Post is pinned.Post has attachment
පහත යොමුවෙන් Buddhism & Dharma / බුදුදහම සහ ධර්මය ,
බෞද්ධ සමාජය සමග එක්වන්න.. https://plus.google.com/u/0/communities/109724586379270078762

Buddhism & Dharma / බුදුදහම සහ ධර්මය
බෞද්ධ සමාජය සමග එක්වන මෙන් මෙත් සිතින් ආරාධනා කරමි.
ධර්මය ලොවට ගෙනියන්න , බුදුධහම ප්‍රචලිත කරන්නට අප ගන්නා
උත්සාහයට ඔබගේද දායකත්වය ලබා දෙන මෙන් කාරණාවෙන් ඉල්ලමු..

ධර්ම දානය පිණිස ඔබ සතු දහම් කරුණු හැමටම දැනගනිමටටත් ,
බලාගැනීමටත් සලස්වන්න ..

ඔබ සැමට තෙරුවන් සරණයි !!..









...........................................................................................................................
Animated Photo

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has shared content

Post has attachment
෴ප්‍රභාස්වර සිත෴

අලුතින් උපදින බිළිඳෙකුගේ මනෝමය කය තුල ද සංසාර ගමනේ ගෙන ආ කාමාසය, භවාසය, දිට්ඨාසය හා අවිජ්ජාසය නිදන්ගත වී පවතී. "නාම ගොත්තං නජීරත" යනුවෙන් පෙන්වා දුන්නේ මේ නාම කොටසයි. කුඩා දරුවා තුල නිදන්ගත වී පවතින ආසය කොටස අවදි වන්නට නම් බාහිර ලෝකයෙන් උදව්වක් උපකාරයක්, එනම් ආගන්තුක වශයෙන් උප කෙලෙස් (උපකිලිට්ඨේන)සමඟින් පටිච්ච විය යුතු ය. බාහිර ලෝකයෙන් මෙවැනි ශක්තියක් උපාදානය කර නොගන්නා තාක් කල් කුඩා දරුවෙකුගේ සිත ප්‍රභාස්වර තත්වයේ පවතින සිතකි. චිත්තසංතානයේ ගබඩා වී පවතින කෙලෙස් ගති අනුශය වශයෙන් උපත ලබා සිතක් අලුතින් කිලිටි වන්නේ මේ බාහිර ලෝකයෙන් එකතු කර ගන්නා උපකිලිට්ඨේන නිසා ය. කුඩා දරුවකුගේ සිත ප්‍රභාස්වර සිතකැයි කියන්නේ ඒ සිත තවමත් ආගන්තුක කෙලෙස්වලින්, අනුසයවලින් කිලිටි වී නැති නිසා ය.

කුඩා දරුවෙකුගේ සිතේ තාවකාලිකව පවතින මෙම ප්‍රභාස්වර තත්වය හා අරහතුන් වහන්සේගේ සිතේ පවතින නියත ප්‍රභාස්වර තත්වය එකිනෙක හා සංසන්දනය කල හැකි එකක් නොවේ. පරිපූර්ණ වූ, යළි නොවෙනස් වන, ප්‍රභාස්වර තත්වයක්- යළි කෙලෙස් අලුතින් එකතු නොවන පිරිසිදු සිතක් අරහතුන් වහන්සේගේ සිතක් ලෙස පෙන්වා දිය හැකි ය. අරහතුන් වහන්සේගේ සිතේ අනුසය- එනම් රාග අනුසය, පටිඝ අනුසය, අවිජ්ජා අනුසය අලුතින් උපත ලබන්නේ ම නැත.මනෝමය කය තුල- චිත්තසංතානයේ- ආසය ගබඩා වී පවතින්නේ ම නැත. ආසය ගබඩා වී නැති, අලුතින් අනුසය උපත නොලබන තත්වයට සිත පිරිසිදු කර ගත් නිසා අරහතුන් වහන්සේ ප්‍රභාස්වර චිත්තයකින් කටයුතු කරයි.

වයසින් මුහුකුරා ගිය වැඩිහිටියෙකුගේ සිතක් බාහිර ලෝකයෙන් එකතු කර ගත් රාග ගතිය, ද්වේශ ගතිය හා මෝහ ගතිය යන වැරදි ගති පුරුදු තුන පවතින නිසා කිලිටි වූ තත්වයෙන් ම සිත පවතී. ඊට සාපේක්ෂව කුඩා බිළිඳෙකුගේ සිතක් ප්‍රභාස්වර ය. තවමත් බාහිර ලෝකයෙන් කෙලෙස් ගති පුරුදු එකතු කරගෙන, සිත තව ම කිලිටි කර නොගත් නිසා, දරුවාගේ සිත සාපේක්ශව ප්‍රභාස්වර එකක් මිස, පූර්ණ වශයෙන් ප්‍රභාස්වර එකක් නොවේ.

සියලු ම සත්වයන් තුලත් යටපත් වී ගිය ප්‍රභාස්වර සිතක් ද පවතී.පෘතඃජන සිතකින් කටයුතු කරන සෑම අවස්ථාවක දී ම සත්වයා තම සිත කිලිටි කර ගන්නා නිසා මේ ප්‍රභාස්වර තත්වය යටපත් වී ගොස් කෙලෙස් සහිත වූ සිතක් බවට පත් වෙයි. මේ අනුව, කුරා කුහුඹියාගේ පටන් බෝධි සත්වයන් ද ඇතුලු සියලු මිනිසුන් සහිත, මහා බ්‍රහ්මයා තෙක් ම, සියලු දෙව් බඹුන් තුලත්, නියත වශයෙන් ම පවතින ප්‍රභාස්වර සිතක් පවතී. කෙලෙස් ගති වන රාග, ද්වේශ, මෝහ ගති නිසාත්, මාන, දිට්ඨි, අවිද්‍යා ප්‍රපංච ධර්ම නිසාත් ප්‍රභාස්වර සිත කිලිටි වී ගොස්, අඳුරු වී මුවහ වී යටපත්ව යයි. අනුසය අලුතින් උපදින සෑම අවස්ථාවක ම සිද්ධ වෙන නියත දේ තමයි ප්‍රභාස්වර සිත කිලිටි වී අඳුරු වී යාම. කාමාසය, රාගාසය, දිට්ඨාසය, අවිජ්ජාසය යන ආසය(ගති) වර්ග සියල්ල ම, චිත්තසංතානයේ තැන්පත් වන්නේ, අනුසය(භව) හැටියට ඒවා අලුතින් සිතේ ම උපත ලබන නිසා ය. යම් කෙනෙකුට ආසය හා අනුසය පිලිබඳ යථාභූත ඥාණයක් ලැබුණොත්, අලුතින් අනුසය උපත ලබන ආකාරයත්, ඒ ඒ අවස්ථාවනුත් පැහැදිලිව හා පිරිසිදුව තේරුම් ගන්නට හැකි ධර්ම ඥාණයක් ලැබුණොත්, ඒ පුද්ගලයාට අනුසය අලුතින් නූපදවා ඉන් නිදහස් වන්නටත් ප්‍රායෝගික පිළිවෙතක් අනුගමනය කළ හැකි ය. මෙසේ එක දිගට නොකඩවා ම අලුතින් අනුසය ඉපදවීමෙන් වැළකී දින හතක් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි නියැලෙන්නට ශක්තියක් ඇති කර ගත්තොත්, ඔහු ආසවක්ඛය ඥාණයෙන් ක්‍රියා කරන ආර්‍ය්න් වහන්සේ කෙනෙකු බවට ම පත් වන්නේ ය. මහා සතර සති පට්ඨාන සූත්‍රයෙන් හා චචක්ක සූත්‍රයෙන් ද මේ ධර්මතාවය පැහැදිලිව පිරිසිදුව දේශනා කර පෙන්වා වදාළහ.

මිනිසෙකුව උපත් ලත් අවස්ථාවක දීත්, අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කර රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් කෙලෙස් ගති උපදවා ගත්තේ නම්, (අනුසය->ආසය බවට), ප්‍රභාස්වර සිත බලවත් සේ කිලිටි වී කල්ප කාලාන්තරයක් යලි යලිත් කෙලෙස් සිතකින් ම ක්‍රියා කරන සිත යලි පිරිසිදු තත්වයට පත් කර ගන්නට ශක්තියක් නැතිව අපා දුක් විඳීමට සිදු වෙයි. මනසක් උරුමයෙන් ම ලබා ගෙන, මිනිසත් ආත්මයක උපත ලැබූ කෙනෙකුට මේ අවස්ථාවේ, ධර්මය අසා දැන, ධර්ම මාර්ගය ද අනුගමනය කර, රාග- ද්වේශ- මෝහ ගති සිතෙන් ඉවත් කර, යළි ඒ කෙලෙස් නොඋපදින ලෙසින් ම සිත පිරිසිදු කර ගන්නට හැකියාව ලැබුණොත් ඔහු හට, තමන්ගේ සිත ප්‍රභාස්වරත්වයට පත් කර ගෙන, අරහත් මග ඵලයට ම පත් විය හැකි වෙයි.

මේ ධර්මතාවය අනුව පැහැදිලිව හා පිරිසිදුව තේරුම් ගත යුතු වන්නේ නියත වශයෙන් ම, ස්වාභාවයෙන් ම, තමා තුල පවතින ප්‍රභාස්වර සිත කිලිටි කර ගන්නටත්, ඒ වාගේ ම සිත පිරිසිදු කර ගෙන ප්‍රභාස්වර තත්වය මතු කර ගන්නටත් හැකියාව හා ශක්තිය ඇත්තේ තමාට ම බවයි. "දුක්ඛේ අඥාණං, දුක්ඛ සමුදයේ අඥාණං, දුක්ඛ නිරෝධේ අඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණිපටිපදාය අඥාණං" යන චතුරාර්‍ය් සත්‍ය නොදන්නා, තේරුම් නොගත් පුද්ගලයා, මෙවන් ප්‍රභාස්වර සිතක් තමන් තුල ම තිබී යටපත් වූ බව හෝ, යටපත් වීමට හේතු තමන් ම කරන/කියන/හිතන අස්වාභාවික හේතූන් බව හෝ නොදන්නා කෙනෙකි. යටපත් ව තිබෙන ප්‍රභාස්වර සිත, ප්‍රකෘති තත්වයට පත් කර, පිරිසිදු කර ගත හැකි බව පවා නොදන්නා ඔහු, පෘතඃජන පුද්ගලයෙකු ලෙස ධර්මයේ පැහැදිලි කර දෙයි.

(පරම සත්‍ය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවණීය "මීවනපලානේ සිරි ධම්මාලංකාර" ස්වාමීන්වහන්සේ විසින් රචිත කෘතියක් ඇසුරින් උපුටා ගන්නා ලද්දකි.)
Photo
Wait while more posts are being loaded