Profile cover photo
Profile photo
Lak Jana Handa
13 followers -
Voice of the Nation
Voice of the Nation

13 followers
About
Posts

Post has attachment
අජිත් මෙන්ඩිස්ගෙ නවතම නාට්‍ය නිර්මාණය අලුත් හොරෙක් ඕනෑ වේදිකා නාට්‍ය ජුනි මස 4 වනදින එනම් අදදින සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හීදී වේදිකාගත වේ. විජය නන්දසිරි, රොෂාන් පිලපිටිය, සමන් හේමරත්න, සේනක ටයිටස්, මිහිරි ප්‍රියංගනි යාපා සහ කුමාරි සේනාරත්නගේ රංගනයෙන් හැඩවෙන අලුත් හොරෙක් ඕනෑ විනෝදාත්මක නාට්‍ය 2016 ජුනි මස 12 වනදා පානදුර නගර ශාලාවේදීද වේදිකාගත වීමට නියමිතය. #LJH #SriLanka
Add a comment...

Post has attachment
වෙනත් වචනවලින් කිවහොත් ආණ්ඩුව සහ සිංහල ජාතිවාදය අතර තිබෙන සම්බන්ධය රාජපක්ෂ යුගයේ මෙන් සෘජු සම්බන්ධයක් නොවුවද අවසාන විග්‍රහයේදී විශේෂයෙන්ම ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තීරණය කරනු ලබන්නේ සිංහල ජාතිවාදය විසින්ය. ඊට බලපා තිබෙන ප්‍රධානතම හේතුව ජාතිවාදය සමඟ ගැටී රාජ්‍යයේ සිංහල කේන්ද්‍රීයභාවය ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරියට ගෙනයාමේ දේශපාලන අධිෂ්ඨානයක් ආණ්ඩුව සතුව නොපැවතීමය. ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවා තිබෙන නව ලිබරල් ආර්ථික ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස සමාජයේ පහළ මාලයේ ජනයා ඉදිරියේදී තව තවත් ආණ්ඩුව හා විරසක වීමට නියමිත අතර මහජනයා සමඟ රාජ්‍යයෙහි කිසිදු සම්බන්ධයක් නොමැති තත්වයක් යටතේ එවැනි විවාදාත්මක ප්‍රතිසංස්කරණ යථාර්තයක් කරගැනීමේ දේශපාලන හැකියාව ආණ්ඩුව සතුව නොපවතී. එහි වාසිය හිමිවන්නේ ඒකාබද්ධ විපක්ෂය මුලික කොටගත් සිංහල ජාතිවාදී කදවුරට සහ රාජපක්ෂ නැවෙන් යහපාලන නැවට පනින ලද ජාතිවාදී කොටස් වෙතය. #LJH #SriLanka
Add a comment...

Post has attachment
දූෂණ විරෝධී පෙරමුණ ලංකාවේ දුෂණ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ආයතන හයක් වෙත මේ වනවිට පැමිණිලි පන්සිය දොළහක් යොමු කර ඇත. පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය, මූල්‍ය අපරාධ විමර්ශණ ඒකකය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව, බරපතල දූෂණ වංචා සෙවීම සදහා පත් කර ඇති ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාව මෙයට ඇතුලත් ය. පසුගිය ජනවාරි මාසයේ සිට මෙම පැමිණිලි සම්බන්ධයෙන් වන ප්‍ර‍ගතිය විමර්ශනය කිරීමේදී එයින් බරපතල සිදුවීම් බහුතරයක පරීක්ෂණ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔබ්බට ගොස් නොමැති බව අපට තහවුරු විය. මේ වනවිට දෙස් විදෙස් හි දැඩි අවධානය යොමුවී ඇති ලංකාවේ මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු නඩු පැවරීම දක්වා රැගෙන ඒමට නොහැකිව සම්පුර්ණයෙන්ම අඩපන වී ඇති බව දූෂණ විරෝධී පෙරමුණෙහි නිරීක්ෂණයයි. #LJH #ACF #SriLanka
Add a comment...

Post has attachment
වර්ෂ 2009 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරේ සන්නද්ධ අරගලය මිලිටරිමය වශයෙන් පරාජය කරනවාත් සමඟම රටේ ස්වෛරීත්වය අපට අහිමි විය. රට තුළ එවකට ද්විත්ව බලයක් එනම් හමුදා බලය සහ එල්ටිටිඊ ගරිල්ලන්ගේ බලය යන දෙකම ක්‍රියාත්මක වු නිසා ජාත්‍යන්තර බලවේගවලට රටෙහි ආර්ථික ක්‍රියාවලියට ඍජු ලෙස මැදිහත් වීමට නොහැකි විය. යුද්ධයට පසු ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දුන්නේ ඉතාම ඛේදනීය තැනකටය. අවසාන විග්‍රහයකදී ශ්‍රී ලංකාව යුද්ධය සඳහා වියදම් කළේ රට තුළින් කෘතීමව එකතු කළ බදු මුදල් සහ විදේශ ණය මුදල් ය. යුද්ධයෙන් පසු උතුරට දේශපාලන බලය බෙදීම පිළිබඳ ගැටලුව මතු විය. ඉන්දියාව, යුරෝපය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඉතා ඉක්මනින් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ උතුරට සාධාරණ ලෙස මධ්‍යයේ බලය බෙදා හරින ලෙසය. #LJH #SriLanka
Add a comment...

Post has attachment
නව පොලිස්පතිවරයා යහපත් මහජන සම්බන්ධතා පවත්වන අතරේදී පොලිසිය තිබෙන්නේ ඊට සපුරා වෙනස් තැනකය. තවමත් සාමාන්‍ය මිනිසකුට පොලිසියකට යාම වනාහි බිය ගෙන දෙන අත්දැකීමකි. පොලිසියට ගොඩවන මහජනතාවට අශීලාචාර ලෙස ආමන්ත්‍ර‍ණය කරන අවස්ථා තවමත් දැකගත හැකිය. පසුගියදා මහරගම පොලිස් බල ප්‍රදේශයේ පවත්වන ලද විකල්ප කලා සංස්කෘතික උළෙලට පොලිස් අවසර ලබානොදීම එවැනි එක් සිද්ධියක් පමණි. එය රාජපක්ෂ රෙජීමය ඉතිරි කරන ලද මිලිටරි රාජ්‍ය සංකල්පයෙහි නටඹුන් බව අවධාරණය කළ යුතුය. එමෙන්ම පොලිසිය තුළ ක්‍රියාත්මක වන ලොකු පොඩි බේදය පොලිස් නිලධාරින්ට සිය රැකියාව වෘත්තීය අභිමානයකින් යුතුව කරගෙන යාමට බාධාවක් බවද මෙහිලා සදහන් කළ යුතුමය. මෙම තත්ත්වය වෙනස් කිරීමේ වගකීම පැවරෙන්නේද වත්මන් පොලිස්පතිවරයාට ය. අත්අඩංගුවට ගැනෙන සැකකරුවන් ආයුධ සොයන්නට රැගෙන ගොස් පොලිසියෙන් වෙඩි කා මියයන තිරනාටකය වසර ගණනාවක් අපි අත්විද ඇත්තෙමු. නැවත කිසිදා එවැනි ජවනිකා තිරගත නොවීම අප සැමගේ අපේක්ෂාවයි. #LJH #SriLanka
Add a comment...

Post has attachment
ලොව ඔටිසම් තත්වයෙන් පෙළෙන දරුවන් ගණන ජනගහනයෙන් සියයට එකක් වන අතර එහි බහුතරය පිරිමි දරුවන් වේ. ලංකාවේ සෑම දරුවන් අනුතුන් දෙනෙකුටම එක් දරුවෙකු ඔටිසම් තත්වයෙන් පෙළෙයි. එහි පිරිමි සහ ගැහුණු දරුවන් අතර අනුපාතය හතරට එකකි. 2020 වනවිට මෙම තත්වය සියයට පනහකින් වර්ධනය වනු ඇති බවට අනුමාන කෙරෙයි. ඔටිසම් නිශ්චිතව රෝගයක් නොවුවද දරුවෙකුගේ මොළයේ ක්‍රියාකාරිත්වය සමඟ සෘජු සම්බන්ධයක් දක්වන්නක් හෙයින් එය ජීවිත කාලයටම බලපානු ඇති බව විද්‍යාඥයින්ගේ මතයයි. දරුවෙකු පළමු මාස දහඅට ඇතුළත තනි වචන උච්චාරණය නොකිරීම, ශබ්දයට ප්‍ර‍තිචාර නොදැක්වීම, ස්පර්ශයට අකමැත්ත, පුනරුච්චාරණය සහ කෝපයට පත්වීම වැනි රෝග ලක්ෂණ මෙහිදී පෙන්නුම් කරයි. අධික ලෙස කෝපයට පත්වීම ළදරු අවධියෙහි හසුරුවා ගැනීම පහසු වුවද වැඩිහිටියෙකු වු පසු නිතර කෝපයට පත්වීම ගැටලු රාශියකට හේතු වනු ඇත. ‪#‎LJH‬ ‪#‎SriLanka‬
Add a comment...

Post has attachment
මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරිය ලෙස නිලුකා ඒකනායක මහත්මිය පත්කිරීම විරුද්ධව අස්ගිරි පාර්ශවය විරෝධය පලකල බවට පසුගිය මාසයේද මාධ්‍ය වාර්තා පළ විය. පළමුව සදහන් කළ යුතු වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසාවෙන් හෝ ලිංගික හැඩගැස්ම නිසා ආන්තීකරණය වු කොටස් වෙනුවෙන් සටන් කරන මිනිසුන් ලෙස අප අස්ගිරි පාර්ශවයේ එම ප්‍රකාශය තරයේ හෙළා දැකිය යුතුය. එම විවේචනය හේමමාලා දන්ත ධාතුව තම වරලසේ සගවා ගෙන ඒම වැනි පුහු තර්ක වලින් ඔබ්බට ගොස් නිදහස, සමානත්මතාවය වැනි සංකල්ප වල පදනම මත මෙම තර්කය ගොඩනැගීම අවශ්‍යයය. අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් පවසා ඇති අන්දමට නිලුකා ඒකනායක මහත්මිය මධ්‍යම පලාත් ආණ්ඩුකාර තනතුරට නුසුදුසු වන්නේ දළදා මාලිගාවේ වැඩ කටයුතු හා අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරුන් සමඟ කටයුතු කිරීමේදී කාන්තාවක් ආණ්ඩුකාරවරියක් ලෙස පත්කිරීම තුලින් එම වැඩ කටයුතු කරගෙන යාමට බාධාවක් සිදුවීම ය. ‪#‎LJH‬ ‪#‎LGBT‬ ‪#‎SriLanka‬
Add a comment...

Post has attachment
මැයි පළමු වැනිදාට යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශවල පවත්වන ලද කම්කරු සැමරුම් හතලිස් නවයක් අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී. සිය ජාතිවාදයට එරෙහි ස්ථාවරය සපත කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍ාවාදය ආරක්ෂා කිරීම උදෙසා සහෝදර පක්ෂ සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිවාදයෙන් මුදාගැනීම සහ නව ආර්ථික වැඩපිළිවෙළකට මෙහෙයවීම අරමුණු කොටගත් ගාලු වේදිකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වන ලද අදහස් පහත දැක්වේ. ‪#‎LJH‬ ‪#‎SLFP‬ ‪#‎SriLanka‬
Add a comment...

Post has attachment
2020 වනවිට ලංකාවේ දූෂණ වංචා පිටුදැකීමේ අරමුණ පෙරදැරිව පසුගිය වසරේ පිහිටුවන ලද දූෂණ විරෝධී පෙරමුණ වෙත අල්ලසට හා දූෂණයට එරෙහි මහජනතාව විසින් ගෙවී ගිය වසර දහය තුළ සිදුවු දූෂණ වංචා සම්බන්ධයෙන් ලබාදෙන ලද තොරතුරු වලට අදාළ ලිපිගොනු විශාල ප්‍ර‍මාණයක් දූෂණ විරෝධී පෙරමුණ විසින් අදාළ අංශ වෙත යොමු කර ඇත. එලෙස ගොනු කරන ලද පැමිණිලි වලට අදාළ ප්‍ර‍ගති සමාලෝචනයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත යොමුකර ඇති අතර ඊට අදාළ සවිස්තරාත්මක තොරතුරු පහත දැක්වේ. #LJH #ACF #SriLanka
Add a comment...

Post has attachment
දාහත්වැනිදා කොළඹ පැමිණි ජනතාවගෙන් පිළිබිඹු වුයේ මෙරට යක්‍ෂ සංස්කෘතික සංරචකයය. එදා යක්කු කොළඹ පැමිණියහ. ඔවුන් පැමිණියේ ඉන්දීය මෙන්ම බටහිර ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ආධිප්‍යයන්ට එරෙහිවය. ඉක්ටා ගිවිසුම මේ ආධිපත්‍යයෙහි එක් කොටසක් පමණකි. ඉන්දියාවේ ජනයාට අවශ්‍ය ප්‍රමාණයට ගිලන් රථ නැතිව තිබියදී ඔවුන් අපට ගිලන් රථ දෙන්නේ අප ගිලනුන් කිරීමටය. ඉන්දීය හා බටහිර ඔත්තු සේවාවල නියෝජිතයෝ ලංකාව පුරා විශේෂයෙන් කොළඹ හා යාපන දිස්ත්‍රික්වල ගැවසෙති. ඔවුන්ගෙන් යම් පිරිසක් ගිලන් රථවලද යනු ඇත. යක්කු විදේශීය ආධිපත්‍ය වලද සහායෙන් ආණ්ඩුව සිංහලයන්ට කරන අඩත්තේට්ටම් වලට රණවිරුවන් සිරගත කර දෙමළ ත්‍රස්තවාදීන් මුදාහැරීමට, බුද්ධි අංශය දියාරු කිරීමට, භික්‍ෂූන්වහන්සේට හිරිහැර කිරීම්වලට, බුදු සසුන ඊනියා ථෙරවාදී කතිකාවත් මගින් පාලනය කිරීමට, ආර්ථික පීඩනයට, ජනමාධ්‍යවලට බලපෑම් කර ඒ නිහඬ කිරීමට, ආදී වශයෙන් කරන සියළු කටයුතුවලට විරුද්ධව කොළඹ පැමිණියහ. පොදුවේ ගතහොත් ඔවුහු යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍යයට එරෙහිව කොළඹ පැමිණියහ. බටහිර හා ඉන්දීය ගැති රනිල් සිරිසේන ආණ්ඩුවට බලයේ රැඳී සිටීමට දැනට හැකි වී ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ යැයි කියන මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුන්ගේ පාවාදීම හේතුවෙන් පමණකි. #LJH #SriLanka
Add a comment...
Wait while more posts are being loaded