Profile cover photo
Profile photo
විදු නැණ හවුල
146 followers
146 followers
About
Posts

Post has attachment
Question of the Week

If you have visited a grocery store lately, you would have come across the word, “Antioxidants” printed on some products. Antioxidants protect our body from molecules known as Free Radicals. Explain how free radicals work within our body and how antioxidants protect us from them.

Inbox your answers before 8.30 a.m. next Monday and be the winner of this week.

In order to be included in the weekly Member Ratings, you should be a registered member of Vidu Nena Hawula Service. If you fail to register with the service before coming Monday 08.30 a.m. your name will not be added for the Vidu Nena Hawula Member Ratings.
Therefore if you are still not registered, please register yourself at http://en.vidunenahawula.com/join/

සතියේ පැනය

කඩයකින් භාණඩයක් මිළට ගැනීමට ගිය අවස්ථාවක ඔබට Antioxidants (ප්‍රතිඔක්සිකාරක) යන වචනය හමුවී ඇති. මේවා මුක්ත ඛණ්ඩක(Free Radicals) නම් අණු වර්ගයකින් අපේ ශරීරයට ආරක්ෂාව සපයයි. මුක්ත ඛණ්ඩක ශරීරය තුළ ක්‍රියාකරන්නේ කෙසේදැයි පහදා Antioxidants ඒවායින් අපට ආරක්ෂාව සපයන ආකාරය කෙටියෙන් සඳහන් කරන්න.

ඔබේ පිළිතුරු ලබන සඳුඳා පෙ.ව. 8.30 ට පෙර අප වෙත එවා (Inbox කර) මේ සතියේ ජයග්‍රාහකයා වන්න.

සාමාජික ඇගයුම් ගණනය කිරීම සඳහා ඇතුළත් වීමට ඔබ විදු නැණ හවුල සේවාවේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වන අතර අදාළ සතියේ සඳුදා පෙ.ව 08.30 වන විට ලියාපදිංචි වී නොමැති සාමාජිකයින්ගේ ලකුණු විදු නැණ හවුල සාමාජික ඇගයුම සඳහා ඇතුළත් කරනු නොලැබේ. ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම්, විදු නැණ හවුල සේවාවේ ලියාපදිංචි වීම සඳහා කරුණාකර www.vidunenahawula.com/join වෙත පිවිසෙන්න.

@sedunifs
Photo
Add a comment...

Post has attachment
Today’s Science Message

Televisions and computers have become a part of our day-to-day lives. Along with them, we use different types of screens, like CRT, LCD and LED. If you have ever pressed your finger on a LCD screen, you may have seen the ripples it creates. Why? Sandwiched among the layers of glass is a layer of ‘Liquid Crystals’, a state with both liquid and solid properties. They help the screen work. When you press on the screen you disturb the alignment of these crystals. It shows up as a ripple around the place where you pressed.

අද විදු වදන

අපි නිතරම පරිගණක සහ රූපවාහිනී භාවිතා කරනවා. ඒ සමග CRT, LCD, LED වැනි විවිධ වර්ගයේ තිරයන්(screen) යොදාගැනේ. LCD තිරයක් මත ඇඟිල්ල තබා තදකලොත් එහි රැළිති ඇතිවනවා ඔබ දැක ඇති. ඒ ඇයි? වීදුරු ස්ථර අතර ද්‍රව සහ ඝන දෙකෙහිම ලක්ෂණ දරන Liquid Crystal ස්ථරයක් ඇත. තිරය නිසි පරිදි ක්‍රියාත්මක වීමට මේවා වැදගත්ය. තිරය මත ඇඟිල්ල තදකරන විට මේ Crystals සැකසී ඇති ආකාරය වෙනස් වේ. එය අපට පෙනෙන්නේ ඇඟිල්ල තැබූ තැන වටා ඇතිවන රැළිති ලෙසය.

@sedunifs
Animated Photo
Add a comment...

Post has attachment
Today’s Science Message

Vampire bats gave birth to stories of blood-sucking vampires such as Count Dracula. But contrary to popular belief, humans are rarely on their menu. In fact, they might even help us in the future. Scientists have found a chemical in the saliva of vampire bats that thins blood and helps it flow more freely. This allows them to drink blood easily for a long time. The good news for us is that this ability of the chemical may also be used to break up the blood clots in the brain that cause stroke. With further development it could become a life-saver.

අද විදු වදන

මිනිසුන්ගේ ලේ උරාබොන ඩ්‍රැකියුලාගේ කතාව අප කාගේත් සිත්ගත් එකක්. එම කතාවට මූලික වුණේ ගවයන් වැනි සතුන්ගෙන් ලේ උරාබොන වැම්පයර් වවුලන්ය. ඔවුන් මිනිසුන්ගේ ලේ උරාබොන අවස්ථා නම් නොඇසෙන තරම්. එක් විද්‍යාඥයන් පිරිසකට අනුව ඇත්ත වශයෙන්ම ඔවුන් අනාගත්යේදී අපට ප්‍රයෝජනවත් විය හැක. වැම්පයර් වවුලාගේ ඛේටයේ ඇති රසායන ද්‍රව්‍යයක් ලේ කැටි ගැසීම වලක්වමින් වවුලාට දිගුකාලයක් ලේ උරාබීම පහසු කරයි. ආඝාතය වැනි රෝගවලදී මොළයේ ඇතිවන රුධිර කැටි දියකිරීමට මෙය භාවිතා කල හැකි බව ඔවුන්ගේ මතයයි. තවදුරටත් වැඩිදියුණු කිරීමෙන් මෙය රොගින්ගේ ජීවිත සුරකින ඖෂධයක් බවට පත්විය හැක.

@sedunifs
Photo
Add a comment...

Post has attachment
Answer for the Question of the Week

When an object floats or is submerged in water, it displaces water. The force exerted by the water on that object is equal to the weight of the displaced water. When the cube is in the boat, it has to displace an amount of water equal to the cube’s weight to keep it floating along with the boat. But once it is in water, it will only displace an amount of water equal to its volume. Since the density of the metal cube is higher than water, the water displaced when it is in the water is less. So the water level will reduce once the cube is in the water.

Congratulations to this week’s winners. Please visit http://en.vidunenahawula.com/member-ratings/ to view this week's winners, your member ratings and the position.

සතියේ පැනයට පිළිතුර

වස්තුවක් ජලයේ පාවෙන විට හෝ ගිලී ඇතිවිට එමගින් ජලය විස්ථාපනය කරයි. ජලය මගින් එම වස්තුව මත ඇතිකරන බලය මේ විස්ථාපනය වූ ජලයේ බරට සමානය. කුට්ටිය බෝට්ටුවේ තිබෙන විට විස්ථාපනය වන්නේ කුට්ටියේ බරට සමාන ජල ස්කන්ධයක්ය. එමගින් බෝට්ටුව සමග පාවීමට කුට්ටියට අවශ්‍ය බලය ලැබේ. එහෙත් ජලය තුලදී විස්ථාපනය වන්නේ කුට්ටියේ පරිමාවට සමාන ජල ප්‍රමාණයක්ය. යකඩවල ඝනත්වය ජලයට වඩා ඉහල නිසා කුට්ටිය ජලයේ ඇතිවිට විස්ථාපිත ජල පරිමාව අඩුය. එනිසා කුට්ටිය ජලයට දැමූ විට ජල මට්ටම පහල යයි.

මෙම සතියේ ජයග්‍රාහකයින් වෙත අපග‍ේ උණුසුම් සුභ පැතුම්. මෙම සතියේ ජයග්‍රාහකයින් සහ ඔබගේ සාමාජික ඇගැයුම් තත්වය දැනගැනීමට කරුණාකර http://www.vidunenahawula.com/member-ratings/ වෙත පිවිසෙන්න.

@sedunifs
Photo
Add a comment...

Post has attachment
Today’s Science Message

Both a hair straightening iron and a curling iron use heat to do their job. How does heat allow you to change your hair according to your liking? Hair is mainly made of strands of Keratin protein. When heat is applied, the bonds between these strands break, allowing them to move freely. The shape of the iron helps to mold your hair into the shape you desire, curly or straight. As you hold your hair in a particular shape for a few seconds, the bonds begin to reform. These bonds will hold the new shape of your hair from then on.

අද විදු වදන

කොන්ඩය කෙලින් කිරීමට(straighten) හා කැරලි ඇති කිරීම යන දෙකටම භාවිතා වන්නේ කොන්ඩය උණුසුම් කරන උපකරණ වේ. කොන්ඩය රත් කිරීම මගින් ඔබේ කැමැත්තට අනුව කොන්ඩය වෙනස්කර ගැනීමට හැකි වන්නේ කෙසේද?කොන්ඩය ප්‍රධානව සෑදී ඇත්තේ කෙරටින් නම් තන්තුමය ප්‍රෝටීනයකිනි. රත් කිරීම නිසා මේ තන්තු අතර ඇති බන්ධන බිඳවැටී ඒවාට නිදහසේ චලනය වීමට අවස්ථාව හිමිවේ. කොන්ඩය රත්කරන උපකරණයේ හැඩයට අනුව දැන් හිසකෙස් සැකසෙයි. ටික වේලාවක් මෙසේ තබන විට නැවත බිඳී ගිය බන්ධන ඇතිවෙයි. මේ බන්ධන මගින් කොන්ඩයේ නව හැඩය එයාකාරයෙන්ම පවත්වාගෙන ඔබට කෙලින් හෝ කැරලි සහිත කොන්ඩයක් ලබාදෙයි.

@sedunifs
Photo
Add a comment...

Post has attachment
තෙල් පැල්ලම නිසා කඩදාසියට සිදුවන අපූරු වෙනස
කඩදාසියක් මත තෙල් සහිත ආහාරයක් තබා
බලන්න. ඔබට අඩ වශයෙන් පාරදෘශ්‍ය තෙල් පැල්ලමක් පෙනෙනු ඇත. තෙල් ගෑවුණු විට මෙවන්
පැල්ලම් ඇතිවන්නේ ඇයිදැයි ඔබ දන්නවාද ? කඩදාසි සෑදී ඇත්තේ සෙලියුලෝස් තන්තු සහ ඒවා අතර ඇති කුඩා වාත කුහර වලිනි.
ඒ නිසා කඩදාසිය හරහා යෑමේදී ආලෝකයට ම...
Add a comment...

Post has attachment
Today’s Science Message

Water is a good fire extinguisher. But water won’t be your friend every time a fire starts burning. For an example, water should not be used to extinguish fires caused by electricity or gasoline. Instead, substances such as CO2, foam and chemicals are used to deal with different types of fires like these. Fire extinguishers have different coloured bands in order to let us know the substance within it. Red, blue, cream, black colours respectively represent water, dry powder, foam and CO2 fire extinguishers.

අද විදු වදන

ගිනි නිවීමට ජලය බහුලව භාවිතාවේ. එහෙත් ගින්නක් ඇතිවූ සෑම විටම ජලය ඔබේ මිතුරෙක් නොවන බව ඔබ දැන සිටියාද? උදාහරණයක් ලෙස විදුලි කාන්දුවක් හෝ තෙල් නිසා ඇතිවූ ගින්නක් නිවීමට ජලය පාවිච්චි නොකල යුතුය. මෙවන් විවිධාකාර වූ ගිනි නිවීමට CO2, වියලි පවුඩර්, පෙණ හෝ රසායනික ද්‍රව්‍ය වැනි දේ භාවිතාවේ. ගිනි නිවන උපකරණවලට විවිධ වර්ණයේ පටි ඇත්තේ එහි අන්තර්ගත වී ඇති ද්‍රව්‍ය පිළිබඳ අපව දැනුවත් කිරීමටය. රතු, නිල්, ක්‍රීම්, කළු වර්ණ වලින් පිලිවෙලින් ජල,වියලි පවුඩර්, පෙණ , CO2 ගිනි නිවන උපකරණ පෙන්නුම් කරයි.

@sedunifs
Photo
Add a comment...

Post has attachment
Answer for the Question of the Week

CFL bulbs take electricity from the power supply and generate electrons that move down the white tube. These tubes contain Mercury vapour. When electrons bump into Mercury atoms, they transfer part of their energy to them. They later release this energy in the form of Ultraviolet light. But wait, we cannot see ultraviolet light! So the white tube of a CFL bulb is coated with a chemical called ‘Phosphors’ that absorbs the ultraviolet light and releases visible light. This is how CFL bulbs work.

Congratulations to this week’s winners. Please visit http://en.vidunenahawula.com/member-ratings/ to view this week's winners, your member ratings and the position.

සතියේ පැනයට පිළිතුර

CFL බල්බ ගොඩනැගිල්ලේ විදුලි සැපයුමෙන් විදුලිය ලබාගෙන බල්බයේ නලය ඔස්සේ ගමන් කරන ඉලෙක්ට්‍රෝන නිපදවයි. මේ නලය තුල රසදිය වාෂ්පය අඩංගුය. ගමන් කරන ඉලෙක්ට්‍රෝන රසදිය පරමාණුවල ගැටුණු විට ඉලෙක්ට්‍රෝනවල ශක්තියෙන් කොටසක් රසදිය පරමාණු මගින් උරාගනියි. පසුව එය UV කිරණ ලෙස පිට කරයි. එහෙත් එම කිරණ අපගේ ඇසට නොපෙනෙන නිසා ඒවා දෘෂ්‍ය ආලෝකය බවට පත්කල යුතුය. ඒ සඳහා බල්බයේ නලයේ ‘ෆොස්ෆර්’ නම් රසායනික ද්‍රව්‍යයක් ගල්වා ඇත. එමගින් UV කිරණ අවශෝෂණය කර අපට පෙනෙන ආලෝකය නිකුත් කරයි.

මෙම සතියේ ජයග්‍රාහකයින් වෙත අපග‍ේ උණුසුම් සුභ පැතුම්. මෙම සතියේ ජයග්‍රාහකයින් සහ ඔබගේ සාමාජික ඇගැයුම් තත්වය දැනගැනීමට කරුණාකර http://www.vidunenahawula.com/member-ratings/ වෙත පිවිසෙන්න.

@sedunifs
Photo
Add a comment...

Post has attachment
Question of the Week

Nowadays, CFL (Compact Fluorescent Lamp) bulbs light up our homes, offices and other buildings. Briefly explain how a CFL bulb works.

Inbox your answers before 8.30 a.m. next Monday and be the winner of this week.

In order to be included in the weekly Member Ratings, you should be a registered member of Vidu Nena Hawula Service. If you fail to register with the service before coming Monday 08.30 a.m. your name will not be added for the Vidu Nena Hawula Member Ratings.
Therefore if you are still not registered, please register yourself at http://en.vidunenahawula.com/join/

සතියේ පැනය

වර්තමානයේදී CFL (Compact Fluorescent Lamp) බල්බ අපගේ ගෙවල්, කාර්යාල ඇතුළු ගොඩනැගිලි ආලෝකමත් කිරීමට දායක වෙයි. CFL බල්බ ක්‍රියාකරන ආකාරය කෙටියෙන් විස්තර කරන්න.

ඔබේ පිළිතුරු ලබන සඳුඳා පෙ.ව. 8.30 ට පෙර අප වෙත එවා (Inbox කර) මේ සතියේ ජයග්‍රාහකයා වන්න.

සාමාජික ඇගයුම් ගණනය කිරීම සඳහා ඇතුළත් වීමට ඔබ විදු නැණ හවුල සේවාවේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය වන අතර අදාළ සතියේ සඳුදා පෙ.ව 08.30 වන විට ලියාපදිංචි වී නොමැති සාමාජිකයින්ගේ ලකුණු විදු නැණ හවුල සාමාජික ඇගයුම සඳහා ඇතුළත් කරනු නොලැබේ. ඔබ තවමත් ලියාපදිංචි වී නොමැති නම්, විදු නැණ හවුල සේවාවේ ලියාපදිංචි වීම සඳහා කරුණාකර www.vidunenahawula.com/join වෙත පිවිසෙන්න.

@sedunifs
Photo
Add a comment...

Post has attachment
Today’s Science Message

Have you ever used eye-drops? Although it is inserted into your eyes you may have felt its taste in your mouth. You would wonder why. If you look closely, there is a small opening at the inner corner of your eye that normally drains excess tears. In this case the eye drops drain through this opening into a tube. The eye drops are then transported to your nose. Then they come into contact with the taste buds after moving towards the mouth through the throat. This is why you can taste your eye-drop.

අද විදු වදන

අක්ෂි රෝග ඇතිවූ විට ඇසට දමන බෙහෙත් ඔබ භාවිතා කර තිබෙනවාද? බෙහෙත දමන්නේ ඇසට වුණත් එහි රසය ඔබට දැනුණු අවස්ථාවක් මතකද? ඔබට මෙය ගැටලුවක් වෙන්න පුළුවන්. ඔබ අවධානයෙන් බැලුවොත් ඔබේ ඇසේ ඇතුළු කොනේ කුඩා විවරයක් දකින්නට ලැබෙයි. මෙය ඇත්තේ අමතර කඳුළු ඉවත් කිරීමට.මෙම අවස්ථාවේදී සිදුවන්නේ ඇසට දැමූ බෙහෙත් මේ විවරය හරහා නාලයකට ඇතුළු වී අවසානයේ නාසයට ළඟාවීමයි. ඉන්පසුව උගුර හරහා රසාංකුරවලට ළඟාවෙයි. ඇසට දැමූ බෙහෙතේ රස දැනෙන්නේ මේ නිසායි.

@sedunifs
Photo
Add a comment...
Wait while more posts are being loaded