Profile cover photo
Profile photo
රැඩිකල් කවියා
37 followers
37 followers
About
රැඩිකල්'s posts

Post has attachment

Post has attachment
අසුව දශකයේ දවසක ලුෂන් බුලත්සිංහල හොයාගෙන පරාක්‍රම නිරිඇල්ල එනවා ඔහුගේ සිරිමැදුර චිත්‍රපටයේ තිරනාටකයත් අරගෙන චිත්‍රපටියට ගීතයක් ලියාගන්න. තිරනාටකය කියවපු ලුෂන් ට සිහියට එනවා අපේ පැරණි කවියක්.

"වනේ ගිජිදාය දුටුවොත් වනසාය
ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය.
අතකින් කරවැලකි අතකින් දඬුබෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය"

චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය අනතුරකින් කශේරුව ආබාධිතයෙක් වීම නිසා කතා කිරිමේ හැකියාව නැතිවු කෙනෙක්. ඔහු සංගීතඥයෙක්. ඒ නිසාම ඔහු සංගීතයට ඇලුම් කරන සහෝදරයාගේ බිරිඳත් එක්ක සම්බන්ධ තාවයක් ඇතිවෙනවා. නමුත් නිවසේ මෙහෙකාරිය තමයි ඔහුගේ සියලු අවශ්‍යතා ඉටුකළේ. ඔවුන් දෙදෙනා අතරත් සම්බන්ධයක් තියනවා. මේ තුන්කොන් අරගලය එක්ක ලුෂන් අතින් ලියවෙනවා මෙහෙම පදවැලක්.

දඩුවැල් බෑයයි සේද සළුවයි
දරා දෝතින්
මේ බලන්න සරස්වතී
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී.
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝධර තුඩු ඉකිබිදිද්දී
.............
..........

පරාක්‍රම නිරිඇල්ලයි, කේමදාස මාස්ටර් එක්ක කාරෙකේ යන ගමන් ලුෂන් මේ පදවැල කියවනවා. පදවැල අහගෙන හිටපු මාස්ටර් කාර් එක නවත්තනවා.
" මරණ තුනක් ඇති මිනිසා බලා සිටී ඒක තමයි ලයින් එක. ලුෂන් එතනින් සිංදුව පටන් අරන් ආපහු ලියන්න."

තරමක සංකීර්ණ වුවත් සංකල්ප රූප වලින් අලංකාර වූ මේ ගීතය රචනා වෙන්නේ එහෙමයි. 1989 වර්ෂයේ මේ ගීතයට සරසවි හා ස්වර්ණසංඛ සම්මාන හිමිවෙනවා.

පද : ලුෂන් බුලත්සිංහල
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
ගායනය : අමරසිරි පීරිස්
Photo

Post has attachment

Post has attachment
#####
අද ගිය A/C බස් එකේ මම වාඩිවෙලා හිටියේ ඩ්‍රයිවර්ගේ සිට් එකට පස්සා සිට් එකේ. 
බස් එකේ හයි කරලා තියන LCD එකේ දාලා තිබ්බේ සංගිත සංදර්ශනයක්. 
සුප්‍රියා සිංදු කියන්න ගත්තහම බස් එකේ හැමොගෙම අවදානේ තිරේට යොමුවෙලා.

අද නම් කව් රු හරි ඇහුවොත් ආසම ගායිකාව කව්ද කියලා මට කියවෙන්නේ සුප්‍රියා කියලා තමයි.

Post has attachment

Post has attachment
අන්තර්ජාලයෙන් බාගත් කුඩු හා බකට්
Photo

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded