Profile cover photo
Profile photo
Tharurasi තරුරසී
167 followers
167 followers
About
Tharurasi තරුරසී's posts

Post has attachment
චිත්රීපටය පුරාම මට දැනුණෙ කම්පනීය හැඟුමක්. පීඩාවට පත්වෙන ගැහැනු වගේම පිරිමි ගැනත් දුකක්. සුද්දී අන්තිමේ කියනවා ‘‘පිරිමින්ට වෛර කරන්නත් එපා, එයාලත් පව්..‘‘ කියල.

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
පොරොන්දු දේශයේ අවතැන්
මරියාවන්ගෙ සුසුමින් ගිනියම්ව
කේපාපිලව් අහසට ගතු කියත්
මහී මාතාවෝ...
දැවි දැවී ගිනිගත් සුළඟින්
ඉරිතැලී මිහි මව් ළය
නංවා දූලි වළාවෝ
විරුද හඬ නංවත් නිහඬවම...

මල්වර දියණියන්
වහං කොට ඉටි තිරයෙන්
දැළි රවුළු ඇදි යොවුනන්
මුවා කොට මව් සෙනෙහෙන්
පුරුස බල හිඳී ගිය පණ කෙඳි
ගැට ගසනු වස් මියැදෙනා තුරු
සිය බිම්කඩ ඉල්ලා සටන් වදිත්
මරියාවෝ...

පතරංග පවුරු පදනම්
කටුකම්බි අට පොටින්
වහංගු කළ අපේ නිජ බිම්
දකින්නට වරක් තබන්නට අඩියක්
අටවාගන්නට පැලක්
මිහි මවුන් සහවාසයෙන්
ලබා අස්වනු නිවාලන්නට
පැටවුන්ගෙ කුසගිනි
ඉඩක් දෙන්නැයි ඉල්ලා
හඬා වැළපෙත් මරියාවෝ...

අට්ටාල මත නැගුණු මව් ඇසගින්
නොනැවත ගලා හැලෙනා කඳුළු ඇලි
මේ මගේ පුතු ය... මේ මගේ දූ ය...
කෝ කොයිද ඒ දරු
‘‘මී පුප් නොලදිම් - දරු ද නොලදිම්
රන් කැටි පුතා කෝ කොයි‘‘
පේදුරු තුඩුව සිට දෙවුන්දර දක්වාම
රෑ දිවා පෙන්ව පෙන්වා දරු රූ
හඬා වැළපෙත් මරියාවෝ...

හෙරොද්, පිලාත් රජ මැති ඇමති
ඒ ලේ කඳුළින්ම සෝදා දෑත් පිසදා
පඬුපුල් අසුන් අතහැර
සිහසුන් අරා වැජඹෙත්...
පතිනි මවු පියොවුරෙන්
මදුරා පුරය ගිනිගත් බැව්
උහු අමතක කරත්...

Post has attachment
මේ අලුත් අවුරුදු ගීත බොහොමයක් රස විඳිද්දි පැහැදිලිව පේන්න තියෙනවා සොබාදහමේ වසන්ත අසිරියත් එක්ක අලුත් අවුරුදු ප්‍රීතියත් එක්තැන් කරල බොහොම උද්‍යෝගිමත් හදින් කියවෙන ගීත බව.

ඒත් මේ සංකීර්ණ සමාජ, ආර්ථික වටපිටාව ඇතුළෙ අද අවුරුද්ද ස්ථානගත වෙන්නෙ කොතැනද කියල අලුතින් හිතීමක් ඇති කරන ගීතත් අවශ්‍යයි. අලුත් අවුරුද්ද ගැනත් අලුත් ගීත ලියවෙන්න කාලය හරි කියල මට හිතෙනවා...

Post has attachment
පෙම්වත,
ඉදින් මා උන්මාදනීය පෙම්වන්තියකැයි
ඔබ කී වදන් සනාථ නොවන්නෙද?

Post has attachment
අච්චාරු කියද්දිත් කටට කෙළ උනන තරම්. අඹ, අන්නාසි, වෙරළු, ඇඹරැල්ලා හීනියට තලල ලුණු, කෑලි මිරිස්, සීනි ටිකක් පදමට එකතු කරල ගත්තම... එහෙමත් නැත්නම් ජම්බෝල රේණුවලට ගම්මිරිස් කුඩු ටිකක්, සීනි ලුණු පදමට අනල ගත්තම... වාව්... පැණි රස, ඇඹුල් රස, ලුණු රස, කහට රස එකී නොකී සියලු රස එකතුවෙලා කැලතිලා මැවෙන අලුත්ම රසයට දෙන්න වචනයක් නැති තරම්. පැල් බැඳගෙන අච්චාරු කන්න රුසියො මාත් එක්ක එකඟ වේවි...
ඒ වගේ රස කැලතුණු අපූරු කෙටි කතා එකතුවක් කියවන්නට ලැබුණා. ඒ විරාජිනී තෙන්නකෝන්ගෙ "අච්චාරු සහ තවත් කතා".
Wait while more posts are being loaded