Post is pinned.Post has attachment
Chemistry ගොඩදාගන්න හැටිත් කියන්න ඕනි කියලා හිතුණා.මේ තියෙන්නේ ඒ ගැන කරුණු ටිකක්.😍

01.අධ්‍යයන කටයුතු වලට සුදුසු වටපිටාවක් සකස් කරගන්න.🐣

මුලින්ම ඔයා පාඩම් කරන කාමරය , පොත් මේසය එහෙම මුලින්ම ටිකක් පිලිවෙලකට හදාගෙන ඉන්න.විශේෂයෙන්ම කාමරය හොඳින් ආලෝකමත් තැනක් වෙන්න ඕන.ඒ වගේම පොත් කඳු කඳු ගොඩගහගන්න එපා.ඒවා දැක්කම හිත එකඟ කරගෙන වැඩක් කරන්න අමාරුයි.ඒක නිසා මුලින්ම ඔයාගේ වැඩ කරන විෂයට අදාල පොත් පත් ටික විතරක් පේන මායිමේ තියාගන්න.පොත් මේසය උඩ තියෙන්න ඕනි ඔයා පාඩම් කරන හෝ හදාරමින් ඉන්න පොත විතරයි.තව පෑන් පැන්සල් අනංමනං ඔක්කොම ඔයාගේ අතට අහුවෙන මායිමේ පැත්තකින් තියා ගන්න.මොකද වැඩක් කරන්න පටන් ගත්තාට පස්සේ " මල්ලී මගේ මාකර් පෑන දැක්කද " / "අම්මේ මගේ ස්ටෙප්ලර් එක කෝ " වගේ කෑ ගගහා ඔයාට ඕන දේවල් හොයන්න බෑ.එතකොට වෙන්නේ කාලය නිකරුනේ නාස්ති වෙන එක.ඒ නිසා මොන විෂය ගත්තත් ඒක පාඩම් කරන්න පටන් ගන්න කලින් ඔයාට ඕන කරන දේවල් ටික ළඟම තියාගන්න.පොත් සහ සටහන් එහෙමත් අදාල ඒවා ඔක්කොම ලඟ තියාගන්න.👼

02.Past Papers කරන්න.ඒවාට විවරණ ලියන්න.💪

අවුරුදු 10 ක විතර Past Papers ටික හොයාගෙන ඒවාගේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න පටන්ගන්න.ඔයා මේ පාර ලියන කෙනෙක් නම් ඔයා දැන් වැඩිපුරම කරන්න ඕන ප්‍රශ්න වලට උත්තර ලියන එකම තමයි.සටහන් බල බල උත්තර ලියන්න එපා.පොත් ඔක්කොම අයින් කරලා ප්‍රශ්න වලට උත්තර ලියන්න.ඊට පස්සේ හරි වැරදී බලන්න.නොතේරුණ ආපහු සිද්ධාන්ත බලන්න. බහුවරණ ප්‍රශ්න වලට විවරණයක් ලියන්න.🔥

03.වැදගත් සුවිශේෂී විෂය කරුණු සහ ඔයාගේ අඩුපාඩු හඳුනාගන්න.🏃

ප්‍රශ්න කරන් යද්දී ඔයාට තේරේවි එකම විෂය කරුණ නැවත නැවත පරීක්ෂාවට ලක්කරනවා කියලා.අන්න එහෙම තැන් හොඳට මතක තියාගන්න.පිටු හතලිහේ පොතක් අරන් ඒවා පුංචි සටහනක් දා ගත්තත් කමක් නෑ.මොකද හැම අවුරුද්දකම ඒ වගේ ප්‍රශ්නයක් අනිවා එනවා.ඔයාගේ අඩුපාඩු ⁣මතක නැති තැන් එහෙමත් වෙනමම ලියලා.දවසේ අන්තිමට ඒවා ආපහු බලන්න.ඒකක භාවිතයටත් ඔයාලාට විභාගයේදී ලකුණු ලැබෙනවා.ඒක නිසා දැන්ම හරියට ඒකක දාලා ගණන් සුළු කරන්න පුරුදු වෙන්න.💏

04.ප්‍රශ්න පත්තරය හැදෙන හැටි ඔයාගේ ඔළුවට හොඳට දාගන්න.💆

chemistry syllabus එක ගත්තාම general chemistry , inorganic chemistry , organic chemistry , physical chemistry විදියට ප්‍රධාන කොටස් 4 ක් තියෙනවා.ඉතින් මේ හැම කොටසකටම අදාලව මොනම හරි ප්‍රශ්නයක් විභාගයේදී ඔයාලාට ලැබෙනවා.ඔයාලා පසුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යනය කරද්දී ඔයාලාට පේනවා මේ කොටසින් අහලා තියෙනවා අර කොටසින් අහලා තියෙනවා.අන්න ඒ වගේ.හැමදාම අහලා තියෙන වර්ගයේ ප්‍රශ්න වලට හොඳට සූදානම් වෙන්න.ප්‍රශ්න පත්‍රය හැදෙන හැටි බැලුවාම ඔයාට පාඩම් කරන්න ඕන මොනාද මඟහැරුණේ මොනාද කියන එක හොඳට තේරෙනවා.💑

උදාහරණයකට ලුවිස් ව්‍යුහ අදින්න හැමදාම වගේ එනවනේ.ඒක නිසා ඒක අනිවාර්යෙන්ම බලාගන්න.ඒ වගේ අනිවාර්යෙන්ම අහන ප්‍රශ්න ටික අල්ල ගන්න.✊

05. Organic ටික ගොඩදාගන්න.දවස ගානේ පුහුණු වෙන්න.🐻

Organic වල හමුවෙන ප්‍රතික්‍රියා ටික ගත්තොත් සමස්තය තියෙන්නේ ප්‍රතික්‍රියා එකසිය ගාණක් විතර.ඒ ටික ලියලා ලියලා පුරුදු වෙන්න.දවසකට පැයක් දෙකක් ඒ වෙනුවෙන් හැමදාම වෙන් කරන්න.පුළුවන් තරම් තනියෙම පරිවර්තන කරන්න උත්සාහ කරන්න.ගුරුතුමා ලියන උත්තර බලාගෙන ඉඳලා ගෙදර එන්න එපා.ඔයා තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන තරමට ඔයා ප්‍රබල වෙනවා.Organic ගැන අපි තව ඉස්සරහටත් කතා කරමු.🐔

06.Inorganic අභියෝගය දිනලා ලකුණු වැඩි වැඩියෙන් ගන්න පටන් ගන්න.🐶
මුළු රසායන විද්‍යාවම පදනම් වෙලා තියෙන්නේ අාවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය මත.ඉතින් ඒ මූලද්‍රව්‍ය සහ ඒවගේ ප්‍රතික්‍රියා තමයි Inorganic වලදී හදාරන්න තියෙන්නේ.එ් වගේම ප්‍රමාණාත්මක විශේෂණය වගේම ගුණාත්මක විශ්ලේෂණය ආශ්‍රිතව ගැටලු මේ Inorganic වලදී හමුවෙනවා.ඒවා ගැන ගැඹුරටම අධ්‍යන්‍යය කලොත් ඔයාලාට සාර්ථක ප්‍රතිපලයක් ගන්න පුළුවන්.ඒ කියන්නේ ගුරුතුමා උගන්වන ටික විතරක් ඔයා ගාව තිබිලා මදි. ඔයා Inorganic ගැන තව තවත් හොයන්න ඕන.තනියම ප්‍රශ්න කරන්න ඕන.පාටවල් මතක තියාගන්න ක්‍රම හදාගන්න ඕන.මේ ගැනත් අපි ඉස්සරහට වෙනම කතා කරමු.🚀

07.ලකුණු ගොඩක් ගන්න පුළුවන් සමතුලිතතාවය ප්‍රශ්න වලට හොඳින් සූදානම් වෙන්න.⚽️

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ තවත් වැදගත් පාඩමක් තමයි සමතුලිතතාවය කියන්නේ.ඒ පාඩමත් හොඳට අධ්‍යන්‍යය කරලා තියෙයි නම් ඔයාලාට රචනා ප්‍රශ්න පත්‍රයෙන් ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන්.ඔයාලා කරන්න ඕන.මේ එක එක පාඩමට අදාලව ප්‍රශ්න ඇවිත් තියෙන හැ⁣ටි පුළුල් විදියට විමර්ශණය කරන එක.එතකොට ඔයාලාට ඉස්සරහට එන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද මොන වගේ තර්කයක් දාන්න ඕන ගැටලුවක්ද කියන එක තීරණය කරන්න ලේසියි.⛷

08.ගණනය කිරීම් වල වේගය සහ නිවැරදි තාව සහ ලඝු ගණක වගු භාවිතා කිරීම🎪

ගණනය කිරීම් සහ සිද්ධාන්ත පාඩම් කරන එක කියන දෙකම කරන්න ඕන විෂයක් තමයි Chemistry.ඒක නිසා ඔයාලාට ගණනය කිරීම් වල වේගය නම් හදාගන්නම වෙනවා.මොකද අපි ගණනය කිරීමක් කරන්න යද්දී එහෙට මෙහෙට හැරි හැරී ඉඳියොත් කාලය නිකම්ම නාස්ති වෙනවා.තවත් සමහර අය ඉන්නවා හැමදාම කැල්කියුලේටර් පාවිච්චි කරලා සුළු කරන අය.එහෙම අයට විභාගයට ගියාම ලැබෙන්නේ ලඝු පොතක් විතරයි.ඒත් ඒකෙන් ගාණ හදාගන්න ගියාම අන්තිමට වරදිනවා.ගාණ හදන්න ඕන තර්කය දැනගත්තත් සුළු කිරීම් කරගන්න බැරිව ලකුණු නැති වෙද්දී පට්ටම දුකක් තියෙන්නේ.එක නිසා අද ඉඳන්ම ලඝු ගණක පොත් පාව්ච්චි කරන්න පටන් ගන්න.🎯

09.කලවම් කරලා අහන ප්‍රශ්නවලට හරියටම උත්තර දෙන්න Basic Theory ටික හොඳට බලාගන්න.🙏

General Chemistry වලදී හමුවෙන මූලිකමය සිද්ධාන්ත කොටස් සමහර බහුවරණ ප්‍රශ්න වලදී වගේම ඉස්සරහට හමුවෙන පාඩම් වලටත් ගොඩක් වැදගත්.ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම , ලුවිස් ව්‍යුහ අඳින එක , සමස්ථානික ගැන දැනුම , අයන වල අරය විචලනය , අයනීකරණ ශක්තිය වගේ ගොඩක් දේවල් තවත් පාඩම් එක්ක සම්බන්ධ වෙනවා.ඒ නිසා Basic විෂය කරුණු ටික සැරටම ග්‍රහණය කරගන්න.රසායනික ගණනය පාඩමේදී හමුවෙන මවුලය ගැන සිද්ධාන්ත කොටස් රසායන විද්‍යාවට නැතිවම බැරිදේවල්.එ් වගේම වායු පාඩමේ , ශක්ති විද්‍යාවේදී ඉගෙනගන්න දේවල් වෙන පාඩම් වලදී කලවම් කරලා අහනවා.ඒක නිසා ඔයා Basic Theory ටික හොඳට ග්‍රහණය කරන් ඉන්න එක ගොඩක් වැදගත්.🔥

10.ගණනය කිරීම් අඩු මතකයෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නවලටත් Ready වෙමු.😍

කර්මාන්ත රසායනය , පරිසර විද්‍යාව වගේ ගණනය කිරීම් අඩු ප්‍රශ්න වලට මුහුණ දෙන්න නම් මේ විෂය කරුණු හොඳට මතක තියාගෙන ඉන්න එක වැදගත්.ගුරුතුමාගේ අනුදැනුමකින් තොරව සිද්ධාන්ත සටහනක් තනිවම කියවලා වුණත් මේ දේවල් මතක තියා ගන්න පුළුවන්.ගණනය කිරීම් අමාරු කෙනෙක් නම් එයාට මේ වගේ ප්‍රශ්නයක් වුණත් එතකොට විභාගයේදී තෝරා ගන්න පුළුවන්.😉
-
අදට මෙච්චරයි.තවත් කරුණු ගැන ඉස්සරහට කතා කරමු. 👊
Photo

Post has shared content
What is the unit of Van set Walls Constant a and b? For the Details of Van set Waals equation follow the link

Post has shared content

Post has shared content

Post has shared content

Post has shared content
Eine unglaubliche Aufnahme von der ISS...
Ein Wirbelsturm über dem Meer und in der Bildmitte Aurora Borealis mit grünlichem Schimmer in der Erdsphäre...
www.zivilisationen.de
Photo

Post has shared content
Shopping.lk community opening event
🎊කොහොමද competition eka කරන්නේ..

☢Oyage thaniyema inna selfy photo ekak comments walata upload kr thmai one


👆මෙම post එකේ පහලින් photos comment කර තරගයට ඉදිරිපත් විය හැක.

🛑එක් තරගකරැවෙකුට ඉදිරිපත් කර හැක්කේ එක් ඡායාරෑපයක් පමණී..

වැදගත්..
☯☯ shppoing .lk එකේ original post එකේ comment කිරිමට මතක තබා ගන්න ... එසේ නොවන ඒවා වලංගු නොවේ.

😳කාටද ඉදිරිපත් වෙන්න පුලුවන්..
❤shopping.lk members ලට

membership නැත්නම් member කෙනෙක් වෙලා තරගයට ඉදිරිපත් විය හැක.

🕐තරග කාලය..

❌ September 23. 11.00p.m ඉදන් September 30වනදා වෙනිදා 8.00a.m දක්වා තරගාවලිය පැවෙත්වෙනවා.

💪🏼කොහොමද දිනන්නේ.

💪🏼තමන්ගේ ජායාරෑපය සදහා වැඩිම like ප්‍රමාණයක් ලබාගත් කෙනා ජයග්‍රාහකයහකයා ලෙස නම් කරනවා.

🎁මොනවද තෑගි.
💪🏼ජයග්‍රාහකයාට පහලින් ඇති ඕනෑම තෑග්ගක් තෝරා ගැනිමට අවස්ථාව ලැබෙනවා..


challenge එක win krannam .😉share කරලා dinanna chance ekaවැඩි කර ගන්න..



💪🏼සැ.යු.-අප ඉදිරිපත් කර ඇති තරග කොන්දේසි වලට අනුකූල වන ලෙස ඡායාරූප ඉදිරිපත් කිරිමට වග බලා ගන්න.එසේ නොවන ඒවා අවලංගු වන බව දන්වා සිටී... 💪🏼
PhotoPhotoPhotoPhoto
23/09/2018
4 Photos - View album

Post has attachment

Post has shared content

Post has shared content
Wait while more posts are being loaded