Profile cover photo
Profile photo
Dilshara Weerasinghe
23,661 followers -
A Versatile Personality
A Versatile Personality

23,661 followers
About
Dilshara's posts

Post has attachment
http://sansaare.blogspot.com/2017/04/337.html

[337] භාවාත්මක ආදරය සහ සැමරුම් මතක

.
ඒක හරිම ගැඹුරු ආදර කතාවක් ....
.
වසර හයකට ඉහත ඈ මෙලොව එලිය දකිද්දි මම හිටියෙ බොහොම දුරක, ගතින් කෙසේ වෙතත් හිතෙන්. මටම වෙන්වුන මගේ ලෝකෙක මගේම ප්‍රශ්න වල නූල් බෝලයක් වගේ පැටලිලා වෙලිලා හිටිය ඒ කාලෙන් මිදෙද්දි ඈ හෙමි හෙමිහිට ලොකු වෙන්න අරන් .
.
අම්පුච්චි ( අම්මා + පුංචි) කියා තතනමින් මගේ දිහා ඇස් දල්වගෙන බලන් ඉන්න ඇය කිසි සේත්ම මාව නම් ආදර්ශෙට ගන්න එපා කියා මම ඈ මාදෙස බලා සිතෙන් වශී වෙන ඒ බැල්ම හෙලන හැම වෙලේම මම හිතෙන් පැතුවා. මම වගේ හැඟීම්බර නොවී , වෙන ඕනෙ එකක් මම වගේ වෙයන් ! මම පැතුවෙ එහෙම. තිස් විය ඉක්මවූ කාන්තාවකගේ වැඩ පිලිවෙලට කිසිසේත්ම ලඟින්වත් නොයන , හිතෙන් අවුරුදු දාසයේ ජීවත් වෙන මගෙන් ,වැඩිහිටි පුංචි අම්මා කෙනෙක්ගේ හැසිරීම දකින්නට බැරි වුනු නිසාදෝ , අදටත් ඇය හිතාගෙන ඇත්තේ , පුංචි අම්මා කෙනෙකු යනු ඇයට වඩා බිඳිත්තක් විතර හිතෙන් ලොකු වූ , සරීරයෙන් පමණක් වැඩුනු ඇරුම පුදුම විප්‍රකාර සත්වයෙක්ය කියා නම් නො අනුමානයි.
.
නිතර ඇය ලඟින් යද්දී ඇයට වධ දෙන , කිචි කවා හිනා ගස්සවන , කොලොප්පම් කරන , විටෙක සැර වෙන , විටෙක සුරතල් කරන , මේ අම්පුච්චී , පසු කලෙක පුංචි අම්මා කියන නමින්ම යලිත් බෞතිස්ම කලේ ඇයම තමයි. ඒ ඇගේ අම්මාගේ වද කරදරයට වෙන්නත් පුලුවන්.
.
මෙදා පාර අවුරුද්දේ ඈ මට අරන් ආවේ වෙනස්ම විදියේ තෑග්ගක්. ඇගේ පුංචි අතින්ම කැන්වසයක ඇඳපු වෛවාරණ අති සුන්දර පැහැයන්ගෙන් ඔප වැ‍ටුන ලස්සන සිතුවමක්. ඒ ලස්සන සිතුවමෙන් , ඈ ඇතැම් විට වැඩිහිටි වියේ පසුවෙන තරුණ තරුණන්ටත් වඩා කොයි තරම් ගැඹුරු ආලයක් සෙනෙහසක් ප්‍රකාශ කලාදැයි පවසන්නට වදන් නොමැති තරම් ! ඇතැම් විට පුංචි අම්මාගේ අමුතු තෑගි රුචිකත්වය ඇයට ඒත්තු ගන්වන්නට ඇත්තේ මගේ සහෝදරිය වන්නට පුලුවනි. එහෙත් එතරම් ලස්සනට හැඩ වැඩ දමා කැන්වසයක ඇඳි වෘත්තීය මට්ටමේ සොඳුරු සිතුවමක් දෝත බදා දෙන ඇයට , තෑග්ගක ඇති ද්‍රව්‍යමය වටිනාකමින් එහා ගිය කෞතුක මෙන්ම භාවාත්මක වටිනාකම හැඟී ඇති ගැඹුර දැක මා විස්මයට පත්වූ බව නම් නොකියාම බැහැ.
.
එදා අප්‍රියෙල් 24 වනදා රාත්‍රියේ , ජීවිතයේ පළමු වතාවට , අධිවේගී මාර්ගයක , පැයට කිලෝමීටර එකසිය විස්සක වේගය අභිබවා රිය ධාවනය කරද්දී , නිකුත් කල ගෙවීම් රිසිත් පත , සිහිවටනයක් ලෙසින් මගේ කුඩා දින පොතෙහි අලවද්දී, මට අර පුංචි ඇඟිලි තුඩු වලින් , ලහි ලහියේ ඇඳ , වේලා , රාමු කොට , පුංචි අම්මාට තෑගි ලෙස ගෙනා පහන්මාගේ ගැඹුරු ආදරයේ අමරණීය සංකේතය ගැන කුඩා සටහනක් ලිවිය යුතුම යයි සිත බල කළා.
.
පහන්මා ... ඇස්වහ කටවහ වෙන්න එපා... මට හරිම ආඩම්බරයි ඔබ ගැන ... ! පහන් කන්දක් තරම්ම උස ඔබේ ආදරය ගැන ....



[335] ගඟ මහවැලිය - සහ - වැල් පාළමේ ගීතය ...

පේරාදෙණිය සහ මහවැලිය මට සුහුරැ තැනක් වූයේ අද ඊයේ නොවේ. ඉතා කූඩා වියේ අප සියලු දෙන‍ා ගම්පොල සිට නුවර ගෑටූ දිගු ගමන් අවදියෙහි, මගේ කුඩා ඇස් වලට ගඟ යනු හරිම එකාකාරී වතුර ගොඩක් පමණක් වූයේය. ඒ ගඟෙහිම නෘත්‍යයක් මෙන්ම ලාලිත්‍යයක්, අප ගම්පොලින් නුවර දොඩම්වල පැලපදියම් වූ කල්හි දිනපතා මට දකින්නට ලැබුනේය. ගෙදර සිට අතුරැ පාරෙන් මහපාරට හරවන මීටර කිහිපයෙහි එක් කුඩා කපොල්ලකින් ගඟ පෙනුනේය. නමුත් ඒ , විසාල මහවැලි ගඟෙන් බොහොම ඇබින්දකි. කාලයාගේ ඇවෑමෙන් අපි කුඩා විය පසු කොට තරැණන් වීමු. තරැණ දෑසට අංජනයක්ම තැවරෑ මහවැලි ගඟ, එකල්හි ගොස නගා ගල් පර අතුරෙන් රිංගා ගලන විට , ඒ රිද්මයට අපි පෙම් බැඳීමු . ඒ සොඳුරැ දර්ශනය ඔප කළ, ගඟෙන් පෙනුනු ඒ ඇබින්දද වසාගෙන කාලය ගත වෙද්දී උස් තුරැ මුදුන් එ'දසුනට අරක් ගත්තේය.
.
ගඟ මෙන්ම අපේ ගම් දනව්වට අලංකාරය රැගෙන ආ 'දොඩම්වල-හල්ලොලුව' එල්ලෙන පාලම (නොහොත් හෙල්ලෙන පාලම) කාටත් මතක ඇතුවාට සැක නැත. පැන පැන යාම විසුළු දසුනක් නොවන වයස අත් හැර යන තාක් කල් , හෙල්ලෙන පාලම තවත් හොල්ලා, පාලමෙහි ඇවිදින වුන් තරහ ගස්සා අපි එකල නොමඳ විනෝදයක් ලැබුවෙමු. එය පාසල් වියේ අප ඉතා ප්‍රිය කළ මිහිරි මතක තොටුපලක් වූයේය. අපට එවන් අහිංසක විනෝදයක් සපයද්දී , පාලමට නම් තව බොහෝ රාජකාරි තිබුනේය. නුවර පලාතේ විවාහෝත්සව ගන්නා බොහෝ නව යුවලවල් සිය ඡායාරෑප ගොන්නට මෙම වැල් පාලමේ සොබා සොඳුරැ එක් කර නොගත්තේ හරිම කලාතුරකිනි. කෙටි ගමන් යන පෙම්වතුන්ට කල් මරන්නට හොඳම තැනක් බවට වැල් පාලම පත්ව තිබුනේය.
.
කලක් අප බොහෝ ආලයෙන් අබිමනින් සැලැකූ 'දොඩම්වල-හල්ලොලුව' එල්ලෙන පාලම (නොහොත් හෙල්ලෙන පාලම) තවදුරටත් වෙනස් වන ලෝකයට නොසරිලන්නේ යැයි නුවර කරවන මහතුන් පසක් කර ගත්තේ මීට වසරකට පමණ ඉහතදීය. මහ හයියෙන් කතිකා ඇති වුනේය. සැලසුම් ඇඳුනේය. පාර මැනුනේය. කූඩාරම් තැනුනේය. ඉංජිනේරැවන් ලහි ලහියේ පැමිණියේය. ගල් වැලි ඇනුනේය. මාස කිහිපයක ඇවෑමෙන් ,ඉන්ද්‍රජාලයකින් මෙන් , මේන්න විසල් පාලමක් තැනී අවසන්ය !!
.
වැල් පාලම ? එකල සොබා සෞන්දර්යය එකලු කළ සොඳුරැ වැල් පාලම කෞතුක වස්තුවක් වූයේය. ඇතුල් වීම අවහිර කොට, වැට කොටු ගසා , බෝඩ් ලෑල්ලකින් සරසා ප්‍රදර්ශනය සඳහා පමණක් වැල් පාලම වෙන්ව ඇති හැටි අද ඔබ දකිනු ඇත. ඊට අඩි කිහිපයක් ඔබ්බෙන් විරාජමාන වන මහ පාලම විසින් , සදහටම වෙන්ව අහක බලාගෙන හිටි ගම් බිම් දෙකක් ( දොඩම්වලත් , හල්ලොලුවත් ) හිටි හැටියේ එකම එක පුරවරක් බවට පත් කලේ එසේය. මහනුවරට හූවක දුරින් වී නමුදු , ඉතා නිහඬ මෙන්ම වාහන තදබදයකින් තොර , නිසල වන අරණක් ව තිබූ කුඩා ගම් පියැස්ස , හදිසියේම තැඹිලි මහ එලි දිවා රැයේ දිලෙන , නොනිදන පුරවරක් වී ඇති හැටි ! කාලය මැවු වෙනස එහෙමය!
.
වෙනදා සවස් වෙද්දී ගූඪ බියකරැ නිහඬතාවක ගිලුනු , කිසිදු එලියකින් තොර වැල් පාලම සහ ගඟ, ගම්මුනට බිය ගෙනාවේය. ගඟට පැනීම් , දිවි නසා ගැනීම් , අදෘශමාන බලවේග සහ භූත දර්ශන පිලිබඳ කතා අපේ ඉපැරණි වැල් පාලම ගැන බැඳී නැතුවාද නොවේ. එනිසාම, එකල්හි අඩ අඳුරේ මේ පාලම තනි පංගලමේ තරණය කලේ එහෙමත් කෙනෙකි. එහෙත් අද එතැන විරාජමාන වන මහ පාලම දිගේ මැදියම් රැයෙහි වුව ඇවිද යන එක මහ කජ්ජක් නොවේ.
.
හරිත තුරැ ගොමු වලට , ඉපැරණි කෞතුක වස්තූනට, ලොබ බඳින මම , කුමක් හෝ ගුප්ත ආසක්ත බවකින් , අද ඒ තැඹිලි ලාම්පු එලි වලට සහ සුවිසල් පාලමට පෙම් බඳින්නට පටන් ගෙන සිටිමි. එයට පැහැදිලි හේතුවක් දක්වන්නට මට නොහැකිය. එහෙත් , විනාඩි දහයකට අඩු කාලයකට සීමා වී ඇති මගේ උදේ හවස කාර්යාල ගමන පැය භාගයකට දික් කොට ගෙන , දිගු වේලාවක් තිස්සේ සංගීතමය දැහැනකට සමවැදී දවස පටන් ගන්නට , පාලම විසින් දිගූ විකල්ප මාර්ගයක් මට ලබා දී තිබෙයි. සියලු මාර්ග තදබද මගැර විනාඩි කිහිපයෙන් ලඟා විය හැකි කාර්යාලයට, පැය භාගයක දීර්ඝ චාරිකාවකින් එලැඹීම මට නම් මහත් ආස්වාදයකි. (මා උමතුවෙන්දැයි නොඅසන්න)
.
ගඟ බඩ දසුන මත පින්තාරැ වූ හරිත තුරැ වැලින් අඩකට වඩා, පාලම වෙනුවෙන් දිවි පුද‍ා ඇති සැටි මට නොපෙනුනා නොවේ. පාලම තරණය කරන අපට දැන් ගඟද නොපෙනෙයි. කෙටි පෙම් ගමන් එන පෙම්වතුනට දැන් පාලම් බැම්ම හුදෙකලා ඉසවුවක් නොවේ. වෙනදා , අපේ උඩ පැන පැන යන ගමනට හෙල්ලුම් කන දුබල වැල් පාලම වෙනුවට , මෙදා මේ සුවිසල් කොන්ක්‍රීට් නිමැවුම, ටොන් ගණන් බර රිය පෙළ පහසුවෙන් දරා ගෙන , ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලී තිරව නැගී හිඳියි. මේ , එදා අසීරැවෙන් ගං දෑලෙහි එල්ලී හිටි අහිංසක වැල් පාලම නොවේ. වැල් පාලම වැලලී ගොසිනි. මෙදා , කෞතුක වස්තුවක් කොට නිහඬ කරන ලද අබලන් වැල් පාලම මත එල්ලී මගුල් පින්තූර ගන්නට එහි එන කෙනෙක් නැත්තේය. සිය කෞතුක වටිනාකම ඉහල නංවා ගනිමින් , කාලයේ ගමනට අවනතව , අභාවයට යමින් ඉන්නා වැල් පාලමේ අන්ධකාරය, දිවා රෑ දැල්වෙන මහ පාලම් තැඹිලි ලාම්පු පෙලට මැකිය හැකි වේවිද ? නිරන්තර ගමන් බිමනින් ආකූලව සිටි , සිය වියපත් දෑතින් බොහෝ බර දරා ගනිමින්, උඩ පැනුම්, හෙල්ලුම් දයාවෙන් ඉවැසූ වැල් පාලම, තලස්තෑනි පියෙකු මෙන් , දොඩම්වල හා හල්ලොලුව යා කරන උදාර මෙහෙයුමෙහි සියවසකටත් වඩා නිරත වූයේය.
.
ඒත් ගඟ ! එදා , තමන් වෙත එබී එල්ලී හිඳි වැල් පාලමේ නැලවිල්ල දකිමින්ද , නිසි නින්දේ ගල් පර අස්සෙන් රිංගාගෙන යමින්ද නැගෙනහිරෙන් බටහිරට තමන්ගේ ලැසි ගමන ගියේය. අද, ඒ ගඟම , සිය ඉවුරැ බඳ රෑසිරැ , කෝල ලෙස සඟවා තැබූ හරිත තුරැ ගොමුවෙන් විනිර්මුක්තව, විලියෙන් භරිතව මෙන් , ඉපැරණි ගඟ ගිය මග සොය සොයා , වර්තමානයේ යෝධ කොන්ක්‍රීට් පාදම් මග හරිමින්, අනවරත අතීතයෙන් ගලා හැලෙන්නේය.
© Dilshara Weerasinghe -

http://sansaare.blogspot.com/2017/01/335.html

Post has attachment

Post has attachment

Post has attachment
http://sansaare.blogspot.com/2016/11/334.html

[334] සෙන්ට් සහ සුවඳ කූරු

"දවසම ටවුමේ ඇවිද්දද ? සෙරෙප්පු දෙකේ හොඳටම දූවිලි. දෙන්න හෝදලා දාන්න !"
ගෙට ගොඩවෙන්න කලින් ගලවන සෙරෙප්පුවේ කුණු පැල්ලම් මට කලින් පෙනුනේ අම්මාට.

නිරුවත් දෙපා සීතල පොලව වැළද ගනිද්දී සැහැල්ලුව ! ආ .. අලුත් සුවඳක් .. අර කලින් කී සෙන්ට් කුප්පියවත්ද ? නැහැ . අම්මා පහන තියන්න ඇති. සඳුන් කූරු සුවඳක් ඒක ....

http://sansaare.blogspot.com/2016/11/334.html

Post has attachment
http://sansaare.blogspot.com/2016/10/333.html
"අක්කා, සමහර වෙලාවල් වලදී අපි විඳින සම්පත් අපිට ආභරණයක්, පහසුවක් වෙනවා තමයි. ආඩම්බරයකුත් වෙනවා තමයි. ඒත් එදා කරුණාරත්න සර් බස් ස්ටෑන්ඩ් එකේ මං දිහා බලා හිටි වෙලාවේ , අනේ ඇත්තමයි මට මහ පාර මැද්දේ වාහනේ නතර කරලා බැහැල යන්න හිතුන අක්කේ."

Post has attachment
[332] ටිකක් සංකර සුරංගනාවියක් සහ පින්පෙත් ගැන කතාවක් http://sansaare.blogspot.com/2016/09/332.html

Post has attachment
අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ?
.
රජ පෙරහැර මැද ඇතා නටනවා
දා කරඬුව ඇල වෙනවා
දෙදහස් වසරක් රෑකගත් කරඬුව
දෙවියනි හද කකියනවා !

අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ?

විලංගු ලා ලා , ඇතු බැඳ දමලා
සැනසුම් සුසුම් හෙලන්නේ
කොඩි කුඩ සේසත් පාවඩ තිබුනත්
කොහොමද රජ පෙරහැර යන්නේ ?

උත්තම කරඬුව දෝත දරාගෙන
පාර කොනේ අපි ඉන්නේ
අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු
කවදද දෙදණ නමන්නේ ?

.

පෙරහැර රජ දැක්මකි. මහා මෙන්ම කුඩා රජවරුද ඔ‍ටුන්න හිමි කුමරවරුද වඩින මහා මංගල්‍යයකි. එහෙත් දෙදහස් වසරක් අප මුතුන් මිත්තන් ලේ කඳුලු දහඩිය හෙලමින් ‍රැකගත් හෙල මුදුන්මල්කඩ වන් දා කරඬුවට මේ අප- තාල ඔබින්නේ නැතිය. එම උත්තම දා කරඬුව හද බැතින් දරා පාර කොනේ සාධු නද දෙන අපට මේ පෙරහැර ගෙනෙන්නේ වේදනාවකි. එවන් විපතේ හෙලී සිටින දේශයේ අනාගතය පිලිබඳ කකියන ලෙයින් යුතුව , සුවහසක් පොදු මිනිසුන් ඉදිරියේ ඉදිරියේ දෙදණ නමන රජි‍ඳෙකු කොයින්ද?

එක් අතකින් බලන කල , විලංගු ලා අත පය බැඳ දැමූ ඇතෙකුගෙන් බෝසත් ඇත් ගිජි‍ඳෙකුගේ තේජස අප කෙසේ නම් බලාපොරොත්තු වන්නද ? නෙක විල්ලුද පලස් ඇතුරුනද , එයට රජ පෙරහැරකැයි කියන්නේ කෙසේද? හිස දරා සිටින උතුම් කරඬුව හද බැතින් රජ තේජසින් වඩමවන්නට දේශයක ජීවනාලිය වන් තරුණන්ගේ විලංගූ ලූ ප්‍රාර්ථානාවන්ට හැකි වේවිද?

ගිජිඳුන්ගේ හිස් වූ, නටන ඇතුන්ගෙන්ම නොසිස්වූ රජ පෙරහැර දකින්නට දොහොත් මුදුන් දී අප පාර කොනේ පෙල ගැසී සිටින්නෙමු. තවමත් අප ඒ බෝසත් ගිජි‍ඳෙකු බිහිවන දිනය එන තුරු ඇඟිලි ගනිමින් මග බලා සිටින්නෙමු.

ගීතය ගයන්නේ : සුනිල් එදිරිසිංහ

https://www.youtube.com/watch?v=FdkgkKtk9XY

Article : http://sansaare.blogspot.com/2016/05/331.html

Post has attachment
http://sansaare.blogspot.com/2016/05/330.html

මැණිකේ.. බලන්න මේ පන්සල් බිමට ඇදෙන පියගැට පෙළ දිගට තියන මල් ... එදා වගෙම අදත් මල් පිපී කොයිතරම් සුන්දරද ? සුලං සමග දසත ඇදෙන සුවඳ සොයාගෙන , අර බලන්න බඹරු එන ලස්සන ! එපා මැණිකේ ඉරිසියා කරන්නට, එපා තරහා ගන්නට. අපටත් තිබුනා නොවැ ඔහොම කාලයක් ! 'සාදු සාදු' කියා පිපෙන මල් වලටත් මල් රොන් ගන්නට එන බඹරුන්ටත් සෙත් පතන්න සොඳුරිය ...

මතකද , අප කොයි තරම් සඳ පහන යට හිඳ පෙම් බස් දෙඩුවාද? දැන් ඉතින් අප මහලුයි. සඳ නම් තාම තරුණයි , ඒ එදා සඳමයි. බලන්න හඳ මෝරන ලස්සන ! ඒ සඳ පහන යට පෙම්බස් දොඩන තරුණ දූ පුතුන් දිහා එපා වපරැහින් බලන්න ඔහොම. එදා අප අත් පටලගෙන ආදරයෙන් ඇවිද ගිය පෙම් මග, අද අපේ දූ දරුවන් ඇවිද යනු ඇති. එපා රෝස පරොස් වන්නට. දයාවෙන් උන් දකින්න මැණිකේ, අමනාප ගන්නට එපා මා සොඳුරිය ....

සුරතල් පෙම් බස් , කෙලි කවට සිනා දඟ කම් දැන් අයිති ඔවුන්ගේ ලෝකයටයි. මැණිකේ අපි දැන් වයසයි... රාත්‍රිය ඔවුන්ටයි. මේ අපේ දූ දරුවන් පෙම් කරන යුගයයි. මැණිකේ ඇත්ත අපිටත් තිබ්බා ලස්සන හීන මාලිග, අපිත් දු‍ටුවා ලොකු ලොකු හීන. මට දුකයි , නුඹේ හැම හීනයක්ම මට සැබෑ කරන්නට බැරිවුනා , ඇත්තයි ... ඒත් අද අපේ පොඩි එවුන්වත් ඒ හීන ඉ‍ටු කර ගත්තාවේ මැණිකේ.. උන් ඒ මාලිගා තනා ගත්තාවේ. තරහ ගන්නෙපා , ඉරිසියා කරන්නත් එපා , අපි දැන් වයසයි සොදුරී.. අපි උන් දිහා උපේක්ෂාවෙන් බලා ඉඳිමු. උන්ට සෙත් පතමු.
.....
එදා තමන් විඳි ආලවන්ත යුග දිවියෙහි කඩ ඉම් පසු කොට දැන් ජීවිතයේ සැඳෑ සමයට පිය නැගූ මහලු වියපත් යුවලක් පන්සල් පියගැට පෙළක් හෙමි හෙමින් නගිනායුරු මගේ මනෝ පථයෙහි දර්ශනය වෙයි. සිය වීයපත් ප්‍රියාදරියට , ඒ ගැන තරහ නොගන්නැයි මහත් සෙනෙහෙන් ආලයෙන් වටහා දෙන මහලු ස්වාමියෙකු මට මැවී පෙනෙයි. ආලයෙන් බැඳුනු සුවහසක් පෙම්වත් තරුණන් දෙස මහත් වූ උපේක්ෂාව, මුදිතාව පෙරදැරිව බලා සිටින ඒ මහලු බෝසත් තාත්තා මේ කියන්නේ ජීවිතයේ යථාර්තය නොවේද ?

සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ මේ දුලබ පද පෙලට මුසුව , මේ විනිවිද දකින්නේ ජීවිතයයි. යථාර්තයයි.

ගීය ගයන්නේ : සුනිල් එදිරිසිංහ

මල් පිපිලා එදා වගෙම , බලන්න මැණිකේ
බමරු ඇදෙනවා සුලඟට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ

එදා අපට පෙම්වත් සඳ , අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගියමග , මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි

කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල්වල රේණු ගනින්ටයි
එදා අපෙ හීන මාලිග මෙදා උන් තනා ගත් සඳ
තරහ නොගන්ටයි...

Post has attachment
http://sansaare.blogspot.com/2016/04/329_26.html

"     ටීචර් , ඊයෙ හරි වැඩක් උනානේ.උදේ පහට විතර මම ඉන්ටවිව් එකකට කොලඹ යන්න , ඔන්න පේරාදෙණිය පාරට ඇවිදගෙන එනවා. ක‍ටුකැලේ හන්දියෙ මාර ගහ ගාව , අනේ බල්ලෙක් වාහනේක හැප්පිලා පණ අදිනවා. කකුල් දෙකම යට කරන් වාහනයක් ගිහින්. වටපිටේ මනුස්සයෙක් දෙන්නෙක් වට වෙලා. ඒත් කවුරුත් එයාට වතුර උගුරක් වත් දෙන්න සූදානමක් නැහැ. යන ගමන යකාට ගියාවෙ කියලා ම්ම ත්‍රිවිල් ගනනාවකට අත දැම්මා. ත්‍රිවිල් නවත්තනවා. බල්ලව ගෙනියන්න කියල ඇහුනම 'රුං' ගාල ඉගිලිලා යනවා...........
..... "
Wait while more posts are being loaded