Post has attachment
කෙනෙක්ට නොදැනුවත්ව ලන් වෙලා
ඒ කෙනාට ගොඩක් ආදරේ වෙලා
නොගැලපීම් දකිද්දි
නොකියාම වෙන් වෙන්නෙ
දුකක් දෙන්න නෙවෙයි
අනාගතේ ඇති වෙන දරාගන්න බැරි දුක
ඒ කෙනාගෙ මූනෙන් එදාට දකින්න බැරි නිසා
😓
Photo

Post has attachment
නත්තල් සීයා නොහොත් සැන්ටා වෙත
.
පලමුවෙන්ම කිව යුත්තේ අවුරුදු විසි ගණනක් 😜 උනත් මම තාම ලමයෙකි, කවදාවත් සැන්ටාගෙන් තෑගි ඉල්ලා නැති හින්දා මෙදා පාර ඉල්ලන්නට ඔනෑය.. පිණිමුවෝ එයාබෝන් නිසා මගේ ඇඩ්‍රස් එක ඔබට ප්‍රයෝජනයක් නැතිය, ගූගල් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් එවන්නංය.. මට ඕනෑ එයාවය, ඒකිට නත්තල් හින්දා ඔබ එනකං සුවර් එකටම පාර පේන ජනේලෙන් එල්ලිලා ඔහෙක් කරං බලාගෙන සිටිනු ඇත, එහෙ ගෙදර ලොකේසන් එකත් එවන්නංය.. රෑ හින්දා ඕකි කෑ ගහන්නට බැරි නැත, ඒ හින්දා පරිස්සමිං යන්ඩය.. තඩි බඩයි රැවුලයි හින්දා ඒකිට සිහි නැතිවෙන්ඩ කලිං කෙස් වල්ලෙංම අල්ලලා මල්ලට දාගන්ඩය.. මල්ලේ පොඩි එවුංගේ සෙල්ලං බඩු තියෙන නිසා මෙහෙට එනකං සේප් එකේ සිටිනු ඇත.. අපේ ගෙදර දුං කවුළු නැත, කුස්සියේ පෝරණය ට්‍රයි කරන්ඩවත එපාය එ්ක උඩට ආයෙ කොංක්‍රීට් දාන්ඩ බැරිය.. ඒ හින්දා මගේ දොරේ යතුර පාපිස්ස යට ඇත.. තට්ටුවක් දමා ඒකිව දොර ලඟ අතහැර යනවා නං යෙහෙකිය... එතකොට මටත් නත්තල්ය... ❤️❤️❤️❤️
.
.
තෑගි නොඉල්ලූ ලමයා

Christmas that I NEED...
.
Photo

Post has attachment
#මිනිස්සුන්ගේ_නරක_කාලේ තියෙනවා නේද ?????

මිනිස්සු #ලොස්ට් වෙනවා...

#බැදීම් #රස්සාව #ආර්ථිකය ප්‍රේම සම්බන්ධතා යාලුමිත්‍රකම් ගොඩක් දේවල් ලොස්ට් වෙනවා😒😒😒😒

#දරාගෙන_ඉදපං😔😔😔

#අමාරු_කාලය කොහොමහරි #දරාගනින්....

ඒ වගේම ඒ අමාරු කාලේ වචනෙකින් හරි #උඹ_ලගින්_හිටපු උන්ව #මතක_තියාගනින්.....❤️❤️

උඹව #අතෑරපු_උන්වත් හොදට මතක තියාගනින්.....🤗🤗🤗

උඹ ඒ අමාරුකාලේ පහුකරලා #ගොඩට ගියාම උදව් කරපු උන්ට #පණ_දීපං😊😊😊

අතෑරපු උන්ව #අඩෝපං....

ඔය දෙගොල්ලො #සහෝදරයොද #සහෝදරියොද #නෑයෝද_යාලුවොද #අල්ලපු_ගෙදර එකාද අදාලම නෑ.....🤗🤗🤗

උදව් කරපු එකාට පණ දෙනවා වගේම අතෑරපු එකාව අඩෝපං......

එච්චරයි....

#සරල_තියරි....
#අනියත_ජීවීත....😊😊😊
Photo

Post has attachment
"මේ කවි කතා ඔක්කොම ලියන්නේ මට නේද....?"

"ආපෝ නෑ...මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?"

"යනවා යන්න මෝඩයා....මම දන්නවා...මේවා ලියන්නේ මට තමයි"

"කවුද කිවුවේ....?"

"කවුරුත් කියන්න ඕනේ නෑ...මම ඔයාව දන්නවනේ"

"කවද ඉදන්ද..."

"දන්න දවසේ ඉදන්..."

"ඒ වුනාට මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා"

"ඇයි...?"

"පිටට පෙන්නන තරම් මිනිස්සු ලස්සන නෑ ඇතුලට"

"ඒ මිනිස්සුනේ...මේ ඔයා"

"ඇයි....මම මනුස්සයෙක් නෙමෙයිද?"

"නෑ...ඔයා මගේ මිනිහනේ"

"එතකොට ඔයා මගේ ගෑනිද....?"

"ඇයි...එහෙම නෙමෙයිද? මරනවා තෝව...."

"ඒත් එපා...ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි...."

"ඔවු....සමහරවිට...ඒත් මට හොද ඔයාවනම්....?"

"මාව දැනට හොදවුනාට පස්සේ කාලෙක නරකට පෙනෙයි ඔයාට"

"ඇයි එහෙම හිතන්නේ....?"

"මම ආදරේදී හරි ඊරිසියාවයි....මට ඕනේ ඔයාව මගේම විතරක් කරගන්න...."

"ඉතින් මෝඩයෝ මටත් ඕනේ ඔයාගෙම විතරක් වෙන්න තමයි..."

"ඔයාට තේරෙන්නේ නෑ මම කියන දේ...."

"තේරෙන විදිහට කියන්නකෝ එහෙනම්....හබැයි මම ඔය ඔඩොක්කුවේ ඔළුව තියාගත්තට පස්සේ...."

"හම්ම්ම්..."

"හරි...දැන් කියන්න...මේ ඔළුව ටිකක් අතගානවකෝ බුම්මට්ටාවගේ ඉන්නැතුව...අන්න එහෙම...කියන්නකෝ ඉතින්"

"මට ඕනේ ඔයා මගේ ගාවටම වෙලා ඉන්න...හැම තිස්සෙම මගේ ඇගේ ගෑවි ගෑවි ඉන්න...මොන වැඩේ තිබුනත් මගේ අස්සටම වෙලා ඉන්න....ඉතින් මට බයයි,මම බලාපොරොත්තුවෙන ඒ දේ ඔයාට වදයක් වෙයි කියලා.එහෙමවුනොත් ඔයාට මාව එපාවෙයි.දන්නවද....මම පාළුවෙන් ඉන්නකොට ඔයා තමයි මගේ පාළුව මැකුවේ.මුලදී එච්චරටම නොදැනුනත් පස්සේ පස්සේ මම ඔයා එනකම් බලන් හිටියා.ඔයා ආපුනැති සමහර දවස්වල මම රෑ වෙනකම් පාර දිහා බලන් හිටියා ඔයා එයි කියලා හිතාගන.ඒත් පහුවෙනිදට කතාකරනකොට ඒ මොනවත් මම ඔයාට කිවුවේ නෑ.සමහරවෙලාවට මම ,මගෙන්ම ඇහුවා මම ඔයාට ආදරේ කරනවද කියලා...ඔවු...මම ඔයාට ආදරේකලා.දැනුත් කරනවා.ඒත් ඒක කියන්න මම කැමති නෑ.මම බයයි ඔයා මට අකමැතිවෙයි කියලා...මේ විදිහට ඉන්නකොට අඩුමගානේ මට ඔයා එක්ක කතාකරන්න හරි පුළුවන්.ඒත් ඔයා මට අකමැතිවෙලා මාත් එක්ක තරහවුනොත් මට ඒකත් නැතුව යනවා.එතකොට ආපහු මට ඉන්නවෙන්නේ තනියම පාළුවෙන්.මම දැන් ඒ පාළුවට බයයි.අපි දවසකට හම්බවෙලා මහ ලොකු වෙලාවක්, මහලොකු දෙයක් කතාකරන්නේ නෑ තමයි.ඒ වුනාට ඒ ටික මට මහමෙරක් වෙලා.ඉස්සර ඉදලම මම ආදරේට හරි පෙරේතයි.දැන්නම් ආදරේට බඩජහරියෙක් වෙලා.මට එහෙමකලේ ඔයයි.ඉතින් මට ඕනේ නෑ මේ ආදරේ, ලෙංගතුකම නැතිකරගන්න.අපි මේ විදිහට හිටියොත් අඩුමගානේ ඔයා වෙන කොල්ලෙක් එක්ක යාළුවෙනකම් හරි මට ඔයා එක්ක මේ විදිහට ඉන්න පුළුවන්.හදිස්සියේ හරි ඔයා තරහවුනොත් මට ඒකත් නෑ."

"ඉතින් මෝඩයෝ මාත් කැමතියිනම් ඔයත් එක්ක එහෙම ඉන්න....?"

"ඔයා තාම පොඩි එකෙක්.මම තරම් ජීවිතේ අත්විඳලා තියන එකෙක් නෙමෙයි.ඒ නිසා ඔහොම කියයි.ඒත් ඔයා ජීවිතේ අත්විඳිද්දී ඔයාටම හිතෙයි මේ මිනිහා මාව හිරකරන්න හදනවා කියලා.මට ඔයාව හිරකරන්න ඕනේ කමක් නෑ.ඒ වුනාට මේ ජීවිතේ හැම විනාඩියකටම, හැම තප්පරේකටම මට ඔයාව ඕනේ.මම රස්සාවකට යන්න එපා කිවුවොත් ඔයා දැන් ඒක පිළිගනියි.ඒත් පහුවෙනකොට ඔයාට හිතෙයි මේ මිනිහා මාව එයාගේ යටතේ තියාගන්න මේ දේවල් කලා කියලා.මට ඔයාව යටත් කරගන්න ඕනේ නෑ.ජීවිතේ හැමදාම එකවගේ නෑ. අගහිග අඩුපාඩුකම් ඕනේ තරම් එයි.ඒ වෙලාවට ඔයාට හිතෙයි මේ මිනිහා මට රස්සාවකට යන්න දුන්නනම් මෙහෙම වෙන්නේ නෑනේ කියලා.එහෙමවෙනවට මම කැමති නෑ.අපි දෙන්නගේ හිතේ අපි දෙන්න ගැන තියන ආදරේ හැමදාම මේ විදිහටම තියනවට මම කැමතියි.අපි දෙන්නා මේ විදිහටම හිටියොත් අඩුමගානේ ඒ ආදරේ කිළුටුනොවී තියේවි හැමදාම...."

'ගොන් බූරු මීහරක් මීමිනි වස්සෝ....ඔච්චර දේවල් තේරුම්ගන්න පුළුවන්, ඔච්චරදේවල් හිතන්න පුළුවන් එකාට හිතාගන්න බැරිද මම රස්සාවක් කලා කියලා තොට තියන ආදරේ වෙනසක් වෙන්නේ නෑ කියන එක....මගේ ආදරේ ගැන එච්චර අඩු තක්සේරුවකින් හිතන්නේ ඇයි...?අහපිය මේකත්...මමත් ආසයි රස්සාවක් කරන්න.මම ඉගනගත්තු දේකින් ප්‍රයෝජනයක් ගන්න.මගේ මහන්සියෙන් කීයක් හරි හම්බකරගන්න.පඩි අරන් එන ගමන් ගෙදරට බඩු මල්ලක් උස්සන් එන්න.මගේ සල්ලිවලින් ඔයාට ඇදුමක් අරන් දෙන්න.ඔයාට සල්ලි ප්‍රශ්නයක් ආවහම මගේ අතේ තියන සල්ලි ඔක්කොම දීලා ඔයාගේ ප්‍රශ්නේ බර හෑල්ලුකරන්න.ඒ ඔක්කොටම වඩා මැරෙනකම්ම ඔයාට ආදරේ කරන්න.ඔයාට මාව තුරුල්කරගන්න හිතෙන හිතෙන වෙලාවට මම ඔයා ලග නැතිවෙයි.ඒ වුනාට මම පොරොන්දුවෙන්නම් ගෙදර ආපු වෙලාවේ ඉදලා ඔයා මාව එලවනකම් ඔයාගේ ඇගේ ගෑවි ගෑවි ඉන්නවා කියලා.නිවාඩු දවස්වලදී ලගින් හෙල්ලෙන්නේ නෑ කියලා.ජීවිතේ තියනකම් ඔය කළු අත්දෙක අතාරින්නේ නෑ කියලා.දැන්වත් මාව ඔයාගේ කරගන්නවද...? කියනවකෝ වදේ....කවුද වගේ බලන් ඉන්නේ නැතුව"

"හැමදාටම ලගට ගත්තොත් මට මොනවද දෙන්නේ.....?"

"ම්ම්ම්....දවසකට උම්මා 24ක්...පැයකට එක ගානේ...."

"මදි...72 ඕනේ.පැයකට 3 ගානේ...."

"ආපෝ...වැඩියි වැඩියි....48ක්...?"

"බෑ...බෑ....72 තමයි අවම....ඊටවඩා අඩුවෙන්නම් බෑ....මොකද කියන්නේ....?"

"අනේ ඉතින්....අපි දෙන්නා යාළුයිනේ....48ක් ඇති..."

"නෑ...නෑ...උම්ම එක්ක කිසි යාළුකමක් නෑ.72ක'කට වැඩේ කරනවනම් කරමු...."

"හම්ම්...මොනව කරන්නද ඉතින්....මේ උණහපුළුවව දාලා යන්නත් බෑනේ....

"හරි...දාන්න 5ක්....මේ අහන්නකෝ...ඇඩ්වාන්ස් එකක් විදිහට ඔය උම්මා වලින් 3-4ක් දැන් ගන්න බැරිද?"

"3-4ක්....?ඇද්ද දන්නේ නෑ 3-4ක්?බෑ...බෑ...ඕනෙමනම් 1ක් දෙන්නම්...."

"අනේ ඉතින්...."

"අනේ පනේ නෑ උම්ම වලට.ඕනෙමනම් එකක් දෙන්නම්.යාළුවුන පළවෙනි දවසෙම 3-4ක්....ඒවා වානා.අපි සිංහළ කුල සිරිතට අනූව හැදිච්ච වැදගත් ගෑණු ළමයි...."

"අනේ පල යන්න බැල්ලි....හා එහෙනම්...ඒකවත් දෙනවකෝ...."

"හම්ම්...අන්න එහෙම එන්න ...කෝ..ඇස් පියාගන්න..."

"ඒ මොකටද....?"

"උම්මා එක දෙන්න...."

"ඇයි ඇස් ඇරගන බැරිද.....?"

"බෑ...බෑ...උම්මා ඔනෙනම් ඇස් පියාගන්න.අපිට ලැජ්ජයි..."

"ඉතින් මායි උඹයි විතරනේ ඉන්නේ...."

"මේ...උම්මා ඕනෙද එපාද...?ඕනෙනම් කටවහගන ඇස් පියාගන්නවා..."

"නොදකින් මුන්ගේ ගනන්....හරි පියා ගත්තා...."

...........................
...........................

"චූටි පුතා.....චූටි පුතා...නැගිටිනවා....බලනවා වෙලාව කීයද කියලා....අද යන්නේ නැද්ද....?"😂😂
Photo

Post has attachment
මූලික හරයවත් හරියට නොදැන
පිලිපදින්නෙ නැතුව අදහන්න හදන
ධර්මයක් රකින්න යුද්ධයක් කරන රටක්,

බුදු බණ වෙනුවට සිංහල බණ අහන
කුළය බලලා ශාසනේට ඇතුල් කර ගන්න
ශ්‍රාවකයෝ ඉන්න රටක්,

අයියලා මල්ලිලා එකගෙයි කාලා
අවුරුදු දාහක් හෙලුවෙන් ඉඳලා
සංස්කෘතිය ගැන කියවන මිනිස්සු ඉන්න රටක්,

කෙල්ලෙක් වුනාම දිගට අඳින්න කියලා
කොල්ලව හදාගන්න දන්නේ නැති
අමුතු අම්මලා තාත්තලා ඉන්න රටක්,

කොල්ලො ව*කම් කරන එක හැටි කියලා
කෙල්ලොන්ගේ හම කෑල්ලක් ගැන හොයන
අසහනකාරී මිනිස්සු ඉන්න රටක්,

පෝරුවේ ඇදයි හැට්ටේ හිරයි කියවන
නෑදෑයන්ට පේන්න රජට මගුල් කන
ලෝකෙට ණය වෙන මිනිස්සු ඉන්න රටක්,

නැකත් බලලා රජාට ඇඳලා
ඇඳ රෙද්දෙ ජපන් කොඩි බලන
ලේ පිපාසිත මිනිස්සු ඉන්න රටක්,

කොල නිල් කරලා නිල් කොල කරලා
හැදෙන්නැතුව හදනකල් බලන් ඉන්න
දේශපාලන අතකොලුවො ඉන්න රටක්,

ගමේ චණ්ඩියව පාර්ලිමේන්තු යවන
හොරකමත් සාධාරණීකරනය කරන
අඳ ගොලු බිහිරි මිනිස්සු ඉන්න රටක්,

මනුස්සයෙක් පාරේ පන අදින කොට
සාක්ෂි දෙන්න බයේ පැනලා දුවන
හැබැයි වීඩියෝ කරලා මීඩියා යවන මිනිස්සු ඉන්න රටක්,

අකුරු දැනගැනීම අධ්‍යාපනය කියලා හිතන
සාමාන්‍ය දැනීමයි අවබෝධයයි නැති
උගත් මී හරක් ඉන්න රටක්,

අනාගතේ වෙනුවෙන් කියලා ගෙවල් හදන
කැලෑ කපලා සත්තු මරලා අනාගතේ නැතිකරගන්න
හරිම ප්‍රාථමික මිනිස්සු ඉන්න රටක්,

සුදු කොන්ඩ කලු කරන අම්මන්ඩිලා කොන්ඩේ තඹ කරපු කෙල්ලොන්ට පුප්පන
බුරිය පෙන්නුවාම කෙල්ලොන්ට බඩු tag දාන දෙන රටක්...

තමා #ඩිස්නිලන්තේ 😂

උපුටා ගැනුමකි
Photo

Post has attachment

එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී

*මෙ වගෙ ටීච කෙනෙක් ඉන්නවන්ම් වහාම දැනුම් දෙන්න මට 😈
Photo

Post has attachment
සමාජෙ......

පොඩි එකාව පෙර පාසල් දාන්ඩ ගියාම අයියෝ ඕකට වඩා හොඳයිනෙ ඉංග්ලිෂ් මීඩියම් එකක්, දැන් හැමෝම යන්නෙ ඒකට කියනවා
ඊට පස්සෙ ශිෂ්‍යත්වෙ යන්තමින් පාස් වුණාම අපෙත් එක්කෙනෙක් ලිව්ව හැබැයි ඔයිට වඩා හොඳට පාස් වුණා. මෙයත් හරියට කරගත්තනම් ලොකු ඉස්කෝලෙකට යන්ඩ තිබ්බනම් කියනවා
හය වසරෙදි මීඩියම් එක බැලුවාම අයියෝ සිංහලෙන් උගන්නන්න එපා අප්පා මෙච්චර ඉංග්ලිෂ් මීඩියම් තියෙද්දින් කියනවා
ඕ ලෙවල් ටිකක් හොඳට ගොඩ දාගත්තාම ඇයි අප්පා ආට් කොමස් කරන්ඩ යවන්නෙ බයෝ මැත්ස් කරල ෆේල් වුණත් නම්බුයිනෙ කියනවා
ඒකත් හරි කියල කැම්පස් සිලෙක්ට් නොවුණාම ඕකනෙ අපි කිව්වෙ අරහෙම මෙහෙම කරානම් ප්‍රයිවට් වත් කෝස් කරන්න තිබ්බනෙ ප්‍රයිවට් කැම්පස් එකක කියනවා
ඇත්ත නේන්නම් කියල ප්‍රයිවට් කැම්පස් එකකට යවද්දින් අපෝ සල්ලි දීල උගන්නන්නෙ පිස්සුද අපේ එකාටනම් මහ ලොකු මහපොලත් හම්බෙනව කියනවා
ඔය කාලෙ කොල්ල හරි කෙල්ල හරි මොකෙක්හරි එක්ක යාළු වුණාම අපෝ ඔව්වට හදිසි වැඩියි මුන්ට මදන විසේ ගහල කියනවා
ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉද්දින් අයියෝ තාම ජොබ් එකක්වත් නැද්ද ඒකටත් එක්ක අපේ උන් බලන්ඩකො වාහනත් අරන් කියනවා
දෙයියනේ කියල ජොබ් එකකට ගියාම ඇයි ඔය ප්‍රයිවට් ඒවගෙ රජයෙ එකක් හොයාගත්තනම් පෙන්ෂන් එකත් තියනවනෙ කියනවා
රජයෙ එකක් මොකෙක්ට හරි පන්දමක් අල්ලල හොයාගත්තාම අයියෝ රජයේ ජොබ් මොනාද පෙන්ෂන් විතරයිනෙ තමන්ගෙම බිස්නස් එකක් කරන්ඩ කියල කියනවා
සේරමත් හරි දැන් කෙල්ලෙක් නැති වුණාම මොකෝ නාකි වෙනකම් ඉන්නවද බඳින්නෙ නැද්ද වයසත් හරිනෙ කියනවා
බැඳල අවුරුද්දෙන් දෙකෙන් ළමයි නැත්තම් මොකෝ ළමයි හම්බෙන්නෙ නැද්ද හදන්ඩ ආස නැද්ද අපිත් ආසයි උඹලට ළමයි ඉන්නවනම් කියනවා
ගෑණියි මිනිහයි දෙන්නම පොඩ්ඩක් ෆැෂන් කලාම ළමයිනුත් තකට තක වුණාම අපෝ උන්ගෙ පවුලම එකයි කියනවා
ගෙදර ප්‍රශ්නයක් වගේ දැනුණොත් අයියෝ තව ඉවසන්ඩ කියල අන්න අරුන් ඩිවෝස් වෙන්ඩ යන්නෙ හොඳ වැඩේ කියල මුළු ලෝකෙටම කියනවා
පරණ පරම්පරාව ඉවරවෙලා ආපහු මුන්ගෙ පොඩි එකාව පෙරපාසල් දාන්ඩ ගියාම...

#හිතාගනිල්ලා 😑

Photo

Post has attachment
සමහරු මගෙන් අහනවා...,උබ ඔහොම ආතල් එකේ පෝස්ට් එකක් දාගෙන හිටියට,G+ එකේ ගොං ආතල් දුන්නට..,පොරටෝක් දුන්නට,

උබ මොනවද ජීවිතේ ගැන දන්නෙ කියල..,
උබ මොනවද දුක ගැන දන්නෙ කියලා..,
මොනවද විදවීම ගැන දන්නෙ කියලා..,
අහිමිවීම ගැන මොනවද දන්නෙ කියල..,
බලාපොරොත්තු විනාසවීම ගැන මොනවද දන්නෙ කියල...,

මම ඔය හැම එක ගැනම ඕනවටත් වඩා දන්නව බං..සමහර විට උබලටත් වඩා හොදට මම දන්නව..ඒත්, මම දුක කිය කිය මේ ලබ්බෙවත් ,පුද්ගලික ජීවිතේවත් ලෝකෙට පේන්ඩ අඩන ජාතියෙ එකෙක් නෙමේ. දුක උපරිමේටම විදින ගමං, දුක දිහා බලල කින්ඩියට හිනාවෙන එකෙක්..😀😀😀..

"ඒයි... දුක...!තොට ඔච්චරද පුලුවන් මට රිද්දන්ඩ... 😂😂 "
Photo

Post has attachment
Don't make fun of anyone's english I repeat මම නැවත කියනවා කාගේවත් ඉංගිරීසි හෑල්ලුවට ලක් කරන්න එපා...

Post has attachment
ජීවිතෙත් හරියට බස් එකක් වගේ...

උබට පුළුවන් වෙන ⁣අයගෙ ඒවට නැගල ටිකට් අරගෙන උන් යන පාරේ ගිහින් කැම⁣ත්තෙන් හෝ අකමැත්තෙන් ගෙවපු ගානට අදාල තැනට අවම බහින්න.

එහෙම නැත්තම් උබට පුළුවන් තමන්ගෙම කියල එකක් අරගෙන තමන්ගෙම විදියට තමන් ඕන ගමනක් උබ කැමති පාරක ආසම විදියට යන්න..

නිව්ටල් එකේ යන්න ලේසියි තෙල් ඉතුරුයි..හැබැයි එහෙම වැඩි දුරක් යන්න බෑ..යන්න පුලුවන් ඒ චුට්ට දුර උනත් උබ,මම යන්න පටන් ගන්නෙ ජොබ් එකක් කරලා තමන්ගෙම කියල ඇදුමක් ගන්න,ජිවිතේ ගොඩ දාන්න ඕන කියල හිතෙන කාලෙ ආවම විතරයි. ගොඩක් අයට නිව්ටල් එකේ යන්න පුළුවන් පෙඩේඩ දුර උනත් පේන්නේ කාලයක් ගියාම..

එහෙම යද්දි තමයි අපිට ෆස්ට් එකට දාලා පාගන්න ඕන කියල හිතෙන්නේ..අනික එතකොට තමා තේරෙන්නෙ වාහනේ නැවතුනොත් යන්න පටන් ගන්නෙ පලවෙනි ගියර් එකෙන් වගේ ජීවිතේ වැරදුනත් මුල ඉදලා පටන් ගන්න එක වැදගත් කියලා...

ඒ වගේම පලවෙනි ගියර් එකේ ඉදලා කෙලින්ම පස්වෙනි ගියර් එකට දාන්න බෑ කියලත් තේරෙන්න පටන් ගන්නෙ එතකොට...

ඊට පස්සෙ පලවෙනි ගියර් එකේ ඉදලා ඉවසීමෙන් පස්වෙනි ගියර් එකට යනකම් වේගෙ වැඩි කරගන්න හැටි තේරෙනවා.

ඒ වගේම සුක්නමට වැදලා දුම් අල්ලලා අතට ගත්තත් පාරේ යන කෙල්ලො දිහා බලන්න ගියාම වාහනෙ හැප්පෙනව වගේ,පොඩි සතුටක් වෙනුවෙන් අරමුණෙන් ඉවත ගියාම ජි⁣වීතේ වරදිනවමයි...
Photo
Wait while more posts are being loaded