Shared publicly  - 
 
වෛද්‍ය ක‍්‍රමයේ සාම්ප‍්‍රදායික වැටකඩොලු බිඳ දමමින් MyDoctor වෙබ් අඩවිය http://mydoctor.lk/ මගින් පහසුවෙන් වෛද්‍ය විසඳුම් ලබාගත හැකි දිවයිනේ ප‍්‍රමුඛතම ‘ටෙලි මෙඩිසින්’(Tele-medicine) ක‍්‍රමවේදය ශී‍්‍ර ලංකාවට හඳුන්වා දෙයි. http://mydoctor.lk/ වෙබ් අඩවිය නවෝත්පාදනයන් සහ තාක්‍ෂණය හරහා සෞඛ්‍ය පහසුකම් සම්බන්ධ නව නිම්වළලු සොයා යන අතරම සිය සේවාලාභීන්ට අවශ්‍ය සේවා පහසුකම් සපයන විට වෛද්‍ය ආචාරධර්ම සුරැකීම සිය ප‍්‍රධාන වගකීම ලෙස සලකා කටයුතු කිරීම සහතික කර ඇත.

නවීන තාක්‍ෂණය භාවිතා කරමින් වේගවත් වර්ධනයක් ලබා ගැනීම සහ සෞඛ්‍ය විසඳුම් සඳහා නව තාක්‍ෂණය භාවිතා කිරීම දිරිමත් කිරීම මයි ඩොක්ටර් MyDoctor සැලසුම් කරයි. තම සේවාලාභීන්ට පූර්ණ සෞඛ්‍ය විසඳුම් සැපයීම සඳහා MyDoctor විවිධ වූ සේවා සපයනු ලැබේ. පැය 24 පුරා සිදු ලබාදෙන මූලික වෛද්‍ය උපදෙස් සහ මගපෙන්වීම් සේවාව, නොමිලයේ පරිගණක ගත සෞඛ්‍ය වාර්තා පවත්වා ගැනීම, විශේෂඥ වෛද්‍යවරයෙකු හා කථා කිරීමේ පහසුකම සහ හදිසි වෛද්‍ය සේවා ඇතුළුව ගිලන්රථ පහසුකම් යන සියලුම සෞඛ්‍ය අවශ්‍යතා එකම ද්වාරයකින් ඉටුකර ගැනීමේ හැකියාව මින් ලබා දී ඇත.

MyDoctor මගින් නවීන පහසුකම් සහිත පැය 24 පුරා කි‍්‍රයාත්මක වන ඇමතුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මණ්ඩලයක් මෙන්ම සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතා කීර්තිමත් සංවිධාන සහ ආයතන කිහිපයක් සමග සමීපව කටයුතු කරනු ලැබේ. මෙම සියලු සම්පත් භාවිතා කරමින් ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුල දැනට පවතින අඩුපාඩු මගහරවා සෞඛ්‍ය සේවාවන්ට වඩාත් පුළුල් පිවිසුමක් ඔබට ලබා දීමට එමගින් අපේක්‍ෂා කරයි.

Translate
2
Add a comment...