Profile cover photo
Profile photo
thilini Shalwyn
636 followers
636 followers
About
Posts

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
“ගුල්සාරි! උඹ හොඳ කදිම අශ්වයෙක්. මගේ යාලුවා වෙලා හිටියෙත් උඹ තමයි. මේ විදිහට ඔඹ මගෙන් වෙන් වෙලා යන කොට මගේ ජීවිතේ හොඳම කාලෙත් උඹත් එක්කම යන්න යාවි. මං කවදාවත්, කවමදාවත් උඹව නම් අමතක කරන්නේ නැහැ. තාමත් උඹ ජීවතුන් අතර. ඒ වුණත් මම දැනටමත් උඹ ගැන කල්පනා කරන්නෙ මැරිච්ච එකෙක් ගානට. ඔවු! ඒත් ඉතිං උඹ මියැදෙමින් තමයි ඉන්නේ. අනේ මගේ හොඳ අශ්වයා ගුල්සාරි. කවදහරි දවසක එහා ලෝකයේදි අපි දෙන්න මුණගැහේවි. ඒත් එහෙදි මට කවදාවත් උඹේ කුර සද්දෙ නම් ඇහෙන එකක් නෑ. එහෙ පාරවල් නෑ. තණකොළ, කොටින්ම ජිවිතයක් එහෙ නෑ. ඒත් හැම තිස්සෙම උඹ මගේ මතකය තුළ ඉන්න හන්දා කවමදාවත් උඹ මැරෙන එකක් නෑ ගුල්සාරි. උඹේ ඔය කදිම කුර හඬ ජීවිත කාලය පුරාම මං වැඩියෙන්ම අහන්න ආශා කරපු ගිතය වේවි.” - See more at: http://sanskaravinivida.blogspot.com/2014/02/blog-post_9.html#more

Post has attachment

Post has attachment

Post has attachment
"එයාට හොඳ කරන්න බැරි ලෙඩක්" 


නගරෙ පුරා කතාව පැතිරිලා ගියේ එහෙම. අපි හිටියෙ ලොකු නගරෙක. තනි තනි වශයෙන් සීමිත ඉඩක පැතිරිලා. නගරෙටම හිටියෙ අපි ටික දෙනයි. හරියටම කීවොත් දහ දෙනයි. අපි වගේ සිය ගුණයකින් වැඩි ගොඩනැගිලි අපේ නගරෙ තිබුණා. ඒත් මුලින් කිව වගේ අපි හිටියෙ අපි අපිව පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් සීමිත ඉඩක. ඒ නිසා නගරෙ පුරා කතාව පැතිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. වැඩිම වුණොත් තත්පර දහයක් පහළොවක්. 

නගරෙ අපේ කොටස අපි නම් කළේ ‘නොනිදන උදානය’ කියලා. ඇත්තම කීවොත් ඒකට හරිම හරි තේරුමක් අපි දැනන් හිටියෙ නැහැ. ඒත් කිසි හැලහොල්මනක් නැතිව නිදන හිස් නගරෙකට අපේ ආගමනය කන්කරච්චලයක් වුණා වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි දහ දෙනා තීරණේ කළා අපේ කොටසට මේ නම දෙන්න. අපි ඉන්න ගොඩනැගිල්ලේ තුන් වෙනි තට්ටුවේ කාමර දහයක් මුලින්ම අපි අපි වෙනුවෙන් වෙන් කර ගත්තා. හේතුව සුන්බුන් වලින් ටිකක් හරි නිදහස් වෙලා තිබුණෙ මේ ‍ඉහළ‍ කොටස් වීම. කොහොම වුණත් විසාල නගරෙ අසීමාන්තික පැතිරීමත් එක්ක බැලුවම අපි එක්කෙනෙක්ට මීට වඩා දේපල හිමිකමකට උරුමකම් කියන්න පුළුවන් වුණත්, කාගෙන්වත් ඒකට තහනමක් නොතිබුණත් දේපල වලින් අපි කරන්න ඕන දෙයක් දැනන් හිටියෙ නැහැ. ඇත්තටම එහෙම අයිතිය කියාපෑවට කරන්න පුළුවන් වුණේ මොකද්ද? හැමදාම වගේ බඩගිනි වෙලාවට තාමත් ඉතිරි වෙලා තිබුණු තැන් වලින් ටින් කැම ටිකක් හොයා ගෙන කන එක විතරයි. 

අපේ මළගිය නගරෙ මැද ඉස්සර අහස උසට නැගුණ කොළ පාටින් අංක බබලපු සද්දන්ත ඔරලෝසුව දැන් හිස කඩාගෙන බිම වැටිල තිබුණ වුණත්, ඉතිරි වෙලා කියන කඳ කොටසේ මුදුනටම නැග්ගම අපිට බලාගන්න පුළුවනි හැම අතින්ම මීදුමකින් වගේ පටලයකින් කෙළවර වෙන අළු පාට ගොඩනැගිලි (දැන් හිස් අහිමි කරගත්ත වුණත්) අහසට උස්සගත්තු අපේ නගරය. මුලින්ම අපි ඒ දර්ශනේ දැක්ක දවසෙ ටරාස්‍යා කලබල වුණා හොඳටම. 

"අපිට කවදාවත් ගැලවීමක් නැතිවෙයි" නිමක් නැති අනන්තයකට විහිදී ගිය අළු පාට, කැඩුණූ බිඳුණු ගොඩනැගිලි පුරෝගත්තු නගරෙ දැක්ක ගමන් එයා කීවේ මට කවදාවත් කරන්න බැරි තරම් ඇස් ලොකු කරගෙන. දැන් ඒ ටරාස්‍යා අපේ ‘නොනිදන උදානයේ’ එයා‍ට වෙන්වුණු ඇඳ උඩ නිදාගෙන වගේ ඉන්නව. 

"ලේ ගැලිල්ලේ අඩුවක් නෑ. එයා විලාප දීලා කෑ ගහපු වෙලේ මම නම් හොඳටම බයවුණා. හරියට මැජික් පෙට්ටියට බැස්ස දා වගේම" 
- See more at: http://sanskaravinivida.blogspot.com/2014/02/blog-post_4.html#more

තුන්වන කෙටිකතාව
මාතෘ දේවතා
මාතෘ දේවතා
sanskaravinivida.blogspot.com

Post has attachment
කාලය හා අවකාශය අතර මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවූ ගනුදෙණුවේදී මානව පරිණාමය හා බැඳි මානවයාගේ ක්‍රියාකාරකම්හි වර්ධනීය පියවර සියුම්ව අවධානය යොමු කළ යුතු වූ විෂය පථයකි. මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා කාර්යයභාරය වූ මානවවංශ පුරාවිද්‍යාව සැලකිල්ලට ගැනීමේදී නොදන්නා යුගයක, නොදන්නා සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාව මේ ඔස්සේ ලැබෙන බව අවිවාදිතය. කැණීම් බිම් වලින් හමු වන්නා වූ මිනිසා විසින් උපයුක්ත කරගනු ලැබූ ද්‍රව්‍යාත්මක සාධක තුළින් අතිත මානවයාගේ චර්යා රටා සහ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරගනු ලබන්නේ යම් සේද, වත්මන් ප්‍රාථමික සමාජ අධ්‍යයනයට ගැනීමේදී ලැබෙන සාධකද මේ කෙරෙහි වඩාත් වැදගත් තොරතුරු අනාවරණය කරයි. සංස්කෘතිකමය වෙනස්විම් වලට නැඹූරු නොවී සිය සාම්ප්‍රායික සිරිත් විරිත් අනන්‍යතාවන් තවමත් පෙර මෙන්ම හැකිතාක් ආරක්ෂා කරගනිමින් ස්වභාවික පරිසරය මත සිය යැපීම් පවත්වා ගනිමින් ජීවත් වන ඇතැම් ප්‍රාථමික ජන කණ්ඩායම් අදටත් බොහෝ රටවල්හි වාසය කරන අතර මානවවංශවිද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා මෙකී ජීවමාන ජන කණ්ඩායම් උපයුක්ත කර ගනී. - See more at: http://sanskaravinivida.blogspot.com/2014/02/blog-post.html#more

Post has attachment
බලවතා පසුපස එල්ලී වල්ගය වන වනා වුව යා හැකි වේ නම් එසේ නොකරන අයවලුන්ද අල්පයකි
එවන් සමාජයක මේ තවත් එක කතාවකි..... මතුවටත් ලියවෙන.... යළි යළිත් කියැවෙන
- See more at: http://sanskaravinivida.blogspot.com/2014/01/blog-post_31.html#more

Post has attachment
අද බස් එකේ එද්දි හිතට ආපු සිතිවිල්ලක් ජංගමයාගේ සටහන්කරගත්තා අමතක වෙන්න කලින්. මෙන්න දැන් ඒකෙ තාර බර ඇරලා අඩුතැන් වැඩිතැන් එහෙමෙහෙ කරලා හදාපු එක
http://sanskaravinivida.blogspot.com/2014/01/blog-post_28.html#more
_ _ණීය _ _ණය (මර/රම)
_ _ණීය _ _ණය (මර/රම)
sanskaravinivida.blogspot.com
Wait while more posts are being loaded