Profile cover photo
Profile photo
චාමර නුවන්දික (නිමේෂය)
114 followers
114 followers
About
Posts

Post has attachment
ජීවිතය..
නාඳුනන සිහිනෙක වාලුකා කතරෙක සොයා මග සලකුණු තෙරක් දකිනට හඹා නෙක මිරිඟුව දවා සිත ගත වෙර පියවරත් ගව්වක බරක් වූ මොහොතක අසෙනි වැසි කඩා හැලි තෙමා ගත සිත විඩා මකාගනු පෙර සීතලෙන් දරදඬුවෙන අරුමයක්මය විටෙක ගිනියම්වද, වරෙක සීතලටද, විඳවනා ජීවිතය..
Add a comment...

Post has attachment
**
විඩා බරින් මිරිකී ගිය අහසක  අඳුරු අමාවක රජන රාත්‍රිය  එළිය කරන්නට දල්වා අහුමුලු  තනි තරුවක වෙර ඇතිදෝ?  අඳුර මකාලනු හැකිම සඳට මිස  සඳෙන් බැබලෙනා තරුවකට නොවුන කල සඳක් නැගෙනතෙක් මකා අමාවක  තරුව අහස හා යා කර පල කිමදෝ?  ගසක අගිස්සක පිපී මියෙන්නට  පැතුම් පුරනා මල...
Add a comment...

Post has attachment
නොහඬන්න ගඟ නුඹ..
ඉතින් නොහඬන්න ගඟ නුඹ සයුරට නුඹව අමතක විට දැන දැනම තවත් ගංගා බෝ බව නුඹයි ආවේ මේ දුර තනිව සයුර පුරවන්න සිත සිත.. උපන් කඳු මුදුනක ඈත  හීනි දියපහරක් උන නුඹ  ගලන් ආ මග දිගට  නුඹව සනසපු අතු ගංගා නම් බෝමය  නවතින්න ඒ ගඟක් ළඟ  නුඹට නොහිතුනු අරුමය... ගෙවා දාහක් බාධක ...
Add a comment...

Post has attachment
පෙරවදන මම, නුඹය පසුවදන
පෙරවදන මම, නුඹය පසුවදන  එකම පොත් පිංචක  පරිච්චේද, පිටු බෝමය  නුඹත් මාත් අතර  මේ හිතේ හීන ගැන  කියා එව්වත්  පිටුවෙන් පිටුවට  පවසාවි එය නුඹට  අන්තිම පරිච්චේදය ඒත් නුඹේ සිතුවිලි ගැන  දැනගන්නේ කෙලෙසද මම?  කව්රු කියවාවිද  පොතක් අග සිට මුලට..
Add a comment...

Post has attachment
දැවෙන ඉර...
ඉර නුඹට තේරුම් ගියදාක  සඳ යැපෙන්නේ උඹෙන් මිස  උඹ සඳෙන් යැපෙන්නැති වග...  උඹ දැවෙන විඳවන තරමටම  සඳ දැවෙන්නේ නැතැයි කිසිවිට... ඒ දාහයෙන් උපන් ආලෝකය  සඳෙන් නොවෙහෙසී තරු විඳින වග  සඳත් රහසෙම තරු හා බැඳෙන බව  නුඹ නිදන හැම රාත්‍රියකම...  නිසැකවම හති වැටෙයි දවසක  ...
Add a comment...

Post has attachment
ආදරය සහ අපි..
ජීවිතේදි ලැබෙන  අංශුමාත්‍රික අත්දැකීම් වලින් උනත්  ටිකින් ටික පරිණත වෙන අපි  ඒ පරිණත කම  ලෝකෙටම බෙදන්න  උත්සුක වෙන අපි  අමිහිරි අත්දැකීම්  දහසක් වේදනාවන්ගෙන්  මිදෙන්නට වෙහෙසෙනා අපි  ආදරය නම් ප්‍රපංචය තුල  ළදරුවන් ලෙස  බොළඳ වන්නා වූ හැටි  විඳවමින් උනත්  නිරා...
Add a comment...

Post has attachment
හිරු...නුඹ බොළඳ
හිරු නුඹ.. බොළඳ  දැවි දැවී විරාමයක් නැතිව  බෙදා හැම රැස් සඳට,  සඳු තරු හා වෙලෙනු දැක  සුසුම් සලනා අරුමය  හිත තලන මතකය  නිසා තව තවත් දැවෙමින  පසුතැවිලි දහසක් මැද  වුනත් සඳ අඳුරෙද  සොයා නෙත් තවම වෙහෙසන  විරාමයක් නොම ගෙන   නොදී සුව ගිලන් හිත හට  සඳ ගැනම දවසම  ...
Add a comment...

Post has attachment
ඉබාගාතේ යන හිත..
හිත ගත්ත එක හිතක හරි  නවතින්න දොර ඇරුනනම්  ආදරයේ ශේෂයන්  මේ තරම් ගොඩ නොගැසුනානම්  උහුලන්න බැරි බරැති හිත  යන්තමින් අඩු වෙන්න තිබුනා අනන්තවූ වැරදීම් මැද  එකම එක හරි මගක් වී නම්  අඳුරු කළු අහුමුලු අතර  කදෝපැණි එලියකදු දුටි නම්  ගාට ගාටා වැටී නැගිටී  ජීවිතේ තව...
Add a comment...

Post has attachment
දයාබර හිත..
දයාබර හිත, සෙනේහෙන් උඹට ලියන  අන්තිමම ලියමන.. බලපං උඹේ හැටි  බටර් තලියක් වගේ  පොඩි රස්නෙටත් උණු වෙනවා.. ඒත් අනන්තවත් අර  උඹ වගේම හිත් ඉන්නේ  කළුගල් පර්වත වගේ.. ඇයි උඹටත් බැරි  ඒ වගේ වෙන්න? හිතුවක්කාර කම්  ලැජ්ජනැති කම්  ටිකකට නවත්තල  මටත් ලජ්ජා නොකර  රටවටේ ...
Add a comment...

Post has attachment
මංගල කිංකිණි!!
පත්තර පිටුවක අඟල් ගානක ඉඩක මනාලියෝ හොයන, මනාලයෝ හොයන, දැන්වීම් වල සීමිත වචන පෙල වත්කම්..උගත්කම්.. කුලය.. පාට ගැන විතරක්ම ලියවෙන..  සොයන්නේ කොහොමද? ඒ වචන ටික තුල අනාගත සහකරු, සහකාරිය  ගතිගුණ හැසිරීම් ගැන  යන්තමින්වත් නොදැන...  අන්නතවත් මඟ හැරෙනවා ඇති  මහ බඹු...
Add a comment...
Wait while more posts are being loaded