Post is pinned.Post has attachment

නිදහස් සිතුවිලි සියළුම සාමාජිකයන්ගෙ දැනගැනීම උදෙසා..

නිදහස් සිතුවිලි යනු ආරම්භයේ පටන්ම මනා තත්වයක් පවත්වා ගෙන ආ කොමියුනිටියකි. ඒ අප කොමියුනිටියට නොගැලපෙන කිසිඳු පෝස්ටුවක් මේ වනතෙක් පල නොකල බැවිනි. නමුත් තිරය පිටුපස කතාව වෙනත් දෙයකි. කොමියුනිටියට නොගැලපෙන පෝස්ට් දිනකට කීපයක්ම අනුමැතිය ලැබෙන තෙක් රැඳී තිබේ. ඒ නිසා සියළු සාමාජිකයන්ගෙ දැනගැනීම පිණිස මෙසේ ලියාතබමි.

- ආගම්, දේශපාලන, විහිළු, පින්තූර ආදියට ඕනෑ තරම් කොමියුනිටි ඇත. එමනිසා ඒවා මෙහි ශෙයා නොකිරීමට වග බලාගන්න. එක සාමාජිකයෙකුගෙන් එවැනි පෝස්ට් 5ක උපරිමයක් ලැබීම ( අද සිට ) බෑන් කිරීමට හේතුවක් විය හැක.

- කැටගරි කීපයක්ම දක්වා ඇති බැවින් ඔබගේ නිර්මාණය අදාල කැටගරියෙ පල කිරීමට කාරුණික වන්න.

- " යාවත්කාලීන කිරීම් " යටතේ පෝස්ට් දැමීමට හැක්කෙ මොඩරේටර්වරුන්ට පමණි. ඒ කොමියුනිටියේ දැනුම් දීම් උදෙසා පමණි. ඒ යටතේ නිර්මාණ දැමීමෙන් වලකින්න.

මේ සියළු නීතිරිති පවත්වාගෙන යනු ලබන්නේ " නිදහස් සිතුවිලි " මෙතෙක් රැකගෙන ආ තත්වය දිගින් දිගටම පවත්වා ගැනීම උදෙසාය.

ඒ නිසා ඒ තත්වය රැකගැනීම ඔබේද යුතුකමක් ලෙස සලකන මෙන් ඉල්ලමි.


නිදහස් සිතුවිලි
වෙනුවෙන්
සුනාරා ජයතුංග
-
votes visible to Public
97%
සියළු නීතිරීති වලට එකඟව රැඳී සිටිමි !
3%
එකඟ විය නොහැක, ඉවත් වෙමි !

Post has attachment

වොයිස් ටයිපින් එකෙන් කතාව ටයිප් කරන්න ගියා ෆෙන්ස්.. 😂🔫

කමක් නෑ මං පුරුදු විදියටම ටයිප් කරන්නං 😏🙏
Photo

වරද්දගෙන වැරදියට මග යවන අය අතුරින් නිවැරදිව හරි මග යන්න පාර කියන නිවැරදිම කෙනා අම්මා නම් විය

"අම්මේ... අම්මේ... කෝ මේ අම්මා... අම්මේමේමේමේමේමේ..."

'මොකද මේ බෙරිහන් දෙන්නේ'
"මට ජිම් එකට යන්න පරක්කුවෙලා තියෙන්නේ. කෝ සල්ලි දෙන්නකෝ"

'ආහ්.. මෙන්න.. අතේ තියෙන පිච්චියත් ඉවරයි.. ඇඟ හදාගන්න කලින් වැඩක් පලක් කරපන් හැමදාම මට අනුන්ගේ ගෙවල් ගානේ ගිහින් කබුරන්න බෑ..'

"හරි හරි... තව ටික දවසකින් රිසාල්ට් එනවනේ එතකොට මම ජොබ් එකක් හොයාගන්නම්. මම යනවා අම්මේ."

'ම්හ් හ්ම් බුදුසරණයි. පරිස්සමින් ගිහින් වරෙන් විගහට'
----------------------------

'දුව.. අද මොකෝ මේ වේලාස්සනම... කොහෙවත් යනවද?'
"ආහ්.. ඔව් මේ මේ... සැ..ලො.න් එකට යන්න කියලා.."
'හ්ම්ම්ම් හරි හරි ඕකට ඉතින් කෙකර බාන්න ඕනි නෑ නේ. සල්ලිනෙ ඉල්ලන්නේ... අහ් මෙන්න මෙතන රුපියල් 5000ක් තියෙනවා යලුවොත් එක්කනේ යන්නෙ. ගිහින් ඉක්මනට එන්න'

"තැන්ක්ස් සුදු අම්මී... උම්මා..... මම යනවා එහෙනම්"
'හ්ම්ම් හරි පරිස්සමින් ළමයෝ. හෙමින් යන්න දුවන්නේ නැතිව'

අම්මලා දෙන්නෙක් එක අම්මා කෙනෙක් දුප්පත් අනිත් අම්මා පොහොසත් දුප්පත් පොහොසත් කියලා නෑ දරුවන් ඉල්ලනදේ දරුවන්ට උවමනා දේ නැති බැරිකම් තිබුනත් එය උපරිමෙන්ම ලබාදෙන පිරිසක්..

උබ ජිම් ගිහින් හදාගන්න හදන ඇඟයි, සැලොන් අස්සේ රිංගගෙන ලස්සන කරගන්න හදන රූපෙයි හදාගන්න සල්ලි දෙන අම්මගේ අත්දෙක බලහන් පොඩ්ඩකට.. අහලා බලහන් අම්මේ මම ජිම් ගිහින් යකඩ උස්සලා උස්සලා මගේ අතේ කරගැට ආවට අම්මා ජිම් නොගිහින් අම්මගේ අතේ කරගැට ආවේ කොහොමද ? කියලා... අහපන් කෙල්ලනේ උබලත් අම්මේ අම්මා දුන්න සල්ලි වලින් මම සැලොන් එකට ගිහින් හම ගලවගන්නවා ඇඟිලි අත් පොලිශ් කරගන්නවා, අම්මා මට දෙන සල්ලි වලින් අම්මට ඒ දේවල් කරගන්න පුළුවන් ඒත් අම්මා... අම්මගේ අත්දෙක කිළිටි වෙලා තියෙනවා මම දැකලා නෑ ඒ කොහොමද ? කියලා අහපන්...

අම්මගේ අත් පිරිසිඳුව නැතුව ඇති ඒත් ඒ අත්දෙක අල්ලලා ඉඹපන්.. මෙතුවක් කාලෙට උබට අම්මා හැමදේම කලාට. ඒ දේවල් වලට නය පියවන්න මේ ආත්මෙදි උබටවත් මටවත් කාටවත් බෑ.. ජීවත්වෙලා ඉන්නකම් අම්මට තාත්තට සලකපන්. කවදාවත්ම වරදින්නේ නෑ... අම්මා එක්ක හරියට හරි ලස්සන ගමනක් යමු..

සුභ ගමන්

18/08/2017
තරූ දුශ්මන්ත්

සමහර අවස්ථා එනවා අපිට ජීවිතේ හිතාගන්න බෑ මුහුණ දෙන්න ඕන කොහොමද කියලා.. එක්කො එකපාර වැඩ ගොඩකට හිර වෙලා වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපි විස්වාස කරන්න අදහන්න බය වෙන දෙයක් වෙන්න පුළුවන්.. හැබැයි ඒ කොයි දේ වුනත් මග ඇර ගන්නෙ නැතුව විඳගන්න අත්පත් කරගන්න පුළුවන් නම් ඒ කෙනා කවුරු වුනත් සතුටින් සැනසීමෙන් ජීවිතේට මූණ දෙයි..

නිකමට හිතන්න අපිට මොනවම හරි දෙයක තදබල අවශ්‍යතාවක් තියෙනවා. හැබැයි ඒ දේ ළං කරගන්න අපිට අවස්ථාව අඩුයි. ඒ දේ ලැබෙනකම් වෙනකම් අපිට සැනසිල්ලක් නෑ නේද.. මොනවහරි දේකට ආසාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්.. කාටහරි ආදරෙයි කියාගන්න බැරුව ඉන්නවා වෙන්න පුළුවන්.. කොහෙහරි යන්න ආසාවෙන් ඉන්නවා වෙන්න පුළුවන්.. එහෙමත් නැත්තම් ඒ වගේ මොනවමහරි පුද්ගලානුබද්ධ දෙයක් වෙන්න පුළුවන්.. ඉශ්ඨ වෙනකම් අපි ඉන්නෙ නොඉවසිල්ලෙන්.. මං හරිද වැරදිද..

හැබැයි කොහොමින් කොහොම හරි ඒ දේ ලැබුනා කියලා හිතන්න. ලබාගන්න කලින් තිබුන වටිනාකම අපෙන් ඒ දේ කෙරෙහි ගිලිහී යනවා කියලා දැනිලා හිතිලා නැද්ද? අනිවාරෙන්ම එහෙම වෙනවා. උදාහරණයක් ගමු.. ඔයා ගන්නවා අළුත්ම ෆෝන් එකක්. ඒක ගන්නකම් ඔයා හැමදාම ෆෝන් කඩවල නැත්තං සයිට්ස් වල ඒකේ ප්‍රයිස් චෙක් කරන්නෙ නැද්ද.. ෆීචර්ස් බල බල හූල්ලන්නෙ නැද්ද.. ෆෝන් එක ගන්න අතේ සල්ලි නැතත් ඒකට මැච් වෙන බැක් කවර්ස් ෆ්ලිප් කවර්ස් හෙඩ්සෙට්ස් හොයන්නෙ නැද්ද.. ඒ තමයි ඉටු නොවුනු අපේක්ශාවක් වෙනුවෙන් ඕනම පෘතග්ජන හිතක ඇති වෙන සිතුවිල්ල.. ඔන්න ඔයා ෆෝන් එක ගන්නවා. ටික දවසක් යනකම් මලක් වගේ රකිනවා. ඊට පස්සේ.. ඔහේ ඇඳ උඩ.. චාජ් ගහලා මේසෙ උඩ.. බාත්‍ රූම් අරන් ගියාම කොමඩ් එක උඩ.. බෑග් එකේ.. දූවිලි තියෙන තැනක උනත් ඔහේ තියනවා.. තවත් කල් යද්දි මුලදි පරිස්සමෙන් හිමින් මේසෙත් පිහලා මේසේ උඩින් තිය තිය හිටිය ෆෝන් එක මේසේ උඩට විසි කරනවා.. බොරුද.. නැහැ.. කොයි දේටත් වෙන ඉරණම ඒක තමයි.. භෞතික දේවලට වගේම මිනිස්සුන්ටත්..

මං මුලදිම කිව්වා වගේ අරමුණක් හීනයක් ලං කරගන්න අමාරු වෙලාවක අපි ආවස්ථික පිරිවැයක් දරාගෙන හරි ඒ දේ අත්පත් කරගන්නවා. ඒ ඒ දේ ඒ තරම්ම අපිට වුවමනා නිසා.. හැමදේටම වඩා අපිට හිතේ සැනසීම වුවමනා නිසා.. හැබැයි කොහොම හීනෙට ලං වුනත් මුලදි අපි ඒ හීනෙට බලාපොරොත්තුවට දුන්නු වටිනාකමම අවසන් මොහොත වෙනකම් දෙනවද? තමන්ගෙන්ම අහලා බලන්න..

මිනිස්සුන්ගෙ පැත්තෙන් බැලුවොත් මුලින්ම අපිට කතා කරන්න වෙන්නෙ ආදරේ ගැන. කොහොමද ආදරේ කියන්න කලින් හීන දකින කාලේ ඒ කෙනාගෙ වටිනාකම? ඉහටත් උඩින් නේද.. තමන්ට අයිති වුනාට පස්සේ.. කාලෙත් එක්ක ටික ටික සුදු මැණික තමුසෙ දක්වා පහලට වැටෙනවා නේද.. කෝ ඒ මුලදි තිබුන වටිනාකම? විකල්ප ගොඩකින් තමන්ගෙ සැනසීම සතුට වෙනුවෙන් තෝරගත්ත කෙනාටත් අන්තිමේ එකම ඉරණම නේද..

කතාවට කියනවා දේක හරි කෙනෙක්ගෙ හරි නියම වටිනාකම දැනෙන්නෙ ලබාගන්න අයිතිකරගන්න කලින් හා නැති කරගත්තට පස්සෙ කියලා.. ඒක සම්පූර්ණෙන්ම ඇත්ත. එක විනාඩියකට හිතලා බලන්න.. ඔබ මේ මොහොතේ මේ විඳින ආදරය පරිහරණය කරන දේවල් ඊලඟ මොහොතේ ඊලඟ දවසෙ ඔබෙන් ගිලිහිලා යයි.. එදාට ඔබට හිත හදාගන්න පුලුවන්ද මම මේ දේට හෝ මේ කෙනාට හොඳින් ආදරෙන් සැලකුවා කියලා? තමන්ගෙන්ම අහගන්න.. උත්තරේ නෑ කියන එකනම් වෙනස් වෙන්න..

ගෙවෙන හැම මොහොතක්ම කොයි තරම් වටිනවද කියලා අපිට දැනෙන්න ගන්නේ ඒ මොහොත අතීත මතකයක් වුන දාට. අනාගතේ අතීතය වර්ථමානය කියලා කියන්නෙ ඒ හින්දා. වර්ථමානේ අපි ලඟ තියෙන දේවල් වගේම අපි ලඟ ඉන්න අය අපි අපේම සතුට වෙනුවෙන් සැනසීම වෙනුවෙන් බලාපොරොත්තු වෙන දේවල් සහ අය. ඒ අය වෙනුවෙන් ඒ දේවල් වෙනුවෙන් හොඳින් ආදරෙන් සලකන්න ලඟ ඉන්න ගෙවන එක මොහොතක් වුනත් අනාගතේදි හිතට සැනසීම දෙන මතකයක් වෙයි..

හැමවෙලේම තමන් ලඟ ඉන්න අයට තමන් ලඟ තියෙන දේවල් වලට ඒ අය ඒ දේවල් තමන් ලඟ ඉන්න තියෙන අන්තිම දවස අද කියලා හිතාගෙන ආදරෙන් සලකන්න.. මොකද ඒක අනාගතේදි අපේම හිතේ සතුට සැනසීම වෙනුවෙන් අපි කරගන්න ලොකුම ආයෝජනයක් වෙන හින්දා..


සුනා..

Post has shared content
බෝනික්කී...

" සර්.... බහින්න... සර් බහින තැන මේක නේද... අයියෝ.... ශික් මේ යකා ...."

කල්පනාවත් නැති වෙන තරමට බීමතින් සිටි ඔහු රථයෙන් බස්සවා ගැනීම ඉතාමත් අපහසු විය... ටයි කෝට් පැලද සිටියත් බීමත්කම ඔහු බල්ලෙක් මෙන් පහලට ඇද දමා ඇත.. නිවස ඉදිරියේ අපගේ දෙබස ඇසී එලියට ආවේ ඔහුගේ බිරිද විය යුතුය...

" මැඩම් මහත්තයා බහින් නෑනේ...."

" ඒයි... ඒයී.... බහින්න මේ මනුස්සය යන්න ඕනා...."

ඇයගේ හඩට ඇගමැලි කඩමින් හරි බරි ගැහෙමින් මොන මොනවදෝ කෙදිරි ගාමින් ඔහු එලියට ඇදුනි..

" මැඩම් .... ටැක්සි ෆී එක 1200 යි...."
ඔහුවත් වත්තම් කරගෙන යාමට සැරසුනු ඇයට මා මතක් කලෙමි...

" ආ ඉන්න..."
ඔහුගේ සාක්කුවෙන්ම 1500ක් ඇද ඇය මා අත තැබුවා ය.
" මල්ලි කොයි පැත්තටද යන්නේ... "

මා ඉතිරි මුදල් දෙන අතර ඇය ඇසීය.

" කොලඹ පැත්තට මැඩම්.."

" ආ එහෙනම් මෙහෙ වටයක් යන්න ඕන නෑ.. තව ටිකක් ඉස්සරහට ගියාම ලොකු වංගුවක් එක්ක වමට පාරක් තියෙයි එකෙ යන්න මේන් රෝඩ් එකට ගොඩක් ලගයි .. "

" හා මැඩම්.. තැන්ක් යූ... මං ගිහින් එන්නම් මැඩම්.."

මා ඇගෙන් සමු ගත්තෙමි... රථයට නැග සිතියම ( google map) නැවත කොලඹ දෙසට සකසා ගත්තත් ඇය කී පාර පෙන්වුයේ අතුරු පාරක් ලෙසයි.. නමුත් එය කෙටි පාරක් බව සැකයක් නැත.. වේලාව රාත්‍රි 10.50 යි... විනාඩි 10ක් හෝ කලින් ගෙදර යාමට ඇත්නම් කොච්චර දෙයක් ද සිතු මා දෙවරක් නොසිතා කෙටි පාරෙන් යන්නට තීරණය කලෙමි...

එවිටම මාගේ ජංගම දුරකථන ය නාද විය...

" හෙලෝ ....."

" ඇයි පරක්කු...."

" අනේ දුර හයර් එකක් ආව මං දැන් එන ගමන් .... ඔයා නිදා ගන්න.. බබා නිදිද..."

" ඔව් බලන් ඉදල නින්ද ගිහින්...හා පරිස්සමෙන් එන්න හොදෙ...."

නිවසට යාමට ප්‍රමාද වන්නේ කලාතුරකින් නිසා බිරිද ද බිය වී ඇත...

..........................................................................

එය මාරක වංගුවකි.... කුඩා වුවත් කඩතොලු රහිත පාරක් නිසා අපහසුවක් නැතිව ගමන් කලෙමි... දෙපස රබර් ගස් ද තේක්ක ගස්ද හදුනා ගත නොහැක නමුත් වගා යායක් බව පැහැදිලිය...

ගතේ මහන්සියට ද මන්දා නුහුරු හැගීමක් සිතට ඇති විය.... එය පාලුවක් ද බියක් ද දෙගිඩියාව ක් ද යැයි නොතේරෙයි.. රේඩියොවෙන් නොකඩවා ඇහෙන වේග රිද්ම සංගීතය ට එය යටපත් කිරීමට නොහැකි විය... තැනින් තැන විදුලි එලිය මතු වූවේ ලග ලගම වැස්සක්ද එන බවට පේන කියමිනි... එය සැබෑය නමුත් ඇද හැලුනේ වැලි කැට මෙන් සියුමැලි පොද වැස්සකි...

රේඩියෝවේ හඩත්... වීදුරුව මත ඇතිල්ලෙන වයිපරයේ හඩත් .. පොලොවට එරෙහිව යන ටයර් හඩත් සමග එකතු වූ රථයේ ඉදිරිපස අලවා තිබූ හිස නටවන බල්ලා හිස වනමින් මගෙ හිතේ ඇති වූ පාලු හැගීමට කොලොප්පන් කරන්නට විය...

ගස් පෙල අවසානයි... විශාල වෙල් යායක් මැදට ඇතුල් වත්ම මැඩියන්ද පෙර ශබ්දයන්ට එකතු විය... විදුලි එලිය අහස පුරා පැහැදිලි ව රටා මැවුවත් මා ඇස් යොමු වූයේ අහස දෙසට නම් නොවේ.... රථයේ ලාම්පු එලියටත් ඈතින් දිස්වූ චලනය වන දෙයක් දෙසට මගෙ දෑස් යොමු විය..

එක් වරම ඒ කුමක්ද පැහැදිලි නොවුනත් රථය ඉදිරියට ඇදෙද්දී ඒ මිනිස් රුවක් එපමණක් නොව කාන්තාවක් බවම පැහැදිලි විය..
මේ රෑ මේ කැලේ මේ වැස්සේ ගැහැනියක තනියම පාරේ කුමක් කරනවාද යන පැනය ආවේ සිතෙහි බිය යන සිතුවිල්ලට අත්තිවාරම් දමමිනි.
වේගයෙන් ඈ පසු කර යනවාද නැතිනම් ඇයගේ හදිස්සිය අසනවාද සිත පොරබදයි ..

වාහනයෙ එලියට ඒ දෙසට හැරුනු ඇය අත දමා නවත්තන ලෙස සංඥා කලේ කරදරයකට උදවු ඉල්ලන්නට මෙනි... රෙදි වලින් එතූ යමක් ඇගේ ළැමට තුරුල් කරන් සිටින බව දුටුවේ දැන්‍ ය. හ්ම්ම්ම්ම් ඇය මග හැර යාමට තීරණය කලත් ඇය ඇත්තටම කරදරේක නම්.... මට සිතිනි...

රථයේ වේගය වැඩි කර ඇය අසලින්ම වේගයෙන් ගියෙමි... රේඩියෝවේ හඩ පරදවමින් " මගෙ දරුවා...." යැයි ඈ කෑ ගසන හඩ පමණක් මට ඇසිනි ... ඈ පසු කර ගොස් පැති කණ්ණාඩියෙන් බැලුවේ හිතෙ චකිතය දුරු කර ගැනීමටයි... වෙනසක් නැත ඇය තවමත් දරුවෙක් යැයි සිතිය හැකි යමක් තුරුල් කරගෙන අඩමින් ඉදිරියට ම දුවයි...

මා තිරිංග තද කල ක්ෂණයට වේගයෙන් ආ රථය ක්‍රී.....ස් හඩ නංවමින් මදක් ඉදිරියට ඇදී නතරවිය... රාත්‍රියේ අතරමං වූ කෙනෙක් දමා යන්නේ කෙසේ දැයි යන පවුකාර වරදකාරි හැගීම මගේ නතරවීමට හේතුව විය... ඕනෑම දෙයක් සිදු වන්නට මා රථය නැවත පසු පසට පැදවූයෙමි ...

" මොකද ප්‍රශ්නේ... කොහෙද මේ රෑ දුවන්නේ...."
රථයේ සිටම පැති වීදුරුව පහත් කර මා ඇසුවෙමි..

" අනේ මගෙ දරුවට සනීප නෑ... ඉක්මනට හොස්පිටල් එකට ගිහින් දානවාද....."

කලු වී වල ගැසූ ඇස් ගුලු කියා පෑවේ ඈ සති ගණනක් නිදි වර්ජිත බවයි... අවුල් වූ කැරලි කෙස් ඉබාගාතේ විසිරී ඇත... පසු පසින් එලවා එන යමකට බයෙන් මෙන් ඇය නිතර පසුපස බලමින් කතා කලාය.. සැබවින්ම උදවුවක් අවශ්‍ය කෙනෙක් බවට සැක කිරීමට හේතුවක් මට නොවීය...

" හරි නගින්නකො...."
නැවතත් පසුපස බැලූ ඈ වහාම රථයේ පිටිපසට ගොඩ විය..

කාරයේ සිතියම ආශ්‍රයෙන් ලගම රෝහලට ගමනාන්තය සැකසූ මම ඒ දෙසට ගමන් කලෙමි.. රාත්‍රියේ නිසා මටත් නොදැනීම සෑහෙන වේගයෙන් ගමන් කල බව මතකය.. තරමක් දුර ආවත් ඈ කිසිවක් නොකී නිසා පසුපස බලන කණ්ණාඩිය ඇය දෙසට හරවා විටින් විට ඈ දෙසද බැලුවෙමි.. ඇ තුරුල් කරගෙන සිටි දරුවා අඩන්නේවත් දගලන්නේ වත් නැත..

" බබා ට මොකද...."

" එයාට සනීප නෑ... එයා නිදි..."

මට සගවන්නට මෙන් දරුවා ළයට හොවා ගත් ඇය නොරිස්සුම් ලෙස කණ්ණාඩියෙන් මා දෙස බලමින් කිවුවාය...
මමද නැවත් කිසිවක් අසන්නට නොගියේ මට එය අදාල නොවන නිසාය.

සිතියමට අනුව පාලු අතුරු පාර ඉවර වෙන්නට ඇත්තේ තව ටික දුරකි.. නමුත් සිදුවූ අනපේක්ෂිත සිදුවීම නිසා මට උන් හිටි තැන් අමතක විය...

" ටට් ටට් ටට් ටට් ටට්....."
තේරුම් ගැනීමට නොහැකි ශබ්දයක් ඇසුන හෙයින් රතයේ වේගය බාල කර රෝද වලටත් එන්ජිම දෙසටත් හොදින් කන් යොමා ගමන් කලෙමි... කිසිවක් නැත..

" ටට් ටට් ටට් ටට් ටට්....."
පෙරටත් වඩා එය පැහැදිලිව ඇසෙත්ම රතය ගැස්සෙන්නට විය.... එක් වරම ඇස් යොමු වූයේ කණ්ණාඩිය දෙසටයි... දෙවියනේ.... කෝ මේ ගෑණී....

පාර මැදම රථය නතර කලේ සිතාමතාම නොවේ... මා පසුපස බැලුවෙමි...

" අනේ දෙයියනේ මේ මොකද මේ....."

පසු පස අසුනේ දිගා වී සිටින ඈ වතුරෙන් ගොඩ දැමූ මාලුවෙක් මෙන් ගැසෙයි... උඩ ගිය ඇස් වල පෙනෙන්නට ඇත්තේ සුදු ඉංගිරියාව පමණි... මරණාසන්නව මෙන් හුස්ම ගනි.. ටට් ටට් ටට් ගාමින් පිටතට ඇසෙන තරමටම ඈ දත්මිටි කයි.. ඇයට කුමක් වීද... ඈ හැසිරුනේ යක්ශයෙකු ආවේශ වූවෙකු මෙනි
මට කල හැකි කිසිවක් නැත... ‍රථය පණ ගන්වා වේගයෙන් ඇදුනෙමි

" පොඩ්ඩක් ඉන්න.... තව ටිකයි... තව ටිකයි...."
ඇයට නෑසෙන බව දැන දැනත් එලෙස කීවේ ඈ සැනසිමටද මට සැනසීමටද මා නොදනී.... එය රෝගයක් ද වෙනත් දෙයක් ද මට දැනීමක් නැත... ඇය මැරෙයි ද යන බයෙන් මගෙ සිරිගඩු පිපී ඇත. නොනවත්වා කියවන දෙබස් පේලිය පැහැදිලි නොවුනත් " මරන්න දෙන් නෑ" වැනි වචන කිහිපයක් තේරුම් ගැනීමට හැකි විය..

ආ වේගයෙන් ම වාහනය රෝහලට ඇතුල් කරන විටත් ඇය අඩ සිහියෙන් මෙන් දොඩවයි... කාරණය දැනුම් දුන් විට ක්‍රියාත්මක වූ රෝහල් සේවකයින් වහාම ඈ ඇතුලට ගෙන ගියේ තොරතුරු සටහන් කර ගැනිමට මා නතර කර ගනිමිනි .

.........................................................................

" ඇයි මෙච්චර රෑ වුනේ..."

නිදි කඩමින් දොර විවර කල මගේ බිරිද ඇසුවේ මින් පෙර එසෙ වී නැති නිසායි

" අපෝ ඒ ගැන නම් කියල වැඩක් නෑ.. හරි මහන්සි.. එපා වුනා අද නම්..."

ඇදුම් උනා දමා ඇග පත සෝදා ආවේ ඉතිරි පැය කිහිපයවත් සුව නින්දක් බලාපොරොත්තුවෙනි . ඇදට වැටීමට පෙර පුංචි දුවගේ සුව දුක් බැලීමටද අමතක නොකලෙමි. සුරංගනාවියක් සුරංගනා ලෝකයේ කොහේ හෝ අතරමං වී සුන්දර සිහිනයක් දක්නා මෙන් ඇගේ සුන්දර මුහුණ බැබලෙමින් තිබිණ .. නින්ද නොකඩා සියුම් හාදුවක් ලබා දී මම ඇදට ආවෙමි

" මාව හෙට උදේම ඇහැරන්න හොදද.. "

නිදා ගැනීමට රෑ වූ නිසා හෙට උදේ ඇහැරීම අපහසු බව හොදින් දන්නා හෙයින් මම මගේ බිරිද චාමි ට කීවෙමි.

" කීං කීං කීං...."
කොට්ටයට හිස තිබ්බා පමණි

"" ඒ මොකක්ද ඒයි... වාහනේ නේද...."

රථයේ ආරක්ෂක එලාමය හිටිහැටියේ නාද වන්නේ ඇයි ......
සාලයේත් ඉස්තෝප්පුවේ ත් විදුලි පහන් දැල්වූ මා යතුර ගෙන එලාමය ක්‍රියා විරහිත කලෙමි. දොර විවර කර වටපිට බැලුවද කිසිවක් සිදුවූ බවට සලකුණක්වත් නැත. සියල්ල ඉතාමත් නිශ්ශබ්ද ය.. කෝකටත් කියා රථයේ දොරවල් නැවත් පරීක්ෂා කලේ සිතේ සැක නැති කර ගැනීමටයි.

රථයේ පිටුපස දොර විවර කර වසත්ම අසුන යට යමක් තිබෙනු දුටුවේ අහම්බෙනි ... සුදු රෙද්දකින් ඔතා තිබූ එය මගෙ මතකයට ආවේ ප්‍රමාදවය..

" දෙයියනේ.... අර දරුවා ....."
වහාම පැන ඔහු අතට ගතිමි ... මෙතරම් වේලාවක් එය සිහි නොවූයේ කෙසේදැයි මම මගෙන්ම ප්‍රශ්න කර ගතිමි..

" මේ මොන විකාරයක් ද...."

එහි දරුවෙක් නැත.. ඒ ගැහැනිය දරුවා කියා ඇත්තේ බෝනික්කකු ට ය... හ්ම්ම් ඇයට පිස්සුද ... මා බෝනික්කා ඔතා තිබූ රෙදි කඩ ඉවත් කලෙමි.. නිල් ඇස් සහිත ජීවමාන දරුවෙකුගේ ප්‍රමාණය ට සමාන රෙදි බෝනික්කාට අන්දවා තිබුනේ සුදු පැහැ ලෝගුවක් මෙන් දිගු ගවුමකි.. බෝනික්කා අන්දවා ඇත්තේ ගැහැණු දරුවෙකු මෙනි. උගේ දිගටි කෙස් ඇත්තම කෙස් වලට සමානය...

" ඒ මොකක්ද....."
මා නැවත නිවසට ඇතුල් වන විට දොරකඩ සිටගෙන සිටි චාමි ඇසීය.

" අද පිස්සු ගෑනියෙක් නැග්ගා.. ඒ ගෑනිගේ බෝනික්කා දාලා ගිහින්..."
කෙටියෙන් විස්තර කරන ගමන් බෝනික්කිය සාලයේ පුටුව උඩට විසි කර දැම්මේ නිදි මත ඉවසීමට නොහැකි නිසාය.

ඇදට වැටුනු මා හට තත්පර ගණනකින් නින්ද යන්නට ඇත...

.......................................................................

" ම්ම්ම්ම් හික් .... හික්.. ඉහි.. ඉහි.."
ඉකි බිදුම් හඩක්... නින්ද කැඩුනේ ඒ හඩිනි.. චූටි දූ නැගිටලා වත් ද.. මා චාමි දෙස බැලුවත් ඈ සුව නින්දේ පසු විය.. කාමරයේම වෙනම පිහිටි ඇදක සිටි දුව ද අවදි වී ඇති බවක් දක්නට නැත...හ්ම්ම් මටම බැලීමට සිදුවේ..

විදුලි පහන් නොදල්වා ම හෙමින් හෙමින් ගමන් කලේ කවුරුන් හෝ ඇහැරෙතැයි සිතාය. පරිසරය කෙතරම් නිහඩද කියතොත් ඔරලෝසුවේ කටු වදින හඩ පවා ඇසේ...ඉකි බිදීම කොහෙන් ඇසේදැයි පැහැදිලි නැත.. අද දවසම මහා අත්භූත දිනයක් බව මට හැගුනි.. කුස්සියත් අනෙක් කාමරයත් සෝදිසි කල මා සාලයට ඇතුල් වී අදුරේම අතපත ගෑවේ විදුලි පහන් දැල්වීමට ස්විචය සොයමිනි. අදුරට හුරු වූ ඇස් වලින් දුටු අපැහැදිලි දර්ශන වලින් සිත මහත් සේ කම්පනය විය...

සාලයේ දිග සැටිය මත ගැහැණු දරුවෙක් මා දෙස බලා අඩන සැටි මට පෙනුනි .... ඒ දෙස බලාගෙනම විදුලි පහන දැල්වුවෙමි ....පහන් දැල් වු විගස සියල්ල නිහඩ විය...

" අහ්හ්හ්හ්හ්හ්..." තදින් හිත ගැස්සුනේ පුටුව මත මමම තැබූ බෝනික්කි එක එල්ලේ මා දෙස බලා සිටිනු දැකීමෙනි.... හ්ම්ම්ම්ම් විකාර.. මටම කියා ගත් මා නැවත කාමරයට විත් නිදා ගත්තෙමි..

..........................................................................

" ට්‍රීං .... ට්‍රීං...."

" ශික් මොකාද මේ උදේ පාන්දර කෝල් කරන්නේ.... හෙලෝ..."

" හෙලෝ... මං මේ කතා කරන්නේ ඊයේ ඔයා හොස්පිටල් දාපු ගෑනු කෙනාගෙ හස්බන්ඩ්..."

" ආ කියන්න...."

" මට ඔබ තුමා මුණගැහෙන්න පුලුවන් ද... මගේ wife ගේ බෝනික්කි ඔබතුමා ලගද..."

" අනේ ඔව් එයා දාලා ගිහිල්ලනේ... මං ඔය පැත්තේ එද්දි ගෙනත් දෙන්නම්..."

" තැන කිවුවොත් මං ඇවිත් ගන්නම්... ඔබ තුමා අද මේ පැත්තේ එන්නේ නෑනේ නේද.."

" අද නම් එන් නෑ මං ගෙනත් දෙන්නම්.. බයවෙන්න එපා...කෝකටත් මට ඇඩ්‍රස් එක දෙන්නකෝ ඔය පැත්තේ ආවොත් දීගෙන යන්නම්..."
ලිපිනය ගෙන මම දුරකථන ය විසංදි කලේ ඔහු කුමන අරමුණෙන් මා සිටින ස්ථානය අසන්නේදැයි නොදන්නා නිසාවෙනි.. අනෙක මේ කැහැටු බෝනික්කා මෙතරම් වටින්නේ ඇයි ද මට සිතිනි..

හරි හැටි නින්දකුත් නොලද නිසා අදි මදි කරමින් රැකියාවට යාමට සූදානම් වුනෙමි.. නිවසෙන් බහින්නට සුදානම් වෙද්දී රථයෙ යතුර කාමරයේ බව මතක් විය. කාමරයට ඇතුල් වී යතුරත් ගෙන අවසාන වතාවට කණ්ණාඩියෙන් බැලුවෙමි....

" මොනවා....."
මා කණ්ණාඩියෙන් දුටුවේ චූටි දූගේ ඇද මත සුදු පාට නිදන ඇදුමක් හැදගත් තවත් කෙල්ලක් නිදා ගෙන ඉන්නවා ලෙසය .. ඒ තැති ගැන්ම කෝපයක් කර ගත් මා

" චාමී.....මෙහෙ එන්න..."

" අම්මෝ ඇයි අනෙ කෑ ගහන්නේ...."

" පිස්සුද ඔයාට අර ජරා බෝනික්කා චූටි දූ ලගින් තිබ්බේ...."

" පිස්සුද අනේ මම තිබ්බේ නෑ උදේ එලියට ගියාම දැනුයි කාමරේට ආවෙත්... ළමයම ගන්න ඇති එයා දන් නෑනෙ ඔයා එයාට ගෙනාව කියලා හිතන්න ඇති..."

" හා හා දැන් ඕකව අරන් ළමයට ගන්න බැරි තැනකින් තියන්නකෝ හෙට ගිහින් දෙනකන්.."

සිදු වූ දේ මට සිතා ගත නොහැකි විය.. " දෙයියනේ මම කණ්ණාඩියෙන් දැක්කේ ඇත්ත ගැහැණු ළමයෙක් වගේමනේ " චූටි දූ ඇදෙන් බැහැල එනව මම දැකේවත් නෑනේ" මට සිතිනි

තනිව කල්පනා කරමින් නිවසින් පිටත් වූයේ සිත සන්සුන් බවකින් නම් නොවේ. කෙමෙන් කෙමෙන් දිනය ගත වුනත් සිත තිබුනේ නිවස තුලය...

" ට්‍රීං ...... ට්‍රීං...."
දිගින් දිගටම මා සම්බන්ධ කර ගැනීමට උත්සහ කරන්නේ පිස්සු ගැහැණිය ගේ සැමියාය.. නමුත් මා ඔහු මග හැරියේ හිතාමතාම ය...

" කරුණාකර හැකි ඉක්මනින් මට බෝනික්කා ලැබෙන්නට සලස්වන්න...." කිහිප වරක්ම නාද කිරීමෙන් පසු ඔහු කෙටි පණිවිඩයක් එවා තිබුනේ ඉතාමත් හදිස්සියෙන් මෙනි.. නමුත් මේ මොහොතේ මට කිරීමට කිසිම දෙයක් නැත....

පෙර දිනත් ඉතා තදින් වෙහෙස වූ නිසා මා අද තරමක් කලින් ගෙදර යාමට තීරණය කලෙමි..

.......................................................................

රාත්‍රිය උදා විය.... මුලු නිවසම අනවශ්‍ය ලෙස සන්සුන් බව මට සිතිනි... ඒ නිහඩ සන්සුන් බවම මට වදයක් විය... සියල්ලොම වෙනත් ලෝකයක සිටින මෙන් නිහඩය.. වෙනදා ගේ පුරාම දුව පැන නටන චූටි දූ අද එකම තැන බලා ගත් අත බලා සිටී...

" ඇයි මේ දූට සනීප නැද්ද .... ඇයි ඔක්කොම ගල් ගිලල වගේ කිසි සද්දයක් නැත්තේ..."

" මුකුත් නෑ... "
කියා චාමි දරුවාද රැගෙන කාමරයට ගියාය...
කිසිවක් වටහා ගත නොහැකි වූ මාද කෑම පිගාන පැත්තට දමා අත් සෝදා කාමරයට ආවෙමි.. එක්වරම ඈතින් ඇසුනු බල්ලෙකුගේ උඩු බිරුම කියන්නට තැනුවේ අද නම් මහා මූසල දවසක් බවය... අප නිවසේ අප හැර තවත් කෙනෙකු සිටිදො මට දැනෙන්නට විය.නිදි යහනේ සිට කල්පනා සයුර ක ගිලී සිටියේ උත්තර සොයන්නට වත් ගැටලුව නොදන්නා නිසාවෙනි ...

එක්වරම තිගැස්සී ඇහැරුනේ චූටි දූගේ මර ලතෝනි හඩ නිසාය...

" චාමී.... චාමි දෙයියනේ මොකද මේ...."

චාමි චූටි දූට අමානුශික ලෙස පහර දෙමින් සිටින්නේ යකෙක් ආවේස වූ අයෙකු මෙනි ... කෙස් වැටිය කඩා දමා දත් මිටි කමින් පුදුමාකාර ආවේගයකින් පහර දෙමින් සිටි ඇයට තිබුනේ පුදුම ශක්තියකි.. ඇයව ඇද බිමට දමා තද කර ගත්තේ වෙන කිරීමට කිසිවක් නොමැති නිසාය.. උඩ ගිය ඇස් , ටට් ටට් ටට් හඩින් එකට වදින දත්.. මට සිහි කලේ පෙරදින රෝහල් ගත කල ගැහැණිය ය. මින් පෙර කිසි දිනක චාමිට මෙසේ වී නැත...

ඇයව යටපත් කිරිමට මට ඇයට පහර දීමටද සිදු විය... ඇගේ විදුරු මස් වලින් ලේ ගලා යයි... ඇය මන්තරයක් වගේ කෙදිරුවේ " මගෙ දරුවා... මගෙ දරුවා... " යන්න පමනකි . විනාඩි 10ක් පමණ ඈ සමග පොර බදන විට ඇය කෙමෙන් සිහිසුන් විය...

" චාමී... චාමී... හරි හරි දැන් හරි.. "
මා ඇයව තුරුල් කර ගතිමි...

සිදු වූයේ කුමක්ද කියා මමවත් දන්නේ නැත.. මනස්ගාත විස්වාස නොකලත් මෙය නම් අමනුෂ්‍ය බලවේගයක් ද යැයි මටද සිතුනි..සන්සුන් වූ චාමි ඇදෙන් තබා හඩමින් සිටි චූටි දූ වඩා ගත්තේ ඇයවද සැනසීමටය... එලිය වැටීමටද තව බොහෝ වේලා ඇත.. තවමත් වේලාව පාන්දර 1.15 ට ආසන්නය... ඇයවත් ඇගේ යහන මත තබා නිම්ද යන තෙක් සිටි මා කුස්සියට ගියේ පොර බදා ඇතිවු මහන්සියට වතුර උගුරක් බීමටයි...

ශීතකරණය ඇර එහි තිබූ බියර් කෑන් 3 කුත් ඇපල් ගෙඩියක් හා පිහියත් රැගෙන සාලයට ගොස් වාඩි වූයේ මෙයින්වත් සහනයක් ලැබේ යැයි සිතාය... සැටිය මත වාඩිවී බියර් බොමින් ඇපල් පෙති කපමින් කෑවෙමි.. බියර් කෑන් 3 අවසාන වන්නට ආසන්න වත්ම නින්දද මා ලගටම පැමිණ ඇත... නමුත් සැටියේම ඇලවූයේ නිදා ගැනිමට නම් නොවේ..

වෙරි මතටද මන්දා සියල්ල කැරකෙනවා මෙන් පෙනුනි... අදුරේ ම කවුරුන් හෝ අඩමින් සාලය පුරා දුවන හඩ ඇසුනි. නැගිට ගොස් ඒ කුමක්ද කියා බැලීමට උවමනා වුවත් ගතට කිසිදු පණක් නොවීය. මේ හීනයක්ද ඇත්තක්ද තේරුම් ගත නොහැකි තරමට දෙලොවක අතරමං වී ඇති සේය.

අපහසුවෙන් කෙසේ හෝ පුටුවේ වාඩි වුනෙමි..

" කවුද මේ... මොනාද ඕනේ.... "
මා ඇසුවේ මා ඉදිරියේ සිටගෙන සිටි නාදුනන දැරියගෙනි... ඇය අර බෝනික්කාද අතෙහි දරා සිටියාය...

කිසිවක් නොකී ඇය සෙමින් සෙමින් මා ලගට ඇදෙයි... ඇගේ කට සෙලවෙන බව පෙනුනත් ඈ කියන දේ මට ඇසෙන්නේ නැත..

" එපා... එපා ලගට එන්න එපා... මොනාද උබට ඕනේ.... අපිට පාඩුවේ ඉන්න දීපන්...."
මම කෑ ගැසුවෙමි.. නමුත් ඈ නතර වූයේ නැත.

ඇගේ හුස්ම දැනෙන තෙක් මා ලගටම ආ ඇය අත දිගු කර මගේ කම්මුලට අත තැබීය.. බියෙන් භ්‍රාන්ත වූ මා වහා ක්‍රියාත්මක වී අත තිබු පිහිය ඇගේ ගෙල හරලා යවත්ම

" තාත්ති......."
කියා කෑ ගැසීය.. ඇයට කීමට හැකි වූයේ එපමණකි... පිහි පහරින් විසි වූ ලේ මගෙ මුහුණ පුරා ඉසිරවිය ... සියල්ල සිහිනයක රූප රාමු මෙනි....

" ට්‍රීං.... ට්‍රීං...ට්‍රීඊඊඊඊං ....." මා පියවි සිහියට ආවේ දුරකතනයේ නොනවතින නාදයටයි....

" අනේ..... එපා.... මගෙ දුවේ... මගෙ චූටි දුවේ.... නෑ නෑ අනේ ....."

මගෙ පිහි පහරින් උගුරු දණ්ඩ වෙන්වු ඇය මා අසලම වැටී සිටී.. ඇගේ ලේ වලින් ඈ අත තිබූ බෝනික්කිය පෙගී ගොස් ය.. බෝනික්කියත් චූටි දුවත් මා දෙසම බලා සිටී... අනෙ දෙවියනේ මං වගේ පවු කාරයෙක්.... ඇය තුරුලට ගෙන මා ඉකි ගසමින් හැඩුවෙමි... බස් වැටුනු බෝනික්කි මා දෙස බලා සිටියේ සිනාසෙමින් යැයි මට සිත්නි...

" ට්‍රීඊඊඊඊං .... ට්‍රීඊඊඊඊං ......' දුරකථන ට ඉස්පාසුවක් නැත... කතා කිරීමට නොහැකි වුවත් එය ක්‍රියාත්මක කර පැත්තකින් තැබුවෙමි..

" හෙලෝ... හෙලෝ.. කතා කරපන් මිනිහෝ.... " පැත්තකින් තැබූ දුරකතනයේ මට ඇසේ..

" හෙලෝ... මට දැන් ඔය බෝනික්කා එපා... ඔය බෝනික්කා තමයි මගෙ ගෑනිගේ දරුවා.. ඒක හොය හොය පිස්සුවෙන් වගේ හිටපු ඒ ගෑනි ඊයෙ රෑ හොස්පිටල් එකේ බෙල්ලෙ වැල දාගෙන මැරිලා.... උබ තමා මගෙ ගෑනිව මරා ගත්තේ...දැන් මට ඕකෙන් වැඩක් නෑ... ඒත් මතක තියා ගන්නවා.. ඔය බෝනික්කි පුරවලා තියෙන්නේ මගෙ මැරිච්ච දරුවගේ මිනී අලු වලින්.... උබට සාප වෙනවා මේ කරපු දේට...."

සියල්ල නිලංකාර විය... මෙතෙක් කල් මා නිවසේ තබාගෙන සිටියේ මලගිය කෙනෙක්ගේ මිනී අලු ද...දෙවියනේ මොකක්ද මම මේ කලේ.. මේ සියල්ල මේ බෝනික්කාගේ සාපයද..... මගෙ බිරිද ට ආවේශ උනේ අර ගෑනිද...

............................................................................

වසර 5 කට පසු..

බිරිදට අමානුශික ලෙස පහර දීමත්... පහර දී ගෙල කපා තම දරුවා ඝාතනය කිරීමේ වරදටත් වැරදි කරු වූ මා බන්ධනාගාර ගත වීමෙන් වසර 5කට පසු යහපත් හැසිරීම මත ලැබුනු ජනාධිපති සමාව යටතේ නිදහස් වීමට හැකි විය...

නිවසට යන විටත් දැන ගන්නට ලැබුනේ චාමි අයහපත් මානසික තත්වය නිසා මානසික රෝහලේ නේවාසික ව ප්‍රතිකාර ලබන බව යි..

මා කෙලින්ම ගමන් කලේ රෝහල වෙතයි... ඇයව රැගෙන එන තෙක් මද වේලාවක් රැදී සිටියෙමි... ඇය දුටු මා එක්වරම නැගිටවිය

" දෙවියනේ චාමි ඔයා......"

දෙතුන් වරක් හිස ඇල කරමින් මා දෙස බැලූ ඈ යන්නට ගියාය... මේ ඇයමද වෙනත් අයෙක් ද යැයි අදුනා ගැනීමටද අපහසුය.. ඇගේ කෙස් අවුල් වී ඇස් යට ගොස් ඇස් වටේ කලු වී ඇත... නමුත් ඇගේ අතේ දරා සිටි බෝනික්කිය වසර ගනනාවක් ගියත් මට අමතක වන්නේ නැත....

අහෝ දෙවියනේ... තවමත් සියල්ල නිමා වී නැත්ද....

නිමි..

................................................................
කතාව- ප්‍රගීත් ලීටස්

උපුට ගැනීමකි

Post has shared content
කෙටි කතාවක්...

❤ හිමි අ(හිමි)️ ❤️

මම එයාව මුලින්ම දැක්කෙ රන්දිමා බුක් ශොප් එකේදී..

එදා ඉදන් මගෙ ඇස් එයාවම හෙව්වා.සතියට දෙපාරක් තුන් පාරක් මම ඒ වෙලාවට බුක් ශොප් එකට යන්න පුරුදු උනා..ඒත් මම ආයෙ එයාව දැක්කෙ නෑ..

මම ලස්සන කෙල්ලෙක් දැක්ක බන්...

මම ඒක මලින්දට කිව්වෙ එහෙමයි.එයා මගෙ හිතට ගොඩක් දැනිල තිබුනා..

කොහෙන්ද බන්.උබ ඔය ඔහොම කියන කී වෙනි පාරද..අනේ නිකන් හිටින් බන්..

නෑ බන් මම ඒ කෙල්ලව කොහොම හරි හොයාගන්නව..

එහෙම කියල මම මලිය දිහා බලල හිනා උනා...

මේ තරම් මට හිතට වැදුනු කෙල්ලෙක් හිටිය නැති තරම්....

දවස් ගානක් ගෙවුනා.ඒත් මම හොයපු ඇස් දෙක මට හම්බුනේ නෑ....

හයියෙන් ඇවිත් මන් ලග බයික් එකක් නතර කරනවා ඇහුන..

කොහෙද මනුස්සයො යන්නෙ...පාරේ යන්න දන්නෙ නැද්ද..තව ටිකකින් මට පොලිසි ගානෙ යන්න වෙනවා..

ලස්සන් කටහඩක් ඇහුනා..මම ඔලුව උස්සල බැලුවා.

මට හිතාගන්න බෑ.මම හොයපු ඇස් දෙක මන් ලගටම ඇවිත්...

මොකද හලෝ බය වෙලා වගේ...

එයා මගෙන් අහනවා...වෙලාවෙ හැටියට ඉන්න තැනක් බලාගන්න පස්සෙන් යන්නත් බෑ..

මම බොරුවට කලන්තයක් හැදුනා වගේ ඇක්ට් කරා.....

එයා ඉක්මනට ඇවිත් මාව අල්ලගත්තා..

හොදටම බය වෙලා..වටේම අයට කෑ ගහනව..මට හිනා යන්න ආවට අමාරුවෙන් නවත්තන් උන්න..

කට්ටිය ගොඩක් ආව කියල මට තේරුනා..මගෙ මූනට කවුරු හරි වතුර ඉස්සා...

මන් සිහිය ආවා වගේ අමාරුවෙන් ඇස් ඇරියා..

ඇයි නොනෙ මේ මහත්තයට මොකද උනේ.බයික් එකේ යනකොට බලාගන...

මනුස්සයෙක් එහෙම කීවා.මට තනියම හිනා..අරය කර කියාගන්න දෙයක් නැතුව බලන් ඉන්නවා..

නෑ අංකල් මේ පොඩි කලන්තයක්..

එයා කිව්වා..

හා නෝනෙ එහෙනම් පරිස්සමට යන්නල..

එයා බයික් එකට නැගල ඉදගන්න කිව්ව.මන් සද්ද නොකර බයික් එකට නැග්ග..

කොහෙද ගෙවල්..මන් ගිහින් දාන්නම්.ආයෙ කලන්තයක් හැදුනොත් ඒම..

මම පාර කිව්වා..

ගෙදරට එනකොට අපි හොද යාලුවො වෙලා හිටියා..ෆෝන් නම්බර් එක පවා මාරු කරගන්න තරම් අපි එකතු උනා...

දවසින් දවස ගෙවිලා ගියේ අපි දෙන්නව ගොඩක් ලන් කරන ගමන්..

එයා රන්දිමා..රන්දිමා බුක් ශොප් එක එයාගෙ තාත්තගෙ..අම්ම විතරක් උන්න මට එයාගෙ ආදරේ මහ මෙරක් උනා..

ඒ හින්දම මම අම්මට එයා ගැන කිව්වා..

අනේ මට බයයි සදෙව් අයියේ....ඔයාලගෙ අම්ම මාව පන්න ගනී...

ඔයා බය නැතුව එන්න මැනික....අපේ අම්ම හරි හොදයි..

එයා අපේ ගෙදර ආව පලවෙනි දවස..අම්මා ගොඩක් ආදරෙන් සැලකුවා එයාට...

අම්මා එහාට මෙහාට වෙන වෙලාවක් බලල..මම රන්දිමාව මගෙ පපුවට තුරුල් කර ගත්තා... ඒ තොල් වල සීතල මගෙ තොල් වලට දැනුනා..

කවදාවත් දාලා යන්නෙ නෑ කියන්න වගේ එයා මට තවත් තුරුල් උනේ...

පුතේ එයාලගෙ අම්මල තාත්තාල එහෙම මොකද කරන්නෙ..

අම්ම මගෙන් ඇහුවෙ රෑට කෑම කන වෙලාවෙ...

එයාලගෙ තාත්තාගෙ තමයි අම්මෙ ටවුමෙ තියන රන්දිමා බුක් ශොප් එක...

මන් එහෙම කියද්දී අම්ම මගෙ මූන දිහා බලන් උන්න..

උබට පිස්සුද පුතේ..ඒ මිනිස්සු එක්ක අපට පෑහෙන්න බෑ..

අම්ම කිව්වෙ වෙව්ලන කට හඩකින්...

උබ ඔය සම්බන්දෙ අදම නවත්තන්න ඔනා..නැත්තම් මම නරක ගෑනි කියන්න එපා..

මට අම්මව තේරුම් ගන්න බැරි උනා.දුප්පත්කම මේ තරම් අපෙන් පලි ගන්නව කියල මට තේරුනෙ එවලේ..

පුතේ මට මේ කොන්දෙ අමාරුවට බේත් ටිකක් ගන්න ඕනා.ලෑස්ති වෙනින්කො ගිහින් එන්න...

මන් මුකුත් නාහම ලෑස්ති උනා..

වීල් එක නැවැත්තුවෙ ලොකු ගේට්ටුවක් ඉස්සරහා.මට කතා කරන්න වෙලාවක් තිබුනෙ නෑ..අම්ම මාව ඇදගෙන ගේට් එකෙන් ඇතුලට ආවා..

අම්ම කෙලින්ම ගිහින් නැවතුනෙ ගේ ඇතුලෙ..මන් දැනුවත්ව අම්මට නෑදෑයෙක්වත් උන්නෙ නෑ.තාත්ත මැරුනට පස්සෙ එයාලගෙ කට්ටියත් අපිව පවුලෙන් අයින් කරල තිබුනෙ..

කමලා මොකද මේ.....

සැරපරුශ කටහඩක් මට ඇහුනා...

මට මුකුත් හිතාගන්න බැරි උනා...

මන් ඔහේව හම්බෙන්න ආවෙ..

ඇයි කමල කියන දෙයක් කියල මෙහෙන් යන්න...

මාව කරකවල අත ඇරිය වගේ....මම ඔහේ බලන් උන්නා..

තාත්තා මොකද කෑ ගහන්නෙ...

මට හීනෙන් වගෙ රන්දිමාගෙ කටහඩ ඇහුනා.....

නෑ හීනෙන් නෙමෙයි ඇත්තටම..මට හුස්ම ගන්නත් බැරි උනා. එයත් මාව දැකල බය උනා...

ඇයි අම්මෙ මේ....ඇයි මෙහෙ ආවෙ අපි..

උබට තේරුම් කරල දෙන්නම් පුතේ..

මේ ඉන්නෙ උබේ තාත්තා ...

කමලා.....

කට වහගන්න සිරිල්..මන් කතා නොකර බෑ දැන්...

මන් ලග තිබුනු පුටුව අල්ලන් ඉදගත්තා..ඉදගත්තා නෙමේ මාව වැටුනා..

උබේ තාත්තා උබවයි මාවයි අතරමං කරා පුතේ...මන් රැවටුනා...

එ...එ එතකොට ම...රන්දිමා අම්මෙ...

ඒ උබේ නංගි පුතේ ....උබේම නංගි...

ලෝකෙම එක පාරටම නැවතුනා වගේ උනා...

රන්දිමා දුවගෙන ඇවිත් මට තුරුල් උනා...මම හයියෙන් තදකරන් එයාව බදාගත්තා ...

හැබැයි ඒ මගෙ පෙම්වතිය විදිහට නෙමෙයි..මගෙම නංගි විදිහට...

කවදාවත් නොදැනුනු සෙනෙහසක් මගෙ හිතට දැනුනා....

...........................නිමි..............................

උපුටා ගැනීමක්

Post has attachment
Photo

Post has shared content
හමු උනාම නෙතට නෙත,
සතපවා ගතට ගත,
එකම වහලක් යට,
උනුන් ඈතයි .........
හදවතින් බොහෝ දුර,
සයනයේ.. දෙපසක දකිනවා,
නොවිඳි පෙම් සුව හීන,
කාගෙ හෝ තුරුලෙක,
,,,,,, ආදාරේ ලාභයිද ?
,,,,,,, ජිවිතේ බාලයිද ?
කවුරු විග්‍රහ කලද....
සෙනෙහසට අරුතක්,,
මනමේ,,,, කුමරිටත් තිබුනාද
Photo

Post has attachment

Post has attachment
ඉරුණු හිත මහගන්න
ඒ හිතෙන් ගලා ගිය
කැටි ගැහුණු ලේ වලින්
වෙවුලනා අත් වලින්
ආයේ මං වෙර දැරුවා..

උඹේ මතක අඬනකොට
ආයෙ පපුතුරට ගෙන
ඉඹගන්න හිතුනාට
උඹෙ අතුල් පහරකින්
ආයේ මං බිම වැටුනා..

ඇස් දෙකෙන් ඒ සෙනේ
කඳුලු වී පනින කොට
උඹට රිදුනොත් කියා
දෝතටම අල්ලගෙන
ආයේ මං පෙම් කෙරුවා..

කාටවත් නොදී මං
උඹ නමට ලිව්ව හිත
පේනවද දැන් උඹට
ගැහෙන හැටි පණ ගන්න
ආයෙ මං මිය ඇදුනා..



සුනා
Photo
Wait while more posts are being loaded