Profile cover photo
Profile photo
W3Lanka Blog
About
Communities and Collections
View all
Posts

Post has attachment
United States of America කියන වචන තුනේ පරිවර්තනය ඇමරිකාවේ එක්සත් රාජ්‍ය යන්නයි. ඒ වුණාට අප ඒ රටට කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය කියලායි. එහෙම වුණේ කොහොම ද? වැරදි පරිවර්තනයක් සිංහල භාෂාව තුළ ස්ථාවර වුණේ ඇයි? ලිපිය කියවා දැනගන්න
Add a comment...

Post has attachment
පහත පළ වන්නේ ශ්‍රී ලංකාව විසින් බිහි කරන ලද විකෘති ම මාධ්‍යකරුවන් අතරින් එක් අයෙකු ලෙස සැලකිය හැකි කීර්ති වර්ණකුලසූරිය විසින් දිවයින පුවත්පතට ලියන ලද ‘ප්‍රවෘත්තියකි.’

//තමිල්නාඩු නියෝජ්‍ය මහඇමැති ලබන සතියේ යාපනේ

කීර්ති වර්ණකුලසූරිය

යාපනයේ පුස්තකාලයට පොත් බෙදාදීමේ මුවාවෙන් උතුරේ හමුදාව රැඳී සිටීම ඇතුළු තොරතුරු සොයා බැලීම සඳහා තමිල්නාඩු නියෝජ්‍ය මහ ඇමැති ඕ. පනිර් සෙල්වම් සහ අධ්‍යාපන ඇමැති ඒ. සෙන්කොටායන් ඉදිරි සතියේදී යාපනයට පැමිණෙති.//

මෙවැනි ප්‍රවෘත්ති ලිවීම අපරාධයක් නොවන්නේ කෙසේ ද යන්න මට පැහැදිලි නැත. එය ප්‍රවෘත්ති කලාව හා සම්බන්ධ කිසිදු විද්‍යාවකට අයත් වන්නේ නැත. එහි තිබෙන නිගමනයට එළඹීම සඳහා අදාළ කරගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නැත. යමෙකුට සිය මතය ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනමුත් එම මතයට ඉවහල් කරගත් හේතු සාධක පැහැදිලි කිරීමේ වගකීමක් මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නාට තිබිය යුතු ය. මතයක් දැරීම හා එය ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශ කිරීම යනු එකක් නොවේ. දෙකකි. මතයක් ප්‍රසිද්ධ කිරීම මතයක් දැරීමට වඩා වගකීමකින් කළ යුතු දෙයකි.

කීර්ති වර්ණකුලසූරිය එතරම් බැරෑරුම්ව නොගත යුතු විහිළුවක් බව සැබෑ ය. දිවයින පුවත්පත ද ඒ මට්ටමට ඇද දමන්නට ඔහු වැනි අය හේතු වෙති. ඒ කෙසේ වෙතත්, මෙවැනි අදහස් යනු ලංකාවේ සමාජයේ එතරම් දුලබ අදහස් නොවන බව ද අප තේරුම් ගත යුතු ය. එබැවින් මේ පිළිබඳ අපගේ අවධානය යොමු කළ යුතු ය.

පනීර් සෙල්වම් යනු ජයලලිතා නායකත්වය දුන් සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන අතර ජයලලිතා සිරගත වීමෙන් පසුව මහඇමති ධුරයට පත් වුණේ ද ඔහු ය. ඔහු වර්තමාන නියෝජ්‍ය මහඇමතිවරයා ය. ඔහු සමග යාපනයට පැමිණෙන ඒ. සෙන්කොට්ටායියන් ද එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකි.

මේ පිළිබඳව විග්‍රහයක් ලියමින් සිටිමි. සති අග පුවත්පතකට යවන්නට අදහස් කරමි. ඉන් පසු මෙහි පළ කරමි.
Add a comment...

Post has attachment
2018 සැප්තැම්බර් 5දා කොළඹදී පැවැත්වුණු ‘ජනබලය කොළඹට’ විරෝධතාව අතිශය වැදගත් දේශපාලන අවස්ථාවකි.

පොදුජන පෙරමුණේ පීක් එක හෙවත් කූටප්‍රාප්තිය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අවසන් වී ඇති බව එයින් ඉතා පැහැදිලිව සලකුණු කරන ලදී.

දේශපාලනයේදී මෙවැනි කූටප්‍රාප්තීන් තිබේ. උදාහරණයක් ලෙස 2004 මහමැතිවරණය එවැනි කූටප්‍රාප්තියකි. එහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සියලු අපේක්ෂකයන්ට ජය ලැබිණි. අවසානයේදී ජවිපෙට මන්ත්‍රී ආසන 39ක් ම ලැබිණි. මෙම මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ද අනපේක්ෂිත ජයග්‍ර‍හණයක් ලැබිණි. එහෙත් එය එතනින් අවසන් විය. මේ පක්ෂ දෙක ම අද වන විට මැතිවරණවලදී යන්තම් ජාමෙ බේරාගන්නා පක්ෂයි. 2004දී ඔවුන් සිටියේ උපරිමයේ ය.

එපරිද්දෙන් ම 2018 පෙබරවාරි මස පැවැත්වුණු පළාත්පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ සිටියේ ද උපරිමයක බව දැන් ඔප්පු වී තිබේ. ඔවුන්ගේ ඊළඟ තීරණාත්මක පියවර වූ කොළඹ වටලා, හැකිනම් ජනාධිපති නිල නිවසත් වටලා, වාඩිලාගෙන සිට, බලපෑම් කර, ආණ්ඩුව බලයෙන් පහකර, මහින්දට අගමැතිකම ලබාගැනීමේ සැලැස්ම අසාර්ථක විය. එයට මූලික හේතුව වුණේ මහජන සහයෝගයේ මඳකමයි.

කොළඹ ජනතාව මෙම උද්ඝෝෂණය මගහැරිය හ. ඈත ප්‍රදේශවල සිට කොළඹ වැඩට එන ජනතාව ද එක්කෝ නොපැමිණ සිටිය හ. නැතිනම් කලින් පළා ගිය හ. උද්ඝෝෂණය සඳහා රැගෙන එන්නට හැකි වුණේ සීමිත පිරිසකි. කලින් සැලසුම වුණේ ආණ්ඩු පෙරළීම නිසා සාමාන්‍ය උද්ඝෝෂණයකට අවශ්‍ය සූදානම හෝ ඔවුන් තුළ නොතිබිණි. අඩු තරමේ රැස්වීමක් පැවැත්වීමට වේදිකාවක්, ශබ්ද විකාශන ආදිය පවා නොතිබිණි. සවස් වන විට උද්ඝෝෂණය සම්පූර්ණයෙන් ම ජවයෙන් තොර කලකිරීමක් බවට පත් විය.

මෙම උද්ඝෝෂණය එක් පැත්තකින් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර බල අරගලය එළිපිට ප්‍ර‍කාශ කිරීමක් විය. පොදුජන පෙරමුණේ සංවිධායක බලය වූ බැසිල් රාජපක්ෂ මෙම උද්ඝෝෂණයට නායකත්වය දීමෙන් මගහැරියේ ය. එය කරට ගත් නාමල් රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂ ද කපාගෙන ඉදිරියට ඒමේ උවමනාව තිබිණි. වඩාත්ම ජනප්‍රිය නායකයා වන මහින්ද රාජපක්ෂගේ ලේ උරුමය සමීපස්ථ පවුල තුළ ම රඳවා ගැනීමට උත්සායක් ඒ පසුපස තිබිණි.

මෙම පරාජය ඉතා සංකේතාත්මක ය. රාජපක්ෂවාදය නිත්‍ය වශයෙන් පරාජය කිරීම දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ය.

වත්මන් ආණ්ඩුව ජනතා අපේක්ෂා මුදුන්පත් කළ එකක් නොවේ. එහෙම ආණ්ඩු කවදාවත් තිබුණේ නැත. එහෙත්, වත්මන් ආණ්ඩුවේ සාධනීය ලක්ෂණ රැසක් තිබේ. ඒ පිළිබඳ අප මීට කලින් විස්තර කළ ලිපියක් මෙසේ ය:

වර්තමාන ආණ්ඩුවේ මිනුම් ලකුණු (benchmarks) මොනවා ද?
ආණ්ඩුවේ අඩුපාඩු රැසක් තිබේ. එය ප්‍ර‍ජාතාන්ත්‍රික වන තරමට ම දුර්වල ද එකකි. ස්ථාවර නැත. අභ්‍යන්තර අවුල් වියවුල් එමට ය. අධිෂ්ඨානයකින් ක්‍රියා නොකරයි. දූෂණය මුළුමනින් ම නැති කිරීමට අසමත් විය.

එහෙත්, මේ ආණ්ඩුව රටේ ප්‍ර‍ජාතාන්ත්‍රික පදනම් ශක්තිමත් කර තිබේ. පොදුජන පෙරමුණේ ආණ්ඩු පෙරළීමේ තැත පරාජය වුණේ ප්‍ර‍ජාතාන්ත්‍රික පදනම නිසා ම ය.

වත්මන් ආණ්ඩුවට තව වසරකට වැඩි ධුර කාලයක් තිබේ. ඔවුන්ට එම ධුර කාලය තුළ කටයුතු කරගෙන යාමේ නිදහස ලබා දිය යුතු ය. මේ ආණ්ඩුව අනිවාර්යයෙන් ම වෙනස් කළ යුතු ය. ප්‍ර‍ජාතාන්ත්‍රික පදනම් ආරක්ෂා කරන ශක්තිමත්, ස්ථාවර ආණ්ඩුවක් රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය ය. ඒ වෙනුවෙන් මහජනතාව හමුවේ ප්‍ර‍චාරණ හා උද්ඝෝෂණ කටයුතු කිරීමේ අයිතිය ඕනෑම දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට තිබේ.

රාජපක්ෂවාදයට අප විරුද්ධ ය. එහි අතීත ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධය, ඒකාධිපතිවාදය, භීෂණය හා දූෂණය අපට අමතක නැත. ඔවුන් වෙනස් වී ඇති බවක් ද පෙන්වා නැත. වෙනස් වෙනවා නම් කාට කාටත් කාලයයි මෙය.

ජනබලය කාටවත් සින්න කර දීමට අපට උවමනාවක් නැත. අප කරන්නේ ජනබලය හරි මගට යොමු කරන්නට අවශ්‍ය මැදිහත්වීම් කිරීමයි. බලය අවැසි අය තම වැඩපිළිවෙල ඉදිරියට ගෙන ආ යුතු ය.
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
සමස්තයක් ලෙස ජාතිවාදය ඉදිරිගාමී හරයකින් තොර ය. එහෙත්, ජාතිවාදය සමග අප අරගල කළ යුත්තේ පරිස්සමෙනි. හේතුව එය බලලෝබීන් ඉතා පහසුවෙන් තම වාසිය පිණිස නවා ගන්නා දෙයක් වීමයි. දේශපාලන හරයකින් තොර ඊනියා සිංහල බෞද්ධ විරෝධය හා කොන්දේසි විරහිත සුළු ජාතිවාදී ප්‍රේමය යනු එක ම කාසියේ දෙපැත්තයි.
Add a comment...

Post has attachment
ජයන්ත චන්ද්‍ර‍සිරිගේ ඝරසරප නම් සුන්දර නිර්මාණය බහින්නේ කෙබඳු පොළවකට ද?
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
As a policy, the government must not take the responsibility of addressing the issue of salary anomalies further. The government must only facilitate a process of restructuring salary scales of the diverse services of the public sector. All recognised and duly functioning trade unions must be convened and a democratic dialogue must be initiated on restructuring the salary scales. The government may provide technical assistance and financial support for this. International organizations like UN can also involve in capacity building and policy development.
Add a comment...

එංගලන්තයේ නම්, නමට මුලින් සර් යන ගෞරවාර්ථ නාමය යොදන්නේ නයිට්වරුන් වෙනුවෙනුයි. හරියට සර් ජෝන් කොතලාවල වගේ. ලංකාවේ ගුරුවරුන්ගේ නම අගිනුත් සර් කියා යෙදෙනවා. ඉස්සර මටත් ළමයි අජිත් සර් කිව්වා. දැන්නම් මං නිකම්ම නිකං පැරා. ඒක හරි සරලයි.
Add a comment...

Post has attachment
(හැටහත් හැවිරිදි, එහෙත් ඉතා වියපත් ගම්පොළ හුදකලා මවක් ඇය විසින් පන්සාළිස් අවුරුද්දක් රැක බලාගත් ආබාධිත දියණිය මරා දමා ඇත. ඇය පවසන්නේ ඇය නැති කලෙක දුව බලාගැනීමට කවුරුවත් නැති නිසා ඇය එසේ කළ බවයි.)

මේරි නෝනා බලාපන්
මැරුණ උඹ වාසනාවන්
උඹ බලන්නට අරුමයකි
මුළු ගම ම ඇවිදින්

පොලීසියෙ ලොකු මහත්තැන්
එක්ක අර ඇවිදින්
ටයි දමා කළු කෝට් ඇඳලා
නඩුකාර උතුමන්

රාළහාමිලා නිලමෙලා
වැල නොකැඩි මෙහෙ ඇදෙනවා
පොටෝ අල්ලන මහත්තුරු
නුඹේ වගතුග අහනවා

ලෝරි නෝනා නැති කලක
මේරි නෝනා බලන්නට
මේ තරම් මහ සෙනග ඇති බව
හීනෙකින්වත් හිතුව නම්

සදාකාලික ළමා සුරතල්
බලනවා මං මැරෙන කල්
ඒත් මගෙ දරු සිඟිත්තී
උඹට මං විතරයි දුවේ

ඇත්ත ඒකයි දෝනියේ
ඒ නිසා උඹ දුක් නොවන්
බුදුන් බුදුබව දැරූ සමයත්
උඹේ වයසට සමානයි

පිපාසයි මට ක්ලාන්තයි
යන්න කාලය දැන් ළඟයි
උඹත් හිටියා ඇති දුවේ
මං ගිහින් එන්නම්

– අජිත් පැරකුම් ජයසිංහ
http://www.w3lanka.com/%E0%B6%B8%E0%B7%9A%E0%B6%BB%E0%B7%92-%E0%B6%B1%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96%E0%B7%80%E0%B6%BA%E0%B7%92-%E0%B6%BD%E0%B7%9D%E0%B6%BB%E0%B7%92-%E0%B6%B1%E0%B7%9D/
Add a comment...
Wait while more posts are being loaded