. වාසනාවට එසේ වී නැති හෙයින් අපට ඇවිදින්නට සහ සාමාන්‍ය ජීවිත ගත කරන්නට හැකිවී තිබේ…

~ලලිත් කරුණාරත්න~
Photo

Post has shared content
වයස අවුරුදු 60ක විතර තාත්තා කෙනෙක්. හොඳට ම වැහැරිලා ගිහින්. ගොඩක් දුක් විඳින කෙනෙක් වගේ. සමහර විට හරි හමන් රස්සාවක් නැතුව ඇති. දරුවො සළකන්නේ නැතුව ඇති.

ඩොක්ටර් මගේ පුතා කුඩු බොනවා. දවසට රුපියල් 2000ක් විතර... අනේ දොස්තර මහත්තයෝ පින්සිද්ද වෙයි මට මේක නවත්තලා දෙන්න. කොල්ලත් කැමතියි මොනවහරි කරල මේක නවත්තගන්න.

ඩොක්ටර් මං දවසට පැකට් තුනක් ගහනවා. ගැහුවෙ නැත්තම් මුලු ඇඟම රිදෙනවා. කඳුලුත් එනවා. මේ ජරාවෙන් මිදෙන්න මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ.
මොකද්ද ඔයා කරන රස්සාව?
මං ත්‍රීවීල් දුවනවා සර්. කොහොම හරි බලන්නෙ හොරකං කරන්නේ නැතුව දවසට රුපියල් දෙදාහක් හොයාගන්න.

ඩොක්ටර් මං ජොබ් එක කරන්නේ අහවල් ඔෆිස් එකේ. මං මේ ජරාවට හුරුවුනේ යාලුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහින්. දැන් මගේ වයිෆුත් ගන්නවා. අපි දෙන්නටම මේක නවත්තගන්න උදව් කරන්නකෝ...

මං මාලු රස්සාව කරන්නේ. වාඩියේ දි මේකට පුරුදු වුනේ. දැන් මට මේව නැතුව බැහැ සර්. වයිෆ්ට ගිය මාසෙ බබා හම්බවුනේ. බුදුබව අත්වෙයි සර් මේක නවත්තගන්න ක්‍රමයක් කියන්නකෝ. මගෙ දරුවා ගැන හිතල හරි මට මේක නවත්තගන්න ඕනි සර්.

හෙරොයින්. සරලවම කීවොත් ජරාවක්. හිතාගන්නත් බැරි විදියට මිනිස්සු ඇබ්බැහි කරගැනීමේ බලයක් තියනවා. දවසක් ගන්න බැරිවුණොත් sick එක හැදෙනවා.

එවිට දරාගන්න බැරි විදියට මුළු ඇඟ ම රිදෙනවා. හරියට නින්ද යන්නෙත් නැහැ. නහයෙන් සොටු දියර නිමක් නැතිව ගලනවා, ඇස් වලින් කඳුලු එනවා, ඉතින් මෙහෙම දුක් විඳින්න බැරි හන්ද මෙයා ආයෙම හෙරොයින් ගන්නවා. එතකොට ඒ අමාරු ගතිය නැත්තට ම නැතිවෙලා යනවා. හැබැයි ඒ පැය 12ක් විතර යනකම් විතරයි ආයේ ගත්තෙ නැත්තම් ආයෙත් sick එක.

ගොඩ දෙනෙක් ට හෙරොයින් ගන්න එක නවත්වන්න ඕනි වුණත් එයාලට ඒක කරගන්න බැරි ඔන්න ඕකයි.

ඒත් ඇත්තම කීවොත් මේ ඇබ්බහියෙන් අත් මිදෙන්න ඒ හැටි අමාරු නැහැ.

සමහර doctors ලා හෙරොයින් ඇබ්බැහිය ට ප්‍රතිකාර කරනවා.

මේකෙදි සරලව ම වෙන්නේ sick එකේ ලක්ෂණ වලට විරුද්ධව බෙහෙත් දෙන එක. ඒ කිව්වෙ මේකයි. ඇඟ පත රිදෙන එකට ටිකක් සැර වැඩි pain killer එකක් දෙනවා. නින්ද යන්නේ නැති එකට සැර වැඩි නිදි බෙහෙතක් දෙනවා. හොටු, කඳුළු එන එක නවත්තන්න තව බෙහෙතක් දෙනවා.

ලෙඩාට කියනවා හෙරොයින් වෙනුවට මේ බෙහෙත් ගන්න කියලා. සතියක් විතර මේවා බීලා නැවැත්තුවා ම වැඩේ හරි. මේ බෙහෙත් සතියක් ගත්තා කියලා බෙහෙතට ඇබ්බැහි වීමක් වෙන්නෙත් නැහැ, නැවැත්තුවාට sick එකක් එන්නෙත් නැහැ. එතකොට බෙහෙත් නවත්තපු ගමන් වැඩේ හරි. Sick එක එන්නේ නැති නිසා මෙයාට ආයෙම හෙරොයින් ගන්න ඕනි වෙන්නේ නැහැ.

දැන් ඔයාල බලයි කොහෙද මෙහෙම treat කරන තැන් තියන්නේ කියලා.

ඔයාගේ ගෙවල් ළඟ ඉන්න doctor ගෙන් අහන්න එයා සමහර විට හෙරොයින් ඇබ්බැහියට ප්‍රතිකාර කරනවා ඇති. එහෙම නැත්තම් එයා එහෙම තැනකට ඔයාව යොමු කරයි.

මේ කියන බෙහෙත් ටික ගන්න හෙරෝයින් ගන්නවා තරම් මුදලක් යන්නේ නැහැ.
ඒ වගේ ම පෙති,ගුලි,injection වගේ වෙනත් අත්මිදෙන්න අමාරු ඇබ්බැහි වලටත් මේ බෙහෙත් හරියනවා.

මනෝ වෛද්‍යවරයකු සිටිනා රජයේ රෝහලක දී ත් ඔබට මෙම සේවාව ලබා ගත හැකිය.

මේ post එක අනිවාර්‍යයෙන් ම share කරන්න. මේ කියන දේ වැදගත් වෙන ගොඩ දෙනෙක් පොස්ට් එක කියවලා ප්‍රතිකාර වල ට යොමුවෙයි. නැතිවෙලා වල්මත් වෙලා තියන එයාගෙ ජීවිතේ හදාගන්න එයාලට පුළුවන් වෙයි. ඒ පිනෙන් කොටසක් ඔයාලටත් අයිති වෙයි.

Post එක හොඳ නම් like කරන්න වගේ ම ඔයාලට හිතෙන දේ ත් comment කරන්න.

මේවගේ තවත් post එකක් දාපු ගමන් ම කියවන්න ඩොකාගේ ඩයරිය page එකටත් like එකක් දාගෙන ම යන්න. ;-)

මං ජීවක වෙදැදුරු...
Photo

Post has shared content
ප්ලාස්ටික් හයිඩ්‍රජන් බෝම්බයක් හදමු.......
යාලුවොනේ පහත ඇටවුම පරිදි ප්ලාස්ටික් බාජනයකට රූපයේ පරිදි ජලය දමා කාබන් කූරු දෙකක් ආධාරයෙන් විද්‍යුත් රසායන මහින් ජල අණු හයිඩ්‍රජන් හා ඔක්සිජන් ලෙස වෙන්කර ගැනීම තමා මූලිකවම සිදුවන්නේ, මේ වෙන් වූ හයිඩ්‍රජන් හා ඔක්සිජන් දහනය කිරීමට spark plug එකක් හෝ කුඩා විදුලි පුලිඟුවක් ඇති කළ හැකි ඔනෑම උපකරණයක් යොදාගත හැක.
පහත පරිදී කාබන් කූරු දෙකට විදුලිය ලැබීමෙන් ජලය පහත ලෙස ක්‍රියා කරයි.එහිදී කැතෝඩයේ දී
2H+ + 2e- --> H2 හා
ඇනෝඩයේ දී
4 OH- --> 4e- + 2H2O + O2 ලෙස
හයිඩ්‍රජන් හා ඔක්සිජන් ලැබේයි.
ඇටවුම මෙ ලෙස මිනිත්තු 25 ක් පමන තැබීමෙන් හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී බාජනයට පීඩනයක් ඇතිකරයි,ඒසමගම spark plug එක මගින් පුලිඟුවක් ඇති කර එක දහනය කරවිට අඩික පීඩනයක් ඇති වී රූපයේ ඇති ජලය පිටවන මාර්ගයෙන් විශාල ශබ්දයයක් සමග ජලය ඉවතට විදියි,යාලුවොනේ මේ ජලය ඉවතට විසිකරන මාර්ගය වැසූ වුට මෙය අදික පීඩනයක්, හා අදික තාපයක් යටතේ පුපුරා යයි,එවිට මෙම ඇටවුම ප්ලාස්ටික් හයිඩ්‍රජන් බොම්බයකි.
Special note = යාලුවොනේ මේ තුලට හයිඩ්‍රජන් සමග හයිඩ්‍රජන් වල සමස්ථානික වන deuterium හා tritium හා එක් නියුට්‍රෝනයක් දැමූ විට නොනවතින දාම ප්‍රතික්‍රියාවක යෙදෙන විනාශකාරී හයිඩ්‍රජන් බෝම්බයකී..
Photo

Post has shared content
💊 ෆ්ලෙමිං සහ පෙනිසිලීන්

ෆ්ලෙමිං විසින් පෙනිසිලීන් හොයාගත්තේ ඉතාමත් අහඹු සිඳුවීමකින් කිව්වොත් ඔයාලා පිළිගන්න එකකුත් නැහැ...ඒත් ඇත්තටම ඒක එහෙමයි..

🔸ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං ඔහු විසින්ම රෝපණය කරන ලද මාධ්‍යයක බැක්ටීරියා වර්ධනය වීමට ඉඩ සලස්වා තිබුණා....ඒත් ඔහු දවසක් දැක්කා, රෝපණ මාධ්‍යයේ ඇතැම් තැන්වල බැක්ටීරියා වර්ධනය වී නොමැති බව..ඒ වගේම, ඒ ස්ථානවල දිලීරයක් වර්ධනය වී ඇති බවද නිරීක්ෂණය වුණා..

ඉතිම් එයා හිතුවා, මේ බැක්ටීරියවල වර්ධනය නිෂේධනය වන්නට මේ දිලීරයේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. (කල්පිතයක්)

🔸ෆ්ලෙමිං කලේ ඒ දිලීරය වෙන් කරගෙන වෙනත් මාධ්‍යයක වගාකරලා ඒ දිලීරය මගින් නිපදවපු ද්‍රව්‍ය නිස්සාරණය කරපු එක.

🔸පස්සේ ඒ ද්‍රව්‍ය යලිත් , වගාකරපු බැක්ටීරියා වගා කරපු මාධ්‍යයට යලිත් එකතු කලා..ඒ වෙලාවෙත් වුණේ, බැක්ටීරියාවන්ගේ වර්ධනය නිෂේධනය වුණා..

හරි, ඒ සිදුවීමත් එක්ක බැක්ටීරියාවන්ට ප්‍රතිරෝධී ඖෂධයක් මුලින්ම හොයාගන්න ඔහුට හැකිවුණා...ඒ වෛද්‍යවිද්‍යාවේ විශිෂ්ට සොයාගැනීමක් බවට එය පත් කරමින්...

ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං විසින් පසු කලෙක එම දිලීරය Penicillium බව හඳුනාගත්තා.

[1945දී, ඒ වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පවා හිමිවෙනවා.]

🔸එදා - මෙදා ඉතිහාසයේ ප්‍රතිජීවක
(Anti-Biotics) ඕන තරම් සොයාගෙන තිබ්බත්, පෙනිසිලීන් අදටත් වෛද්‍යවිද්‍යාවේදී, නැතුවබැරි ඖෂධයක් ලෙසට භාවිතා කරනවා...
Photo
Wait while more posts are being loaded