Profile cover photo
Profile photo
Gnanendra Pradeep Pathirana
26 followers
26 followers
About
Posts

Post has attachment
"ඉස්සර කාලෙ මේ පාරෙ තමයි නකල්ස් වල වැවුන එනසාල් අස්වැන්න නුවරට අරන් ගියේ. සිද්දික් මුදලාලිට විතරක් අක්කර 300ක එනසාල් වත්තක් තිබුනා."
කුමාර තමන්ගේ ගමේ අතීත විභූතියට හේතුවුන එනසාල් සංස්කෘතිය ගැන අපිට විස්තර කිවුවා. දැන් නකල්ස් වල එනසාල් වැවීම තහනම්. ඒකට හේතුවුනේ පරිසර විනාශය වැලැක්වීමට එවකට පැවති රජයන් ගත් තීන්දුවක්.ඝන කැලේ පටන්ගන්න කොටම කරත්ත පාරේ පසෙක පුංචි සංහිඳක් දක්නට ලැබුනා. බුදු පිළිමයක්, දේව රූප කිහිපයක් දක්නට ලැබුන ඒ අසලදී අපට පාගමනින් නකල්ස් සිට එන විදේශික සංචාරකයෙකුත් හමුවුනා. සැතපුමක දෙකක පාගමනට මොහොතක් නැවතීමේ තිත තැබූ අපි එතනින් ගලාගිය පුංචි දොළපාර අසල ගල් තලාව අපේ විවේකය සඳහා තෝරා ගත්තා.

Post has attachment
වසර 53කට පෙර සිදුවූ නමුදු තවමත් අමතක කළ නොහැකි දුම්රිය ඛේදාන්තය.....

Post has attachment
මෙම ගල්ලෙන තුළ තරමක් විශාල පොකුණක්ද ගල්ලෙන ආසන්නයේ කුඩා ළිඳක්ද වේ. එම ගල්ලෙන ඛාදනය වි දුම්රිය මාර්ගයට පෙරලිමට ඇති ඉඩකඩ අහුරමින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගලින් කළ බැම්මක්ද වේ. දැනට මාස කිහිපයකට වරක් මේ අවට ශුද්ධ පවිත්‍ර කිරිම මෙම මාර්ග කොටසේ වැඩ කරන දුම්රිය සේවකයින් විසින්ම සිදු කෙරේ.
ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානයට ඉතා අසන්නව පිහිටි මේ ගල්ලෙන ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මෙතෙක් යොමුවී නැත. එසේ අවධානය යොමු කර සංරක්ෂණය කර පවත්වාගෙන යන්නේ නම් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණයද ඉහළ කෝට්ටේ දුම්රියපොළ වෙත ලැබෙනු ඇත.

Post has attachment
එහෙත් 2020 දක්වා රට කරන්නට පමණක් රනිල්-මෛත්‍රී සිතන්නේ නම් මේ කිසිත් අවශ්‍ය නැත. ඒ නිසා ආණ්ඩුව බය කරන ශ්‍රීලනිප අවස්ථාවාදින්ට යනවා නම් යන්නට කියා වැඩ කරගෙන යන්නට හැකියාව රජයට ඇත. වසර හැට හැත්තෑවක ලාංකීය දේශපාලන අතීතය ගැන සළකා බැලූ විට සහතික කර ඉන්තේරුවෙන්ම එකක් කිව හැක. මෛත්‍රී- රනිල් ප්‍රමුඛ රජය යන්නට උත්සහ දරණ මන්ත්‍රීන් පිටුපස දණින් නොවැටී සිටින්නේ නම් ඔවුන් කිසිදිනෙක පොරවල් වන්නේ නැත. අවසාන මොහොතේ වරප්‍රසාද අහිමි වනවාට එරෙහිව නැඟෙන ගෙදර ගෑණිගේ තරවටුවට අවනතව ඔවුන් 2017 දෙසැම්බර් 31දාගෙන් පසුවද ආන්ඩුව තුළම හිඳිනු ඇත.

Post has attachment

Post has attachment
ප්‍රවෘත්තියේ උද්වේගජනකම මොහොත උදාවූයේ "පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා" කරළියට පැමිණි විටය... "අපි මේ වෙන කොට බලවත් පරිශ්‍රමයක් යොදල මේ කුමන්ත්‍රණයට දායක වුණු "ඡන්න" ඇමැතිව අත්අඩංගුවට අරං තියෙනවා... රජ මාළිගයෙන් අවසරයකින් තොරව කන්ථක අශ්වයාව රැගෙන ගියා කියල ඔහු දැනට පිලි අරන් තියෙනවා.. ඒ නිසා රාජ්‍ය දේපොළ අවභාවිතාවට ලක්කලා කියන චෝදනාවට එරෙහිව ඔහුට විරුද්ධව FCID පරීක්ෂණයක් කරනවා... ඔහු ළඟ තිබිලා කඩුවක් අත් අඩංගුවට අරන් තියෙනවා... ඒකේ කෙස් කොට තියෙනවා... මේ කෙස් කොට කාගෙද කියල ජාන පරීක්ෂණයකට යොමු කරනවා... තහවුරු නොකළ ආරංචි මාර්ග වලින් දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව වෙස් මාරු කළ සිදුහත් කුමරු නේරංජනාවෙන් එතෙර මහ වනාන්තරයට ගිහින් තියෙනවා... කළින් රජ මාළිගාවෙ පුරෝහිත ධූරයෙන් ඉවත්වුණු කොණ්ඩඥ්ඤ තවුසා ගේ වුවමනාවකට මේ දේ සිද්ධ වුණෘ කියල තමයි රජතුමා සැක කරන්නේ.... නේරංජනාවෙන් එහාට නොවෙයි සක්වල ගලෙන් එහාට ගියත් අපි ඔහුව හොයාගෙන සුද්ධෝදන රජුට එරෙහිව කළ මේ කුමන්ත්‍රණයට අදාළව ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා...."

Post has attachment
ත්‍රිකුණාමලය නගරයේ මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට පැරණි ලන්දේසි සූසාන භූමියට නූදුරුව, නෙල්සන් සිනමා හලට ඉදිරියෙන්, සියවස් දෙකහමාරක් තිස්සේ ලවණ මූසූ වියළි මුහුදු සූළඟින් නිරන්තර පහස ලබමින් දසත අතු පතර විහිදා සරු ලෙස වැඩූණ බෝරුක් හතරක් දක්නට ලැබේ. ලක්දිව බෞද්ධ ඉතිහාසය සමඟ බැඳුණු සුවිශේෂී සිද්ධියක් මුල්කොටගෙන රෝපණය කරන ලද මෙම බෝ රුක් හතරට මෑත කාලයෙහි කවරෙකු විසින් වත් තෙල් මල් පහන් පිදීම, පූජා භූමියක් බවට පත්වීම තබා හැරී බැලීමකින්වත් සිදු නොකරන බවක් පෙනී යයි.
2017 ජූනි මස 03-04 දෙදින ත්‍රිකුණාමලය ආශ්‍රිතව "Exploring Trinco Behinds" ගවේශන චාරිකාවට ගිය MegaHike කණ්ඩායමේ අපි අපේ නඟර සංචාරයේදී මේ ස්ථානය සොයා ගියෙමු. ප්‍රකට නෙල්සන් සිනමාහලට ඉදිරියෙන් යකඩ බට වලින් තැනූ ආරක්ෂිත වැටකින් වටකර ඇති මේ ස්ථානයේ දණක් උසට වල් වැවී තිබූ අතර මාස ගණනාවකින් මේ බිමට කිසිවකු පා තබා නැති බවක් පෙනී ගියේය.

Post has attachment

Post has attachment

Post has attachment
පෙරට තබන අඩිය දෙවරක් විමසිළිමත්ව තබන්නට කටයුතු කළ අපි අවධානයෙන් යුතුව ඉදිරියට පියමැන්නෙමු.... අවසානයේ අප නැවතුනේ දොළ අද්දර ගල් තලාවකිනි. එතැනින් දොළෙන් එගොඩ වූ අපි කුඹුරු යායේ ඉහත්තාවට ගොඩ වූයෙමු. එතැන කමතකි. එහි කොළ මැඩුමකි. එහි ඡායාරූප කිහිපයක්ද ගෙන කමතට නොබැස එය මඟහැර ගලමුදුන ගම දෙසට වූ අඩිපාරට පිවිස අපි යළිත් පිවිසියේ දණහිස පොළොවේ වදින තරමේ ආනතියකින් වූ කඳු නැග්මකටය. එම අසීරු බැවුමේ පහළට ලිස්සා යමින් නොයමින් උඩට යන අපි පුදුම කරවමින් දවස් කිහිපයකට පෙර හෙළූ වියළි ගිය අලි වසුරු ගොඩවල් කිහිපයක් හමුවිය. අපටත් යන්නට අසීරු මේ වන මං දිගේ අලි පැමිණ ඇති බවට එය කදිම සාක්ෂියකි. තවත් අඩ පැයක පමණ ගමනකින් අපි ගලමුදුනේ පළමු නිවෙස අබියසට පැමිණියෙමු.
Wait while more posts are being loaded