Profile cover photo
Profile photo
Sajith Thrimavithana
About
Posts

Post has attachment
Photo

Post has attachment
"අමුතු ගතිය" එකතු කරන මැෂිම කෝ?

කම්මැලිකමේ බුකියෙ ඉහල පහල යනකොට, මිත්‍රයෙක් දාල තිබ්බ පරණ කාලේ සින්දුවක සබැඳුමක් දැකලා සුටුස් ගාල ඔබලා බැලුවා. මිල්ටන් මල්ලව ආරච්චිගේ "ඔබ ගාව මම ඉන්නෙමි". හෙනම කික්, මිල්ටන්නේ ඉතින්! 

සමහරු කියනවා මිල්ටන් තව ටිකක් ප්‍රසාංගික උනානම් ඔයිට වඩා සින්දු වලට ලස්සනක් එයි කියලා. එකතු වෙන ලස්සන කෙසේ වෙතත්, මිල්ටන්ට සින්දු කියන්න නම් ඉතින් ගහක් වැලක් බදා ගන්නම ඕන! බලන්නකො බොරුනම් ඉතින් පරණ සින්දු වල රූප රචනා බලලා. ඒ මොන විදියට පෙනුනත්, මිල්ටන් තමන්ගේ මූනේ වැඩිපුර මාංශ පේශියක්වත්, අතක් පයක්වත් සින්දු කියද්දි එහා මෙහා ගෙනියන්නෙ නෑ, රූප රචනාවක ඉතින් දැකල ඇතිනේ, ගහක් ගලක් අල්ල ගත්තොත් ඉතින් අල්ල ගත්තම තමා, ආයෙ අතාරින්නෙ සින්දුව ඉවර උනාම තමා! හැබැයි මේකට හේතුව, මම හිතන්නෙ ඇඟේ මිල්ටන් තමන්ගේ තියෙන ශක්තිය හැම අවුන්සයක්ම, තමන්ගේ හැම හැකියාවක්ම සින්දුව කියන මිනිත්තු 3 - 4 දි වැය කරන්නේ කට හඬට විතරයිද කොහෙද. සමහර විට සින්දුවක් කියන්න ගත්තහම, මිල්ටන්ගේ වට පිටාව ඔක්කොම අදුරු වෙලා, මොලේ තනිකර වැඩ කරන්නෙ කට හඩ පාලනය කිරීමටයි, සින්දුවෙ වචන ටික මතක් කරන්න විතරයි වෙන්නත් පුලුවන්!

ඒ සින්දුව ඉවර උනාම යූටුයුබ් වෙබ් පිටුව තවත් මිල්ටන්ගේ සින්දු කිහිපයක් යෝජනා කරා, එව්වත් ඉතින් කලින් වගේම තමා. සිංහලෙන් කියනවනම් සුපිරි ඉතින්! ඔය අස්සෙ ජිප්සීස්ලගේ පරණ කාලේ සින්දු ටිකක් තියෙනවද බැලුවා, තියෙනව ඇති වෙන්න. "ටික ටික වයසට යනවා", "අද කතා නැත්තෙ මොකද උඹ ලතා!", "තාත්ත මට ඇනපු ටොක්ක", එකක්වත් මිල්ටන්ගේ වගේ සීරියස් මූඩ් එව්වා නෙවි, ඔක්කොම විනෝදෙට බර, හිනා යන සින්දු. හැබැයි එකක්වත් එපා වෙන්නෙ නෑ. සංගිතය එහෙමත් මතක හිටින, ආස හිතෙන, කනට කරදරයක් නැති ජාතිය!

දැන් අන්තිමට මට හිතුනෙ, අර පරණ කාලෙ එක සින්දුවක් හරියට තැටියකට රෙකෝඩ් කර ගන්න හැට පාරක් විතර කියලා කට්ට කන්න වෙච්ච, රෙකෝඩ් කරන්න හොඳ උපාංග නැති, සද්දේ හදන්න කොම්පුටර් නැති, කැමරා වලින් වීඩියෝ කරන එක හිසරදයක් උන කාලෙ බිහි උන සින්දු වල, මෙච්චර දියුණු තාක්ෂණයලත් මුසු කර ගන්න බැරි උන ලස්සනක් මුසු කරලා තිබ්බ කියන එක.

පරණ ටෙලි නාට්‍ය ගත්තත් ඔච්චරනේ, ගුවන් විදුලි වැඩසටහන්, පොත්, පත්තර, නාට්‍ය මොක ගත්තත් ඒකම වගේ තත්වේ.

වෙන එකක් ඕන නෑ මිත්‍රයා, ඉස්සර තරුණ ගැටයො ගැටිස්සියන්ට හොරෙන්, හැංගිලා, මාසෙකට පාරක් දීපු පිටු 3-4 ලියුමට, සති ගානක් ගිහින් එන රිප්ලයි එක, අද අපි දවසට යවන එස්.එම්.එස් 100-200ටම එන රිප්ලයි එකතු කරත් ලැබෙන්නෙ නෑනෙ ඉතින්! (පොඩ්ඩක් දන්න අයගෙන් එහෙම අහල බලන්න, අපි පොඩි අයනෙ තාම! ) ඒකනෙ සමහර පරණ ජෝඩු ලඟ පරණ ලියුම් සෙට් එකම තාම තියෙන්නෙ. (දැන් කියන්න එපා ඉතින් දවසට පාරක් හිස් නොකලොත් ඉන්බොක්ස් එක පිරෙනවනේ කියලා! 

තාක්ෂණේ අපිට මෙව්ව මෙව්වා දෙනවා, එව්වා නැතුව සමාජෙට පැවත්මක් නෑ, ව්‍යාපාර වලට එව්වා යොදා ගෙන්නෙ කොහොමද කියල අපි ඉගෙන ගන්නව පුදුම වෙනවා, පොත් බලනවා, විබාග ලියනවා. සමහර වෙලාවට අපිට මේ අලුත් ගැජට් පාවිච්චි කරන්න විදියක් නෑනෙ කියල විස්සෝප වෙනවා.

ඒත් පරණ කාලෙ දේවල් වලට කොච්චර කල් ගියත් රස වැඩි වෙනව මිසක් අඩු නොවෙන විදියට ඒ අමුතු "ගතිය" එකතු කලේ කොහොමද කියල හොයන එක, අර කලින් කිව්ව අලුත් ජාතියේ තාක්ෂණේ ගැන උදේ ඉදන් හවස් වෙනකන් ඉගෙන ගන්නවා වගේම වැදගත් කියලා මට හිතුනා. 

ඩොන්ගල් එකේ ඩේටා ඉවරයි, යූටුබ් එක නැවතුනා. 

මිල්ටන් මහත්තයෝ... ඔබ තුමන්ලා පාවිච්චි කරපු, අපිට හොයා ගන්න බැරි වෙච්ච, "අමුතු ගතිය" එකතු කරන මැෂිම කෝ?

කියපු කතාව ඇත්තද බලන්න යූටියුබ් සබැඳුම පහළින්

ඔබ ගාව මම ඉන්නෙමි - MILTON MALLAWARACHI LIVE OBA GAAWA MAMA INNAMI.mpg2
සීතල හිම රටේ - MILTON MALLAWARACHI LIVE SEETHALA HIMA WATE.mpg2i
ටික ටික වයසට යනවා - Gypsies - Wayasata Yanava
තාත්තා මට ඇනපු ටොක්ක - Thaththa - Sunil Perera (Gypsies)

සබැදුම බුකියට දැම්මේ, Chathura Wickramanayake මිත්‍රයා. 

අවුල....

මේ දැන් ටිකකට කලින් මමයි අති ජාත මිත්‍රයයි කැන්ටිමට ගියා රෑට කන්න. කැන්ටිමේ පිටි පස්සෙ වාඩි වෙලා ටී.වී එකක් බල බල කන්න පෝලිමේ ඉන්නව දැන් ඔන්න.
පෝලිමේ ඉන්නකම් කරන්න වැඩක් නැති හින්දා ටී.වී එක බල බල හිටියා, මේකේ ජාතික රූපවාහිනිය දාලා තිබ්බෙ, අපෝ ඒකේ මහාචාර්යවරු කතා කරල ආර්ථික වර්ධන වේගයක් ගැන කියවනවා, එහෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මන්ත්‍රීලා හදපු පාරවල් ගැන පොර ටෝක් දෙනවා, ඒ සීනි බෝල කතාවලට අනිත් පක්ෂවල එවුන් කියන එව්වා කපලා දාන්නේ.... එහෙන් පරිසර සංරක්ෂණයක් ගැන වෙනම විශේෂාංගයක්... තව පාරෙදි හම්බෙන මිනිස්සුන්ගෙ අදහස් කියල "කොලම්බු නයිට් රේස්" එක ගැන ආඩම්බරෙන් කතා කරන එව්වා දානවා, තව ආන්ඩුවෙ කවුරු හරි පැළයක් හිටවලා එතන ගත්ත මාධ්‍ය සාකච්චාවක් දානවා... 

මම ඒපාර ඉන්නම බැරි තැන කිව්වා මේ යක්කු කොහොම මෙහෙම බොරු රෙදි ඇදගෙන කියනවද මංදා කියලා. මෙන්න යකෝ මගේ යාලුවා ටෝක් කරනවා "තොපිලට ඕවා තේරෙන්නෙ නෑ", "රට හැදෙදි ඔහොම තමා" කියලා !!

යකෝ මටත් මල පැනල ඇහුවා, මිනිස්සු කන්න නැතුව ඉන්නව, මුන් මෙතන බොරු ශෝ දානවා, ඒක හරිද කියලා. මෙන්න ඒපාර තව විශේෂාංගයක් යනවා ඉංග්‍රීසීන්ට හිස නොනැමූ අපේ වීරවරු ගැන එකක්! මෙන්න සුද්ද බල්ලට දාලා නිවේදකය කතා කරනවා. මම කිව්වා යකෝ බලහන් චෝගම් එක ( එංගලන්තේ මහ රැජින මූලික කරගෙන යටත් විජිත වල හිටපු රටවල් තාම අවුරුද්දක්ගානේ තමන් සුද්දට යටත් වෙලා හිටියා කියලා ආඩම්බරෙන් සමරන එක ) කාලේ එංගලන්තේ මහ රැජින තාම පලදින්නේ ලංකාවෙන් අරන් ගියපු මැණික් ගලක්ය කියන එකයි, චාල්ස් කුමාරය රටට එන එක මහා ආඩම්බරයක්ය කියලයි කියපු එවුන්, අද උන්ට බනින හැටියි, උන් නැති තැන ගිරිය යටින් "සුද්දා වැද්දා" කියලා කෑ ගහන දේශප්‍රේමියොයි ආයේ එලි බැහල තියෙන එක්යි කියලා. මූ කියපි "එහෙම තමයි, ඒව" කියලා.

දැන් මූ මට ටෝක්ම කරනවා, දැන් මූ කියන්නෙම මම හැම එකම වැරදි විදියට දකින එකෙක්ය, මට රටේ දියුණුව පේන්න බැරිය කියලා..

හෙට දෙන්න project proposal එකක් මායි අරුයි හදන ගමන් මේ ඉන්නෙ, වෙලා මදි වෙලා ඉන්නෙත්, ඒත් මම මේක දාන්න හිතුවා. මූ මට එහා පැත්තෙ ඉදගෙන "ඔව්වා ලිව්ව කියලා වැඩක් නෑ බන්" "උබල එක්ක රට හදන්න බෑ බන්" කියනවා. 

මට හෙන අවුල, මෙච්චර කල් මම හිතන් ඉදල තියෙන්නෙ එතකොට වැරදි දෙයක්ද? කියවල තියෙන්නෙ වැරදි පත්තරද? අහල තියෙන්නෙ බොරු නිවුස්ද? බැනල තියෙන්නෙ වැරදි මිනිස්සුන්ටද? 

එහෙම නැත්තන් මේ ආණ්ඩුව මෙච්චර එව්ව බය නැතුව කරන්නෙ මෙහෙම මතයක් තියෙන හින්දද?

මට හෙන අවුල, පුලුවන් කෙනෙක් ඉන්නවනම් තමන්ගෙ අදහස කොමෙන්ට් කරල යන්න.... මේකා මාත් එක්ක රෝල් ගහලා කාපු එකා, මූ මෙහෙම කියද්දි මට සුවර් නෑ මොකක්ද ඇත්ත සිද්ධිය කියලා...

Post has attachment
Wait while more posts are being loaded