Profile cover photo
Profile photo
Paffrel Organization
24 followers -
Paffrel Organization
Paffrel Organization

24 followers
About
Posts

Post has attachment

Post has attachment

Post has attachment
Photo
Add a comment...

Post has attachment

Post has attachment

Post has attachment
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්න - පැෆ්රල් මාධ්‍යය නිවේදනය
Photo
Add a comment...

Post has attachment
Photo
Add a comment...

Post has attachment
Photo
Add a comment...

Post has attachment
Photo
Add a comment...

Post has attachment
60 වසරක මැතිවරණ ඉතිහාසය මගේ කාලයේදීම සමරන්න ලැබීම සතුටක්‌ -
මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය

සාමූහික ක්‍රමවලින් බැහැරව ඇති වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කිරීමේ ක්‍රමවේදය තමයි අද පවතින මැතිවරණ ක්‍රමය දක්‌වා විකාශනය වී තිබෙන්නේ. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත්කරනු ලැබුවේ ආණ්‌ඩුකාරවරයායි. ඊට අයත් වුණේ මහ සෙනෙවි, මහ ලේකම් රාජ්‍ය නීතිඥයා, හාණ්‌ඩාගාරික මධ්‍යම පළාතේ දිසාපති යන අයයි. මෙම විධායක මන්ත්‍රණ සභාවේ සභාපති ලෙස කටයුතු කර තිබෙන්නේ ආණ්‌ඩුකාරවරයායි. මීට අමතරව එදා නිලලත් නව දෙනෙක්‌ හා නිල නොලත් 6 දෙනකුගෙන් යුත් ව්‍යවස්‌ථා දායකයන්ද එදා පත් කර ඇත.

අපේ රටේ මැතිවරණ පිළිබඳ ඉතිහාසය වසර සියයකටත් වඩා පැරැණි රසවත් ඉතිහාසයකි. අතීතයේ මැතිවරණ පැවැති ක්‍රම අදට වඩා ඉතා සරල වූ අතර ගැටුම් චෝදනා හෝ අභියෝග එදා මැතිවරණවලදී දක්‌නට ලැබුණේ නැත.

ජනගහන වර්ධනයත් සමග රටේ මැතිවරණ ක්‍රම සංශෝධනය වී අද පැවැත්වෙන මැතිවරණ ක්‍රමය දක්‌වා විකාශනය වී ඇත. එදා මැතිවරණ පැවැත්වීම සඳහා වෙනම ආයතන නොතිබුණද අද වන විට එය වෙනස්‌ වී අධිකරණයට පමණක්‌ වගකියන කොමසාරිස්‌වරයකුගෙන් සමන්විත මැතිවරණ දෙපාර්තමේන්තුව ස්‌ථාපිත කර ඇත. මෙම දෙපාර්තමේන්තුවට වසර 60 ක්‌ සැපිරෙන්නේ ලබන මස 01 දිනයටය. හැට වසරක අතීත කථාව දිවයින පාඨක ඔබට කියන්නට අප මාධ්‍යයට හා ජනතාවට සමීප වත්මන් මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා හමු වූයෙමු. මේ ඔහු අපට කියූ මැතිවරණයේ අතීත කථාවයි.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ මැතිවරණයට දිගු ඉතිහාසයක්‌ තියෙනවා. ඒ පිළිබඳව ඔබේ මතකය අවදි කළොත්?

පිළිතුර - අපේ රටේ ඡන්දයකින් පාලකයන් තෝරා ගැනීමේ ක්‍රමයට පෙර ගම් නායකයින් පත් කර ගැනීමේදී පවා ඡන්දයක්‌ (කැමැත්ත විමසීමක්‌) තිබූ බව ඉතිහාසය පරිශීලනය කිරීමේදී පැහැදිලි වෙනවා. මිනිසා ශිෂ්ට වූදා පටන් පොදු එකඟතාවයකින් නායකයා පත් කර ගැනීමේ ක්‍රම වේදයක්‌ අනුගමනය කර තිබෙනවා. ඇතැම් විට අත්දෙක උත්සලා කැමැත්ත පළ කිරීමක්‌ එක ක්‍රමයක්‌ ලෙස එදා භාවිත වූ බව පැහැදිලියි. බලවතාට වඩා හිතවතාට කැමැත්ත දීම එදා තිබූ ක්‍රමයයි.

අදටත් ඇතැම් ප්‍රදේශවල ගම් නායකයන් තෝරා ගැනීමේදී මේ ලක්‍ෂණ දකින්න පුළුවන්. විශේෂයෙන් භික්‍ෂු සමාජය තුළ ප්‍රාදේශීය නායක හිමිවරුන් පත් කර ගැනීමේදී අනුගමනය කරනු ලබන්නේ එවැනි ක්‍රමයක්‌. අනෙක ගමේ මරණාධාර සමිතිය වැනි සමිති සමාගම්වල නිලධාරීන් පත් කර ගැනීමේදී තවමත් ක්‍රියාත්මක වන්නේ අතීතයේ පැවැති ඒ සාමූහික කැමැත්ත ප්‍රකාශ කිරීම බව පැහැදිලියි.

ප්‍රශ්නය - මේ සාමූහික කැමැත්ත ප්‍රකාශ කිරීමේ ක්‍රමය වැනි ක්‍රමවලින් බැහැරව විධිමත් ඡන්ද විමසීමක්‌ ඇති වූයේ කුමන පසුබිමකදීද? 

පිළිතුර - මේ සාමූහික ක්‍රමවලින් බැහැරව ඇති වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කිරීමේ ක්‍රම වේදය තමයි අද පවතින මැතිවරණ ක්‍රමය දක්‌වා විකාශනය වී තිබෙන්නේ. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කරනු ලැබුවේ ආණ්‌ඩුකාරවරයායි. ඊට අයත් වුණේ මහ සෙනෙවි, මහ ලේකම් රාජ්‍ය නීතිඥයා, හාණ්‌ඩාගාරික මධ්‍යම පළාතේ දිසාපති යන අයයි. මෙම විධායක මන්ත්‍රණ සභාවේ සභාපති ලෙස කටයුතු කර තිබෙන්නේ ආණ්‌ඩුකාරවරයායි. මීට අමතරව එදා නිලලත් නව දෙනෙක්‌ හා නිල නොලත් 6 දෙනකුගෙන් යුත් ව්‍යවස්‌ථා දායකයන්ද එදා පත් කර ඇත.

නිල නොලත් අය පත් කර ඇත්තේ වැදගත් යූරෝපීය වෙළෙඳුන්ගෙන් හා සෙසු යුරෝපීය ජාතිකයන් ගෙනි. මේ ක්‍රමය වඩාත් දියුණු තත්ත්වයට පත් වන්නේ 1931 දී. එදා ඩොනමෝර් කොමිසම මගින් සර්ව ජන ඡන්ද බලයද නිර්දේශ කර තිබුණා. මේ සර්ව ජන ඡන්ද බලයද භාවිතා කරමින් ලංකාවාසීන් විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් 50 දෙනකු කොට්‌ඨාස අනුව පත් කර ගැනිණි. එහිදී ආණ්‌ඩුකාරවරයා විසින් පත් කරන ලද සාමාජිකයන් 11 දෙනා ද ඇතුළත්ව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මුළු සාමාජික සංඛ්‍යාව 61 ක්‌ වුණි.

ප්‍රශ්නය - මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 60 ක්‌ සම්පූර්ණ වෙනවා. මේ සම්බන්ධයෙන් මොන විදියේ කටයුතුද සංවිධානය වෙන්නෙ.

පිළිතුර - මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටු වීමට පෙර මෙරට පැවැති ප්‍රධානම මැතිවරණය 1947 අගෝස්‌තු 23 දින සිට 1947 සැප්තැම්බර් 20 දක්‌වා දින 19 ක්‌ තිස්‌සේ පැවැත් වුණා.

එම මැතිවරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ සාමාජිකයන් 101 දෙනාගෙන් 95 දෙනකුම සර්ව ජන ඡන්ද බලයෙන් පත් කර ගත්තා. 1947 වසර තෙක්‌ම මැතිවරණ පැවැත්වීම පිණිස විශේෂ ආයතනයක්‌ නොපැවතීම නිසා මැතිවරණ පැවැත්වීමට පමණක්‌ කොමසාරිස්‌වරයකු හා සහකාර කොමසාරිස්‌වරයකු පත් කළා. දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ මැතිවරණ පැවැත්වීම ආණ්‌ඩුවේ ඒජන්තවරුන් හෙවත් දිසාපතිවරුන් වෙත පවරන්න සිදු වී තිබුණා.

1946 ඇති කරන ලද පළාත් පාලන ඡන්ද විමසීමේ ආඥාපනත අනුව පළාත් පාලන මැතිවරණ කොමසාරිස්‌වරයකු ලෙස පී. ඕ. ප්‍රනාන්දු මහතා 1947.02.01 පත් කරලා තිබෙනවා. සහකාර පළාත් පාලන මැතිවරණ කොමසාරිස්‌වරයා ලෙස එස්‌. අමරසිංහ මහතා පත් කර තිබෙනවා.

1952 වර්ෂයේදී වික්‌ටර් ලොයිඩ් වීරසිංහ මහතා පාර්ලිමේන්තු මැතිවරණ කොමසාරිස්‌ ලෙස පත් වී තිබෙනවා. ඔහුගේ අධීක්‍ෂණය යටතේ මැතිවරණ සඳහා දිස්‌ත්‍රික්‌ මට්‌ටමේ ආයතන ව්‍යqහයක්‌ ඇති වී තිබෙනවා. ඒ අනුව 1952 මැයි 24 සිට මැයි 30 දක්‌වා දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තිබෙනවා.

මේ ආකාරයට ක්‍රියාත්මක වූ පළාත් පාලන මැතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන ආයතන දෙකම එකක්‌ බවට පත් කර මැතිවරණ දෙපාර්තමේන්තුව ස්‌ථාපිත කර තිබෙන්නේ 1955 ඔක්‌තෝබර් 01 දායි. එහි පළමු කොමසාරිස්‌වරයා ලෙස ඒ ඇරුල් ප්‍රගාසම් මහතා පත් වී තිබෙනවා. ඔහුගේ සේවා කාලය 1957 මාර්තු 07 දිනෙන් අවසන් වී තිබෙනවා. අපේ දෙපාර්තමේන්තුවේ දෙවන කොමසාරිස්‌වරයා වූයේ ඊ ඒ. ඩයස්‌ අබේසිංහ මහතායි. 1957.03.07 දින සිට 1978.05.15 දක්‌වා වසර විස්‌සකට අධික කාලයක්‌ මැතිවරණ කොමසාරිස්‌ ධුරය හෙබ වූ ඔහු පාර්ලිමේන්තු මහ මැතිවරණ පහක්‌ හා අතුරු මැතිවරණ හා පළාත් පාලන ආයතන මැතිවරණ විශාල ප්‍රමාණයක්‌ පවත්වා ඇති නිලධාරියකු ලෙස ප්‍රකටය.

අබේසිංහ මහතාගේ විශ්‍රාම යැමෙන් පසු 1978.05.16 දින එම ධුරයට පත් වී ඇත්තේ එම්. ඒ. පියසේකර මහතාය. පියසේකර මහතාගෙන් පසුව එම තනතුරට පත් වුණේ ආර්. කේ. චන්දානන්ද සිල්වා මහතායි. අපේ රටේ මෙතෙක්‌ පැවැති ජනමත විචාරණ පැවැත්වීමේදී ක්‍රියා කර ඇත්තේ ඔහුයි. 2011.03.25 දින දයානන්ද දිසානායක මහතා මැතිවරණ කොමසාරිස්‌ ලෙස පත් වුණා. එතුමන්ගෙන් පසුව තමයි මම මේ තනතුරට පත් වුණේ.

මම මේ තනතුර දරන කාලයේ අපේ දෙපාර්තමේන්තුවට හැට වසරක්‌ පිරීම සමරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මේ සමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වෙනවා.

සාකච්ඡා කළේ : ජයසූරිය උඩුකුඹුර
Photo
Add a comment...
Wait while more posts are being loaded