Post has attachment
👹👻මියගිය මල්ලී අක්කා සොයා පැමිණෙයි..👹👻

කොට්ටාව ප්‍රදේශයේ තිබුන එක්තරා ඒජන්සියක් ( විදෙස් රටවලට ශ්‍රමිකයන් යවන ). මෙම ආයතනයේ හිමිකරුවන් මා පෞද්ගලිකව හඳුනන පිරිසකි . එක්තරා දවසක විදේශ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තු වෙන් තරුණියක් මෙම ආයතනයට පෙමින තිබුන . ඇය අපි නයෝමි ලෙසින් හඳුන්වමු . ඇය ගේ අවශ්‍ය තාවය අනුව රැකියාව සඳහා මුලික ලියකියවිලි එම ආයතනය ලබාගෙන මුලික කටයුතු සිදුකොට තිබුන . සියලු කටයුතු අවසාන කොට, එම ආයතනය මගින් නැවත වරක් නයෝමිව කැඳවා තිබුන . රැකියාව සඳහා පිටත් වීමට තව දින දෙකක් 
ඇති බව පවසා ඇයට ඒසඳහා සූදානම් වන ලෙසට උපදෙස් දී, ඇයගේ ගමන් බලපත්‍රය හා ගුවන් ටිකට් පතද ලබාදී පිටත් වන දිනයේ කල් වෙලාව ඇතිව එම ආයතනයට පෙමිනෙන ලෙස දැනුවත් කර ඇයව පිටත් කොට තිබුන .

කොහොම නමුත් පිටත් වන දිනයේදී නයෝමි පෙමිනියේ නැහැ . මෙම ඇයතනයේ ප්‍රධානියා "නලින්" ඇතුලු පිරිස හොඳටම කලබල වෙලා , නයෝමිව සම්බන්ද කරගන්න උත්සහ ගත්තත් පලක් නොවුනු තැන එදිනට පිටත් වීමට සිටි අනෙක් පිරිස ගුවන් තොටුපලට පිටත් කර හෙරිය .

මෙම සිදුවීමෙන් දින තුනකට පසුව නයෝමි මෙම ආයතනයට පෙමිනුනා . ඇයව දුටු නලින් දැඩි කෝපයෙන් ඇයට බනින්නට උනා . මොකද ඔවුන් මුදල් අයකිරීමකින් තොරවයි රෙකිය සඳහා යවන්නෙ. ශ්‍රමිකයන් යෙවීමෙන් පසුවයි එම විදේශීය ආයතන මගින් මුදල් ගෙවන්නේ . ඉතින් නයෝමි වෙනුවෙන් වියදම් කල ලොකු මුදලක් අපතෙ. කොහොම උනත් ඔය සිදුවීම වන විට මමත් එතන .

මෙම සිදුවීමෙන් කලබලයටත් බියටත් පත් නයෝමි හොඳටම අඬනවා. ( ගෙනුලමි අඬන්න ගියාම දන්නවනේ ) කොහොමහරි නයෝමි කියනවා පාස්පෝර්ට් එකයි ටිකට් එකයි නැතිඋනලු . ඉතින් නලින් අහනවා කොහොමද නැතිඋනේ කියල . නයෝමි කියනවා බහිරවය ගෙනිච්චලු . ඒක අදහන්න බැරි දෙයක්නේ , එහෙම වෙන්නෙ කොහමද කියල නලින් අහනව. මමත් එහෙම දෙයක් ඇහුවෙ පලවෙනි වතාවට . ඉතින් නයෝමි කියනවා , අපේ ගෙදර ගොඩක් මෙහෙම දේවල් වෙනවලු , මිටකලිනුත් එයා රටයන්න දෙවතාවක් හෙදුවලු , ඒ අවස්ථා වලත් හදපු ලියකියවිලි බහිරවය ගෙනිචලු . සමහර දවසට ගෙදර උයන කෑම පවා බහිරවය ගෙනියනවලු . ඉතින් ගෙදර අමනිෂ්‍ය දෝශ තියෙනවා කියල තොවිල් ආදී නොයෙක් ශාන්ති කර්ම කරලු , එත් ඒ කිසිම දෙයක් හරිගියේ නෑලු . ඔය කතාව කියල නයෝමි පිටත් වෙලා ගියා. නලින්ටත් මටත් මේක අදහගන්න බැරි කතාවක් . කොහොම වෙතත් අපි තීරණය කළා මේකතාවේ ඇත්ත නැත්ත හොයන්න අපි වෙලාවක න්යෝමිගේ ගෙදරයන්න .

මේ සිද්දියෙන් දින කීපයකට පසුව නලිනුත් මමත් , තවත් අපේ යාළුවෝ දෙන්නෙකුත් ( ගයාන් සහ සුමිත් ) න්යෝමිගේ ගෙදර යන්න පිටත් උනා . නයෝමිගේ ගෙවල් තිබ්බේ හෝමාගම , මීගොඩ පැත්තේ . ටිකක් දුෂ්කර ගමනක් ගෙවාගෙන , නයෝමිගේ ගෙවල් හොයාගෙන අපි එහෙට ගියා . දැන් තමා මේ කතාවේ හොඳම ටික සිද්ද වෙන්නෙ .

ඉතින් අපි ගියාම හොඳින් පිළිඅරගෙන තේ එහෙමත් හදල දීල නයෝමිගේ අම්ම මෙකතාවට එකතු උනා . එය කියනවා එයාලගෙ පුතෙක් (නයෝමිගේ මල්ලි ) මීට අවුරුදු කීපයකට කලින් නැති උනාලු . එය මියගියාට අමනුෂ්‍ය යෙක් වෙලා මේ ගෙදරම ඉන්නවලු . එයාව යවන්න පින්දෙන්න දාන දුන්නලු , පිරිත් කියෙවුවලු , බැරිම තැන කට්ටඩියන් ගෙන්නලා තොවිල් ආදී නොයෙක් දේ කලාලු ඒ කිසිම දෙයක් වැඩක් උනේ නැතිලු . මේ අම්මා අඩමින් අපිට කියනවා. තව ඒ මෙරිච්ච මල්ලි අක්කට හරිම අදරේලු. එයට ගෙදරින් පිට යන්න දෙන්නේ නෑලු . ඒ වගේම ගෙදරට පිටින් කවුරුත් එනවට කෙමතිත් නෑලු . මේ වචන ටික කියනවත් එක්ක ගේ ඇතුලින් විශාල සද්දයක් එන්න පටන් ගත්ත . හරියට පිඟන් කෝප්ප පොලවේ ගහනවා වගේ සද්දයක් . අපිත් දැන් ටිකක් බයවෙලා . මේ අම්ම අඩමින් කියනවා , අනේ පුතේ ඕව කුදුකරන්න එපා මගේපුතේ , මේ මහත්වරුන්ගෙන් අපිට කරදර යක නෑ. එයාල දැන් යනව කියල . ඉතින් ඔන්න ඒ සද්දය නෙතිවෙලා ගියා .

එම සැනින් මමත් නලිනුත් කුස්සියට ගිහින් බැලුව මේ මොකද උනේ කියල . අපට අදහගන්නත් බෑ, පිඟන් කෝප්ප කීපයක්ම කුඩුවෙලා කැලි හැමතැනම . නැවත සාලෙට අපි එනකොට ගයනුත් සුමිතුත් ගෙවටේ බලල අව. එයාල කිවුවේ පිටින් කවුරුවත් ආපු බව හොයාගන්න බෑ කියල . එත් එක්කම අර අම්ම කියනවා ඒ පුතා දැනුත් මත්තයල දිහා බලාගෙන ඇත්තේ කියල . ඒක අහපු අපිට හීන් දාඩියත් දෙම්ම. එත් නලින් කියපි මම මේක පිළිගන්නේ නෑ . මේ වෙන දේවල් ඇත්ත නම් , මම මේ අපි ඉස්සරහ තියෙන කැබිනට් එකේ වීදුරුවක් සලකුණු කරගත්ත , මේක මම ඉදිරියෙම අතුරුදහන් වෙන්න ඕනෙ කියල . ඒ කියල විනාඩියක් යන්න උනේ නෑ .,,,,,,,,, සුමිත් ඒ ....... මචං අර ......... කියල උඩ පෙන්නුවා ...... මල හත්ඉලවුවයි ..... අපි වැඩිවෙලා ඉන්න පුටු සෙටිය ට උඩින් වහලේ මැද බල්කයට අඟල් කීපයක් පහලින් හිස් අවකාශයේ ලොකු වීදුරුවක් තියෙනවා . අපිට අදහ ගන්නත් බෑ . අපි කට්ටියම ඒ දිහා බලල එතනින් අයින් වෙන්න හදන කොටම මහා සද්දයක් එක්ක අර වීදුරුව අපේ කකුල් ඉස්සරහට වැටිලා කැලි වලට කැඩිලා ගියා . මේ සිද්දියෙන් අපි කට්ටියම හොඳටම කලබල වුනා .. තවත් එතන හිටියොත් අපිට මොනවා වෙයිද දන්නේ නැතිනිසා ඉක්මනින්ම අපි එතනින් පිටවෙලා අව .. එනගමන් නලින් කියපි එයා කැබිනට් එකේ සලකුණු කල වීදුරුව එතන තිබ්බෙ නෑ කියල ...... ඔන්‍න‍ ඕකයි සිද්දිය.
Photo

Post has attachment


👹👻තම සැමියා සොය ආ පළමු බිරිඳ 👹👻

මේ සිද්දිය වෙන්නෙ 1993 අවුරුද්දෙ. හිගුරක්ගොඩ පැත්තෙ තියන පොඩි ගමක වෙච්ච සිද්දියක්.

ජයගුරා කියන්නෙ වයස 45ක විතර වයසට වඩා වැහැරුනු ශරීරයක් තියන අරක්කු වලට ඇබ්බැහි වුනු කට්ටඩියෙක්. ඇගට පතට ලොකු හයියක් එහෙමත් නෑ මේ මනුස්සයට. නෝන වෙන මනුස්සයෙක් එක්ක ගිය දවසේ ඉදන් තනියම ජීවත් වෙන්න හුරු වෙච්ච නිසා තනිකම ලොකු දෙයක් වුනේ නෑ. ගමේ අයනම් කියන්නෙ මේ මනුස්සය බීල ඇවිත් ගෑනිට දෙන වදෙන් බේරෙන්න ගියා කියල. කොහොම හරි ටික කාලයක් ඔහොම ඉන්නකොට ලලිතා ඒ කියන්නෙ මෙයාගෙ හිටපු නෝන පිලිකාවක් හැදිල නැති වුනා කියන ආරංචිය ජයගුරාට දැනගන්න ලැබෙනව.

ඕකිට ඔහොම නෙමෙයි මැරෙන්න තිබුනෙ. පාරක් පාරක් ගානෙ හිගාකාල.
එවෙලෙ ජයගුරාගෙ කටින් පිට වුනේ ඒ වචන ටික විතරයි. කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. ගමේ හැම තැනම අමුතු කතාවක් පැතිරෙන්න ගත්ත. මහ රෑ ජාමෙට ජයගුරාලගෙ ගෙවල් පාරෙ ගෑනු කෙනෙක් යනව කියල දැකපු කීපදෙනෙක්ම මේ ගැන කියල තියනව. මේ කතා ආරංචි වුනාම ගුරාටනම් පොඩි සතුටක් තමයි දැනුනෙ. කවුරු හරි බය වුනොත් බෙරයක් ගහල ටිකක් දගලල සල්ලි ටිකක් හොයාගන්බ පුලුවන්නෙ. කීයක් හරි හොයාගන්න වැඩක් හම්බෙයි කියල හිත යටින් සතුටු වුනේ ඒ නිසයි. ඉතින් ඔහොම ඉන්නකොට ගුරා හිතුව වගේම ගමේ එක තරුණ පිරිමි ලමයෙක් මොකක්දෝ දේකට බය වෙලා. පහුවදාම ඒ පිරිමි ලමයගෙ තාත්තා කෙලින්ම එන්නෙ අපේ ගුරුන්නාන්සෙ හම්බවෙන්න. කාරණාව හොදට අහගෙන ඉදල ගුරුන්නාන්සෙ මෙහෙම කියනව.

කොල්ල තරුණයි. වැඩේ ටිකක් දරුණුයි වගේ මලේ. අපි තොයිලයක් කරල මේක අහවර කරල දාමු. පේන හැටියටනම් මෝහිනී.
අර දරුවගෙ තාත්තත් වැඩේට එකග වෙලා දිනයක් දාගෙන එහෙම අවශ්‍ය කරන දේවල් ලියාගෙන යන්න ගියේ අපේ ගුරා අතට ගුරු පඩුරුත් තියාගෙනමයි.

කොහොම කොහොම හරි දාගත්තු දවසෙ තව කීප දෙනෙකුත් එකතු කරගෙන අපේ ජයගුරා වැඩේ ඇල්ලුව. පාන්දර වෙද්දි වැඩේ ඉවර කරපු අපේ ගුරා ගානකුත් කඩාගෙනම උදේම ගෙදර එනව. මහන්සියයි නිදිමතයි වැඩි කමටදෝ සාලෙ පුටුව උඩම දවල් වෙනකම්ම නින්ද ගිහින්. උයල කරල දෙන්න තියා තේ ටිකක්වත් දෙන්න කෙනෙක් දැන් ගෙදරත් නැති එකේ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගෙනත් තේ එකක් එක්ක පාන් කෑල්ලක් කාල හවස් වෙනකම් නිදාගන ඇහැරුනු අපේ ගුරුන්නාන්සෙ නාගන කරගෙන එලියට බහින්නෙ සුදාගෙ හොර අරක්කු ගුබ්බෑයම පැත්තට යන්න හිතාගෙන. සුදා ජයගුරාගෙ හිතවතා. මොකද හැමදාම වෙලදාම කරගන්න ඕනි නිසා. අරක්කු කාලක් ඉල්ලපු ගුරාට කටගැස්මට වල් ඌරු මස් දීසියක් දුන්නෙත් ඒ කපටිකමටම තමයි. කාල බාගෙ උනා එන්න එන්නම රෑ උනා. හොද පදමට වෙරි වුනු ගුරා කසිප්පු වාඩියෙන් එලියට බහින්නෙ රෑ 11ත් පහු වෙලා. කලුවරේම දනිපනි ගාගෙන කොහොම කොහොම හරි ගෙවල් වලට එන දෙවැට ලගට එන්න ගුරාට පුලුවන් වුනා. ඒත් දෙවැටෙන් එන්න ගුරාට පුලුවන් කමක් වුනේ නෑ. ගෙවල් පැත්තෙන් බල්ලෙක් මරලතෝනි ගහගෙන දුවන සද්දෙත් එක්කම සීතල හුලගක් ගුරාගෙ ඇගේ වැදුන. වෙරි වුනත් ගුරා හිටියෙ සිහියෙන්. ඒ නිසාම දෙවැට කෙලවරේ කව්දෝ ඉන්නබව කලුවරේ වුනත් දකින්න ගුරාට පුලුවන් වුනා. හෙමින් හෙමින් ඒ පැත්තට ඇවිදගන යද්දි එන්න එන්නම හුලග තද බවක් දැනෙන්න වුනා. කියාගන්න බැරි තරම් තනියක් පාලුවක් එක්කම මූසල ගතියක් ගුරාට දැනුන. දැකපු රූපෙ තාම එහෙමමයි. වෙනසක් නෑ. දැන්නම් ඒ කාන්තාවක් කියල පැහැදිලිව පේන තරමට අපේ ගුරුන්නාන්සෙ කිට්ටු වෙලා ඉන්නෙ. මේ ගෑනි ගැනද මිනිස්සු කතා වෙන්නෙ කියන දේ එවෙලෙ ගුරාට හිතට දැනෙන්න වුනා. වෙරි බැහැල ගියා වගේ දාඩිය දාන්න වුනා. ගෑනිත් කිසිම හැලහොල්මනක් නෑ. යකෙකුටවත් බය නැති අපේ ගුරා තව ටිකක් කිට්ටු වුනා.

කව්ද යකෝ මේ මහ රෑ.

මෙහෙම කියනගමන් කුනුහරුප දෙක තුනකුත් ගුරාගෙ කටින් පිටවුනා. ඒත් එක්කම ඈතින් බල්ලෙක් උඩු බුරන්න වුනා. වෙන්න යන දේ ගුරාට ඉවෙන් වගේ දැනුනත් තමා පරක්කු වැඩි බවත් අදනම් වැඩේ වැරදුනු බවත් දැනුනු නිසා අඩියක් පස්සට තියන්න දෙපාරක් හිතුවෙ නෑ. ඒ එක්කම අර ගෑනිත් අපේ ගුරා පැත්තට හැරුන. ඇස් අදහගන්න බැරි වුනු ගුරාගෙ කටින් පිට වුනේ

දෙයිහාමුදුරුවනේ ලලිතා..

හුලගක වේගයෙන් අපු ලලිතා ගුරාගෙ ඇගේ වැදීගනම යන්න ගියා. ඒත් ගියෙ තනියමනම් නෙමෙයි.


Photo
Wait while more posts are being loaded