Post has shared content

Post has shared content
යෞවනයේ සිත් ගොළුකළ ප්‍රේමයේ
කවුළු පියන්පත් මට වැසුනේ
දෑස් පියන්නම නිදියහනේ මා
නුඹ එනවා නම් හොර රහසේ
ස්වාමියා වෙන්නට ඔබගේ සෙවනේ
පින් මදි වේ නම් මේ සසරේ
සිතුවිලි සිර කර මා හද මඩලේ
උපදින්නම් මතු මා ඔබේම වී....


Photo

Post has shared content

Post has shared content

Post has shared content
🇸🇲🇦🇷🇹🇵🇭🇴🇳🇪
PhotoPhotoPhotoPhoto
8/22/17
4 Photos - View album

Post has shared content

Post has shared content

Post has shared content

සුදු හංසී

# අද ක්ලාස් එක වැඩිපුර තිබ්බා..සැරෙන් සැරේට කෝල් කරන්න එපා අප්පා..මං බස් එකේ..

යුවතියකගේ හඩින් මගෙ නින්ද කැඩී ගියා.. මම සෙමින් වටපිට බැලුවා.. කාගෙත් අවධානය අර යුවතිය දෙසටමයි. මාත් ඇය දෙස බැලුවා වයස අවුරුදු 18 පමණ ඇති..ඇය සුන්දර තරැණියක්... ඇය තනිවනම් නොවේ..

ඇය පෙම්වතායැයි සිතිය හැකි ඒ වයසෙම තරැණයෙකුගේ තුරැලේ ගුලිවී උන්නාය... වයසෙ වැරද්ද ... මට එහම හිතුනා..

# දැන් ඉන්නේ වේරහැර ඉන්න අප්පා ඉක්මනින් එන්නම්..

පෙර කී යුවතියමයි.. තවම බස් එක රත්තනපිටියවත් පහු කරේ නෑ.. ඒ උනාට කෙල්ල වේරහැර .. මට සිනහවක් නැගුනා.. ඒ සිනහව තුලින් මම අපේ අතීතයට ගියා..

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

ආලෝකා ප්‍රභාෂ්වරී කාලයකට ඉහත මගෙ ජිවිතේ උනා.. ජිවිතේ කවදාවත් අපි හම්බෙයි කියලා හීනෙන්වත් නොහිතන්න ඇති... එදාත් මං වෙනදා වගේ සක්යා එකේ පිටිපස්සෙ පඩිපෙල නැග්ගේ චූ පාරක් දන්න හිතන්..එක පාරට..

අහ් අම්මෝ....

කවුරැහරි ඇගේ වැදුනා..

ෂිට් ෆෝන් එක ඔබ ඔබ ආපු මට ඇයව නොපෙනුනා..සුදු ගවුම ඉස්සුන තැනින් ඒ කකුල් එලියට පේනවා... වාව්..... මට ඇස් අයින් කරගන්න බැරි උනා..

# මෝඩයා වගේ ඔබ ඔබා ඇවිත් හැප්පිලා තව ඒ මදිවට තව....

# ඔව් මැඩම් තව ඉතින්

කෙල්ලගෙ මුණ රතු උනා ..අයියෝ බබා ඔයාමයි කාගත්තේ වැඩේ.

# අනේ මේ වැරද්ද කරලා තව කියවනවා...

# ඉතින් බබා ඔයත් අහක බලන් ඇවිත්නේ.. නැද්ද ... කකුල රිදෙනවනම් කියන්න මම වඩාගෙන යන්නම්...

මේකිගෙ කට නිසා මට පව් කියල හිතුන්නෑ.. මට ගස්සගෙන කෙල්ල පන්තියට ගියා.. මාත් චූ පාරක් අල්ලලා ක්ලාස් එකට ගියා... කොතන වාඩි උනත් අවුලක් නෑ ඔක්කොම උන්ව දන්නවනේ..නිකමටත් එක්ක කෙල්ලොන්ගෙ පැත්ත බැලුවා

අප්පට හුඩු සුදු කකුලී....නෑ නෑ අර කෙල්ල...

ඒකිත් මාව දැක්කා... ඒපාර මාව පෙන්නලා එහා පැත්තේ කෙල්ලට මොනාද කීවා... මෙන්න බොලේ ඒකි ඔරවනවා.. ..
ක්ලාස් ඇරිලා වෙනද වගේ නැතුව අද බස් එකේ යන්න හිතුවා..

# මෙයා නේද අපේ සුද්දිගෙ කකුල කැඩුව චණ්ඩියා..

කෙල්ලෙක් ඒම කියද්දි අපි ටික පිටිපස්ස හැරැණා.. අහ් අරයා...

# සුද්දි නම නම් ටක්කෙටම ගැලපෙනවා.. කිරි ගරැඩ වගේ..

මාත් කිව්වා... පව් චණ්ඩි කෙල්ලගෙ මූණ මැලවුනා.. ඉල්ලන් කන්නේ...

# මේ ඕවා හරි යන්නෑ අලාභය ගෙවන්න වෙයි..

බතල කෙල්ලෙක් කීවා.. ඕන එකක් වෙච්චාවේ කියලා අපි සෙට් එක බස් එකට නැග්ගා... මෙන්න අරැන් ටිකත් නැග්ගා...

# ටිකට් ගන්න නංගී...

කොන්දොස්තර අයියා කෑගහනවා....

# අර නිල් පාට ෂර්ට් එකක් ඇදන් ඉන්න කෙනා අපිටත් එක්ක ගනියි

එහම කියපු සුද්දි ඉස්සරහට ගියා...හුටා කාල වරෙන්කෝ... මේකිව මරන් කන්න එපයි... සල්ලි ටික ගෙවල මාත් එතනට ගියා... පිටිපස්ස හැරිලා මේකි හිනා වෙනවා...

වැඩිදුර යන්න කලින් දඩ බ්‍රේක් එකක් වැදුනා.. සුද්දි ඉස්සරහට විසි වෙද්දී මම ඒ ඉනෙන් ඇදලා ගත්තා... තප්පර කිහිපයක් අපේ ඇස් බැදිලා තියෙන්න ඇති...

# මිස්ටර් දැන් හරි අත ගත්තනම් හොදයි නේ...

අර බතලි කෑ ගහද්දියි අපි දෙන්නට මතක් උනේ මම තාමත් ඒ ඉනෙන් අල්ලන් ඉන්නවා කියලා... මම හිමිට අත අරගත්තා.... ඒ අත සුද්දිගේ අතේ පැටලුනේ කාටවත් නොපෙනීමයි...

ඒ බැදින අත් මගෙ ජිවිතේ වෙනස් කරා.. සුද්දි එහමත් නැත්තම් දෙව්මිණි සහන්සා සමරනායක මගෙ ජිවිතේ උනා...

# මහත්තයෝ

# ම්ම්ම්ම්ම්ම්

# මේ පැත්ත බලපියකෝ බං

ක්ලාස් එකේ අයියලාට හොරෙන් අපි මැසේජ් කරා... තප්පරයක්වත් ඒ ආදරේ නැතිව ඉන්න අපිට බැරි උනා...

# වස්තූ ...

# ඇයි බං කියපන්කෝ...

# බං බං ගාන්න එපා අනේ...

# හරි කියන්නකො කොට බතලියේ...

# ඊ මෝඩයා මං බතල නෑ... මං බෝලයි..හුරතල් අනේ

# කවුද කීවේ.. උගෙ ඇස් පේන්නෑ....

# අනේ ඔයා හරි නරකයි ... ඒක නෙමෙයි අපි ඊලග සෙනසුරාදා බීච් යමුද....

# යකෝ මුංනේ කෙල්ලො ... එතකොට ක්ලාස්

# එක දවසයි අප්පා... මොනාද අනේ.. විනූල හැමදාම යනවා..

කෙල්ල දුකින් කියනවා...

# හා හා යමුකෝ...

ඒ ඇස් දුක් වෙනවා බලන්න බැරි නිසා කීවා...

ඊලග සෙනසුරාදා වෙනකම් හැමදාම ඒ ගැන මතක් කරා...ඒත් ඒ දවස අපේ ජිවිත වෙනස් කරා...

බීච් එක පුරාවට එයා දැගලුවා... ඩෙනිම් කලිසම තෙමාගන්න නොදී පරස්සම් කරේ අමාරැවෙන්..පොඩි එකෙක් වගේ... අන්තිමට මහන්සි වෙලා ගෙදර යන්න ආවා..

# අනේ මට පොප්කෝන් කන්න ඕනේ

මගෙ අත අතහැරලා එයා ඉස්සරහට දිව්වා ඒත් වැඩි දුරක් නෙමෙයි ... ගාල්ල පැත්තට ගියපු කෝච්චියක් එයාව නැවත්තුවා....

මගේ ඇස් ඉස්සරහ පිටම මගෙ කෙල්ල කෝච්චියට අහුවෙනවා දකින්න මම පව් කරල තිබුණා... එදා එයා බීච් යමු කියද්දි මම බෑ කීවනම්... එහම උනානම් මෙහෙම වෙන්නෑ....

%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%

මටත් නොදැනීම අතීතයේ කදුලක් නෙතින් ගිලිහුනා.. බෝකුන්දරින් බස් එකෙන් බැස්ස මම කලුපාට ගේට්ටුවෙන් ඇතුල් උනා....

# අප්පච්චි ......

මගෙ චූටි කෙල්ල දුවගෙන ආවා.....

දෝණිව වඩාගෙන වටයක් කැරකුන මං ආපස්සට හැරෙද්දි කණුවට වාරැවෙලා අපි දිහා බලන් උන්නු සුද්දිව ....

එදා හැප්පුනාට එයා ජිවිතේ දාල යන්න තරම් පව් කරල තිබ්බෙ නෑ.. කකුලක් එක්ක අතක් එයාට සදහටම අහිමි උනා... ඒත් මගෙ ආදරේ වෙනස් උන්නෑ...

ආබාධිත කෙල්ලෙක් බදිනවට අකමැති උන නිසා අපේ පවුල වික්‍රමාරච්චි සමූහයේ දේපල මට අහිමි උනා..ඒත් අද මට දුකක් නෑ... මොකද මම ආදරේට බොරැ නොකල නිසා....

මම..
සෞම්‍යජිත් වික්‍රමාරච්චි

සෞම්‍යජිත්ල අදකාලේ නෑ අනික දෙයක් උනාම මොනා ලැබුනත් වැඩක් නෑ....

රෂ්මිත ඩිල්ෂාන්


උපුටා ගැනීමක්

Post has shared content
PhotoPhotoPhotoPhotoPhoto
02/04/2017
11 Photos - View album

Post has shared content
Wait while more posts are being loaded