Profile cover photo
Profile photo
Nalaka Priyantha
225 followers -
Helping People to Live Happily & Healthier
Helping People to Live Happily & Healthier

225 followers
About
Nalaka's posts

Post has attachment
පහසුවෙන් කලහැකි අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහන් දෙකක්

අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහනක් (High-intensity Interval Training/HIIT) යනු කෙටි කාලයකදී සිදුකරන අධි-තීව්‍රතාවයකින් යුතු ව්‍යායාමයන් දෙකක් අතර විවේක කාලයක් බැගින් ලබාගනිමින් සිදුකරන අධි-තීව්‍ර ව්‍යායාම ශ්‍රේණියක් ලෙස හැඳින්විය හැකියි. එවැනි ව්‍යායාම වැඩසටහනක් මගින් කෙටි කාලයක් තුළ වැඩි අමතර කැලරි ප්‍රමාණයක් දහනය වන අතර, ශාරීරික යෝග්‍යතාවයද හොඳින් වැඩිදියුණු කරගත හැක. සාමාන්‍යයෙන්, අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහනකට පසුව පැය 14-15 ක් පමණ ගතවන තුරු සාපේක්ෂව වැඩි කැලරි ප්‍රමානයක් දහනය වේ. පහසුවෙන් කලහැකි අධි-තීව්‍ර විරාම පුහුණු වැඩසටහන් දෙකක් පිළිබඳව පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.

පහසුවෙන් කලහැකි ව්‍යායාම වැඩසටහන් දෙකක් ලෙස මාතෘකාවේ සඳහන් වුවද, අධි-තීව්‍ර විරාම පුහුණුවක් සිදුකිරීම එතරම් පහසු දෙයක් නොවේ. නමුත්, එයින් ලැබෙන ප්‍රතිඵල විශ්මිතය. මෙම ලිපියෙහි දැක්වෙන ව්‍යායාම වැඩසටහන් දෙකම එළිමහනේ කලයුතු ඒවා වේ.

Post has attachment
සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

සිසේරියන් සැත්කමකට පසුව මවක් අනුගමනය කලයුතු උපදෙස් පිළිබඳව මදක් පැහැදිලි කිරීමට මෙම ලිපිය සකස්කර ඇත. මක්නිසාද, මෙම උපදෙස් නිසි පරිදි අනුගමනය කිරීමෙන්, මවට සහ අලුත උපන් දරුවාට සංකූලතා හටගැනීම අවම කරගැනීමට හැකියාව ලැබේ.

සිසේරියන් සැත්කම සිදුකිරීමෙන් අනතුරුව ශරීරයේ පහළ කොටසේ ඇති හිරිවැටුණු ස්වභාවය ඉවත්වීමට පැය 4-5 ක් පමණ ගතවේ. ශල්‍යකර්මයෙන් අනතුරුව ඇතිවන වේදනාව අවම කරගැනීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරන වේදනා නාශක නිසි පරිදි ගැනීම කල යුතුය. එමෙන්ම, අලුත උපන් දරුවාට හොඳින් මව්කිරි ලබාදීමත් ඉතාම වැදගත්. සැත්කමෙන් පසුව, දෙවන දිනය එළඹෙන විට බොහොමයක් මව්වරු ඇඳෙන් බැස ඇවිදීම සිදුකරයි. කෙසේ වුවත්, සිසේරියන් සැත්කමකට පසුව ඉක්මනින් ශරීරය යථා තත්ත්වයට පත්වීම සඳහා ඇවිදීම වැදගත් වේ. මවට සහ අලුත උපන් දරුවාට සංකූලතා කිසිවක් නැත්නම්, දින 3-5 ක් තුළ රෝහලෙන් බැහැරව යාමට හැකියාව ලැබේ.

Post has attachment
ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?

දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක, දියවැඩියාව රෝගයේ වර්ග අනුව වෙනස්වන දෙයකි. ඇතැම් අවදානම් සාධක ඉවත්කර ගැනීමට හැකියාව ඇති මුත්, සමහර අවදානම් සාධක වෙනස් කිරීමට නොහැක. කෙසේ වුවත්, යමෙක් දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක ගණන අඩුකරගතහොත්, ඔහුට හෝ ඇයට දියවැඩියාවෙන් මිදී ජීවත්වීමට ඇති හැකියාව වැඩිකරගත හැක. එමනිසා, එවැනි අවදානම් සාධක පිළිබඳව දැනුවත්වීම, කාලෝචිත දෙයක් ලෙස හැඟේ. එසේ නම්, ඔබටත් දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබෙනවාදැයි මදක් සොයා බලමු.

Post has attachment
දුම්පානය කිරීම මගින් හානි සිදුවිය හැකි අවයව 9 ක්

දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ. එමෙන්ම, අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එකලෙස ඔබගේ සෞඛ්‍යයට හානි සිදුවන බව ඔබ දැනගත යුතුය. එමනිසා, ඔබ දුම්පානය කිරීම නොකලත් අක්‍රීය දුම්පානයට නතුවන අයෙක් නම්, ඔබේ දිවිය අනතුරට ලක්වීම වැලැක්වීමට අපහසු වේ.

Post has attachment
උදෑසන දිනචර්යාව මදක් වෙනස්කර බර අඩුකර ගනිමු.

මෙය, සුව සෙවන වෙබ් අඩවියේ පලවන 250 වෙනි ලිපිය බව සතුටින් සඳහන් කරමින් ඔබේ බර අඩුකරගැනීම සඳහා අනුගමනය කලහැකි තවත් සරළ ක්‍රමවේදයක් පිළිබඳව පැහැදිලි කිරීමට අදහස් කරමි. සැබැවින්ම, උදෑසන දිනචර්යාව මදක් වෙනස් කිරීමෙන් බර අඩුකරගත හැකිද? ඔව්, එසේ කලහැක. ඔබේ උදෑසන දිනචර්යාව මත ඔබේ දවසේ ආහාර ගැනීමේ රටාව සහ බර අඩුකරගැනීමේ උත්සාහයන් සියල්ල රඳාපවතී. ඊයේ දිනයේදී, කුමන හේතුවක් මත හෝ ඔබට සාමාන්‍ය ආහාර රටාවෙන් අපගමනය වීමට සිදුවුවද, සෑම උදෑසනක්ම ඔබට ආහාර රටාව වෙනස් කරගැනීමට සහ බර අඩුකරගැනීමේ ඉලක්කයන් ඇතිකරගැනීමට නැවුම් ආරම්භයක් ලබාදේ. එමෙන්ම, උදෑසනම සක්‍රීය වන පුද්ගලයන්ට, සවස් කාලයේ සක්‍රීය පුද්ගලයන්ට වඩා කාර්යක්ෂමව බර අඩුකරගැනීමට මෙන්ම, නියමිත බර පවත්වාගැනීමටද වැඩි හැකියාවක් ඇතිබව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. වාසනාවකට මෙන්, අමතර මේදය දහනය කරගැනීම සඳහා උදෑසන දිනචර්යාව වෙනස්කරගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

Post has attachment
මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.

මහදුරු හෙවත් මාදුරු, ආහාර පිසීමේදී නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක. එය ස්වාභාවික රසකාරකයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ පැවත එන දෙයකි. මහදුරු යනු අසමෝදගම් පවුළේ (Umbelliferae family) ශාඛයක් වන Foeniculum vulgare වල ඇට වර්ගයක් වන අතර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අප්‍රකට වාසි රැසක් රැගත් කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක.

Post has attachment
දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

උකුණන් යනු ඉතා කුඩා, පියාපත් රහිත කෘමියෙක් වන අතර, මෙම කෘමියා හිසකෙස් මත ජීවත් වේ. උකුණන් පෝෂණය වන්නේ හිසේ සමෙන් ඉතා කුඩා රුධිරය ප්‍රමාණයක් උරා බීමෙනි. හිසේ උකුණන් වාසය කිරීම සැබැවින්ම කරදරකාරී දෙයක් වුවද, ඔවුන් හානිකර වන්නේ හෝ රෝග පතුරවන්නේ නැත. ඔබේ දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

http://www.suwasewana.com/2017/05/03/%e0%b6%af%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b7%92%e0%b7%83%e0%b6%a7-%e0%b6%8b%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b6%e0%b7%9d%e0%b7%80%e0%b7%93/

Post has attachment
ඇඟේ බර යොදාගෙන කරන සංයුක්ත ව්‍යායාම ගැන දැනගනිමු.

ඒක හෙවත් තනි ව්‍යායාම (Isolation exercises) සහ සංයුක්ත ව්‍යායාම (Compound exercises) වශයෙන් ව්‍යායාම ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදිය හැක. ඒක ව්‍යායාම යනු ශරීරයේ එක් මාංශ පේශි කාණ්ඩයක් සඳහා පමණක් සිදුකරන ව්‍යායාම වේ. ශරීරයේ මාංශ පේශි කාණ්ඩ කිහිපයකට එකවර සිදුකරන ව්‍යායාම සංයුක්ත ව්‍යායාම ලෙස හැඳින්විය හැක. එබැවින්, සංයුක්ත ව්‍යායාම, ඒක ව්‍යායාම වලට වඩා මාංශ පේශි වර්ධනය සහ අමතර මේද දහනය සඳහා වඩාත් ඵලදායී වන බව ඔබට පැහැදිලි වනු ඇත. සංයුක්ත ව්‍යායාම වලදී ශරීරයේ සන්ධි ගණනාවක් එකවර චලනය වන අතර, එමගින් මාංශ පේශි විශාල සංඛ්‍යාවකට ව්‍යායාමය සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි මේදය ප්‍රමාණයක් දහනය වීම සිදුවේ. ඔබට ව්‍යායාම ශාලාවකට (Gymnasium) යාමට ඉඩක් නොමැති නම් හෝ ඒ සඳහා වේලාවක් වෙන්කරගැනීම අපහසු නම්, පසුතැවිලි වීමට අවශ්‍ය නැහැ. ඔබේ නිදන කාමරය තුළදී වුවද සංයුක්ත ව්‍යායාම කලහැක. එමනිසා, ඔබේ ශරීරයට වැඩිපුර ප්‍රමාණයක් ව්‍යායාම කෙරෙන, වැඩි ඵලදායීතාවයකින් යුතු සංයුක්ත ව්‍යායාම වර්ග පිළිබඳ ඉගෙනගැනීම වැදගත් වේ. එහිදී, ව්‍යායාම උපකරණ භාවිතා කිරීමෙන් තොරව, ඇඟේ බර යොදාගෙන කලහැකි සංයුක්ත ව්‍යායාම වර්ග තෝරාගැනීම තවත් වාසිදායක වේ.

Post has attachment
සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?

සිසේරියන් සැත්කමකින් දරු උපත සිදුකිරීමට බලපාන හේතු සාධක මත සිසේරියන් ශල්‍යකර්මය (Cesarean delivery or C-section) මදක් වෙනස්විය හැකි මුත්, එය සිදුකරන අනුපිළිවෙල බොහෝදුරට සමානය. එමනිසා, සිසේරියන් සැත්කමක් සිදුකරන ආකාරය සරළ ලෙස පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය සකස්කර ඇත.

Post has attachment
දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි විමසා බැලීමට පෙර, අපගේ ශරීරය ග්ලූකෝස් නැමැති සීනි වර්ගය හසුරුවන යාන්ත්‍රණය සරළව වටහාගැනීම වැදගත් වේ. එහිදී, මිනිස් සිරුර තුළ ග්ලූකෝස් වල කාර්යභාරය සහ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත යුතුය. එවිට, දියවැඩියාව වැළඳීමට හේතු හඳුනාගැනීම පහසු වේ.
Wait while more posts are being loaded