Post is pinned.
අංජනම කියන්නෙ හරි අපූරු දෙයක්.පියවි ඇසට නොපෙනෙ දේ ඒ තුලින් දකින්න පුලුවන්.රජ කාලේ නිදානයක් තැන්පත් කරන කොට අනිවාර්යෙන් ඒ තුල අදුනකුත් බෙහෙත් තෙල් බෝතලයකුත් තියෙනවාමයි.ඒ වගේම බෙහෙත් අබරපු ගලත් ඒ අසලම තියෙනවා..ඈත අතීතයේ අදුන ට පුදුම තැනක් තිබුනෙ.එය රාවනා යුගය දක්වා පවතිනවා..

හදිස්සියෙම වගේ ගෙදරට ආවෙ තරුනයො කිහිපදෙනෙක්..ඔහුන්ට වුවමනා වෙලා තිබුනෙ අදුනක් බලා ගන්න.පාතාල අදුනක්.එතන යකදුරෙකුත් ඉන්න බව මට ඉවෙන්ම වැටහුනා.

මම මල් පහන් පූජා කරල අදුන ලගින් වාඩි වුනා විතරයි අට දෙනාම අදුන බලන්න වාඩි වුනා..
දෙන්නෙක් ඉදල අනිත් අය එලියට යන්න

මම කිව්වා..
මම විෂ්නු දෙවියන්ගෙන් අවසර ගෙන හනුමන්තාට ආරාධනා කලා..හනුමන්තා ගිනි පන්දමත් අරගෙන විශාල කැලයක් ලග නතර වුනා..එතන තිබුනේ පොඩි වලක්..මම පොලව යටට බලන විට විශාල ආලෝකයක් විහිදිලා ගියා....කාරනාව පෙන්නුම් කලා
නිදානයක් බලන්න නේද ආවෙ..

එහෙමයි.
දඩම්බර පෙනුම තියෙන කොල්ලො හරිම විනීතව උත්තර දුන්නා.

විස්තර කියන්න මෑනියනි
එතන හිටිය වැඩිහිටියා මට කිව්වෙ හරිම හෙමින්.
මෙතන නිදානයක් තියෙනවා..ඔයාල එතන හාරල ඇවිත් තියෙන්නෙ.ඒත් හරිම තැන නෙවෙයි..
මොනවද තියෙන්නෙ එතන
රත්තරං..බුදු පිලිම..මුතු මැනික් .අදුන් 2ක්.තව තියෙනවා.
මෑනියනි අපි සලකුනක් තියල ආවා ඒක කියන්න පුලුවන්ද.

රතු පාට සොපින් කවරයක් කොහොඹ අතු කෑල්ලක ගැට ගහල එතන හිටවල තියෙනවා..මම කිව්වා.
හරි ඒක හරි.එතනද තියෙන්නෙ
නෑ..ඊට ඉස්සරහින් ටිකක්
එහෙමද...අපිට උරුමය තියෙනවද

නෑ..

ඒත් කලින් තැනින් කිව්වා උරුමය තියෙනවා කියලා

මටනම් එහෙම පේන්නෙ නෑ..මම කිව්වා.

මම ඔවුන්ට අවශ්‍ය සියල්ල බලා නිමා කලා.එතනට ඇවිත් හරියටම තැන පෙන්නල උදව් කරන්න කියල එයාල මට බැගෑපත් වුනා.ඒ වනවිටත් එම තරුනයින්ගේ විශාල මුදලක් මේ සදහා වියදම් වෙලා තිබුනා..ඔවුන්ට ඕන වුනේ ඉක්මනින් පොහොසත් වෙන්න.විශාල ධනයෙන් භාගයක්ම දනට පිනට දෙන්න ඔවුන්ගේ කැමැත්ත වුනා.

තියෙන දේ මහ පොලවට පස් වෙලා යනවා..නැතිනම් කාටවත්ම නැති වෙලා යනවා.ඉදිරියෙදි පිට ජාතීන්ට අයිති වේවි..දැනටත් ඒක වෙනවා..ඒ ඔවුන්ගේ අදහස්.
මට ඒ සදහා කැමැත්තක් දෙන්න බැරි වුනා.ඒ වගේම අහම්බෙන් අදුනක් බලල දුන්නට මම මෑනි කෙනෙක් නෙවෙයි .කවුද ඔයාලට මම ගැන කිව්වෙ .මම ඇහුවම මගේ සැමියාගේ අදුනන කෙනෙකුගෙන් දැනගෙන තමයි ඔවුන් පැමිණ සිටියේ.

කොහොම වුනත් ඔවුන්ට උදව් කරන්න මම එකග වුනේ නෑ..පස්සෙ මිතුරෙකු මාර්ගයෙන් නැවතත් උදව් කරන මෙන් ඉල්ලා සිටියා.අසරන වෙලා හිටිය තරුනයො ගැන අනුකම්පා හිතුනත් මම එවරත් අකමැති වුනා..පසුව මගේ සැමියා හමුවී ඔහුගෙන් උදව් ඉල්ලා තිබුනා..එයට ඔවු දන්නා කිහිප දෙනෙක් සම්බන්ධ බව දැන ගත්තට පස්සෙ මග හැර යන්න බැරි බව තේරුම් ගත්තා.මොකද හදිස්සියක් වුනාම උදව්වකට වුනත් එන්නෙ ට්‍රයි කෝඩ් දාගත්තු මහත්තුරු නෙවෙයි රස්තියාදුකාරයො කියා කවුරුත් කියන කොල්ලො ටික කියල අපි දන්න දෙයක්.ඉතින් කොහොමෙන් කොහොමෙන් හරි නිදානයට අදුන බලල දෙන්න මටත් සිද්ධ වුනා..අනුරාධ පුරයට ආසන්න ගමකට තමයි යන්න සිද්ද වුනේ.කොහොඹ ගස් කටු පදුරු අස්සෙන් විශාල භූමියක තමයි එය තිබුනෙ.අදුන බලන්න තව පිරිමි කෙනෙකුත් හිටියා.කන්ඩායම් දෙකක් වගේ තමයි මට දැනුනෙ ..යකදුරු දෙන්නෙකුත් හිටියා.කැලෑව මැද පුංචි මඩුවක් හදල තිබුන.අදුන බලන්නෙ එතන ඉදල.

ඒ ලගම අපත් සමග පැමිණි අයෙකුගේ නිවස පිහිටා තිබුනෙ.දවස් කිහිපයක් එතන කාලය ගෙවන්න අපට සිදු වුනා.මම නිවැරුදි තැන පෙන්නුම් කලාට පස්සෙ ඔවුන් එය හාරන්න ගත්තා.කැලෑව මැද්දට ඒ සදහා අවශ්‍ය කරන ආයුධ යකඩ යන්ත්‍ර වගේ දේවල් ගෙනැත් තිබුනා.හැමදාම වගේ පොලිසියෙන් එනවද කියලත් අදුනෙන්මයි බැලුවෙ..මාස ගනනක් තිස්සෙ හැමෝම පේ වෙලා ඉදල තිබුනෙ.හැමෝටම ආරක්ෂා යන්ත්‍ර දාල තිබුනෙ.මුලින්ම අපට හමුවුනේ විශාල ගලක්.එය බොහොම අපහසුවෙන් අයින් කලා.කට්ටඩි දෙන්නෙක් නිසා එකෙකුට එකෙක් දෙවනි වෙන්න කැමති වුනේ නෑ.අදුන බලන පිරිමියත් එහෙමයි..වයසින් අඩු මම කියන දේ ඔහු ගනන් ගත්තෙ නෑ.නිතරම කැපිල්ල.ඒත් මට ආරාධනා කල තරුනයො හැම විටම මා කියන දේ පිලි ගත්තා.
අනිත් අදුන බලන කෙනා කිව්වෙ මම කියපු පාර නෙවෙයි.ඒ දෙසට හාරන විට මර උගුලකට අසුවුනු තරුනයකු තම ජීවිතය බේරා ගත්තෙ අනූනවයෙන්.පසුව මම කියන ආකාරයට ඔවුන් වල හාරන්න ගත්තා.අපිට ගල් ලෑලි තුනක් හමුවුනු අතර ඊලගට තිබුනේ තව එක් ගල් ලෑල්ලකුත් නිදන් පෙට්ටියත් පමනයි.එදා පූජාවන් තබා බහිරව දොස් සම්පූර්නයෙන්ම ඉවත්කොට නිදානයට ආරක්ෂාව මහසෝනට බාර කලා.අදුන බල බලා ඉන්න මට පෙනුනෙ ඊලග දවසෙ වැඩ කලොත් පොලිසියට හසුවෙන බව.මම එය කීවත් වැඩි තන්හාවෙන් සිටි අනිත් පිරිස එය පිලි ගත්තේ නෑ..අදිරිය දාමු පොලිසියට නොපෙනෙන්න.අනිත් යකදුරා කිව්වා..

නිදානයට ලං වෙන්න ලංවෙන්න කන්ඩායම් දෙක අතර නිතර නිතර හිත් රිදවීම් වුනා.සමහර අය පිස්සො වගේ හැසිරුනේ.එයට හේතුව බලවේග බව මම දැන හිටියෙ.
හෙට කොහොම හරි වැඩේ අවසන් කරන්න .ඉතිරි ටික අදම හාරමු.යකදුරු මහතා කිව්වා.අපිට ආපහු යන්නත් බෑ..අනිත් කන්ඩායම මොන තරම් දෙයක් කරාවිද..මට බයක් දැනුනා..මම එදා රෑ අදුන බලන්න වාඩි වෙලා හිටියෙ මඩුවෙ.මම දැක්කා අදුනෙන් හාමුදුරුවො කෙනෙක් ඈතින් වඩිනවා.මම එය ඒ තරමි හොදින් බැලුවෙ නෑ..මගේ මහත්තය ඊට ටිකක් එහායින් තිබුනු ගසක් මුල වාඩිවෙලා හිටියෙ.මට දැනුනා කවුරු හරි මගේ ලගට ආවා වගේ.මම බලන කොට හාමුදුරුවො..වයස හාමුදුරැවො කෙනෙක්.මාව උඩ ගියා.කරකියා ගන්න දෙයක් නැතිවුනා.මම ඉබේමයි නැගිට්ටෙ..කලින් දැනගෙන හිටියා ඒ අසල පන්සලක එක හාමුදුරුවො කෙනෙක් ඉන්න බව.ඒත් උන් වහන්සේ මෙතනට ආපු විදිහ හිතා ගන්න බැරිව ගියා.

මාව ගොලුවුනා..හාමුදුරුවො කතා කලා.
ඔය දරුවො නිදන් හාරනවා නේද..දන්නවද ඔය වැරදි වැඩක් කියල..මම හිස සැලුවා..
අනුන්ගෙ දේවල් ගන්න එක හරිම වැරදි දෙයක්..ඔය දරුවා තවත් මෙතන අදුන් නොබලා මෙහෙන් යන්න.
මම හිස සැලුවා..හාමුදුරුවො ලගින් දෝ සමන් පිච්ච වැනි මල් සුවදකුත් ආවා..මම හාමුදුරුවන්ට වැන්දා..උන් වහන්සේ ආපසු වඩින සැටියෙන්ම මොකක් හරි දෙයක් වේවි කියල මට හිතුනා..මම මහත්තයා ලගටම දුවල ගියා..

හාමුදුරුවො දැන ගෙන ආවා..අපිව පොලිසියට අල්ලල දෙයි අපි යමු..මම කිව්වා.අපි බලන කොට හාමුදුරුවො නෑ..කෝ හාමුදුරුවො..නෑනෙ..මගේ මහත්තයත් ටිකක් හාමුදුරුවො හෙව්වට හම්බ වුනේ නෑ..ඒත් එක්කම තමයි කෑලේ හිටිය තරුනයො තුන් හතර දෙනෙක් ආපහු ආවෙ.

හාමුදුරුවො ආවා
මම කිව්වා..හාමුදුරුවො මේ වෙලාවෙ..වෙන්න බෑ නංගි..අදුනෙන් බලන්න..

මම බැලුවා හාමුරුවො වඩින ආකාරය දැකපු නිසා මම එතනින් නැවැත්තුවා...ඒ වෙන කොටත් අන්තිම ගල් ලෑල්ල අයින් කරලත් ඉවරයි ගන්න විතරයි තිබුනෙ.එය හෙට ගමු කියල අපි කතා කර ගත්තත් අනිත් කන්ඩායම එයට අකමැති වුනා.පස්සෙ එක එක මත ගැටුම් ඇති වුනා.අවසානයේ අපිව එක්ක ගිය කට්ටඩි මාමට හොදටම කේන්ති ගියා..ඒ කට්ටඩි දෙන්න රන්ඩු වුනා..

අපි යමු යන්න..අදුන ගන්න..අදුන අරන් යමු යන්න..
ඔහු හිටියෙ කෝපයෙන්.
අදුන බලපු තැන හිස් වුනාට නිදානය තිබුන තැන තිබුනෙ කැලෑවෙන් වට වෙලා..විටින් විට ඇවිත් තමයි අදුනෙන් විස්තර අරන් එතනට ගියේ..අපි එදා රෑම එතනින් ආවෙ..මොනවගේ දේ කට මුහුන දෙන්න වේවිද කියලත් බයෙන්..අපි හතර දෙනෙක් විතරයි වැඩෙන් ඉවත් වුනේ..අර දන්න ගෙදරම තමයි රෑ නතර වුනේ.කොහොම හරි උදේ පන්සලට ගිහින් විපරම් කලාට එහි හිටියෙ වයසක හාමුදුරුවො කෙනෙක් නෙවෙයි.අවු 29 විතර තරුන හිමි නමක්..

එවැනි හාමුදුරුවො කෙනෙක් ගැන කවුරුත් දන්නෙ නෑ කිව්වා..එදාම කට්ටිය නැවත මිතුරු වුනත් මම නැවත අදුන බලන්න එකග වුනේ නෑ..මට ඕන වුනේ ඉක්මනට ගෙදර එන්න.ඒ තරම් බය වෙලා හිටියෙ.ඇස් දෙකෙන්ම දැක්කා නිදන් පෙට්ටිය..ඒත් දැන් බයයි..දෙන දේ කොහොමත් දෙනවනෙ.ඒක නිසා එදා මම ගියේ නෑ..

රෑ දැක්ක විදිහටම පොලිසියෙන් පැනලා..කට්ටිය දුවලා..යකදුරු මාමෙකුයි..තව කොල්ලො හතර දෙනෙකුයි අහු වුනා.එයාලව අවුරුද්දකට හිරේ ගියා..ආපහු ගත්තෙ ඇප දීලා.එතන නිදානය වහල දාලා. අපිව එක්ක ගිය කට්ටඩි මාමා ඇතුලු හැමෝටම ඒ පැත්ත පලාතෙ එන්න එපා කියලා පොලිසියෙන් තහනම් කලා..ගෙනිච්ච ආයුධ උපකරන තවත් ඒ කැලේ හංගපු තැන් වලමයි..ආපහු යන්න බෑනෙ ගන්න.
මාව අහුවුනේ නැත්තෙ අර හාමුදුවො නිසා.පස්සෙ ආරංචි වුනා පොලිසියටම ගිහින් හාමුදුරුවො ඔත්තුව දීලා එක පාරටම ගිහින්..ඒ කියන්නෙ විනාඩි දෙක තුනක් ඇතුලත හාමුරුදුවො අතුරුදහන්.ඒ ඇත්තටම හාමුදුරුවො කෙනෙක් නෙවෙයි අර නිදානය ආරක්ෂා කරපු බහිරවයෙක්..අදුනට දැක්කත් ඇත්තටම ලගට ආපු නිසා බහිරවයෙක් කියල සැක හිතුනෙ නෑ..පස්සෙ තමයි දැක්කෙ.

උරුමක්කාරට අයිති දෙයක් උරුමයක් නැතුව ගන්න යද්දි මෙවැනි දේ වෙනවා.එදා කොහොම හරි එක කොල්ලෙක් නොදැන ඌරු මසුත් කාලයි නිදන් වලට බැහැල තිබුනෙ.අන්තිම මොහොතෙ සේරොම ඉවර වුනේ ඒ කොල්ල නිසා කියල කට්ටිය තාමත් බනිනවා...එයට සම්බන්ද වුනු ගොඩක් අය ලෙඩ වුනා..ඒ අයට තාමත් කරදර තියෙනවා..
අනිත් අයනම් තාමත් නිදන් පස්සෙ දුවනවා..කවද හරිම දෙයක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන්..ගින්දර කියා දැන දැන ම අත පුලුස්සා ගැනීමක් තමයි නිදන් පස්සෙ යෑම....අන්තිමට ලැබුනු දේත් නෑ...වියදම් කරපු මුදලත් නෑ..නාස්ති වෙලා ගියා කාලයත් ආපහු එන්නෙ ත් නෑ...

යක් ෂ රුජිනි ලියපු සත්‍ය කතාව රස විදින්න..ගොඩක් රහස් සගවලා හරිම කෙටියෙන් ලිව්වෙ.(කවදාවත් ඉක්මනින් පොහොසත් වෙන්න කියල නිදන් පස්සෙනම් යන්න එපා මිතුරනි..එය තමයි ලොකුම කොඩිවිනය)

Post has attachment
<<<*ආත්ම වියරුව*>>>

10 කොටස...

අවිශ්ක කල්පනා කරමින් ඔහුගේ වාහනය දෙසට යනවාත් සමගම..ඊයේ කැලේ ලඟදී දමා ආ කැබ් එකද ඒ අසලින්ම තිබෙනවා දුටුවේය.. අවිශ්කගේ හිත තිගැස්සී ගියේය.. බංඩාරද ඔහු ලඟට ආවේ ඒ වෙලාවේය... එය දුටු බංඩාරද පුදුම විය...

"මචන් අවිශ්ක... මේ කැබ් එක කොහොමද බන් මෙතන තියෙන්නෙ..මේක අපි කැලේ ලඟ දාල ආවේ.. ඇරත් මේකෙ ලොකු හරක් ඔලුවක් එක්ක ලේ පිරිල තිබුනා..."

බංඩාර වාහනේ ඇතුලට ඔලුව දමා කීවේ.. අවිඅහ්ක දෙස බලමින්.. අවිඅහ්ක නලල රැලි කරගත්තේ කිසිත් සිතාගත නොහැකිවයි...

"මන් දන්නෑ බන්.. මගෙ ඔලුව රිදෙනව.. මේ මොනව වෙනවද මන්දා..."

"අවිශ්ක මන් හෙට ගෙදර යනව බන්...මට බෑ මෙව්ව බලන් ඉන්න... ඇරත් සරත්ගෙ මරණෙ මගෙ හිතට වදයක් බන්..."

"උබේ කැමැත්තක් හෙට පලයන්.."

අවිශ්ක එසේ කියා යනවත් සමගම මැනිකේ එතැනට ඇවිත් මිදුලේ බංකුව වෙත විත් ඉඳගත්තේ උදේ වුනු දේ යලි මතක් කරමින්... මැනිකෙට එය විශාල ප්‍රස්හ්නයක් වූවේය...
එක පාර මැනිකෙගේ පිට දෙසින් වේදනාවක් ආපු නිසා ඉක්මනින් නැගිට වටපිට බැලුවේය... කිසිවෙකු නොවීය.. නැවතත් ඇගේ අත මහා හයියෙන් කවුරු හරි අල්ල ඉන්නවා මෙන් හැනුනේය... කිසිවෙකු ඇගේ ලඟ නොසිටියත්.. අතේ ඇඟිලි පාරක් වීය..ඇය බංඟලාව තුලට දීවේ කෑගසාය..

"අපේ මහත්තයා...
අපේ මහත්තයා..."

ඇය දුවන විට නැවත ඇගේ කොන්ඩෙන් කවුරුන් හෝ ඇදගෙන ආ පස්සට යනවා මෙන් ඇයට දැනුනි... එක වරම මහා බියකරු සිනා හඬක් ඇයට ඇසී බයංකඅර කටහඬක්ද ඇසුනේය...

"ලොකු මැණිකේ.."

මැණිකේ බය වී.. සිහු සුන් වී බිම ඇද වැටුනේ වෙවුලමින්... අවිශ්ක... ගේ පුරා අම්මව සොයා ඇවිද්දේ..බංඩාර යාමට සූදානම් වන බව කියන්නයි... ඔහු කුස්සියට ගියේ.. අම්මා කුස්සියේ ඇතැයි සිතාය.. එහෙත් රන්සෝ... දවල්ට උයන්නට එලවලු සුද්දකරමින් සිටියේය.

"රන්සෝ..කෝ.. අම්මා.."

"එළියට ගියා පුන්චි මහත්තයා.."

"මට වතුර එකක් දීපන්කො."

අවිශ්ක.. වතුර එකක් රන්සොගෙන් ඉල්ලපු ගමන්.. රන්සොගේ මුහුණ මහා බයානක ස්වරූපයක් ගත්තේය.. රන්සෝ වතුර එක අරන් අවිශ්ක දෙසට බිම් බලා හැරී.. කතා කර ඔලුව ඉස්සුවේය...

"ඉඳා... බීපන්..."

මහා බියකරු ඬකින්.. කතා කෙරූ පාර අවිශ්ක හැරී බැලුවේ රන්සෝ දෙසය... වතුර වීදුරුව අවිශ්ක අතින් බිම වැතුනේ.. ඒ.. එක්කමය... අවිශ්ක මහා හයියෙන් කෑගැසුවේය...

"බුදු අම්මෝ..."

ඔහු දිව්වේ එළියටයි.. ඉස්සරහා.. ගේ.. මුදුලට දුවගෙන විත් ඔලුවෙ දෑතින්ම බදා හති දැමූ අවිශ්ක කෑගසාගෙන දිවුවේ.. මව ලඟටය...

"අප්පච්චී.. අනේ...
අප්පච්චී... එන්න.."

අවිශ්ක බෙරිහන් දුන්නේය.. ඒ සද්දෙට හාමුද බක්ම්ංඩාර රන්සෝත් දුවගෙන ආවේය...

"අම්මා... අම්මා.... නැගිටින්න.."

"දැවියනේ මැනිකේ.. මොකෑ පුතේ මේ වුනේ..."

"කලන්තයක් දාල වගේ අප්පච්චී...රන්සෝ වතුර එකක් ගේන්න..."

ඔවුන් මැණිකෙවත් උස්සන් ගෙට යන විට අවිශ්කගේ කනට මහා බියකරු හ්ඬක් ඇසුනේය...

"අවිශ්ක..දුක..හිතුනද...අම්මා... අම්මා... උබේ.. අම්මා... එතකො.. මගේ..අම්මා..."

අවිශ්කට සිහින් දාඩිය දැමුවේය.. එදා.. සිතාරාගේ.. අම්මා.. මරණ විට ඔවුන් තවමත් නොදනී...
මැනිකේ ගෙට අරන් ගියද... ඇයට...කිසිම දෙයක් සිතා ගැනීමට මෙන්ම කතා කරගැනීමට පවා නොහැකි වීය..ඔවුන් සිතුවේ... අසනීප තත්වයක් කියායි.. නමුත්...මෙතැන් පටන් ඇගේ ආතමය බංගලාව උඩුයටිකුරු කරන බව ඔවුන් නොදැන සිටියහ...

රෑ බෝ වනවාත් සමගම බයංකාර ශබ්ද ඇසෙන්නට පටන්ව ගත්තේය. කලින් අවිශ්කට විතරක් ඇසුනද දැන්... හැමෝටම ඇහෙන්න පටන්ගත්ත... සිතාරාගේ ආත්මය තම අරමුණ කරා ලඟා වනවාත් සමගය..

රෑ බෝ විය නමුත් වෙනදා මෙන් නින්දට ගියද ඔවුන්ට සිත් සැනසීමෙන් නිදාගැනීමට නොහැකි විය. බංඟලාව දෙවනත් කරමින් මහා හඬක් ඇසේ.. තරප්පු පෙල දිගේ ය්මෙකු බසින හඬ ඇස්ඩ්න්නට පටන්ගත්තේ ලොකු හාමුටය.. ඔහු නැගිට.. සාලෙට අවේ මේ මහ රෑ කවුද එහාට මෙහාට යන්නේ.. කියා බැලීමටයි... ඔහු පැමින බැලුවද කිසිවෙකු නොවීය... ඔහු නැවතත් කාඹරයට යන්නට ගියද මිහිරි ගීතයක් සමග පියානෝව වාදනය කරනවා ඇසිනි... ඔහු.. නැවත හැරී බැලුවේය...කිසිවෙකු නොවීය...

නැවතත්.. තරප්පු පෙල ශබ්දයද පියානෝවේ ශබ්දයද ඔහුට එක දිගට ඇසෙන්නට පටන් ගත්තේය... ඔහු බිය වී යනවාත් සමගම... කොන්ඩය කඩා දාපු සුදු පාට බෝනික්කෙකු ඔහු වෙතට ආවේ... ඔහුව බය කරමින්... ඉතාමත් දුර්වර්ණ වූ ඒ බෝනික්කා.. ඔහු දෙස බලා මහා හඬින් සිනා වූවේය... හාමු කාඹරේට දිව ගොස්. හති දැමුවේය...

ජනේලෙන් එහා පැත්තේද.. දෙදෙනෙකුගේ කසු කුසුවක් ඔහුට ඇසුනේය... ඔහු බැලුවේය. කිසිම කෙනෙකුත් නොමැත.
ඔහු දාඩිය පිසදැමුවේ බයෙන් වෙවලමින්..

අවිශ්ක හා බංඩාරද එකම ඇඳේ නිදාගෙන සිටිද්දී විටෙක අවිශ්කගේ ශරීරයේද විතෙක බංඩාරගේ ශරීරයේද උසුලන්නට නැගිටගන්නට බැරි බරක් පැටවී ඇති බව ඔවුන්ට දැනුනි.

හාමුගේ ඇඳේ.. කෙලවරේද බෝනික්කා සිට.. මහා බිරාන්ත හඬින් සිනාසෙයි.. බංගලාව අඳුරු මූසල පෙනුමක් ගත්තේ.. ඔවුන් බය කරමින්... බෝනික්කා විටෙක හැඬීමත්.. විටෙක වියරු සිනාවත්.. නිසා හාමු බයෙන් වෙව්ලා ගියේය... ඔවුන් කිසිම කෙනෙකුට එලි වෙනකන් නින්දක් නොගියේය..

අවසානයක් නොවේ....

බෝනික්කාගේ කතාව මොකක්ද... බෝනික්කා හා ඔවුන් අතර ඇති සම්බන්දය කුමක්ද... එතැන් සිට ඉදිරියට...👉👉👉👉

ආත්ම වියරුව....

අහින්සක නෙතූ.

#උපුටාගැනීමකි.
Photo

Post has attachment
කාල හීසර - තුන්වන කොටස

අපර්ණා මොකක්ද වෙලා තියෙන්නෙ.
සාඩින් බිඳුනු කෝප්පෙ අස් කරද්දි මම වැටිච්ච ෆෝන් එකත් අහුලගෙන ගියේ මගේ කාමරේට ඇඳුම් මාරු කරන්න.. කාමරේ දොර වහගත්තු මම ඇඳ උඩ ඉඳගත්තෙ කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව... ඇස් දෙකත් පියන් ඔහේ ටිකවෙලාවක් ඉඳගෙන කල්පනා කරන මගේ දැහැන බිඳුනෙ සාඩින් ගෙ කටහඬින්...

අපර්ණා ... දොර අරින්නකො ... මෙන්න මේ ඇඳුම් ටික ඇතුලෙන් දාන්න දෙන්න වැස්සක් එනව...

මූණ අත්දෙකෙන් පිහිදගත්තු මම දොරේ අගුල ඇරල සාඩින්ට එන්න දුන්නා.. ආපු ගමන් සාඩින් උඩ ඉදන් පහලටම බැලුවෙ මම දිහා...
මොකක්ද කරන්නෙ.. ඇයි තාම මෙහෙම ... ඇඳුම් මාරු කරන්නෙ නැද්ද...

ආ... මම මේ.. ෆෝන් එක බල බල හිටියෙ ... ඒකයි..

මට නම් මෙහෙ ඉන්න එක අල්ලන්නෙ නෑ .. මේ පෙට්ටිය . අනෙ මන්දා ඒක මොකක්දෝ දෙයක් අපිට කියන්න හදනෝද කියලා ..
රෙදි ටික අල්මාරිය ට දාන ගමන් පූජා කියන්න ගත්ත විදියට මට හිතුනෙ මට වගේම දේවල් එයාටත් වෙනව ද කියලා .. අහන්න ත් බැහැ...

ඇයි එහෙම කියන්නෙ සාඩින් ..

නෑ අනේ නිකන්.. මට හිතුනු විදිය... ගන්න ගන්න එපා වැඩිය...
එහෙම කියලා අල්මාරිය වහල හින වෙච්ච සාඩින් එලියට ගියා...
මාත් ඉක්මනට ඇඳුම් මාරු කරගෙන කාමරේ දොරත් වහල අනෙක් කට්ටිය ඉන්න තැනට යන්න හදල ඉස්සරහ හැරුනම දැක්ක දෙයින් හීන් දාඩිය දාන්න ගත්තා ... ඉස්සරහ තිබ්බ ජනේලෙන් පෙන්නෙ එලියෙ රෙදි වැල... ඒකෙ තියෙන්නෙ මගේ කොල පාට දිග සාය.. මට මෙතනට පේන්නෙ එච්චරයි ... ඒත්...
මම එකපාරටම හැරුනෙ අපේ කාමරේ දිහාවට... ආයෙම රෙදි වැල දිහා බලපු මම එහෙමම ආයෙ දිව්වෙ කාමරේ ට... කෙලින්ම අල්මාරිය ළඟට ගියපු මම දෙපාරක් හිතන්නෙ නැතුව දොර ඇරල තට්ටුවක් ගානෙ හෙව්වෙ සාඩින් දාපු රෙදි ටික...
කෝ මේක.. මම හොඳටම දැක්ක නෙ එයා...
ඒත් එතන වේලපු රෙදි එකක්වත් තිබ්බෙ නෑ ... මගේ හුස්ම කෙටි පරාස වලින් වැටෙන්න ගන්නකොට මම දොරවලුත් ඇරල දාල දිව්වෙ සාඩින් ව හොයාගෙන... එය සාලෙ හිටියෙ නෑ ...

මොකො අපර්ණා ... ඔහොම දුවන්නෙ ...
දෙවීන් එහෙම අහද්දි මම හිනාවකින් විතරක් උත්තර දීලා ගියේ ඉස්තොප්පුව පැත්තට ... සාඩින් ...
රෙදි වැල.ළඟ හිටියෙ සාඩින් ... එයා ...එයා දැන් තමා රෙදි ගන්නෙ.. එතකොට .. එතකොට ඉස්සෙල්ලා ..
මගේ කකුල් දෙකත් පණ නැති වුනා වගේ මම කෙලින්ම වාරු වුනේ දොරට... ට්ක වෙලාවක් සාඩින් දිහා බලන් ඉඳපු මම නළලට නැගුනු දාඩිය බිඳු පිහිදන ගමන් ආයෙම සාලෙ පැත්තට ගියා...

එදා රෑ මට නින්ද ගියෙ නැති තරම්.. හැමවෙලේම මතක් වෙන්නෙ සිද්ධ වුන දේවල්.. මගෙ ඇඳ යි සාඩින්ගෙ ඇඳයි තිබ්බෙ එක ළඟ... මම උඩුබැලි අතට හාන්සි වෙලා ඇස් දෙක පියන් මේවට දෙන්න පුලුවන් තාර්කික උත්තර යක් කලපනා කලේ.. ඒත් මගේ හිත හොඳටම චංචල යි.. මුකුත් මතක් වෙන්නෙත් නෑ .. මේවා කියලා නිකන් මෙයාලව බය කරන්න බෑ .. මේව මගේ මනෝවිකාරද කොහෙද ?
එහෙම කියලා අන්තිමේට හිත හදාගෙන නිදාගන්න කියලා මම ඇඳේ අනික් පැත්තට හැරුන...
මට මොනව වුනාද කියලා මම දන්නෙත් නෑ .. මගේ ඇස් දෙක එලියට පනින්න තරම් ලොකු වෙන්න ඇති .. මගේ ඇඳේ මට එහපැත්තෙ හාන්සි වෙල මම දිහා බලන් හිටියෙ ... තියුණු ඇස් දෙකක්.. මූනෙන්න්ම ඇස් දෙක විතරයි පේන්නෙ..
මම බය වෙච්ච පාර කෑගහන්න උත්සහ කරද්දි ම මගේ අත තද කරල අල්ලගත්ත එයා මගේ ඇස් දෙක දිහා හෙලුවෙ තියුණු බැල්මක්.. මගේ අල්ලෙ මොකක්දෝ පිච්චෙන වැනි වේදනාවක් ඇදෙද්දි මම උගුරේ හිරවුනු දේ එලියට දැම්ම වගෙ මරලතෝනි දීගෙන කෑගහන් නැගිට්ටෙ ...
මම කෑගහද්දිම අතුරුදහන් වුනු ඒ රූපය ඝන අඳුරෙ නොපෙනී යනකොට ගෙදර එකින් එක විදිලි පහන් දැල්වෙන්න ගත්ත... කඳුලු පිරි දෑසින් මම මගේ වේදනා ගෙන දෙන අල්ල පිරිමදින කොට මගේ කෑගැහිල්ල ට අවදි වුන සාඩින් දාපු කාමරේ ලයිට් එලියෙනුඉ මම අතේ තියෙන සළකුණ දැක්කෙ.. ඊතලයක්.. කලු ඊතලයක් ...
කම්මුල් දෙකේ බේරෙන කඳුලු රූටල ඇවිත් අල්ලට වැටෙනකොට ඒ දිහාම බලන් ඉඳ්පු මගෙ පියවි සිහිය ආපහු ආවෙ සාඩින් මගේ නම කියලා කතා කරද්දි.

අපර්ණා ..
කාමරේ ස්විච් එක ළඟ ඉඳන් මම දිහා බය වෙලා බලන් ඉන්න සාඩින්ටයි , අපේ කාමරේ දොරට ගහන අනික් අයටයි කියන්නෙ මොකක්ද කියලා කලපනා කරන ගමන් මම මගේ අත්ල ඔවුන්ට නොපෙනෙන පරිදි කොට්ටෙන් යට කරගනිමින් ඇඳේ ඇන්දට හේත්තු වුනේ සාඩින් කාමරේ දොර අරිනකොට මයි...
කලු ඊතලයක් ... මොකක්ද මේ වෙන්නෙ...

To be continued ...
Photo

Post has attachment

Post has attachment
#back_again
#අබිරහස්_උමග


(මෙය සත්ය කතාවක නිර්මාන ශිලී ගෙනහැර දැක්වීමකි මෙහි සදහන් උමග දැනුදු වල් බිහිව දක්නට ඇත. ඒ පිලිබද මාගෙන් නොඅසනා ලෙස ඉතා කරැනාවෙන් ඉල්ලා සිටිමි)


"සවස 6.00 එලබ ඇති බව අත බැදි ඔරලෝසුවේ ටීක් නාදයෙන් මා දැනගති අමර පියල් ධර්මෙ උබලා කොයි ලෝකෙක ඉන්නවද .........අදුර තුල මා අතරමංව ඇත. කරැමය නම් අතරැදි අන්තිම ඉටිපන්දමි කොටයද මීට සුළු මොහොතකට පරතම නිවී ගියේ හාත්පසම දැඩි කළුවරක හෙලාය ..... අතරැදි ජංගම දුරකතනයේ බැටරිය බැසගියේ බලා සිටියදීමය ෆුල් චාජ් කල විදුලි පන්දමද හිටිවනම නිසොල්මන්ය මා අතර මං ව අැත. නොදන්නා බූත උමගක ..........
සුන්දර ලෙස ගෙවී ගිය ළමා කාලය කඩයිම් විබාග පසුකර අහවර උසස් පෙල විබාගය හමාරව සරසවි ප්රතිපල එනතුරැ සිටිනා කාලය තුල නන්දන වින්දන ෆුල් ආතල් එකේ ගෙවීම අපේ බැජාලාගේ අරමුන විය ගමක හැදී වැඩුනද නගරයේ ප්රසිද්ද පාසලක අප හමු ඌයේ දෛවයේ කැමත්තක් ලෙසින හතරේ කල්ලියේ ගැම්ම ගැන ද කරනා ජඩ වැඩ ගැන⁣ද දන්නෝ දනිති මේ කතාව ඔබට කියන මම සයුරංග සයූ කියලත් කියනව මට මේ කතාව අදටත් අපට විසදාගන්න බැරි ප්රෙහේලිකාවක ආරම්බය මෙසේ ඇරබින නිවාඩු කාලය තුල අප ලංකාවේ හතර දිග්බාගය ගමන් කලේ වැඩිහිටියන් විසින් කුඩා කල ආරම්බ කර තිබූ ගිනුම් පොත්වල නිශේද බලය අයි ඩී එකේ පිහිටෙන් අප අත්වලට ගැනීමෙන් පසුවය රට වට සිටිනා කෙල්ලන්ට නම් බර් බෙදමින් ඇතම් විට නොදැන බැන්දපු අක්කලාටද ඇන්ටිලාටද නම්බර් දෙමින් කොකු ගසමින් නිවාඩු කාලය උපරිම ව විදීමට අමතක නොකලෙමි. ඇතම් විට දෙන ඇන්ටිලාගේ මහත්වරැන්ගෙන් ලැබුනු කිඩාරම් මල් වදන් සුවද ඇමතුම් වලට පිලිතුරැ දුන්නේ පියල් ය ඔහුට ඩුවල් ටෝන් වොයිස් ඇත. විටක 18කෑල්ල සේද තවත් විට ප්රේමයෙන් මත් බ්රැන්ගයෙකු සේද ඇමතීම ඔහුගේ තවත් එක හැකියාවකි. හදිසි අවස්තාවක මුදල් ප්රස්නයක් ඇති වූ විට ඇට මාලය කරේ ලා සරමක් ගසා හිමාල බමුණුවෙස් ගන්නා ධර්මේ උග්ර අනාවැකි කරැවෙකි ෂර්ලෝක් හෝම්ස්ගේ අතීසාර පාඨකයෙකු වන මොහු පරීක්ෂන නිරීක්ෂන නිගමන වලට පැමින නිවරදි සාස්තර ටක්කෙටම කීමට හපනෙකි එමගින් ඔහු මුදල් උපයා සියයට 10ක් පින් කැටවලට දැමීමට පුරැදව සිටී. ධර්මයා නම් අති පන්ඩිතයෙක් වග මුළු විදුහලම දැන සිටියහ වූට බැරි දෙයක් නොමැත හිටගෙන වළළු නැතිව ගස් බඩගෑමේ සිට ගැරේජ් වැඩ පවා දන්නා මීටරයකි. ධර්මයා සිටිනා තැන පාළු නැත මගුල් ගෙවල් දානේ ගෙවල් ආරාදනා නැතුවම ගොස් උදව් පදව් කර අවසන ගතමනාවක්ද හීන් සීරැවෙ සාක්කුවට බැර කර ගැනීම සිරිතය උෟ මලගෙදරක ගියහොත් කා බී බූරැව ද ගසා වලද කපා අන්තිමට නොදන්නා මිය ගිය උන්දෑ ගැන පැයක ගුන වරැනා කතාවක්ද කර අවසන මිනිය වලලන මොහොතේ කදුළු සලා අඩා හත් දවසේ දානයටත් ඉද එන ජාතියේ ජාති පුතයෙකි. මේ හැමටම වඩා අමර හාත්පසින්ම වෙනස්ය ගුරැවරයෙක් ස්නායු පද්දතියෙන් පටන් ගතහොත් පාඩම ...අමරයා නවතින්නේ රසායනික සංයෝග වල පරතික්රියා හේතුවෙන් මොලයේ හටගන්නා පිලිකා සෛල ගැන අසාය ඒ තරමට ඉගෙන ගැනීමේ උනක් උෟට ඇත විටක පුස්තකාලයේ බහිරවයෙකු සේ හිද විවිධ පතපොත පරිශිලනය කරයි තවත් විටක විද්යාගාරයේ විවිද දෑ අත්හදා බැලීම්ද සොරාකම් කල සෝඩියම් කැබලි කෙල්ලන් ගමන් ගන්නා මග ඇති මඩ කඩිති වල⁣ට විසිකර අාතල් ගැනීම⁣ටද හේ අමතක නොකලහ ඒ මගේ බැජාලාගේ ගති සිරිත්ය ගමන් බිමන් යෑමෙන්
හෙම්බත් වූ අපට ධර්මයා එක් සැදෑවරැවක ගෙන ආවේ..... " මේ බොලන් දැන්නම්මට ට්රිප් ගිහින් හාඩප් බන් අතේ තිබ්බ අන්තිම පිචිචියෙන් තමා අද ⁣ඩේටා කාඩ් එක දැම්මෙ ආා .. ඒකනෙ බන් මාත් මේ කියන්න ඉදියෙ අපි වෙන මොකක් හරි කරමු පියල්ද ඊට රැකුල් දුනි සයු මේ අපි යන්ද බන් උමගක් බලන්න නිහඩව සිටි අමර හිටිවනම මා දෙසට හැරී කීවේ ධර්මයාගේ ඇස් උඩ යවමිනි ඈ බන් අමරයෝ තෝ දැන්ද බොල කියන්නේ ඔය වගක් ආ යමන්කො බන් ආතල් නේ ඈ ... ගයිස් කැමති නේ ධර්මයා අප දෙස හැරී ඇසුවේ හරියට ඌ සංවිදානය කල ගමනක් ලෙසය මේ මචන් ලා මේක හෙන අවුල් ගමනක් ආ ෆන් එකටත් වඩා බයානකයි අපේ ගමේ පන්සලක් තියනව බන් මේකෙ බන් මිනිරන් පතලක් තියනව කතන්දරේ තියෙන්නෙ බන් ඒක මිනිරන් පතලක් විදියට තිබුනට බන් මේක ඕලන්ද බලකොටුවකට යන්න පොලොව යටින් හදපු උමගක් කියල තමා කියන්නෙ ⁣මේ උමග බන් අන්තිමට ගගක් යටිනුත් ගිහින් ඒ බලකොටුව ට යන්න තියෙන් නෙ කියල අපේ සීය කෙනෙක් මට කියල තියනව කවුරැවත් යන් නෑළු බන් ඒකෙ බයට ඉස්සර කාලෙ පතලෙ වැඩකරපු අය ඔය උමගේ මැරිල තියනවළු බන් හිටි හැටියේ අමරය⁣ා කල විස්තරය අනුවමෙහි සත්ය අසත්ය තාව සොයා යෑමෙ මදන උන අප සිරැරේ මෝදුවෙම්න් පැවතින . හහ් හොල්මන් කියල දෙයක් නෑ ඩාර්ලින් පියල් ගැහුනු හඩකින් මිමිනීය .. යා යා මයි බෙිබි උම්මාාා පන යයි අමර පියල්⁣ට හාද්දක් දීමට තොල උළුක් කර පියල් මතට පැන්නේ ධර්මයාත් මාත් හිනස්සවමිනි ..සෙස්සන්ට ගෙන ආයුතු දෑ මම නියම කලේ අප යන ගමනෙහි ඇතිවන බාදක දුශ්කරතා ද සලකාය යොදාගත් දින රහසේ අප අදාල විහාරස්තානයේ පහල කැලෑ කොටසේ උමග සොයා ගියෙමු. ප්රතමාදාර බෝතල් කල ජලය බිස්කට් ඉටිපන්දම් සහ ශක්තිමත් කඹ වැනි දෑද අමරගේ පියා රටින් ගෙනා විවිද ටින්කල කෑම ඇසිරෑ මහ මල්ලක්ද කුඩා ඩෝලයක් ⁣ධර්මයා ගෙනවිත් තිබින කෙසේ නමුදු මට නඩය දුටුවිට සිහි වූයේ වට වන්දනාවක් යෑමට සැරසී පැමිනි බයියන් පිරිසක් වින පුරැද්දකට ධර්මයා විටින් විට කොන්ඩය හදයි ඒ බන් බලහන් අරෑ කොන්ඩෙ හදනව ඒ මචන් උමගේ ගෑනු නෑ පියල් කෑ ගසා කී දේ වැටහි දෝ ධර්මයා මූන දෙක කරගත්හ .. මැරෙන්න උනත් ලස්සනට යන්න ඕන අ ා මදක් බෙල්ල උස්සා ඔලොක්කුවට කීවෙ අප සිත් මොහොතකට නතර කරමිනි පිස්සු හු@#$%&* කතා නොකිය හිටු මා සැරෙන් කීවෙමි ... ජේ බෝලේ නාත් හික්ස් අමරය තෙපලීය ආන් බලන් සකි ඈතින් දිස්වන "හිල" ආහ් කෝ කෝ හිල පියල් ඇසීය යකෝ ඒ හිලක් නෙමේ මේ උමගෙ දෙර බලපන් සැබැවක්ය ඈතින් දිස්වන්නේ උමන් විවරයයි මදක් වට වල් බූටෑව වැවී අදුරැ ගුහාවක් සේ අප සිටි තැනට දිස්වන එය මදක් බිය උපදවන සුළුය .... යමල්ලා යමල්ලා ධර්මයා වහා පෙරට විය අපායට ගියත් බන් මූ ඉස්සෙල්ල යවන්න ඕන ආහ් අපාය කීවම මතක් වුනේ බන් දැන් බියගන්න කාරනාවක් නෑ අපායෙ මහ තැන යම පුටුවෙු ඉන්නේ අපේ ජුවානිස් සීය ඒ පියල් ගේ රස වෑහෙන විහිළුවක ආරම්බයයි.. මොක කීවෙ මා ඇසීය ඔව් ඔව් බන් අපේ සීයා ආහ් රයිට් දැන් කියපන් කෝමද අර පව්කාරය ඔය තැනට ගියේ ධර්මයා ඇසීය මේකනේ බන් බොලා දන්නව නේ මුත්ත මහ පව් කාර අමනය ඈ උන්ද කරපු පව් බන් එවරස්ට් තරමට උසයි ආ ආ ඒමද අපි හූමිටි තිබ්බෙමි ඔව් බන් ඉබ්බෝ ඒම තලනවළු ආයි ඉසේ කෙස් ගානට ඒ කාලේ කුකුල්ළු ගෙනත් බන් දොර ට ට ට ....ඇති ඇති කතාව කිය අැතිවූ පිලිකුල මකා මා කීවෙම් හා ඔන්න මුත්ත බන් මැරෙන්න ලං වෙනකොට කීවළු ළමයිනේ මගේ ඔය ගිනිබටේට හොද පතුරමක් කො⁣ටල මයෙ පෙට්ටිය පැත්තකින් තියපල්ලා ලා ලා කියල මුත්තගෙ අවසන් කැමත්ත නේ බන් ඉතින් අපේ අප්පුච්චල ඕක ඒම්ම කොලාළු එදා රෑ බන් මහ හයියෙන් වැහල මුත්තාගේ හෝන් පලටත් හෙන ජෝඩු පිටින් ගහල ඈ මුත්තයි තුවක්කුවයි දෙන්නම නෑළු .. මක් වෙලාද ඒ මා ඇසීය ඒකනෙ කියන්නෙ බන් මුත්ත අපාය ඒක්ස්පරස් එකකින් නරකාදියට කැදෝල ආ ඔන්න පෝලීම පට්ට දිගළු මුත්ත බන් එක කොනක ඉන්නවළු අන්තිම ඇ අර ගිනිබටෙත් තියාන විටක් හප හප ඉන්නවළු ඒ ඩිංගට බන් පෝලිමේ ඉන්දපු උන් මුත්තගෙ පැත්තට නංම ගෙන කීවළු මම ඔය යමයට වැඩක් දෙනව බොලා මම අහන හැම එකටම ඕවි කියාපල්ල කියල ආ ආයෙ මොන සෙට් එකම කැමති වෙලා මුත්තගෙ වාරේ යමය කතා කරාළු නම කියල මුත්ත ඉතින් තුවක්කුවත් අරන් යමය ඉදිරියෙ ළු අා අමරයා තළු මර මර කියයි .. අපි උමන් ක⁣ට සමිපයේ පැමින ඇත මෙය පතලක් යැයි කීවාට කීමට වෙනස්ම එකකි පොලොව යටට හාරන වලක සිට ඇතුලට විහිද ගියද මෙය හාත්පස වෙනස් විය. මදකට කතාව නවතන සේ පියල්ට මා කීය ... කතා රසයෙන් මත් වූවො මා දෙස බැළුවේ මා ඔවුන් කමින් සිටි කෑම පිගාන ක් බලෙන් ගත්විට ඇතිවන අප්රසන්න තාවයක් මූනෙ මවා ගනිමිනි. දැන් මේකයි මචන් ලා අපි ඔක්කොම මෙකෙ යන්න ඕන එකා පස්සෙ එකා හරිද ඉස්සරහින් යන එක්කෙනා බඩු වලින් නිදහස් ⁣ මේක ඇතූලෙ තත්වෙ කෝමද කියල අපි දන් නෑ නොවෙ දැල්වූ පන්දම නොපෙනෙනා දුරකට විහිදින මෙතෙක් කයිය ගසමින් දිය කඩිති බෑවුම් පසුකර දුස්කර මාර්ග ඔස්සේ පැමිනි ගමනේ අවසනට පැමින ඇත මුවින් නොකීවද පැමිනි අය මදක් තැතිගැන්මකට පත්ව ඇත බටහිර චිත්රපට වල අැති කෝච්චි උමන් සිතේ මවා පැමිනි අප ඉදිරියේ ඇත්තේ අන්දුරැ දිගට විහිදුනු මාවතකි. මොකද කල්පනාව බොලන් අමරයා විමසීය නෑ බන් මම මේ කල්පනා කලේ බන් මේක අර බලකොටුවෙ ඉදල මෙතනට හෑරවද මෙතන ඉදන් එතනට හෑරවද මේ ඒක මම යද්දි කියන්නම් දැන් යමල්ල රෑ වෙන්න කලින් එන්නත් එපාය එවන් උමගක් මා කිසිකලක දැක නැත පොලොවට සමාන්තරව ඇතුලට විහිද එහි පලමු කොටස හිටගෙන යා හැක කෙටියෙන්ම කිවහොත් පලමුව අපට යෑමට ඇත්තේ කන්දක් ඇතුලට හෑරැ මාර්ගයක් ඔස්සේය සෙමෙන් සෙමෙන් මග පරීක්ෂා කරමින් අප නිසොල්මනේ වට පිට බලමින් පැයක පමන ගමනක් ඇතුලට ගමන් කලෙමු ඇතම් ස්තාන වල පස් කුට්ටි කඩා වැටී ගමන් මග මදක් අවහිරව තිබින එම තැන් වලින් නැමී ගමන් කිරීම ධර්මයාට මදක් අපහසු වූයෙ ඒකා මදක් උස වැඩි නිසාවෙනි අමර මෙහි ඇතුලත ඇති පාරවල් පිලිබද අසා දැන තිබීම අපට මහත් පහසුවක් වින කෑලි කපනා අදුරේ අධිබලති විදුලිපන්දම අපට ⁣දේවා ලෝකයක් වින එය නැව් වල බාවිතා කරන සේවා පහනක් මෙන් දීප්තිමත්ය පියල් මෙතෙක් කතාව නවත්වා සිටි තැනින් කතාව පටන් ගත්තේ ධර්මයාගෙ ඉල්ලීම ලෙසය ඉතිං බන් ඔන්න මුත්තා යමය ඉස්සරහ යමය හොදට බැළුවළු දිහා මුන්නැහේගෙ වත ගොතනම් අන්තිමයි බරපතල දඩුවම් තමා හා කමක් නෑ යම වහන්ස ඕන එකක් කමක් නෑ කීවම යමයට මාර අව්ල්ළු මුත්ත බැළුවළු යමය දිහා පුල් ඇගම මචන් ලා ගාඩ් එකළු පතුරම තියල වැඩක් නෑ කියන කොට මුත්තට පුල්ලෙයාර් නුවන ආවළු යමය ඇහුවළු බන් ඔය පොල්ල මොකක්ද කියල මුත්ත ගත් කටටම කීවළු ඒක මේ මම හීතලට උරන සුරැට්ටුව කියල ම් යමය ....අන්ඩය පොර ඇහුවළු යමපල්ලන්ගෙන් උන් කීවළු අපිනම් දන් නෑ ඔය වැරදි කාරයන්ගෙන් අහන්න කියල පෝලිමේ ඉන්දපු උන් ඔක්කොම අනුමත කලාළු ඔව් ඔව් කියල යම⁣යට ආස හිතුනළු මේක⁣ ටැස් කොරල බලන්න මුත්ත ඉතින් කීවළු මේ කොන කටට ගන්න මේන්න මේ පැත්ත අතට අරන් මේන්මේ කෑල්ල ගස්සන්න කියල මුත්ත කියපු විදියට යමය වැඩේ කරාළු හහ් ඩෝං ගාගෙන උන්ඩෙ පිට උනාළු යමයගේ මොල කුඩේ කුඩුළු ආයෙ අහල ඈ පැනපි ගමන් ඒ පාර මුත්ත යමයගේ ඔටුන්න අරන් දමාගෙන අපායෙ දැන් නඩු අහනවළු ඕන් දැන් අපායෙ යන්න බිය ගන්න ඕන නෑ බන් ලා සැවොම සිනාසුනෙ මෙතෙක් වෙලා තිබූ ගමන් මහන්සිය මදක් දුරැකරමිනි දැන් පැය දෙකක් පමන අප පැමින ඇත. පැමිනි මග අවසන කාමරයක් තරම් ඉඩ ඇති කොටසකට අප පැමිනියහ මෙතන සිට විවිද පැති වලට උමන් මං විහිද ඇත එම තැනට පැමිනි අප රැගෙන ආ ටින් කල ආහාර වර්ගද බිස්කට් ද කමින් මහන්සිය මදක් දුරැ කර ගත්හ ඉස්සන් කකුළුවන් සහ බැටළු මස් ඇසුරැම් කල ටින් වල අඩංගු වූ ආහාරයි මා නිර්මාංෂ බැවින් කෑමට තිබුනේ බිස්කට් පමනි ඩොල්කිය ගෙනා එකද පාඩුය අපගේ අරමුන වූයේ කුමක් දැයි දන්නේ අමරත් මාත් පමනි විදුලි ලන්තතෑරැම් එලියෙන් අප සිටි කුටිය පරීක්ෂාකල බැළුවෙමි ඉතා තද පාෂාන හිරිගල් වලට සමාන (හරිලෙස මොනවාදැයි කීමට අදද අප නොදනමි)මෙම කුටිය ඉදිරියෙන් නොදන්නා මාවත් කීපයක් ඇත එහි ඉහලින් අන්කනය කල දිරාගිය ලෑලි කැබලි වල නශ්ටයන් දක්නට ලැබින මේවා පතල් ඇතුලට යන දෝනාවල් බව අමර කීවේ පුරාවිද්යා මහාචාර්ය චරිතයක් රග දක්වමිනි ... මදක් ගිමන් හැරීමෙන් අනතුරැව අප මැදින් ඇති මාවතේ යා යුතු බව අමර ගේ අදහස විය. "ඒ බන් මේතරම් කල් ගිය ට්රිප් ටිකට වඩා බන් මේකත් මාර ආතල් එකක් නේ ක්රමයෙන් පැවති නුහුරැ අත්බූත බව සැමගේ සිත්වලින් කෙමෙන් පහව ගොස් තිබින එහෙත් හිටි හැටියේ ධර්මයා තිගැස්සී වට පිට බැලීය ⁣... මොකද යකෝ නෑ බන් මම දැක්ක ⁣. මොකක්ද වාලම්පුරියක් ද නෑ බන් නිකන් එක්කො ඕන නෑ මගේ හිතේ රෑපයක්ද කොහෙද මෙය අසා අපි මහ හඩින් සිනාසුනේ උමග තුල විනාඩියක් පමන අපේම හඩ දෝංකාර දෙද්දීමය ධර්මයා පෙරටු කොට අප තෝරාගත් මග ඉදිරියට අැදින රීල් කැමරාවකින් උමග තුල ජායාරෑප ගැනීම හද්දා එපාවන සුළු විය මද අදුරේ වදිනා ෆ්ලෑශ් ලයිට් එලිය දෑස් අන්ධකරවන සුළු නිසාය අප පැය බාගයක පමන ගමනකින් පසුව තවත් කාමර කොටසකට ඇතුල්වින මෙය ස්වබාවික සැදුම් ලද්දක්ද එසේ නොමැතිනම් පතල් කරැවන් විසින් සාදන ලද්දක් දැයි නිසිලෙස අනුමාන කල නොහැක පැරණි ලාම්පු සහ වෙනත් ගෙවී ගිය ආම්පන්න එක් ගොඩක ඇත මෙය වංකගිරියක් සේය කුමක් අරබයා මේ සා මාර්ග ඇත්ද සැබවින් මිනිරන් පතලකට එහා ගිය උමන් මාර්ගයේ රහස් කතන්දරයේ ඇති සත්ය බව අප සියළු දෙනාටම අවබෝධ වී හමාරය මට නිදිමතක් දැනෙමින් තිබින සෙස්සන්ටද එසේ නිදිමතක් දැනෙනුයේ පැමිනි වෙහෙසකර බව නිසාවෙන් නිසා මදක් නිදාගෙන යළි ගමන ඇරබීමට සිතා සීතල පොලොව මත හාන්සි වූවා මට මතකය කොපමන වෙලා නිදා සිටියා දැයි නොදනිමි ... එක්වරම මා සිහිනකින් අැහැරැනෙමි මා අසල කිසිවෙකු නැත කෑගසා හඩ ගැසුවද කිසිවෙක් නැත අමර ධර්මෙ පියල් ගේ බෑග් මා අසල ඇත මුන් යකා ගෙන ගියාද නැගිට අවට බැළු මා හට කලයුත්තේ කුමක්දැයි සිතාගත නොහැකිවින අප ඉදිරියේ දොරටු කීපයක් අැත නිශ්චිතවම අමර සදහන් කල බලකොටුව වෙත ඇදෙනා උමග මා සිටිනා තැනට ඉදිරියෙන් ඇත මුන් මා රැවටීමට කල උපායක් වන්නට හැක කෙසේ හෝ මා දැන් මුන් හසුකර ගැනීමට හැංගිමුත්තන් ගැසිය යුතුද නැගි⁣ට මා ගමන් මල්ලද කරේ ලා ඉදිරියට ඇදුනේ සිත රැදුනු කේන්තියද සමගිනි මුන් හමු වූ විට තක්කඩින්ට බැන ආපසු උමගෙන් පිටව යෑම මගේ අරමුනයි ගමන් කල දුර නොදනිමි ඔහේ මා ඉදිරියට ඇදුනෙමි එක්වර විදුලිපන්දමේ ආලෝකය ගැස්සී නැවතින කෙසේ බැළුවද එය යලි සකස් කල නොහැක .. ජංගම දුරකතනට ගෙන එය ඔන් කලා පමනි එහි ආරෝපනය බලා සිටියදී අඩුවින කළුවරේ අතරමන්ව ඇත බෑගය අතපත ගා ඉටිපන්දම් කීපය සාක්කුවට දමා ගතිමි මා පසුකර අා මග පැත්තෙන් හිටිවන යමක්කඩා වැටෙනා හඩක් ඇසින වහා ඒ දෙසට ගිය මා පත් වූ අසරන බව ඔබට වටහා ගත හැකිද මාපැමිනි උමන් මග ගල් විසල් කැඹලි වැටී අවහිරව ඇත. මා හට ගෙදර සිහිවුනි කාත් කවුරැවත් නැති තැනක මා මියයායුතුව ඇත වැටී ඇති ගල් කැබල්ලක් අයින් කිරීමට සිතන්ටවත් බැරිය එහෙත් එය වූයේ කෙසේද පලමු වරට ධර්මයා කී දෙය මා හට මතක් විය නොදන්නා යම් දෙයක් අපවටා කැරකෙමින් ඇත මෝඩයැයි පැවසූ ගම්මුන් කී දෙය සත්යය ගිය කිසිවෙකු යලි පැමින නැත. මෙි තැන හිද පලක්නොමැත මා දැන් කල යුතුව ඇත්තේ ඉදිරියටම යෑම පමනි යම් අදිසි බලයක් තිබුනද එ් බලයට මා යට නොවිය යුතුය .. ඉක්මන් කර මා ඉදිරියට ඇදුනෙමි පැය 3ක්වත් මා එක දිගට මග නැවතී විවේක ගනිමිනි බෝතල් මූඩියට වතුර රැගෙන දිව තෙමමින් ඉදිරියට ඇදුනෙමි තිබූ ඉටිපන්දම් සියල්ල ඉවරය "සවස 6.00 එලබ ඇති බව අත බැදි ඔරලෝසුවේ ටීක් නාදයෙන් මා දැනගති අමර පියල් ධර්මෙ උබලා කොයි ලෝකෙක ඉන්නවද .........අදුර තුල මා අතරමංව ඇත. කරැමය නම් අතරැදි අන්තිම ඉටිපන්දමි කොටයද මීට සුළු මොහොතකට පරතම නිවී ගියේ හාත්පසම දැඩි කළුවරක හෙලාය ..... අතරැදි ජංගම දුරකතනයේ බැටරිය බැසගියේ බලා සිටියදීමය ෆුල් චාජ් කල විදුලි පන්දමද හිටිවනම නිසොල්මන්ය මා අතර මං ව අැත. නොදන්නා බූත උමගක කෙසේ හෝ ඉදිරියට යා යුතුය අන්තිම පන කෙන්ද දක්වා උත්සාහය අත් නොහැරිය යුතුය .......
පුරැද්දට සේ ඇහරින ක්රියාත්මක වූ එකම උපකරනය වූයේ කැසි⁣යෝ අත්ඔරලෝසුවයි පාන්දර 3.00යි වෙනසක් නොමැත හාත්පස අදුරත් බඩගින්නත් පිපාසයත් මා වෙලා තිබින පියනට වතර ස්වල්පයක් ගෙන පානය කර කෑමට ඇති දේ බැළුවෙමි මට ධර්මයා සිහිවින කපටියා බරයි කියා ගෙනයාමට අකමැත්ත පලකල ටින්කල අාහාර සියල්ල මාගේ බෑගයට දමා අැත. වෙනයම් කිසිදු කෑමක් නැත. කුමක් කරම්ද ටින් එකක් විවර කර සිල්බිද ජීවිතය රැකගන්න යලි මා මාංස විය ඇගට යම් පනක් පැමිනියද සිත ඇත්තේ කල කිරීමකිනි මේ මොහොතේ මා තනිව කල්පනා කලේ ඉතිහාසයක සුල මුලක් සෙවීමට පැමිනි ගමන් මග ගැනයි ... මතයක් ඇත එනම් මෙම උමන් මාර්ග එකිනෙකට සම්බන්ද ජාලයක් ඇති බවත් එකල මෙම උමන් පතල් කර්මාන්තයක් පැවති බවත්ය පොලොව යට වස්තූ කැනීම උදෙසාද ආරක්ෂක මාලිග බූගතව ඉදිකිරීම සදහාද මෙය බාවිතා කර ඇති බවටය......... මා සෙමෙන් සෙමෙන් බිත්තිය අල්ලා ගමන් කලෙමි එක්වර මා හට කිසියමි කටහඩවල් කීපයක් ඇසෙන්නට විය එය එකිනෙකාට බැනගන්නා උද්වේගකර හඩවල්ය මා බිත්තිය අල්ලා පැමින අඩිය තිබ්බ තැන අඩිය වැදුනේ නැත වහා පසුපසට වින කටහඩ නැවතින සාක්කුවේ ඇති ගිනිපෙට්ටිය ගෙන කූරක් ගස⁣ෙ හාත්පස විපරම් කලෙමි එය ගැඹුරැ වලකි උමන්මාර්ග අවසන් වන්නේ මේ ගැඹුරැ අගාදයෙනි මෙය උගුලක් සේ කිවහොත් මා නිවරදිය හඩ ආවේ මේ වලේ සිට ⁣සමහර විට අපේ නඩය මෙය තුල ඇත යැයි සිත කියයි මා හයියෙන් ධර්මේ පියල් අම... ර යැයි කීවා පමනි පහල උන් පිරිස කෑගසන්ට විය "අනේ බාන් උඹ ආවද අපි පහල බන් උඩට එන්න විදියක් නෑ ඇති වූ සතුට කිය නිම කල නොහැක මා ජල බෝතලයත් කෑම මල්ලත් පහලට දැමින වැටී හුන් අය ගොඩගත යුතුය මෙවන් අවස්තාවක ගැනීමට සිතා ගෙනා කඹය මා ලග නැත එය ඇත්තේ අප වෙන් උන තැනය " මා අමතකය කට්ටිය කෑම කන හඩ ඇසින ධර්මයා කුලප්පුව ඇත ඒ වේල් දෙක තුනක කුසගින්නයි කෙසේ නමුදු ධර්මයා කෑම ටින් දෙකක්ට වග කියා ඇත. ඒ ඒකා මම අර කබේ අරන් එන්නම් බොලා ඉදපල්ලා යලි ගමන පටන් ගත යුතුය ... සෙමෙන් අඩ්ය තබා වල රවුමෙන් අනෙත් උමගට මා මාරැ වින ,ඇති වූ සතුටට මා දිවගියා සේය අප අවසනට නවාතැන් ගත් තැනසිට විහිදි මෙම මං සියල්ල සම්බන්දව ඇත්තේ සගයන් වැටී සිටි උමග වෙතය කඹයත් අවශ්ය කරන අනෙකුත් දෑද ඇතුලත් මළු දෙකක් කරට ගෙන මා පැමිනි උමගින්ම යලි සගයන් වෙත ගියෙමු බෑගයේ කී ටැගයක තිබී ගලවාගත් කුඩා විදුලි පන්දම බෙහෙවින් වැදගත් වින මා ආපසු ඒමට සැරසී නිකමට පසුපස බැළුනේ තවත් යමක් ඇත්දැයි සිතාය එක්වර කළුපැහැති රැවක් අප බෑග තබා තිබූ තැන සිට අතුරැදන් වනු ෂනයකින් මා නෙත ගැටින එය මාගේම සෙවනැල්ල වීමට හැක.එසේ සිතා යලි ගමන ඇරඹුවේ දැඩි වේගයකිනි සිත තුල තිගැස්මත් සගයන් වලෙන් බේරා ගැනීමත් මාගෙ අරමුන විය එහි ලගාව මදක් විවේක ගත් මා ප්රවේසමෙන් අඩිය තබා වල මුව වෙත ඇදින ගැට රහිත කඹය පලින් පල ගැට සිටින සේ දමා පහතට දැමුවෙම් අනෙක් කොන මා දැඩිව අල්ලාගතිමි ජීවිතයේ තුල ආද්යාත්මයත් සමග මුසුකර ඉගෙනගත් මාෂල්ආර්ට් සටන් කලාවේ ගැඹුරැ බාවනාවක් මනසින් මෙනෙහි කරමින් සවිමත් සේ කඹය අල්ලාගතිමි සිරැර තුල ඇති සැගවුන ශක්තිය එක් මූලයකට යොමුකර කෙනෙකු බිම දැමිය හැකි අගලේ පහර නිර්මානය කලේ ඒ අද්විතීය මිනිසා විසින් සොයාගත් මෙම බාවානා ක්රම බාවිතයෙනි මෙය නිල ශිල්පයටත් එහා ගියා වූ තමන් විසින්ම ලගාකරගත යුතු දෙයකි වසර ගනනාවක් තිස්සේ නිර්මාංශව අනුගමනය කල මෙම බාවනාවෙ පල දැන් පිහිටට පැමිනි ඇත දෑස වසා වල මුල සිට දැඩිව ගලක් සේ මා කඹය අල්ලාසිටී ධර්මයා එහි එල්ලී මුලින්ම පැම්නියහ ඔහු පැමින මා දෙස බැළුවේ යකෙක් දෙස බලනවා සේය "යකෝ තෝ යකාගෙ එකෙක් නේ ආහ් උෟ පුදුම වින ධර්මයා සිතා ඇත්තේ මා කඹය කොහේ හෝ ගැටගසා ඇති බවය ඕව මොනාද බන් යාළුවෝ වෙනුවෙන් ගස් ගල් උනත් පෙරලනව අපි ඈ ධර්මයාගෙ කුකුස දුරැකිරීමට මා කී ඒ වචනය පොල්තෙල් නොගා ධර්මයා ගිලීය... අප දෙදෙනා එක්ව අනෙත් සගයන්ද ගොඩට ගැනින පියල්ට කලිසමේ චූ යන තරමට බියපත්ව ඇත. අමර නම් ජීවිතය පිලිබද අැති ආසාව අතැර තිබී ඇත. එයට හේතුව නම් ඔවුන් වැටුනු වල තුල මියගිය වුන්ගේ ඇට කැඹලි තිබීමය අප දැඩිසේ නිදාගෙන සිටි අතර අමරට කෙනෙකු උදව් ඉල්ලා කෑගසනා හඩක් ඇසී ඇත අමර හඩ ආ දෙසට ඇවිද ඇත්තේ තනිවය ඒසේ තනිව ඇවිදීමට හේතුව අදද ඔහුට සිතාගත නොහැකි වී ඇත එසේ පැමිනි අමර පය ලිස්සා වැටී ඇත එහෙත් වලතුල අැති වැලි පොලොව නිසා සීරැම් සහ උළුක්කු පමනක් ඔහුට සිදුව ඇත මෙසේ අනෙක් දෙදෙනාටද ඇසී ඇත අමරට පසු ධර්මයාද ධර්මයාට පසු පියල්ද මෙම වල වෙත ඇවිද පැමින ඇත්තේ නිද්රාවක වෙලීය ... එහෙත් මා හට කිසිත් නෑසුනේ මන්ද සෙස්සන් සිතා ඇත්තේ මා ඔවුන් තනිකර යලි පිටව ගොස් ඇති බවය ⁣මේ සයු උඹ බන් මෙතනට එක පාරක් ඇවිත් එබිල ගියාද නෑ බන් නෑ ඒත් බන් අපි වල ඇතුලෙ ඉන්දි වලට උඩින් පන්දම් එලියක් දැක්ක අපි ඒක දැකල තමා කෑගැහුවේ අපි හිතුවෙ උඹ ඇවිත් කියල පන්දම් එලියක් තියා වලක් ඇති බවද මා වටහා ගත්තේ පය බිම නොවැදීමෙනි ඒ ඇරත් ගිනිකූරක සුළු එලිය ඒසා පෙනිය හැකිද ඔවුන් වල තුල සිටිනා බව දැන මා කල පලමු දෙය බෑගය වල තුලට දැමීමය එසේනම් අප නොදන්නා දෙයක් මේසිදුවිම් තුල ඇත. ධර්මයා අත බැදි ඔරලෝසුවේ මාලිමාව දෙස බැලීය එහි කටුව එක් දිසාවක්ට හැරී ඇත චලනය ඇනහිටී ඇත එමෙන්ම අනෙක් අයගේද දුරකතන වල බැටරි බලය හිටිවනම පහල වැටී ඇත. එසේනම් මෙහි අධික චුම්බක බල සීමාවක් තිබිය හැකි බව අමර යා එකහෙලා කීය "හරි අපි එහෙනම් යමු යන්න දැන් ඒ ගමන අවසන් කර අපි එතනින් පිටවී ආවෙි සියළු කරදර නිමා කරය වෙිගයන් අපි ගුහාවෙන් පිටත මාර්ගය වෙත ඇදින ඒ අප ගමනේ අවසානයයි ..............................
........................... නැත එය කිසිසේත් නූනේ අවසනට රැදී සිටි තැනට පැමිනිය පසුය අප මෙම කුටියට පිවිසි මග ඇහිරී ඇත. පියල් අඩන්නට වින ධර්මයා අහස පොලොව ගැටලන්නට කල්පනා කරන්නා සේය අමර දැන් අපිට කරන්න තියන එකම දේ අපි මේ ආපු ගමන කෙලවර කරන්න අපිට බලකොටුව හොයන් යන්නම වෙනව අපි යමු ඒත් අපිට යන්න නොදෙන මොකක් හරි බලවේගයක් තියනව බන් ඔව් කීය පියල් එවිට මෙසේ යමක් කීය මම අහල තියනව බන් පාළු තැන් වල අනතුරට පත්වෙලා මියගිය ආත්ම වලට සැනසීමක් ලැබෙනකන් ඒ ආත්ම ඒ තැන්වල ඉන්න අයට එන අයට කරදර කරනවළු දැන් බලපන් මේ දේවල් ඉබේ වෙන්න බෑ මේ දේවල් පස්සෙ මොනයම් හරි දෙයක් තියනව අපි කරන්න ඕන එහෙනම් අර වල ඇතුලෙ තියන ඇට කටු පුච්චන එක පියල් ගේ අදහස බයිලයක් සේ පෙනුනද එය කලහැක්කේ කෙසේද ලට්ට ලොට්ට මත ගොඩ අසල තිබූ බූලි වල යහමින් ලාම්පුතෙල් ගබඩාවී තිබින ඇදසිටි බැනියම් ගලවා ඒවා ලාම්පු තෙල් වල පොගවා වල තුලට දමා ගිනි අවුල වීම අප කල යුතුව ඇත ඉදිරි ගමන නොඑසේ නම් යා නොහැක ඒ මෙහි ඉන්නා පීඩාකාරී ආත්ම අප මෙහි මියයාමට කටයුතු කරන බැවින තෙල් සහ ලාම්පු කීපයක් රැගෙන ගිය අප තෙල් වල පතුලට වැටෙන සේ බූලිය කඹය තුලින් බස්සවා තෙල් ඇටකටු මත හැලීය පසුව කපු බැනියම් තෙලින් තෙත් කර දල්වා වල පතුලට හෙලීය වල තුල මහා ගින්නක් පැන නැගී තෙල් දැල්වින වල වටෙන් අප යා යුතු මග කුමක් දැයි තම සටහනෙන් බලා තීරනය කෙරින උමන් කීපය අතරින් ගල් දෙකක සලකුනක් ඇති උමග වෙත වල වටේ සෙමෙන් අඩිය තබා ලංවින දැන් ඇරබෙනුයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ගමනකි බලකොටුව සොයා යෑමය මෙයින් පිට වීමය එහෙත් අප බලාපොරතු වූ ඒ මග සොයා යෑම මිරිගුව සොයා යන ගමනක් වැන්න. මෙම මග යාමට කෙතරම් දවසක් ගතවේද අප හට ඉතිරිව ඇත්තේ බිස්කට් පැකට් 4කුත් ලීටර 5ක ජලගැළුමත් ටින් කල අහර බදුන් 6කුත් පමනි. ආහාරද ජලයද හැකිසේ පිරිමසා ගත යුතුය දල⁣ ලෙස අප පන්සලේ සිට එම නගරයේ බල කොටුව වෙත දුර පැය 2කක ගමනකි එහෙත් පොලොව යට උමගකින් එම ගමන කෙතරම්ද. දැඩි තෙහෙට්ටුව නිසා අප ගිමන් හැරිය යුතුය උමග තුල දෙවන රැය ආරම්බ විය එක් අයෙකුට බිස්කට් කීපයක්ද ටින් කල අහර ස්වල්පය බැගින්ද වෙන් කෙරින මා කෑවේ බිස්කට් පමනි එය පියල්ගේ වාසියට හේතුවින උෟ අපට වඩා තැතිගෙන ඇත අප නිවස් වල උදවිය දැන් අප සොයා මෙහෙයුම් අරබා ඇති බව සක්සුදක් සේ විස්වාසය. පාන්දර ඇහැ⁣රැනේ දහවල්ය වෙහෙසකර ගමන් මග ඔස්සේ එක් දිසාවකට අප ගමන් කලෙමු පසුපසින් ආ ධර්මයා අමරව පසුපසට දමා ඉස්සර වූයේ පසු⁣පසින් යමෙක් පැමිනෙනා සේ දැනුනු බව කීමෙනි එහෙත් මට ද ඒ බවක් දැනුනද සෙස්සන්ට ඒ වගක් නොකීය දින 5ක් පුරාවට අපි ගමන් කලෙමු ජලය ඇත්තේ සීමිත ප්රමානයකි ටින් කල අහර ටින් දෙකක් බිස්කට් අටක් අපට ඉතිර වින එහෙත් හය වනදින අප පැමිනි දුශ්කර මග නිමාව පොලොව යටින් ගලා බසිනා දිය පහරක් හමුවින ඉතා වේගවත්ව එක් තැනකින් පටන් ගෙන මද දුරක් යන ගංගාව එක් තැනකදී පොලොව තුල ඇති විවරයකට ගලා බසී ජලය දුටු අප පිරිස සිත්සේ ජලය බී ගෙන හිස් ටින් කීපයකටද පුරවා ගතිමි අමර මදක් සැනසුම් සුසුමක් හෙලීය ඒ අප ගමනේ අවසානයට ලංව ඇති බව ඔහු වටහා ගත් බැවිනි ඔහු දැන සිටි කරැනු වලට අනුව මෙම ස්තානයේ යම් රහසිගත මහලක් පිහිටා ඇත ඒ කුමක්ද යන්න සෙවීමට ගිය කිසිවෙකු යලි පැමින නැත... ඒ කුමක්ද යන්න නැරබීමේ අරමුන අප සිත්තුල තිබුනද ජීවිතආසව දැඩිසේ දැනින ශාලාව කෙලවර ඇති ගුහාව තුලින් ඉහලට කපා ඇති පඩි පේලි කීපය ඔස්සේ සැනසුම් සුසුමන් හෙලමින් අප ඉහලට නැංගේ නිල් අහස දකිනා ආශාවෙනි අවසන පඩිපෙල කෙලවර බඩගා යා හැකි කුහරයකින් එකිනෙකා පිටුපස බඩගාමින් පැමින එක තැනක නතර වුනි අපට නැවුම් ලුණු රසති වාතයේ සුවද දැනින... අප බලකොටුවට පැමින ඇත.... අවහිරව තිබූ කුඩා පස් තට්ටුව වල් සමග අතින් තල්ලුකර ඉවතට දමා ඒ මනහර දසුන නැරබුවෙමි සිහිනයකි සැබෑ වුන හූ කියමින් කෑ ගසමින් එකිනෙකා බදා ගනිමින් පිස්සන් සේ ඒ මේ අත දීවෙමි වේලාව රාත්රී හත පමන ඇත . එක්වර ධම්මිකයා ද පියල් ද අමරද සිහිසුන්ව ඇදවැටින සිදුව ඇති දෑ මට වැටහින එනම් ගුහාව තුල සිරවුන ආත්ම තුනක් මොවුන්ගේ සිරරැ වලට ආවෙසව තිබී ඇත. එය මා කල අනුමානයක් පමනකි පියල් අතින්වත් අල්ලා නොතිබුනු බූලිවල ලාම්පුතෙල් ඇතිබව කීම . අමර විසින් නොදන්නා කොලයක ඇදි පාරක් ගැන හිටි හැටියේ පැවසීම ධර්මයා ගේ හැසිරීමේ වෙනස මේ කාරනා විටින් විට වෙනස් වූ අතර ඒ වෙනස මා පමනක් දැන සිටියහ ජලය ඉසීමෙනි සිහි එලබ පසු නින්දකින් පිබිදුනා සේ විය හිටි හැටියේ තමන් වලට ඇද හැළුනු තැනසිට වරින් වර තමන්ට සිදු වූ වෙනස මතක තිබින එක් එක් අවස්තාවල තමා අසල කවුරැන් හෝ හිද තමාට යමක් පැවසීමට ඉඩ නොදී ඔවුන් කියනා දේ කීමට බලකර ඇත. මෝහනයකට පත් වූවා සේ තත්වයකට පත්ව ඇත.අදටත් අප ට ඇති අබිරහස නම් උමග තුලට අප විහින් ගියාද උමග තුල උන්න වුන් අප එහි ගෙන්වා ගත්තාද යන්නයි ⁣ කාගෙන් අසන්නද එහෙත් නම සදහන් කල නොහැකි අයෙකු කීවේ මේ උමග තුල බොහෝ සැගවුන රහස් ඇති බවය යම් කලක මෙය ආරක්ෂා කිරීමට පත් කල වුන් මෙහි මරා දමා ඇත.ඒ අප සගයන් වැටුන වලට ඔවුන්ගේ සිරැරැ දමාය මන්දයත් ඔවුන් බලහත් කාරයෙන් උමග මුර කිරීමට පත්කල අවතාරරක්ෂකයින් ලෙස පත්කර ඇති අයවළුන් නිසාවෙනි බලවත් බන්දනයකින් ඔවුන්ගේ ආත්ම උමන් දොරින් පිටවීම වලක්වා බන්දනය කර තිබී අැත ආත්මයන්ට පිටවීමට මිනිස් සිරැරක පිහිට ඇවසිවතිබී ඇත....එසේ සදහන් කලද මා නොසිටින්නට පියල්ටත් ධර්මයාටත් අමරටත් මිය ගියවුන්ගේ පුරප්පාඩු සැපිරීමට සිදුවනු ඇත. එහෙත් අමර ඇතුළු අප පිරිස මෙතුලට යැවීම යම් අයකුගේ උගුලක් සේද අපට හැගින එය කෙසේ සිදුවුනිද ??? තවමත් අබිරහසකි.......සත්ය කතාවක මූලික සිද්දාන්ත පදනම් කර මා විසින් නිර්මානය කරන ලද්දකි ...


උපුටා ගැනීමකි
Photo

Post has attachment
පරාවර්තන . ..

" test call. Do you read me... over...
Alfa team , do you read me ... i repeat do you read me... over,"

" ශික් ශික් ශික්.... මේ මගුල වැඩ කරන් නෑ නේ... "

හතර අතින් හෙණ ගෙඩි මෙන් බෝම්බත් වෙඩි උන්ඩත් පුපුරා යද්දී උපායශීලී පසුබැසීමක් කල පිරිසෙන් අනපේක්ෂිත ලෙස වෙන් වූ මා කපා තිබූ අගලකට බැස මුවා වීමට උත්සහ කලේ මරණය අත ලග බව නොදැනම නොවේ

අත තිබූ තුවක්කුවේ උණ්ඩ කොපුවේ ඉතිරි ව තිබුනේ තව උණ්ඩ කිහිපයක් පමණි.. ත්‍රස්තවාදී කලාපයක් තුල සිර වී සිටින අසරණ සෙබලෙක් මේ උණ්ඩ කිහිපයෙන් කුමක් කරන්නදැයි මට සිතා ගත නොහැකි විය.. හෙමි හෙමින් සියල්ල නිහඩ වන බව දැනුනි.. වෙඩි හඩත් බෝම්බ හඩත් විටින් විට ඈතින් ඇසුනත් තිබූ උණුසුම් තත්වය සමනය වූයේ සිතට සහනයක් ගෙනෙමිනි.

නමුත් ඒ විනාඩි කිහිපයකට පමණි..
මට ඇසුනේ එක් අයෙකුගේ අඩි හඩක් පමණ ක් නොවන බව නම් පැහැදිලිය.. හෙමින් අගලට මුවා වී ම ලග තිබූ දර්පණය යොමු කර බැලුවේ මිතුරු පාර්ශවයක් හා සම්බන්ධ වීමට මා වාසනාවන්තද සිතමිනි.

" දෙයියනේ ...." 
මට කියවිනි.. ඒ වූයේ කොටි ත්‍රස්තවාදී කණ්ඩායම කි.. සතුරන් 4ක් හෝ 5ක් ඒ මේ අත බලමින් විපරම් කරමින් මා දෙසට ඇදෙනු බව දකිත්ම මෙතෙක් සගවාගෙන සිටි ප්‍රාණ බය හදවත පසාරු කර ගොස් මුලු සිරුරේම පැතිරෙන්නට විය.
මා දැන් කුමක් කරම්ද මට සිතා ගත නොහැකිය.. මුන් මහා කපටි යක්ශයින්‍ ය  මන්ද ඔවුන් හැද සිටියේ මැරුනු හමුදා සෙබලුන්ගේ ඇදුම්ය...

අගල උඩින් පනිමින් උන් එකා එකා උන් ගේ බල ප්‍රදේශය වෙත ඇදී යයි.. පණ ඇති යැයි උන්ට සිතෙන මල මිනී වලටත් උන් වෙඩි තබමින් යන බව පැහැදිලිය. මා හැකි උපරිම අයුරින් නොසෙල්වී සිටියේ හුස්ම ගැනීමටද අමතක කරය.. ඒ නමුත් වේගයෙන් ගැහෙන හදවතේ හඩ උන්ට ඇසේවිදැයි සිතෙන තරමට එය වේගවත් විය..

කල්ලියෙන් 4ක් ම අගල උඩින් පැන ගොස් අවසානය.. ඉතිරි එකා මෙතරම් ප්‍රමාද මොකද යැයි මා මගේ සිතෙන්ම ඇසුවේ මින් ගැලවීමට ඇති වුවමනාවත් බයත් නිසාය..

" දෙයියනේ .... විනාසයි..."

" ඉදු ඉංග ඔරුතාන් ඉරුක්කන්..."
දෙමළෙන් එකෙක් කෑ ගැසීමත් සමගම ඌ මා දුටු බව සනාත විය.. මට වැටහෙන පරිදි ඌ කීවේ මා මෙතන සිටින බවයි

මේ  තරම් මා මින් පෙර අන් කිසිවකටවත් බිය වී ඇතිදැයි සැක සහිතය . පණ පිටින්ම මාරයාගේ මුහුණ දකින්නට මා කොතරම් පවු කර ඇත්ද.. ඌ යක්ශාවේස වු මුහුණෙන් මා දෙස බලා සිටියදී පිස්තෝලයක් මානගෙන තවත් එකෙක් එතනට ආවේ මගෙ අවසාන තප්පර කිහිපය මෙය බව සනාථ කිරීමටය..

ඌට මා මරන්නට අනෙකාගේ අණ ලැබීය.ඌ ක්‍රියාත්මක විය... මාද ක්‍රියාත්මක විය උගේ පිස්තෝලයේ කොකා ගැස්සෙන වේගයෙන්ම මා අත තිබූ අත් බෝම්බයේ ආරක්ෂක පින් එක ගැලවී ගියේ මා  මැරෙන්නේ උනුත් සමගම බව උන්ට පසක් කරමිනි.. මේ සියල්ල වීමට තප්පරයෙන් දහයෙන් පංගුවක කාලයක් ගත වූයේ නැත.

" ඩෝං..." යන හඩක් නිකුත් වී සතුරන් දෙදෙනා විසිවී යනු මම දුටිමි..


සියල්ල නිහඩ විය... සියල්ල අදුරු විය...

..........................................................................
.
.
.
.
.
.

":ලබ් ඩ්බ්... ලබ් ඩබ්... ම්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම් "
" ශිවා... ශිවා... ..."

මා නැවත  ඇස් ඇරියේ මගේ කම්මුලට වැරෙන් පහර වැදීමත් සමගය.. බොදවූ දෑස් වලින් මා වටපිට බැලීමට උත්සහ කලෙමි..

" අනේ දෙවියනේ .... " මා දුටු දෙයින් බිය වී මා වැතිර සිටි කඩමලු කැබැල්ලෙන් ඉවතට විසි වී ගියෙමි. මා වට කර සිටියේ කොටි තරුණයින් දෙතුන්දෙනෙකි. මට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය..

" ශිවා ශිවා .. " කියමින් ඔවුන් නැවත මා ඔසවා රෙද්ද මත තැබීය.. මොකක්ද මේ වෙන්නේ. දෙයියනේ මොකක්ද මං මේ ඇදගෙන ඉන්නේ.. කුමක් වුවත් මා ගොලුවෙකු වගේ රගපෑවේ මට දමිල බැරි බැවිනි

මා නැවත මදක් දෑස් පියා ගත්තේ මෙය සිහිනයක් ද සැක හැර දැන ගැනීමටයි.. නමුත් උකුල ත් පිට කොන්දත් අතර ඇති වූ අධික වේදනාවක් නිසා මට එක් විදියකට සිටීමට නොහැකි විය.. එය තේරුම් ගත්තාක් මෙන් එකෙක් නැගිට ගොස් නැවත පැමිණි යේ පෙති අහුරක් ද සමගිනි..

එකෙක් මාව වත්තම් කර ගනිද්දී අනෙකා ඒ පෙති කටට දමා ගිල්ලවුයේ බලයෙන් මෙනි.. නැවත මා ඇල කරමින් දමිල දෙබස් වගයක් කී ඔවුන් ආයුධද රැගෙන කූඩාරමෙන් පිටත් යනු මා දිටිමි..

මා නැවත දෑස් පියා ගතිමි.. විනාඩි ගනනක් යනතුරුම වේදනාව පැවතියත් ටිකෙන් ටික එය මාගේ මනසින් ඉවත් විය..  වෙදනාව පහ වීමත් සමග මට නින්ද යන්නට ඇත.. මා අවදි වූයේ සීතල ජල බිදු ඇග වැටීමත් සමගය.. මහ කැලය මැද මහ රෑ වැස්ස යනු මිහිපිට අපාය වැනිය.. මා වටපිට බැලුවේ කොටි තරුණයින් දෙදෙනා කොයිදැයි සෙවීමටයි... නමුත් ඔවුන් වෙනුවට මා දුටුවේ මට අගලේදී තුවක්කුව මානා සිටි ත්‍රස්තවාදියාවයි.

මා සිතුවේ ඔහු මුර කරමින් සිටිනු ඇති බවයි.. නමුත් ඌ මහ වැස්සේ ගසක් යට සිටගෙන පෙර පැවති වෛරී මුහුණෙන්ම එක එල්ලේ මා දෙස සිටි යේ කෙසේ හෝ මා මරා දමන බව කියන්නට මෙනි. මා පුදුම වූයේ උගේ මුහුණ මෙතරම් සුදුමැලි වූයේ කෙසේද කියාය අනෙක මේ වැස්සේ මා දෙසම බලා සිටින්නේ මන්ද....

" ශිවා.. සප්පිඩ...."

මා ගැස්සී ගියේ මා නොදැකම මා පසුපසින් පැමිණි එකෙක් කෑම ටින් එකක් දික් කල විටය... කිසිවක් නොකියා එය අතට ගත් විට උගේ තුවක්කුව ද එතැන හේත්තු කර නැවත යන්නට ගියේය. මා නැවත බලන විට සුදුමැලි කොටි තරුණයා එතැන නොවීය..

මට කිසිවක් සිතා ගත නොහැකි විය.. මුන් සතුරෙකුට මෙසේ සලකන්නේ ඇයි.. මගේ අත පය මටවත් හදුනා ගත නොහැකි ලෙස තුවාල වී ඉදිමී ඇත. කෙසේ නමුත් මෙතැනින් ගැලවී යාමට හොදම අවස්තාව මෙය  බව මම වටහා ගතිමි..

සීරුවෙන් නැගිට ගත්තත් මගෙ එක් පාදයක් දැඩි සේ වේදනා දෙන්නට විය.. කරන්නට දෙයක් නැත.. තුවක්කුවත් අතට ගත් මා හොර බලලෙකු මෙන් කූඩරමෙන් එපිට බලද්දි අරුන් දෙදෙනා ගසකට හේත්තු වී දුම්වැටියක් වැනි දෙයක් උරමින් මොනමොනවදෝ  කියවමින් සිටින බව දුටුවෙමි

තුවක්කුව අදාරකයක් ලෙස යොදා ගනිමින් කොර ගසමින් පස්සෙන් පස්සට කැලට දෙසට ගෑටුවෙමි.. ඇති වූ බියෙන් මහ රෑ පවා දහඩිය දමා ඇත.. යටිබඩ කොරවී ඇතිවූ සුලුදිය ආවේගය මගේ දෙපා දිගේම පහ වී යාවි යැයි සිතෙන තරමටම බිය මා වෙලා ගෙනය..සතුරන් නොපෙනී යන තෙක් හඩ නොනංවා ගමන් කල මා පය ඉක්මන් කර වේගයෙන් කැලය දෙසට ඇවිද ගියේ දිවීමට අවශ්‍ය වුවත් එසේ කිරීමට ශක්තිය නැති හෙයිනි..

කෑ ගසා සිනාසීමට තරම් සතුටක් දැනුනත්... මද සිනහවකින් ජය භුක්ති විද හැකි තාක් ඈතට ගමන් කලෙමි..
නමුත් මා අසාර්ථක විය.. තව දුරටත් එක අඩියක්වත් යාමය නොහැකිව මා ඇද වැටුනෙමි..

" අනෙ අම්මේ... තවත් නම් බෑ.."
මටම කියවෙන තරමට පුපුරු ගසන වේදනාවකින් තැවී ගියේ ඉවසුම් රහිත කරමිනි. කෙසේ වුවත් මහ කැලයේ තවමත් මම 100% ආරක්ෂිත නැත. එහෙයින් ඝණ අදුරේ ම මා වට පිට බැලුවේ රැය පහන් කිරීමට සුදුසු අතු සහිත ගසක් ඇතිද කියාය.. වාසනාවකි. මට යාර 10ක් 12ක් ඉදිරියෙන් නම නොදන්නා මනාව අතුවිහිදුනු ගසක් විය.. තුවක්කුවට වාරු වී කකුල අද්දමින් ගස ලගට ගිය මා තුවක්කුව පිටේ එල්ලාගෙන ගසට නැගීමට උත්සහ කලෙමි...

වේදනා දෙන පදයත් එක්ක මා කිහිපවිටක්ම අසාර්ථක වුවත් අවසානයේ අවස්තාව හැටියට සැපපහසු දෙබලක් වෙත නැගීමට හැකි විය.. පිටේ තිබූ තුවක්කුවද ගලවා ලග තිබූ අත්තක එල්ලා තැබුවේ ඉතාමත් සැහැල්ලු වීමට අවශ්‍ය නිසාවෙනි..

සිදුවූ සියල්ල නැවත ආවර්ජනය කිරීමට මා උත්සහ කල් නමුත් මට මතකයට එන්නේ බෝම්බය පිපිරී යනවා පමණය.. එහෙම්මම ගසේ කදට හිස තබා ගත්තේ විනාඩි 5ක නින්ද පවා මසුරන් වටින නිසාය.

.......................................................................

" එපා එපා... "
ඔහ් ශික් .. එය මහා නපුරු සිහිනයකි.. එය නිසා නින්ද කැඩී ඇහැරෙන විට යාන්තමින් ගිනි බෝලයක් මෙන් හිරු නැග එමින් පවතී... මා සිටි තැනට යම්තාක් දුරක් පෙනුනු නිසා බැස යාමට සුදුසු වාතාවරණයක් ඇති බව වටහා ගතිමි.. ගසෙන් බැසීමට පහල බැලුවෙමි..

" අනේ දෙයියනේ ...  "
ගස මුල සිට මා දෙස බලා සිටියේ සුදුමැලි මුහුණ සහිත කොටි කොල්ලාය.. ඔහු නිසොල්මන්ව එක එල්ලේ ඇසි පිය නොහෙලා මා දෙස බලා සිටි .... තත්පරයක්වත් ගත වන්නට පෙර අනෙක්පස හැරී තුවක්කුව ගෙන පහලට එල්ල කලෙමි. විය නොහැකිය කිසිසේත්ම විය නොහැකිය ඌ එතැන නැත... 

" කෝ මූ... වෙන්න බෑ... කෝ...."

ඌ කොහෙ ගියත් මට පැහැදිලි ව දර්ශනය විය යුතුමය... මොකක්ද මේ වෙන්නේ.. මගෙ ඔලුව විකාර වෙලාද . කෙසේ නමුත් තවත් මෙතැන සිටිය නොහැක.. හැකි ඉක්මනින් ගසෙන් බැස මාගේ මිතුරු හමුදා කදවුරු බැද ඇති දිශාවට දිවුවෙමි .. කකුල කෙතරම් රිදුම් දුන්නත්.. එය සිතින් අමතක කර වැටි වැටී දිවුවෙමි.. පිපාසයට දිව ගිලෙන්නට ආසන්නය  .. රාත්‍රියේ ඇති වූ වැස්සෙන් කොල රොඩු අතර රැස්ව තිබූ වතුර උරා බී පවස නිවා ගත්තේ එහෙයිනි..

නිතර නිතර පසුපස බැලුනේ ලුහුබැදීමක් පිලිබඳ විශාල බියක් සිතට වද දුන් නිසාවෙනි .. අඩියෙන් අඩිය පැමිනි මට යාර 100ක් පමණ ඉදිරියේ පෙර සැගවී සිටි අගල දක්නට ලැබිනි.. එය හමුවන තෙක් ඉදිරියට දිවුවෙමි...

" මොකක්ද ඒ සද්දේ...."

එක්වරම මා නැවතී පසුපස බැලුවේ අත්තක් බිදී යන හඩටය... එල්ලගෙන සිටි තුවක්කුවත් මානාගෙන පස්සෙන් පස්සට ගියේ අනතුර කුමක්ද හදුනා ගැනීමට අපහසු නිසාය. ශබ්දය ඇසුනු දිශාවට තුවක්කුව එල්ල කරමින්ම යා යුතු මග බැලුවේ අගලට තව කොතරම් දුරද බැලීමටය.. තද සුලගක්ද සමග තවත් ශබ්දය ක් ඇසීය.. මා ඒ දෙසට හැරුනෙමි...
😱😱😱😱😱😱

අනෙ අම්මො....."
මට කෑ ගැසිනි.. එහි වූයේ අර සුදුමැලි වූ තරුණයාය උගෙ පෙනුම තවත් පිලිකුල් ය.. උගේත් මගේත් පරතරය අඩියක්වත් නොවන තරම් ය . බිය වූ තරමටම වේගයෙන් මා පස්සට විසි වී අගල තුලට වැටුනේ පොලොව ට නොවන බව නම් පැහැදිලිව දැනුනි...
" නෑ නෑ නෑ නෑ.... මේක වෙන්න බෑ මෙක වෙන්න බෑ..."
කෑ ගසමින් මා අගල තුලම පසුපසට බඩගෑවෙමි.. මා මෙතෙක් දුටු බියම අත්භූතම වියවුල්ම දර්ශනය මෙයයි... එහි තිබුනේ බඩවැල් එලියට විසිවුනු මල මිනියකි.. පුදුමය එය මගේම මල මිනිය වීමයි . ....
" මේක වෙන්නේ කොහොමද දෙයියනේ ...."
මගෙම මල කද දෙස බලමින් මා හැඩුවෙමි...
එසේනම් මා කවුද.. මා ජීවත්ව සිටින්නේ කෙසේද.. කිසිවක් වටහා ගත නොහැකිව මා මගේ මුහුණ අත ගා බැලුවෙමි.. එක්වරම සිහියට ආවේ මගෙ දර්පන කැබැල්ලයි... සිතට දිරිගෙන මගේම මිනිය දෙසට බඩගා ගොස් බිම පහුරු ගෑවේ කණ්ණාඩි කැබැල්ල සොයා ගැනිමටයි..
" මේ තියෙන්නේ.." මට දර්පණයේ අඩක් හමු විය..
" අනේ.. එපා... එපා... මේක නම් වෙන්න එපා...."
මගේ හුස්ම පවා නතර විය... හද ගැස්මේ වේගය වැඩි වී වමනය ඇති විය.. කණ්ණාඩියෙන් මට පෙනුනේ සුදුමැලි කොටි තරුණ යා ගේ මුහුණයි.. දෙයියෙනේ මගේ ආත්මය අනවසරයෙන් පදිංචි වී ඇත්තේ සතුරාගේ ශරීරයේද... එසේ නම් ඌ මා පසු පස පන්නන්නේ උගේ ශරීරය මා අත් කර ගත් නිසාද.. සියල්ල ප්රෙහෙලිකාවකි ....
නිමි..
.........................................................................😱
Photo

Post has attachment
<<<*ආත්ම වියරුව*>>>

09 කොටස...

"මොකද ළමයි මේ වෙලා තියෙන්නෙ.. මොකද මේ දාඩිය පෙරාගෙන.. කෝ සරත් පුතා.."

ඔවුන් දෙදෙනා තිගැස්සී මුහුණට මුහුණ බලා ගත්තේ.. කරකියාගැනීම්ට නොහැකිවයි.

"නැ..න්..දේ.මේ.......ස..ස...ර..ත්.."

"මොකද දරුවෝ මේ ගොත ගහන්නෙ කියන්න.. කෝ සරත් පුතා.. මේ හවසත් හිටියනේ..."

"නැ..න්..දේ.. මේ.. අර.. කැ"

"අම්මේ මේ සරත්ගෙ ගෙදරින් කතා කරපු නිසා.. සරත් ගෙදර ගියා..අම්මට ටිකක් අසනීපයි.. අපි මේ ඇරලල ආවේ.."

බංඩාර කියන්න ගිය වචනයට කලින් අවිශ්ක ඉස්සර වී කීවේ.. බංඩාරට කියන්න එපා යැයි ඉඟියක් දෙමින්..

"ඒකත් එහෙමද.. මාත් මේ නැගිට්ටෙ මෙයාලගෙ සද්දෙට.. එහෙනම් දෙන්නම නිදාගත්තනම්"

මැනිකෙ යන්නට ගියද නින්දක් ඔවුන් දෙදෙනා තුල නොවීය.. ඔවුන්ගේ සිත් ගැහුනේ බයෙන්..

"මචන් අවිශ්ක.. මොකක්ද බන් මේ වුනේ..මට නම් පිස්සු වගේ.. අච්චර දරුණු විදිහට සරත් මැරුනෙ කොහොමද.. මන් කියන්නෙම අර කෙල්ල.."

බන්ඩාර කියන්නට ගිය දේ අවිශ්ක කියන්නට දුන්නේ නැත.. ඔහු කෝපයෙන් කෑගැසුවේබංඩාරගේ කට වසන්නටය..

"කට වහපන් බන්.. ඒකි මැරිල අවුරුදු 3 කට වැඩියි.. අනික මෙච්චර කල් නැති හොල්මන් දැන් ඒවිද. ඇරත් ඔය කැලේ ගොල්මන් තියනවලු.."

"අනේ.. මන්ද බන්.."

අවිශ්ක ඒ ආත්මය සිතාරාගේ යැයි පිළිගත්තේ නැත්තේ.. පසුගිය අවුරුදු තුනේම ඔවුබ්ට කිසිදු කරදරයක් නොවුන නිසා.... නමුත් සරත්ගේ මරණයෙන් ඔවුන් බිට වී සිටිය ද එය පෙන්වීමට අකමැති වූවා සේම, සරත්ගේ මරණය ගෙදරින් සැඟවීමට තීරනය කර, බංඩාරට යලිත් කත කරේය..

"බංඩාර.. සරත් ගැන කිසිම දෙයක් අපේ අම්මට වත් අප්පච්චිට වත් දැනගන්න ඕන්නෑ බන්.. මොකද එයාල බය වෙයි.."

බංඩාරගේ බිය මුසු මුහුණ දැක අවිශ්ක කීවද.. ඔවුන් දෙදෙනාම බයෙන් තැති ගත්තේය.. නිදාගන්නට ගියද දෙදෙනාටම නින්දක් නොවීය.. සරත්ගේ කෑගැහිල්ල ඇසෙන්න පටන්ගත්තේ අඳෝනාවක් ලෙසින්.. එක පාරටම අවිශ්කව නින්දෙන් සොලවන්නට පටන් ගත් නිසා.. ඔහු තිගැස්සී වටපිට බැලුවේය.. සරත් ඔහු දෙස බලා සිටින අයුරුත්.. ඔහුගේ ඇස් වලින් ලේ ගලන අයුරුත් දුටු අවිශ්ක කෑගසන්නට හැදුවද වචන පිට නොවීය.

"මාව බේරගනින්.. අවිශ්ක.. බේරගනින්..."

සරත් ඉතා බිය මුසු ගඬින් කියවන්නට පටන් ගත්තේ අවිශ්ක අසලටම නැවත කිට්ටු වෙන ගමන්ය. කර කියාගන්නට දෙයක් නොමැති වූ අවිශ්ක සිහි සුන් වී වැටුනේය.

පසුදා දවල් වන තෙක් නින්ද ගිය බංඩාර නැගිට.. අවිශ්කට කතා කරත් ඔහුට සිහියක් නොවීය...

"අවිශ්.. මචන්.. නැගිටපන්"

ඔහු අවිද්ක සොලවා කතා කළද ... අවිශ්කගෙන්කිසිම ප්‍රතිචරයක් නැති නිසා.. වතුර ටිකක් ඉස්සේ බන්ඩාරද හොඳටම බයෙන් මෙන්... ටික වේලාවක් ගිය පසු අවිශ්ක ඇස් ඇරියේ.. නැවත ඇඳ දෙස බලමින්..

"මොකද බන් උනේ.. උබ බය වුනාද අවිශ්ක කියපන්.."

"නෑ.. නෑ.. බන්. එලිවෙනකන් නිදිමැරුවනේ.. ඒකයි...යමන් වොශ් එකක් දාගෙන පහලට... බඩගිනිය් බන්."

අවිශ්ක කිසිම දෙයක් නොකියා නාන කාඹරය වෙත ගොස්.. වතුර මල යටට වී සීතල වතුර ටිකකින් නාගත්තේය... සිනිදු ස්පර්ශයක් දැනුනු නිසා ඔහු තිගැස්සී වටපිට බැලුව්වේ තම ඇඟට උඩින් යම් කිසි දියරයක් වැටුනු නිසා...

සරත්ගේ හිස වතුර මලේ තිබෙනු දුටු ඔහු ඉවතට පැන්නේය.. තම සිරුරේ ස්පර්ශය වැඩි වුනු ඔහු, කන්නාඩිය වෙත ගොස් සිරුර දෙස බැලුවේ නුහුරු ස්පර්ශය කුමක්ද කියායි.. දුටු දෙයින් ඔහු කෑමොර දුන්නේය...

ඉතා පරන..කුනු වුනු මළමුනියක අත් දෙකක් ඔහුගේ සිරුර පුරා දිවුවේය... අවිශ්ක කෑ ගසා... ටවල් එක ඇඳ නාන කාඹරයෙන් ඉවතට දිවුවේය... කරකියගන්නට දෙයක් නොමැති කමින් අවිශ්ක ආ වේගයට බංඩාරගේ ඇඟේ හැපුනේය.

"අවිශ්ක මොකද බන්"

"නෑ.. නෑ මේ කකුල ලෙස්සුව බන්.."

අවිශ්ක ඔහුට කිසිම දෙයක් නොකිවුවේ.. ඒ වන විටත් බංඩාර බය වී අවිශ්ක දෙස බලා සිටින අයුරු ශුටු නිසයි. ඔවුන් දෙදෙනා කෑමට පහලට ගිහින් කෑම මේසයෙන් ඉඳගත්තේ.. වචනයක් වත් කතා නොකර, එවිටම මැනිකෙත් හාමුත් කෑම මේසයට වාඩි උනේ උගුර පාදාගනිමින්.

"සරත් කොලුව ගමේ ගියාලු නේද.."

අවිශ්කත් බකංඩාරත් මූණෙන් මූණ බලාගත්තේය.

"ඔවු තත්තෙ"

"ආයෙ එනවද"

නෑ.. නෑ තත්තෙ"

අවිශ්ක කෙටියෙන් උත්තරදී ඉක්මනින් කන්නට පටන්ගත්තේ තව මොනව හරි කියාවි කියලයි.අවිශ්කට කෑම කන අතරතුර එක පාරම කිසියම් දෙයක් පිඟානට වැටුනේය..ඒ සරත්ගේ මුද්ද...ඔහු තවත් බය වී උඩ බලද්දී දුටු දෙයින් පුටුවෙන් පැන්නේය.ඒ සරත්ගේ අතක් ඔහුගේ ඔලුව උඩින් එල්ලා තිබීමයි..

"මොකද පුතා..."

"මට බඩගිනි නෑ අම්මෙ..මන් එලියට යනව."

ඔහු බයෙන් මෙන් එහෙම කියා යන්නට ගියත් මැනිකෙගේ මුහුණ නරක් වූවේය. ඇය මූහුණ පුලුටු කරන් බත්බ්කටක් කටට ගන්නවාත් සමගම... ඇය තරහින් රතු වී කෑගසන්නට පටන්ගත්තේය.

"රන්සෝ...රන්සෝ.. මෙහෙ වරෙන්"

"ලොකු මැනිකේ.."

"උබ හාල් ගරල නෙවේද බොල ලිපේ තියන්නෙ.. බලපිය මේවගෙ ගල් ගොඩ.. ඇරත් මේ මලු එක්ක කන්න පුලුවන්ද ලුනු බලපන්.. අර කොල්ල කන්නෙ නැතුව ගියෙ ඒක තමා.."

ඇය හුස්ම නොගෙන රන්සොට බැන ගියේය... ඇගේ මුහුණ දුටු රන්සොට වචන පවා පැටලුනි.

"ලොකු මැ..නි..කේ..මේ..මන්..ග..ගරලා...ලිපේ තිබ්බේ..."

"එහෙනම් මෙච්චර ගල් කො‍යින්ද බොල.."

හාමුද මැනිකෙ දෙස බලා බත් කටක් කෑවේ එඅන්සො දෙස රවා බලාය.

"පිස්සුද මැනිකෙ මේ හොඬට තියෙන්නෙ.. බංඩාර පුතා මේ.. ගලුයි ලුනුයි තියනව.."

"අනේ නෑ අංකල්.."

"මොකක්.. නෑ.."

මැනිකේ නැවතත් බත් කටක් කෑවේය.. පුදුමයකි. එට කිසිදු වෙනසක් නොවීය... නමුත් මැනිකේ.. තරහින් පිපිරුවේ රන්සො දෙස බලාය...

එලියට ගියපු අවිශ්ක කල්පනා කරේ... මේ වෙන්නේ මොකක්ද.. ඇයි එහෙම වෙන්නෙ. සරත්ගේ මරණය ඔහුගේ සිතේ සිතුවිලි තෙරපන්නට විය.. ඔහු... නැවත ඔහුගේ වාහනය දෙසට යනවත් සමග ඩුටු දෙයින් බය වූවේය....

අවසානයක් නොවේ...

අවිශ්ක දුටුවේ කුමක්ද.. ඔහු බය වුනේ මොකටද.. එතැන් සිට ඉදිරියට....👉👉👉👉

ආත්ම වියරුව...

අහින්සක නෙතු.

#උපුටාගැනීමකි.
Photo

Post has attachment
#වශීය

ඔන්න මමත් එක කතවක් ලියන්න යන්නේ.....මේක මට විච්ච ඇත්තම අත්දැකීමක්.. මේක දැම්මට්ට පස්සේ කට්ටිය කියයි මේවා මුගේ පච කියලා...මොනවා කරන්නද ඒකට, ඔන්න කතාව ලියන්නයි යන්නේ පිලිගන්න අය පිලිගනිත්වා....

මේක මීට බොහෝම කලකට කලින් උන දෙයක්, ඒ කියන්නේ අවුරුද්දකටත් විතර කලින්, මේ කාතාවට සම්බන්ද මාගේ මිත්‍රයා දැන් ලංකාවේ නැති නිසයි මේ කාතාව ලියන්නේ.....මාගේ මිතුරාගේ නම ගිහාන්...කිටියෙන්ම කිව්වොත් මගේ බොක්කේම මිතුරා තමයි මූ...අපි දෙන්න ඉස්සර ඉදන්ම මේ ගුප්ත දේවල් ගැන හොයන්න ගොඩාක් ආස කලා....ගොඩාක් දේවල් අපි මේ ගැන හෙව්වා, ඒකට මූලිකම පසුබිම සෑදුනේ අපේ පවුල් මේ වැඩ වලට සම්බන්ද නිසා වෙන්න ඇති...... ගිහාන්ගේ මාමා කෙනෙක් හිටියා, බොහෝම දක්ෂ අදුරෙක්, බොහෝම දක්ෂයි...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...ඉතින් මේ ගුප්ත දෙවල් ගැන සමහර ගුරුකම් ගැන ගිහාන්ට හොද අවබෝධයක් තිබුනා මාමට පිං සිද්ධ වෙන්න... ඉතින් දවසක් මට ගිහාන කතා කරලා කිව්වා " මචං පොඩි වැඩක් තියෙනවා, උඹේ සපෝට් එක ඕන, වරෙං මේ පැත්තේ කියලා " .... මාත් ඉතිං ටිකක් දවල් වෙලා ඒ පැත්තේ ගියා...මන් යද්දී ගිහාන් ගෙදර නෑ, මං මූට call එකකුත් දීලයි ගියේ, ඒත් මූ ගෙදර නැහැ.... මාත් එක්ක මුගේ ගෙදර උන් ගොඩාක් fit . මන් උන්ගේ අම්මට කිව්වා " මොකක්ද වැඩක් තියෙනවා නයිටක් ගහන්න බලන් වරෙං " කියලා මට කිව්වා කියලා, මොකද දන්නේ නෑ කියලා මම අහුවා..... මුන්ගේ අම්මා එකපාරටම කලබල වෙලා " එහෙම මුකුත් මට කිව්වේ නැහැනෙ" කියලා කිව්වා ...... එතකොටයි මට තෙරුනේ මොකක් උනත් මූ කරන්න යන්නේ ගෙදරටත් හොරෙන් කියලා....දැන් මුන්ගේ අම්මා මගෙන් රටේ නැති ප්‍රශ්න අහනවා, මම මොනවා කියලා කියන්නද, මොකද මම දන්න දෙයක්ද???? මූ මට කලින් කියලත් නැහැනේ, පස්සේ මම මූට sms ගැහුවා "කොහෙද තෝ ඉන්නේ කියලා..." මෙන්න මූ කොහෙද මන්දා ඉදන් දාඩිය පෙරාගෙන ආවා...මූ දන්නවා මාව ගෙදර දැන් තියා ගත්තොත් අම්මා ඔක්කොම දැනගන්න විත්තිය, මූ මාව ගෙදරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගෙදරින් එලියට එක්ක ගියා..... ඔන්න දැන් අපි පාරේ පයින් අවිදන් යනවා, යන ගමන් මන් මුගෙන් අහුවා " මොක්කද බං seen එක, ඉස්සෙල්ලා එක කියල ඉදපන් ", කියලා ...... මොකද මං අපේ ගෙදරට කියලා අවේ අද ගෙදර එන්නේ නැහැ, ගිහන්ලාගේ ගෙදර පොඩි වැඩක් තියෙන්වා කියලා, අද එහෙ ඉන්නේ කියලා, මම දන්නවා අනිවාරෙන්ම අපේ ගෙදරින් හවසට මුගේ ගෙදරට call කරනවා කියලා... මූ මට පස්සේ හීමීට විස්තරේ කියන්න ගත්තා..... මෙන්න මේකයි සිද්දිය.... මූ එක කෙල්ලෙක්ට කැමැතෙන් හිටියා, ඒක ගමේ කෙල්ලෙක්, ඒත් එකී මූට පොඩ්ඩක් වත් කැමත්තෙන් හිටියේ නැහැ, කෙටියෙන්ම කියනවානම් එකී මූව ගානකට වත් ගන්නේ නෑ...... මූ අවුරුදු 6 වඩා මේකිගේ පස්සෙන් ගියා මම දන්න විදිහට, ( මම වැඩිය මේකි ගැන දන්නේ නැහැ, මොක්ද මේකී උගේ ගමේම කෙල්ලෙක් නිසා ) දැන් මේකී වෙන එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා කියලා මූට ආරංචි වෙලා.....දැන් තමයි තේරෙන්නේ මුගේ මෝඩ කම, කෙල්ලෙක් කවද්ද අවුරුදු 16 පැන්නට පස්සේ තනිකඩව හිටියේ , මූට පිස්සූද කියාලා හිතෙන්වා වෙලාවකට, ආදරේ බොක්කටම ගැහුවහම ඔහොම තමයි......දැන් මූ හදන්නේ මේකිට වශීයක කරන්නලු, වශීයක් කරලයි මූ දැන් මේකිව ලගට ගන්න යන්නේ...... මං කිව්වා මේක හරියන වැඩක් නෙමේ.... (මොකද වශී ගුරුකම් හිතන තරම් නැහැ කියලා මම හොදට දන්න නිසා.) පස්සේ මූට කොච්චර තේරුම් කරන්න හැදුවත් මූට වැඩක් නැහැ, යාලුවා නිසා මුකුත් කියන්නත් බැහැ, අන්තිමට කොහොම හරි අකමැත්තෙන් හරි වඩේට කැමති උනා......දැන් මේ වැඩේට 3 දෙනෙක් හවුල්.... මමයි, ගිහානුයි, ගිහාන්ගේ යලුවෙකුයි...මේ ගිහාන්ගේ යාලුවා උගේ ගෙවල් පැත්තේ එකෙක්.... ඌත් හැබැයි ගෙන fit dial එකක්..උන්ගේ ගෙදර තමයි වැඩෙට අවශ්‍ය දේවල් ලෑස්ති කරන්නේ,

ඔන්න දැන් අපි හවස් වෙද්දී කොහොමහරි වැඩෙට අවශ්‍ය කලමනාකරන ටිකත් ලෑස්ති කරන් හවස ඔක්කොම මල්ලකට දාගෙන යන්න පිටත් උනා.... මේ ගුරුකම මතුරන්න ඕන තොටුපලක් ලග, ඉතින් අපි තොටුපල ලගට ගිහින් තටුව හදන්න ගත්තා. ඔන්න දැන් වඩේට ඔක්කොම ලෑස්තියි, දැන් ඔන්න විලක්කු පහන් පත්තු කරලා වඩේ පටන් ගත්තා.... මෙහෙම හිතන්නකෝ, වෙලක් එක්කම ගලාගෙන යන ඇලපාරක් ලග, කිසිම එලියක් නැහැ විලක්කුවේ එළියයි පහනේ එලියයි විතරයි තියෙන්නේ, ඒ එක්කම කිසිම සද්දයක් අහෙන්නේ නැහැ වටපිටාවෙන්......ඇහෙන්නේ මන්තර මතුරන සද්දේ විතරයි.... ඔයවගේ පරිසරයක තනිවෙද්දි හිතට කොහොමත් බය එනවා..... මමත් පැත්තකට වෙලා වඩිවෙලා ඉන්නවා, ගිහාන් හරියට පල පුරුදු ඇදුරෙක් වගේ එක දිගටම මතුරනවා..... අනික් කෙනා ගිනිගිදක් ගහලා එකෙන් පොල්කටු පිච්චෙන්න දාලා බලන් ඉන්නවා......මේ වගේ ක්‍රියාවලියක් තමයි එදා උනේ...... මට මතක හැටියට මූලික මන්තර වලින් පස්සේ දුම්මල දුම් එක්ක නවනීලය මතුරන්න ගත්තා...මොනවා උනත් පල පුරුදු අදුරෙක් වගේ දිගටම දුම්මල දිදී තටුවට මතුරන්න ගත්තා... ඔන්න නවනීලෙත් මතුරලා එවරයි....එතකොට රෑ 11 පහුවෙලා මම හිතන්නේ.....මම පැත්තකට වෙලා වඩි වෙලා හිටියට හරි අවදානයෙන් හිටියේ...දැන් මුලු පරිසරයම නිහඩයි...ඇහෙන්නේ මතුරන සද්දේ විතරයි...... මොහීනී දිෂ්ටි මන්තර වල හඩ ඒ නිහඩ බවට අභියෝග කරන්වද ? මේ වගේ විකාර දෙවල් මට දැනෙන්න ගත්තා...

"..... ඕං නයි මානික්ක සෙල්ලුම් ඉඩ මානික්ක සෙල්ලුම්, කච්ච තම්බිටාණේ එන්නාරු මෙත්තම්බ කය්යේරුම් අප්පා උඩයාරුම් උඩුවා තම්බිරාණේ කට්ටි කට්ටි වාර කමසු තම්බිරාණේ කච්චියේන් උරච්චියේන් උත්තම්බිරාණේ කල උරුලෙන් ඉරු වාරක්කට්ටු අඩුක්ක සූරතන් ඉල්ලේ වා වා ඕඩ්වා........"

ගිහාන් එක දිගට දුම්බල දිදී මෝහීනී දිෂ්ටියට අඩගහනවා ( ඔය මන්තරේ මුල් දැහැන විතරයි ) පැය 2 වැඩියෙන් එක දිගට අඩ ගහද්දී පරිසරයේ පොඩි වෙනසක් මට click උනා....එක මොකක්ද කියන්න තේරුනේ නැහැ, ඒත් මොකක් හරි වෙන්න යන බව දැනුනා.... මන් හීමීට තටුවට ලං උනා......ගිහාන් එක දිගට මතුරනවා, අනෙක් එකා ගිනි ගොඩ ලගට වෙලා ඉන්නවා.......එක පාරටම අමුතූ සුළගක් එන්න ගත්තා..ඒ සුළගේ අවේ අමුතූ සුවදක්...මං දැනගත්තා දැන්නම් දිෂ්ටිය ලගටම ඇවිත් කියලා...ඒත් මේක ගිහාන්ට දැනුනේ නැද්ද මන්දා, මිනිහා තාමත් එක දිගටම මතුරවා.....මෙහෙම වෙන්න විදිහක් නැහැ, මට දැනුනා කියන්නේ ඒක මතුරන කෙනාට ඊටත් කලින්ම දැනෙන්න ඕන් කියන එකයි.....හොදම දේ එක නෙමේ, මම ඉටපස්සේ දැකපු දේයි.....කවුද කාන්තා රූපයක් නියර ඇළ දිගේ එනවා වගේ....මේ මහ රෑ කොහෙන්ද ගෑණු....දැක්කේ යාන්තමට චායාව විතරයි.....මන් අපේ අනික් මිත්‍රායාගේ මූන දිහා බැලුවා, මිනිහගේ වෙනසක් පේන්න නැහැ, ආපහු බලද්දී අර චායාව පේන්න නැහැ...........මට හිතා ගන්න බැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා....දැන්නම් හිත බය වෙලා එවරයි...ඒත් කරන්න දෙයක් නැති නිසා හිත තද කරන් හිටියා......එක පාරටම හුලං වල වෙනසක් උනා.....හුලං හමන වේගය වැඩි උනා......ඒත් ගිහාන් එක දිගටම මතුරනවා.... දැන් කරන්න ඕන අඩහන්න නෙමේයි, දොල දීලා ඉනාවට මතුරන එකයි...ඒත් මේකා තාම අඩගහනවා....එක පාරටම හුලං පාරක් ඇවිත් තටුවේ තිබිච්ච පහන නිවුනා....හුලං පාර කොච්චර සැරද කියනවානම් අපිවත් විසි වෙන තරමටයි හුලග අවේ...මුලු තටුවම හෙල්ලුනා ඒ හුලං පාරට......තටුවේ විලක්කුව නිවෙන්නේ නැතුව බේරුනේ 99න්....මම එක පාරටම බැලුවේ අනික් මිත්‍රායා දිහා, මිනිහත් බය වෙලා වගේ, මම අහුවා අවුලක් නැහැ නේද කියලා, මිනිහා නැහැ කිව්වා, මං දැන්ගත්තා මූ නම් යකෙක්ට වත් බය නැති එකෙක් කියලා.......

මම ගිහාන් දිහා බැලුවා...ඌ කිසිම සද්ධයක් නැහැ...එහෙමම වාඩි වෙලා ඉන්නවා...... මම තව විලක්කුවක් පත්තු කර ගත්තා....අරන් වට පිට බැලුවා කිසිම අවුලක් නැහැ....මං ගිහාන්ට කිව්වා " මචං මේ වැඩේ හරියන්නේ නැහැ, අපි මෙක නවත්තලා යමු බං යන්න......" ,කියලා........මං පස්සේ අනෙක් යාලුවාට කිව්වා ඔය ඔක්කොම පෝර බෑග් එකට දලා විසිකරලා දාමු කියලා....මේ වගේ කතාබහ වෙන වෙලාවෙත් ගිහාන් එහෙම වාඩිඋන විදිහටම වාඩිවෙලා හිටියා...මන් පන්දම මුගේ මුනට ලං කලා.......දන්නවද මම දැක්ක දේ.....මුගේ මූනම ඉදිමිලා වගේ, ඇස් එහෙම ලොකු වෙලා, මූ බලා ගත්තු අත බලන් ඉන්නවා......

මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා, අනේ දෙවියනේ මම දැන් මොකද කරන්නේ, මං එහෙමම බිම වාඩි වුනා නෙමියි නිකන්ම වාඩි උනා.......කිව්වට විස්වාස කරන එක්ක නැහැ ඒ වෙලාවේ මට පුදුම අසරණ කමක් දැනුනේ.......ඒත් මම හිතින් වැටුනේ නැහැ, මම අදහන ධර්මයේ විශ්වාසය මට නිතරම තියෙනවා...... මම හීමීට පන්දම යාලුවගේ අතට දුන්නා, දෙන ගමන් අතින් සලකුනු කලා කතා කරන්න එපා කියලා..... මං එහෙම්ම තත්පර ගානක් ඇස් වහ ගත්තා....ඒ මගේ හිත ඒක තැනකට ගන්න......මට හොදට ඒ වෙලාවේ සිහිය තියෙනවා කියලා දැඩි අදිෂ්ටානයක් ඇති කට ගත්තා...මං දකුනු අතට හීමිට කාලමක් මතුරන්න ගත්තා එක දිගටම මතුරන කොට මෙන්න ගිහාන් එක පාරටම නැගිට්ටා..මටත් ඒ එක්කම නැගිටුනා මතුරලා, එක පාරටම මන් මුගේ ඔලුවව අත තියලා මතුරන්න ගත්තා....දැන් මූ නැගිටන්ම ඉන්නවා.....මොනවා උනත් අපි දෙන්නම එකතු වෙලා මූවා බදා ගත්තා...මන් කොහොමහරි දනිස්සට හයියෙන් ගහුවහම මූ බිම වැටුනා, දැන් අරූ ගිහාන්ව තදින් අල්ලන් ඉන්නවා..... දැන් ඉතින් කරන්න දෙයක් නැහැ දැන් සැර කාලමක් කියන්න වෙනවා... මං ගිහාන්ගේ මූන අත්දෙකෙන් අල්ලන් මතුරන්න ගත්තා ...

".............ඕං හර හරම් කන්දාස්වාචී ජෙස් ගුරු නාරායයේ නමඃ ඕං අවකොරේ කුන්තු බාගේස් තුසයි වීර වල්ලි ගිනි........."

මේ පත්තිනි කුලම්බුව, (කොටසක් විතරයි ) මේ මන්තරයෙන් දිගට හරහට මතුරන්න ගත්තා විනාඩි පහකටත් වැඩි වෙලාවක් මට හිතෙන හැටියට, මතුරලා මූනට පිම්බා, ගිහාන්ට එක පාරටම සිහිය නැති උනා.....දැන් දිෂ්ටිය මූව ඇතෑරලා තියෙන්නේ, ඒත් මේ අවට කැරකැවෙනවා වෙන්න පුලුවන්, මං පන්දමත් අතට අරන්, දුම්මල මතුරලා වටේටම ගහුවා.....ගිනි පේසුමාලාවෙන් මැතුරුවේ දුම්මල, දැන් මේ පැත්ත පලාතේ මොකෙක්වත් නැහැ කියල sure...... දැන් හීමිට ගිහාන්ගේ මුනට වතුරා ගහලා සිහිය ගත්තා.....මූ බොහොම අමාරුවෙන් ඔලුව උස්සලා නැගිට්ටා....ඊට පස්සේ මූව අමාරුවෙන් වාඩිකරවා ගත්තා, අවිදින්න පුලුවන්ද කියලා අහුවම අගට ටිකක් පන මදියි වගේ කියලා කිව්වා.....මේ වෙනකොට මගේ හිතට මාර fit ඇවිත් තිබුනේ....දැන් අපේ එක මුවා වාරු කරන් ගෙදර අරන් යන එක....ඉට කලින් මං මුගේ බැනියම අරන් මතුරලා ගැටයක් ගැහුවා...දැන් කරන්න ඕන ඔක්කොම මූලික ආරක්ෂාවල් බැදලා ඉවරයි...... දැන් මූව වාරු කරන් ගෙදර පේන මායිමට අවා, පස්සේ ඉඩමට අතුල් වී වෙසමුණි දැහැනින් අන ඉර පාරේ අන්දා......දැන් හරි, දැන් බය වෙන්න ඕන නැහැ...පස්සේ ගෙදර අයට ඇහැරවලා විච්ච කතාන්දරය ඔක්කොම කිව්වා, මුන්ගේ මාමා ඇවිත් පහුවෙනිදා අපි තුන්දෙනාටම දෙහි කපලා කරට නූල් 3ක් දැම්මා....... ඒ මාමා කිව්ව විදිහට අර දේවල් කරේ නැත්නම් මෝහීනීගේ පහසට යටත් වෙන්න තිබුනලු......ඔන්න ඕකයි කාතාව......ඔය ගොඩක් දේවල් ඇතෑරලයි ලිව්වේ........මේක මීට වඩා දේවල් ඇතුලේ උනා...ඒවා වැදගත් නැති නිසයි මෙහෙම කෙටියෙන් ලිව්වේ.....

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි, මන්තර කියන්නේ සෙල්ලම් කරන්න පුලුවන් දෙයක් නෙමේ.....මේ ගැන හොයලා බැලුවට කමක් නැහැ ඒත් අත්හදා බලන්න යන්න එපා......බලගතු ආරක්ෂාවල් දන්නේ නැතුව, කාලම් මන්තර දන්නේ නැතුව මේවා අත්හදා බලන්න වත් යන්න එපා ......

උපුටා ගැනීමකි
Photo

Post has shared content
පසුගිය කොටසින්
=============

"ඉතිං ඔය ගමන යන්ට කැමති කෙනෙක් නැද්ද?"

"මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, ඒ කියන්නේ මහාචාර්ය ස්පිල්බර්ග් මහත්මයා ඔය ගමන යන්න තීරණය කළා'' යි පුරාවිද්‍යාඥයා දැන්විය. ''ඒ මහත්මයා මුණ ගැහුණොත් ගමන ගැන විස්තර දැනගන්නට පුළුවන්."

තමන්ගේ කුතුහලය සංසිදවිම පිළිබද ව පුරාවිද්‍යාඥයා හට ස්තූති කළ ළමෝ ඔහුගෙන් සමුගෙන මහාචාර්යවරයාගේ කාර්යාලය පිහිටි තෙවැනි මහළ දෙසට පිය මනින්නට වූවෝය.

''මහාචාර්යතුමා ඔය ගැන අපි එක්ක කථා කරන්ට කැමැති වේවිද?" යි හැරී තම සගයින් දෙස බැලීය.

"අකමැති වෙන්න හේතුවක් නැහැ" යි හෙන්රි පිළිතුරැ වශයෙන් කිවේය. "කෝකටත් අපි ගිහිං බලමු."

ඔවුහු පුළුල් බරාදයක් ඔස්සේ ගමන් කොට මයාචාර්යවරයාගේ කාර්යාලයට ඇතුලු වූවෝය. එහි පිට කාර්යාලයෙහි ලිපිකරැවන් දෙදෙනෙක් ද ලේකම්වරයෙක්ද සිටියහ.

"අපට මහාචාර්ය ස්පිල්බර්ග් මහත්මයා මුණ ගැහෙන්නට පුළුවන්ද?" යි ලේකම්වරිය වෙත ගිය හෙන්රි, දුටුවන් වසග කරන්නාවූ තම සිනහව පෑවේය.

අද එතැන් සිට
==========


“අද මහාචාර්යවරයා මුණ ගැමෙන්ට බැහැ” යි නිලධාරිණිය පිළිතුරු දුන්නාය. ” එතුමා වැදගත් කටයුත්තක යෙදිලයි ඉන්නෙ. කොහොමටත් එතුමා මුණ ගැහෙන්ට නම් කළින් දිනයක් වෙන් කරවාගන්ට ඕනැ.”

”කෝකටත් අහලා බලන්ට, අපේ නම් මේකේ ලියලා තියෙනවා.”

හෙන්රි විසින් තමන්ගේ නම් ලියා භාර දුන් කඩදාසි කැබැල්ල අතින් ගෙන ඇතුලු කුටියකට වැදුණු නිළධාරිණිය තවත් නොබෝ වේලාවකින් සිනහ රැදි මුහුණින් යුතු ව පෙරළා පැමිණියා ය.

”මහාචාර්යතුමා ඔයගොල්ලන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇතුලට යන්ට”

ඇයට ස්තුති කළ ඔවුහු දොරටුව හැරගෙන මහාචාර්යවරයාගේ පුද්ගලික කුටියට පිවිසියහ. ප්‍රමාණයෙන් පුළුල් වූ එහි බිත්ති අද්දර පෙළට තබන ලද රාක්ක ගණනාවක විවිධ පුරාවස්තු රාශියක් තැන්පත් කොට තිබුණේ ය. මිනිස් හා සත්ව ඇට කැබලි ද නොයෙක් හැඩයේ මැටි බදුන් හා පාෂාණ ද ඒ අතර විය. හෙයිඩ්ල්බර්ග් වානරයාගේ සිටනූතන මානවයා දක්වා ද ඩයිනෝසරයාගේ සිට නූතන උරගයා දක්වා ද හිස් කබල් එහි විණැ යි විස්මයෙන් පුළුල් වූ දෙබැමින් අවට නිරීක්ෂණය කළ හෙන්රි සිතුවේ ය.

කුටියේ කෙළවර බිත්තියක එල්ලුණු විශාල සිතියමක් පරීක්ෂා කරමින් සිටි ශක්තිමත් දේහයෙන් හෙබි උස මිනිසෙක් ඔවුන් දෙස බලා පුළුල් සිනහවක් පෑවේ ය. සැට විය ඉක්මවා සිටිය ද තරැණයකුගේ බදු හැඩි දැඩි සිරුරින් යුතු ඔහුගේ සුදු පැහැති රැවුල මුහුණට මහත් තේජසක් නංවති යි ළමුන්ට සිතිණ.

” අපේ මේ පුංචි විද්‍යාඥයෝ එන්ට ඇත්තේ මධ්‍යම අප්‍රිකාවෙන් මතු වුණා ය කියන පැරණි ශිෂ්ඨාචාරය ගැන විස්තර දැනගන්ට වෙන්ට ඕනෑ” යි ඔවුන් කිසිත් නොවිමසාම මහාචාර්යවරයා කීවේ ය. ” බොහොම හොදයි, බොහොම හොදයි වාඩිවෙන්ට”

” අපි ඒ ගැන සෑහෙන යමක් ග්‍රිෆිත් මහත්මයාගෙන් දැනගත්තා” යි අසුනකට බර දෙමින් හෙන්රි දැන්වී ය. ” මහාචාර්යතුමා ඔය ගැන සොයන්ට අප්‍රිකාවට යන බවත් ඒ මහත්මයා කිව්වා.”

”හරියට හරි. ඔය ශිෂ්ඨාචාරය ගැන කතාව මම සෑහෙන දුරකට විශ්වාස කරනවා. ඒ නිසයි ඔය ගමන යන්ට තීරණය කළේ. ඇයි? ඔය දරුවොත් එන්ට කැමතිද? ”

” අපිද? ” යි අනිකා කියන්නක් ඇදහිය නොහැක්කාක් මෙන් ළමෝ උස් හඩින් මුරගෑවෝ ය.

” ඔවු. ගමනට එක් වෙන්ට හිටි මගේ සහායකයන් දෙන්නෙක් අන්තිම මොහොතේ අයින් වුණා. අනික ඔයගොල්ලෝ වගේ උද්යෝගිමත් තරුණයෝ හිටියොත් ඒක මට හොද ශක්තියක්. නමුත් ඔය ගමන බොහොම දුෂ්කර බව මම මුලින්ම කියන්ට ඕනෑ. දෙමව්පියන්ගෙන් අවසර ලැබෙනවා නම් එන්ට පුළුවනි. සෑම වියදමක්ම දෙපාර්තමේන්තුවෙන් දරනවා. ”

අනපේක්ෂිත මේ පුවතින් විස්මයට පත් ළමෝ මොහොතක් නිහඪ ව සිටියෝ ය.

” මහාචාර්යතුමා, මේ ගමනට එක්වන්ට අපි බොහොම කැමතියි” යි හෙන්රි නිහැඩියාව බින්දේ ය. ” අපිට ආරාධනා කිරීම ගැනත් අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නමුත් මුලින්ම දෙමව්පියන්ගේ අවසරය ලබාගන්ට ඕනෑ.”

” ඔව් ඔව්. ඒක අත්‍යාවශ්‍යයි. අපි තවත් දවස් පහකින් ගමනට පිටත් වෙනවා. දෙමව්පියන්ගේ අවසරය ලැබුණොත් මට දන්වන්ට. නමුත් මේ ගමන බොහොම දුෂ්කර බව මම නැවත වතාවක් අවධාරණය කරන්ට ඕනෑ. සැතැප්ම සියයක් විතර පයින් ම කැලේ ගමන් කරන්ට සිද්ධ වේවි. අනික, වන සතුන්ගෙන් කොහොම වෙතත් මදුරුවන්ගෙනුත් වෙනත් කෘමීන්ගෙනුත් සෑහෙන්ට කරදර ඇති වන්ට පුළුවනි. ”

” ඒ හැම දේට ම අපි සූදානම්” යි පීටර් මහත් උද්‍යෝගයෙන් කථා කළේ ය. ” දෙමව්පියන්ගේ අවසරය ලැබුණොත් ක්‍රිස්ටෝත් මේ ගමනට සම්බන්ධ කරගන්ට පුළුවන්ද? ”

” ක්‍රිස්ටෝ? ආ! ඔය කියන්නේ අර ස්පාඥ්ඥ මිත්‍රයා ගැන වෙන්ට ඕනෑ. ඔව් එයාටත් එන්ට පුලුවනි.”

විස්මයත් ප්‍රීතියත් සම්මිශ්‍රිත හැගීමෙන් යුතු ව මහාචාර්යවරයාගෙන් සමුගත් ළමෝ ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණ වහා නිවසට පැමිණියෝ ය. ඔවුන්ගේ පියා නොහොත් ආචර් මහතාද නිවසෙහි සිටීම ළමුන්ගේ දැඩි සතුටට හේතු වී ය.

“මහාචාර්ය ස්පිල්බර්ග් මහත්මයා මුළු ලෝකෙ ම පිළිගත් දක්ෂ පුරාවිද්‍යාඥයෙක්” යි ඔවුන්ගේ කතාවට සවන් දුන් ආචර් මහතා කීවේ ය. “ ඒ මහත්මයා නොයෙකුත් රටවල පුරාවිද්‍යා ගවේෂණවල යෙදිලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් එක්ක ඔය ගමන යන්ට ලැබීම විශ්වාස කරන්ට අමාරු දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා ගියාට කමක් නැහැ. නමුත් ප්‍රවේශම් වෙන්ට ඕනෑ.”

ඊට දෙදිනකට පසු ඔවුන් විසින් ක්‍රිස්ටෝ වෙත යවන ලද විදුලි පුවතට පෙරළා පිළිතුරක් ලැබුණේ ය. එහි මෙසේ සටහන් කොට තිබුණි.

“ ගමන යන්ට මම කැමතියි. හෙට හවස හමුවෙමු. ක්‍රිස්ටෝ ”

ඉක්බිති දින උදෑසන පුරාවිද්‍යා කාර්යාලය වෙත ගිය ඔවුහු තමන්ගේ තීරණය පිළිබදව මහාචාර්යවරයා හට දන්වා සිටියෝ ය.


මතුසම්බන්ධයි.....
Photo

Post has attachment
Wait while more posts are being loaded