Post has attachment
PhotoPhotoPhoto
21/08/2017
3 Photos - View album

Post has attachment
Photo

Post has attachment

Post has shared content

Post has attachment
ස්වර්ණමාලී දාගප් ආරක්ෂණ ගීතය

තෝමර කඩු දරා හිදිමි මලුව සිවු කොනේ....!

සසර වසන තුරාවට පුදමි
මගේ ජීවයම ඔබට...!

Post has attachment

Post has attachment
~~~අතීත හෙළ ජන වර්ග පසුකාලීන සාහිත්‍යමය නිර්මාණවලදී වෙනස් වූ ආකාරය~~~

අසුර

බෙදීම්වලට ලක්වන හෙළ පරපුර මුලින් ම හැඳින්විය හැක්කේ අසුර යනුවෙනි. මොවුන් පසුකාලීන සාහිත්‍යමය කලා නිර්මාණයන්හි නිරූපණය වූයේ වෙස් මුහුණු මගිනි. අතීත අසුර සටන් ශිල්පීන් සටනේදී වෙස් මුහුණු පැළඳගත් අතර අද අපට එම වෙස් මුහුණු ඉතිරි වී ඒවායින් පසුකාලීනව නව ශාන්තිකර්ම විධි නිර්මාණය වී ඇත.

සුර

සුරාපානය ලොවට හඳුන්වා දුන්නේ සුරයන් ය. අසුරයන් පළමුව දෙකට බදීමට හේතුව ද එයයි.අසුරයන්ගෙන් වෙන්ව තරමක ලිහිල් ප්‍රතිපත්ති සහ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ලොවට විදහාපෑවේ සැමවිට ම සුරයන් ය. බොහෝ සුරයන් දේව ප්‍රතිමා ලෙසින් පසුකාලීන කලා නිමැවුම්වල එයි.

යක්ඛ හෙවත් යක්ෂ

කර්මාන්ත, කම්ම, ලෝහ වැඩ, කම්මල්, කම්මකාර ආදී පද එකතු වූයේ යක්ඛ හෙළයන්ගේ යකඩ තාක්ෂණය නිසා ය. අද ලොව ම විස්කම් පාන ලෝහ තාක්ෂණයේ සුලමුල සොයා ගිය විට, ඒ යක්ඛ හෙළයේ සුරුකම් බව පෙනේ. පසුකාලීන කලා නිර්මාණවල යක්ඛ යන්න නිරූපණය කලේ දළ දෙකකිනි. එය සාහිත්‍යමය සහ සංකේතාත්මක කලා නිරූපණයක් පමණි.

නා හෙවත් නාග

නාවුක කටයුතු කලේ ද නැව යන්නෙහි පරම පූර්ණ අයිතිය ද හිමි විය යුත්තේ නාගයන්ට ය. ඔවුන් නාවුකයන් ය. කරදියේත් මිරිදියේත් සෑමවිට ම විස්කම් පෑවෝ නාගයෝ ය. ඔවුන් නායකයන් ද වන්නේ ය. හස්තීන් ද මෙල්ල කලෝ ය. පසුකාලීන කලා නිර්මාණවල නාග පෙණය මගින් නාගයින් නිරූපණය කලේ ය.

රක්ඛ හෙවත් රකුස්

කුස රක්ෂා කල හෙවත් ප්‍රධාන වශයෙන් කුඹුරු වැඩ කලේ රකුසන් ය. වී ගොවිතැනෙහි උපත ද ලොව අන් කිසි තැනක නොව ඌව මගධ වෙල්ලස්සේ ම ය. එහි මේ සංසාර චක්‍රයේ වසර ලක්ෂ ගණනක් පුරාවට කෙත්වතු ම විය. කුස රක්ෂා කල වුන් රකුස් බැවින් පසුකාලීන සාහිත්‍ය කලා නිර්මාණවල දී කුස මඟින් රකුස් බව පෙන්වා විශාල බඩක් සහිත රකුස් රූප නිර්මාණය විය.

ලම්බකර්ණ

කාලානුරූපීව විවිධ යුගවල දී බෙදී ගොස් හෙළ ජන වර්ග සම්මිශ්‍රණයෙන් නැවත හෙළයෝ බිහි වෙති. එසේ වූ මුනිවරයෙකු හෙළ නම් දැයට අයිති වේ. හෙළ, හෙළු, එළ, එළු ආදී සමරූපී අරුත් සංකේතාත්මකව සාහිත්‍යමය කලාවේ දී නිරූපණය කලේ දිගු කන් මගිනි.

සිද්ධත්ත ගෝතම නම් අප මහා මුනි හෙළබිම බෙදී ගිය දහතුනක් ජනවර්ග නැවත එක් කොට හෙළ ජාතිය ප්‍රතිනිර්මාණය කලෝය. ඒ අපේ බුදු මුත්තා ය. උන්වහන්සේගේ පරිණිර්වානයෙන් පසු නැවත හෙළයෝ කුල විසි අටකට බෙදී ගියහ.එය නැවත එකතු කරන ලද්දේ දෙවනපිය මහරඣ ගාමිණී අභය නම් බෝසත්වරයෙකු විසිනි.

අලි බඩක් හෝ දළ දෙකක් හෝ නයි පෙනයක් හෝ දිග එල්ලෙන කන් හෝ සොයා එය අප්‍රිකාවේ ගෝත්‍රිකයන්ගේ හෝ ඉන්දියාවේ හඩු ගඳ ගසන උන්ගේ හෝ වෙන මගුලක් හෝ ආදේශ කරනවාට වඩා බුද්ධිමත් ව ඉතිහාසය දෙස නැවත හැරී බලන්න.

ඉතිහාසය විෂය සාහිත්‍යමය සීමාවෙන් ඔබ්බට නිරවුල්ව යා යුතු ය.

(රාවන සොයුරන්ගේ යූ ටියුබ් වීඩියෝවක් ඇසුරින් උපුටා ගන්නා ලද්දකි.)
Photo

Post has shared content

Post has attachment
Photo

Post has attachment
කරුමය උරුම කොට ගත් වරදකරු නුඹ ය!!!

නුඹ විසින් ගොඩ නැගි ලෝ+කය තුළ,
නුඹට එදිරිව නැගේ යැයි අනුමාන කළ,
නුඹ විසින් ම මවා ගන්නා ලද,
නුඹේ මතයට පිටු පෑ එදිරිවාදීන් හට,

අණවිණ කොඩිවිණ කොට පොල් ගසා...
වීදී පුරාවට මොර දී උද්ඝෝෂණ කොට...
යුද්ධාදියෙහි පැටැලී ලේ වගුරා...

එදිරිවාදීන්ගේ පසුබැස්ම හමුවේ කුරිරු මිහිරක් විඳිමින් රාගයෙන් මුසපත් වුණෙහි ය;
එදිරිවාදීන්ගේ දිනුම හමුවේ රුදිරු වෛරයක් වපුරා දැවුණෙහි ය...

අමන නුඹගේ හිස් කේ මුල සිට දෙපා තුඩු තෙක්,
බුර බුරා නැගෙමින් අවකාශයට පිටාර ගැලුවා වූ ඒ මහා කළු කිරණ රැල්ලෙහි බර,
අප උත්තම ලක් මව් තොමෝ කෙලෙස දරන්නෝ ද???

මේ පුණ්‍ය බුද්ධ භූමියහි වා තලය වැනසූ ජාති වාදියා නුඹ ය;
මේ පුණ්‍ය බුද්ධ භූමියෙහි භූ තලය දෙදරූ ආගම් වාදියා නුඹ ය;
මේ පුණ්‍ය බුද්ධ භූමියෙහි දිය තලය කැලඹූ කුල වාදියා නුඹය!

නුඹ තුළ හට ගත් කෙලෙස් පිළිලයෙන් මුක්තව,
අවකාශයට පිටාර ගැලි ඒ කළු කිළිටි අඳුරු කිරණයන් හේතුවෙන්,
භාගවිට නුඹ ද වැනසී මිහිදන් වන්නට ඇත...
නො එසේ නම්,
නුඹේ මේ ජාතියෙහි හෝ පෙර ජාතියක ඥාතීන් වැනසී මිහිදන් වන්නට ඇත...

ප්‍රිය-අප්‍රිය දෙ හේතුව පුරුද්දට පුරුද්ද ගත් මුග්ධ පෘථඃජන නුඹ,
දුක-භිය දෙ ඵල නිරායාසයෙන් ම උරුම කොට ගත්තෙකි!

එනමුදු,
එබැව් නො දත් කල,
දිය බැස ගිය පසු ද,
ඉතිරි වුණු එවුන් හා එක් ව,
යළි යළිත් එකී වරදෙ හි ම යෙදෙනු ඇති...

අහෝ කම් නැත;
නුදුරෙහි ම නැගෙන්නාවූ මතු ස්වභාවික විපතට ද,
"මර නින්දේ ම" මුහුණ දී සුව සේ මිහිතලය සිප සැතපෙනු හැකි ය!

ඉඳින් මම් නුඹට,
මරණින් මතුයෙහි නිවන් සුව නො පතමි!!!

2017/05/26
සජිනි සමරක්කොඩි
🌻👸
Photo
Wait while more posts are being loaded