Profile

Cover photo
Ven. Matthumagala Chandananda
24 followers|59,720 views
AboutPostsPhotosYouTube

Stream

Ven. Matthumagala Chandananda

commented on a video on YouTube.
Shared publicly  - 
 
කිලෝමීටර්   272 දුර, පාගමනින්ම, හොරණ සිට කතරගමට ගිය,  සත්ජන පදනමේ නිර්මාතෘ පී. කේ . යූ  අධිකාරම් මැතිතුමා ඇතුලු පස් දෙනෙක්, මුල්වෙලා ,  පළමුවන ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව පනස් දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන්,   කිරිවෙහෙර අබියස ,  වසර 2000 ජනවාරි 31 දා සිදුවුනා.එදා සිට අද දක්වා අප දැවැන්ත ගමනක් ඇවිත් තිබෙනවා. පොදුවේ දැනුම් දීලා කළ මෙවන් සත්‍යක්‍රියා 2008 සිට සිදුවුනා.

මුල් කාලේ අත් පත්‍රිකා ටිකක් මුද්‍රණය කර ගත්තෙත් අමාරුවෙන්. මාධ්‍යවල සහයෝගයක් තිබුනේ නැහැ. බාධක, හිරිහැර,  උසුළු විසුළු, අපමණ ආවා.   නමුත් අප නොසැලී ඉදිරියට ආවා. අද වෙන විට, මාධ්‍යවල සහබාගිත්වයත් ලැබිලා, ලංකාවේනම්, ලක්ෂ ගානක් දෙනා සම්බන්ධවෙන උදාර පින්කමක් බවට මෙය පත්වෙලා තිබෙනවා.

එදා ලංකාවේ සිට මෙය ව්‍යාප්ත කරන්නට වෙහෙසුණු මම, අද කැනඩාවේ සිට බටහිර ලෝකයටත් සත්‍යක්‍රියාව හදුන්වා දෙනවා.    මේ වසරේ සත්‍යක්‍රියාව අවසන් කරපු මේ මොහොතේ මට විශාල  සතුටක් දැනෙනවා.  "සත්ජන සමාජ සංවර්ධන  පදනම" හා එක්වීමට ඔබ සැමට ආරාධනා කරනවා. සද්ධර්මය ලොවේ බෝ කල් බැබලේවා! 

ඊළඟ සත්‍යක්‍රියාව කරන විට, සත්ජන පදනමටම අයත් රූපවහිනි නාලිකාවක්, "සියැස T V" නමින් ආරම්භ කිරීමට උත්සාහ කරනවා. සත්ජන දැක්ම ඉතාම මානුෂික වූත්, ධනාත්මක වූත්, ඕනෑම කෙනෙකුට තමන් ඉන්න තැනක ඉදගෙන, ඉන්න ආගමක ඉදගෙන ක්‍රමයෙන්, තම මනුෂ්‍යත්වය පරිපුර්ණ කරගැනීමට අත දෙන, ඉතා විශිෂ්ඨ එකක්. සත්ජන දැක්ම ලොවට සාර්ථකව පතුරවන්නට,  රූපවහිනි නාලිකාවක් බොහෝ උපකාරී වෙනවා. 
 ·  Translate
Basic Information
Gender
Male