Profile cover photo
Profile photo
Rajjuru
21 followers -
රජ්ජුරු මැඳුර | රජ්ජුරු සමාජය (Rajjuru Club) | Motto: "Highest Honors"
රජ්ජුරු මැඳුර | රජ්ජුරු සමාජය (Rajjuru Club) | Motto: "Highest Honors"

21 followers
About
Posts

Post is pinned.Post has attachment
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

මම භාවනා සම්බන්ධව ටිකක් කියල දෙන්නම්. හොඳට අහගන්න. අහගෙන ඊට පස්සේ ඒ විදිහට කටයුතුයි. භාවනා කරනව කියන එක ගත්තහම ප්‍රධාන වශයෙන් තියනවා කොටස් දෙකක්, ක්‍රම දෙකක්. ඒ කියන්නෙ, චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියලා. චිත්ත භාවනා කියන එකට තමයි සමථය කියලා කියන්නෙ. ප්‍රඥා භාවනා කියන එකට තමයි විදර්ශනා කියලා කියන්නෙ. සමථ විදර්ශනා කියන මේ ධර්මතා දෙක තමයි භාවනා කියලා යම්තාක් ලෝකෙ දෙයක් තියෙයි නම් අපි කථා කළා නම් තියෙන්නේ. එතකොට භාවනා කියන වචනෙ ඇවිල්ලා තියන්නෙ භාවෙතබ්බන්ති ඒ කියන්නෙ වැඩිය යුතු අර්ථයෙන් භාවනා වඩන අර්ථයෙන් භාවිති කියන අර්ථයෙන් වඩන අර්ථයෙන් භාවනා.

එතකොට මේ සමථ භාවනාවක් වේවා විදර්ශනා භාවනාවක් වේවා මේ ධර්මතා ටික අයිති චතුරාර්‍ය සත්‍යයේ මාර්ග සත්‍යයට. මාර්ගය වඩන්න ඉස්සරවෙලා එයා දැකපු දර්ශනයක් නැත්නම් තේරිච්ච යමක් එයාට තියෙන්න ඕනෙ, නැත්නම් මේක කරන්නෙ ඇයි කියන අවබෝධයක් තියෙන්න ඕනෙ. ඒක තමයි අපි හැමවෙලාවෙම මේ දර්ශනයක් ගැන කථා කරන්නෙ, කථා කලේ. ඒකෙදි අපි කෙටියෙන්ම කථා කලොත් ආපහු ටිකක්, මේ ස්පර්ශ ආයතන හයේ, ස්පර්ශ ආයතන හය කියනකොට හැමවෙලාවෙම මතක තබාගන්න, ඇහැට පෙනෙන රූපේ පැත්ත, කනට ඇහෙන ශබ්දේ පැත්ත, නාසයට දැනෙන ගන්ධය පැත්ත, දිවට දැනෙන රස පැත්ත, කයට දැනෙන පොට්ඨබ්බය පැත්ත. අපි කියමු කෙනෙක් ඇඟේ හැප්පුනා, මේ කෝටු ඇඟේ හැප්පුනා කියලා අපි අදහස් බාහිර වස්තුවකට යොමු කරනවා. කයට ගැටුන වස්තුව අරභයා බාහිර වස්තුවකට යොමු කරන පැත්ත. සිතට සිහිවෙන ධම්මාරම්මණ කියලා කියන්නෙ මට ගෙදර මතක් වුණා දරුවො මතක් වුණා අම්මා මතක් වුණා කියලා.

මෙන්න මේ ස්පර්ශ ආයතන හය ගත්තහම ඕක පුරාණ කර්මයට හටගත්ත විපාක මට්ටමක්. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ කියලා මේ රූප අරභයා හැම වෙලාවෙම අපිට එක එක අදහස්, සිතුවිලි පහල වෙනවා. අපි කියමු, මේ රූපය දකිනකොට හාමුදුරු නමක් මනුස්සයෙක් කියන අදහසක් අපිට ඇතිවෙනවා. කෙනෙක් පුද්ගලයෙක් කියලා, නමුත් මේ රූපෙ දකිනකොට කෙනෙක් පුද්ගලයෙක් කියන ගතිය අපිටයි ඇතිවෙන්නෙ කියලා අපි දන්නැහැ, අහලා නැහැ, ඉගෙනගෙන නැහැ. ඒ හින්දා ලෝකෙ කියලා කියන්නෙ මේ හිතේ ඇතිවෙන ගතිටික රූපෙ පැත්තෙන් දකිනවා. දැන් මේ රූපෙ දකිනකොට කෙනෙක් කියන අදහස තමන්ට ඇතිවෙන්නෙ, තමන්ගෙ හිතේ පුද්ගලයෙක් කියන හැඟීම යෙදෙන්නෙ, නමුත් රූපේ දකිනකොට තමන් තුල එහෙම අදහසක් ඇතිවුණා කියන අදහස නැතුව,ඒ අදහස රූපේ පැත්තට අයිතියි කියලා රූපේ එක්ක ගණුදෙනු කරන්න යන මට්ටමට තමයි ලෝකෙ කියලා කියන්නෙ.

අපි කියමු ශබ්දයක් ඇහෙනකොටම ගිරවෙක් කෑගහනවා කියල තමන්ටයි හිතෙන්නෙ, තමනුයි හිතන්නේ තමනුයි දැනගන්නේ ගිරවෙක් කෑගහනවා කියලා. තමන් දැනගත්ත දේ ශබ්දයට අයිතියි කියලයි හිතන්නේ. ගිරවෙක් කෑගහන ශබ්දේ කියලා අපි අනික් පැත්තට යන්නෙ. එතකොට ලෝකෙ ස්වභාවය තමයි ගිරවෙක් කෑගහන ශබ්දේ තමයි ඇහෙන්නෙ.ඒ වගේ ගන්ධයක් හම්බවෙනකොට පිච්ච මල් සුවඳ කියන අදහසක් අපිට ඇතිවෙන්නේ, නමුත් පිච්ච මල් සුවඳ කියන අදහසක් අපිට ඇතිවුණා, හැඟීමක් තමන් තුල යෙදුනා කියන එක දන්නේ නැහැ අපි ඒ අදහස ගන්ධෙ පැත්තට දාලා ඒ ගන්ධය නම් කරනවා පිච්ච මල් සුවඳ කියලා. රසයක් දැනුනහම ඒක පැණිරස නැත්නම් සීනි රස නැත්නම් අඹ රස කියලා අපි කිව්වහම රසය නිසා අපියි අඹ රස කියලා කියන්නෙ කියන එකක් දන්නැහැ අපි හිතාගෙන ඉන්නෙ මේ රස අඹ වල රස කියලා අනික් පැත්තට යන්නෙ, කයට යමක් ගැටුනහම කෝටු කෑල්ලක් ඇඟේ හැප්පුනා කියලා හිතටයි තමන්ටයි හිතෙන්නේ. නමුත් ඒ හැපුණු කෝටු කෑල්ල මෙන්න මේකයි කියලා බාහිර රූපේ පෙන්නන කමට ආපහු ගිහිල්ල තියන්නේ. බාහිර රූපය, පොට්ඨබ්බය, පඨවි ධාතුව පෙන්වනවා කෝටු කෑල්ල කියලා. එතකොට හිතට සිහිවෙන සංඤාවන් අරභයා ගෙදර කියන හැඟීමක් පහල වෙන්නේ තමන්ට, මේ රූපයක් තේරෙනවා වගේම ඒ හැඩේ හිතට සිහිවෙනවා සංඤාව පහල වෙනවත් එක්කම ධම්ම සංඤාව මේ අපේ ගෙදරනේ නැත්නම් අම්මනේ කියන හැඟීමක් පහල වෙනවා, ධම්ම සංඥාව නිසා මේ වගේ හැඟීමක් පහල වූනා කියලා දන්නැතුව අපි ඒ හැඟීම සංඤාව පැත්තට දාලා අම්මා මතක් වුණා ගෙදර මතක් වුණා කියලා කියනවා. මෙන්න මේ මට්ටමට තමයි ලෝකෙ කිව්වෙ.

ඔය මට්ටමට දුක කවදාවත් නවත්තන්න බැහැ දුක ඇවිල්ලා තියන්නෙ ඔහොම. තමන්ගේ තියෙන අදහස් ටික හිතේ පහල වෙන අදහස් ටික මේ ස්පර්ශ ආයතන හයට බහාලන ක්‍රමයටයි ලෝකෙ කියලා කිව්වෙ. ඒකටයි දුක ඇවිල්ලා තියන්නෙ, දුක නවත්තන්නම බැහැ මොන විදිහටවත්. ඒකයි මම කිව්වෙ රූපය අනාත්මයි ආත්ම සංඤාව හිතේ අපි රූපෙ දකිනකොට හිතේ ඇතිවෙනවා කියලා දකින්නෙ නැතිව රූපය ආත්ම හැටියට දකින්නේ. දුක එන්නේ. ඊටපස්සෙ එයා දුක දන්නවා. මේ ස්පර්ශ ආයතන හයේ වාසය කිරීමයි දුක. ඇහැට පෙනෙන රූපයට ප්‍රතිචාර දක්ව දක්ව රූපය ඇතුලත හැසිරෙන තාක් දුකේ හැසිරෙන්නේ කියන නුවණ එයාට තියනවා. එහෙම හැසිරෙන්න වුණේ ඇයි කියන එකත් එයා අහලා තියනවා රූපය දකිනකොටම රූපය නිසා තමන් තුල යෙදෙන ආශ්‍රව ධර්ම නැත්නම් සංයෝජන තව පැත්තකින් උපාදානය කියන ගතිය මේ දේවල් ටිකේ අවබෝධය නැතුව ආපහු මේ රූපේ පැත්තට ඇවිල්ලයි මේ ඉන්නෙ.මෙහෙමයි ඇතිවුනේ කියලත් දන්නවා.

ඊටපස්සේ ශබ්දයට හොඳ නරක ප්‍රතිචාර දක්වමින් නොදක්වමින් ශබ්දය තුල වාසය කරන එක, ගන්ධය තුල වාසය කරන මේ පැවැත්වීමටයි ලෝකෙ කියලා කිව්වෙ. මේකයි දුක කියලත් දන්නවා. දුකට හේතුව රූප ශබ්ද ගන්ධ වල ඇත්ත ඇතිහැටිය නොදන්නාකම නිසා සිතේ යෙදෙන ගති කියන එකත් දන්නවා.ඒ ගති ටිකෙන් ආපහු රූප පැත්තට ඇවිල්ලා තියන්නෙත් කියල දන්නවා. ඊටපස්සෙ දුක්ඛ නිරෝධයත් එයා දන්නවා. ඇස් ඉදිරිපිටට රූපයක් හම්බවෙනකොට රූපය අරභයා තමන්ට යම් දැනුමක් ඇති වුණොත් දැනගැන්මක් ඇති වුණොත් එයා දන්නවා නාමරූප පච්චයා විඤ්ඤාණං. මේ පෙනෙනවා කියන තැනක තියන්නෙ විපාක නාම රූප දෙකක්. නාමරූප දෙක නිසා මේ දැනගැනීමක් ඇති වුණා. එතකොට මේ දැනගන්න සිතට මේ පෙනෙන නාමරූප දෙක හේතුයි නමුත් මේ නාමරූප දෙක නිසා ඇතිවෙන දැනගැනීම නාමරූප දෙකට අයිති නැහැ.

තව පැත්තකින් ගත්තොත් පෙනෙනවා කියන තැන පෙනෙනවත් එක්කම හාමුදුරු නමක් නේද කියන අදහස ඇති වුණොත්, ඒ අදහසින් පෙන්න දේට නැඹුරු වෙන්නෑ එයා. මෙහෙම වූනහම මේ ස්පර්ශ ආයතන හය නිසා මොන විදිහක හෝ දැනුමක් තමන්ට ඇති වුණොත් ඒ ඇති වෙච්ච දැනුමෙන් ආපහු ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවන මානසික මට්ටමක් තිබුණොත් දුක නැති වෙනවා. දුක එන්න දෙයක් නැහැ. එයාට ස්පර්ශ ආයතන හයේ අම්මා තාත්තා දුවා පුතා රන් රිදී මුතු මැණික් ගෙවල් දොරවල් වටිනා කියන වටිනා නොවටිනා කිසිවක් හම්බවෙන් නැහැ. වටිනාකම් විතරක් නෙමෙයි නොවටිනාකමත් හම්බවෙයි නම් නොවටිනාකම් තුල වටිනාකම් තියෙයි.ඒ නිසා වටිනා නොවටිනා දෙකම හම්බවෙන්නේ අපේ කෙළෙස් ටික අනික් පැත්තට ගියහම.

ඊටපස්සෙ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව කියලා කියන්නෙ හැමවෙලාවෙම අර ඡප්පානක සූත්‍රයේ පෙන්නන්නෙ සත්තු හය දෙනා නැටි හයේ බැඳපු, රූප බලන්න ශබ්ද අහන්න, හිත ඒ පැත්තට අදිද්දී සතිපට්ඨානයේ උදව්වෙන් තමයි මේ රූප ශබ්ද වලට යන ගමන වාරණය කරලා වලක්වලා තමන් තුල හිත නවත්වගන්නෙ. ඔය ඔක්කොම දර්ශනය කෙටි කරලා කැටි කරලා අපි කථා කලොත්, අපි කියමු ඉදිරියෙන් පෙනෙන රූපේ තව සත්වයෝ පුද්ගලයො ඉන්නවා කියලා, රූපය තුල සත්වයෝ පුද්ගලයො ඉන්නවා කියලා පෙනෙන මානසික මට්ටමට තමයි ලෝකෙ කියලා කිව්වෙ පංච උපාදානස්කන්ධය කියලා කිව්වෙ දුක කියලා කිව්වෙ. ඔය දුක හැදිලා තියන්නෙ පෙනෙන රූපයේ ඇත්ත නොදන්නාකම නිසා සිතේ ඇතිවෙන සත්ත්ව පුද්ගල හැඟීම, ඒ හැඟීමයි මේ දුකට හේතු ටික. මේ විදිහේ දුක නිර්මාණය කරලා තියන්නෙ.

ලෝකෝත්තර කියලා කියන්නෙ ඇස් ඉදිරිපිටට පහල වෙන මේ රූපය අනාත්මයි මේ රූපය අරභයා සත්ව පුද්ගල ආත්ම සංඥාව තමන් තුල නේද තියන්නෙ කියලා රූපයේ ආත්මභාවයෙන් ඇසුරු කරන්නැතුව රූපය අනාත්මයි තමන් තුලයි මේ ආත්ම සංඤාව යෙදිලා තියන්නෙ කියලා තේරුම් අරගෙන රූපය පැත්තට පුද්ගලයෙක් සත්වයෙක් කියලා නැඹුරු නොවෙනවා නම් මේ දුක නිරුද්ධ වෙනවා. ඊටපස්සේ දැන් එයාට උත්තර දෙකක් හම්බවුණා ලෝකය සහ ලෝකෝත්තර. ඒ කියන්නෙ හම්බවෙන රූපායතන හැසිරෙන එක තමයි ලෝකයේ ස්වභාවය. ලෝකෝත්තර කියලා කිව්වෙ තමන්ගේ සිත මේ රූපායතනයෙන් මුදවාගන්න එක. මාර්ගය හැටියට ඊටපස්සෙ හම්බවෙන්නෙ මොකක්ද මේ සමථ විදර්ශනා කියන දෙක ඕනෙවෙන්නෙ ඔන්න දැන්.

දැන් අපි කිව්වනේ රූපය පැත්තෙන් සත්වයෙක් පුද්ගලයෙක් හම්බවෙන එක දුක කියලා. එතකොට ඒ දුක ඇති කරන හේතු ටික තමයි මේ සත්වයෙක් පුද්ගලයෙක් කියලා පෙන්නනකම, දකිනකම කියලා අපි දන්නවා. ඒ හේතුව මේ දුක් වූ ස්කන්ධ මත වැටිලයි මේ වගේ දුක නිර්මාණය කරලා තියන්නෙ කියලා අහලා තියනවා. නිරෝධයට හේතුව මේ සත්ව පුද්ගල හැඟීම පෙනෙන දේ තුල ඉතුරු නොකරන්න ඕනෙ කියන එකත් අහලා තියනවනෙ, ඔන්න ඔය වැඩේ කරන්නයි මේ සමථ විදර්ශනා කමටහන් දෙක තියන්නෙ. අපිට හිතන්නවත් ඉඩ නැහැ පෙනෙනකොටම පුද්ගලභාවයක් නිර්මාණය වෙලා හැදිලා ඉවරයි. ඒ මොකද මේ ආස්‍රව වල බලවත්කම. සමථ කමටහනක් ඕනෙ වෙන්නෙ ඒකටයි. සමථ කමටහනකින් කරන්නේ පෙනෙනවත් එක්කම පෙනෙන දේට කෙනෙක් පුද්ගලයෙක් කියලා නැමෙන ගතිය නැමෙන වේගය අඩු කරන්නයි සමථ කමටහනක් හැම වෙලේම තියන්නෙ. දැන් මෙහෙම පෙනෙනකොටම කෙනෙක් කියලා අපිට පෙනෙනකම තියනවනෙ මේක බලවත් වැඩියි. ඒ බලවත්කම වේගවත් බව අඩු කරන්නයි සමථ කමටහනක් හැම වෙලේම තියන්නෙ. චිත්ත සමථය තියනවා නම් නැඹුරු වෙන ගතිය අඩුයි රූපෙට ශබ්දේට.

විදර්ශනාව තියන්නෙ පෙනෙන රූපෙ පැත්තේ ඇත්ත ඇතිහැටිය පෙන්නන්න. දැන් වැඩ දෙකක් තියනවනේ අපිට, පෙනෙන රූපෙ පැත්තේ ඇත්ත නොදන්නාකමකුත්, සිතේ යෙදෙන ධර්මතා ටික රූපෙ පැත්තට නැඹුරු වෙච්ච කමකුත් කියලා දෙකකින් තමයි දුක නිර්මාණය කරල තියන්නේ. අවිද්‍යා සංඛාර කියන දෙක, පෙනෙන රූපේ පැත්ත ඇත්ත ඇතිහැටිය නොදන්නවා, පුද්ගලභාවයක් හදලා ඒක රූපේ පැත්තට යොමු කරලා. ඔය දෙකට තමයි දැන් මේ සමථ විදර්ශනා කියන දෙක තියන්නේ. හිතේ තියෙන සත්වයෙක් පුද්ගලයෙක් කියන ගතිය පෙනෙන රූපේ පැත්තට ඇහෙන ශබ්දය පැත්තට යොමු කරවන ගතිය, හිත නැඹුරු කරවන ගතිය සත්ව පුද්ගලභාවය අඩු කරනවා සමාධියකින් සමථයකින්. හිත, රූප ශබ්ද පැත්තට යොමු කරන එක අඩු කරලා විදර්ශනාවෙන් කරනවා ඇස් ඉදිරිපිටට ආපු රූපේ මෙන්න මෙහෙම එකක් කියලා ඇත්ත පෙන්නනවා, කන ඉදිරිපිටට ආපු ශබ්දේ මෙන්න මෙහෙම එකක් කියලා ඇත්ත පෙන්නනවා.

මේ ක්‍රම දෙකෙන්ම වෙලා තියන්නේ අන්තිමට උදව් වෙලා කෙලෙස් කෙට්ටු කරලා කෙලෙස් බලය සමථයෙන් අඩු කරලා විදර්ශනාවෙන් ඇත්ත පෙන්නනවා. මෙහෙම පෙන්නනකොට පෙන්නනකොට රූපය ටික ටික පිරිසිඳ දකින්න දකින්න රූපයේ ඇත්ත අවබෝධ වෙන්න වෙන්න රූපය කෙනෙක් පුද්ගලයෙක් කියන මේ හැඟීම් ටික දිරලා යනවා. අඩු වෙනවා වේගයෙන්. රහත් වුණා කියලා කියන්නේ, මේ ගමනේ අවසානය තමයි ඇස් ඉදිරිපිටට මොන විදිහේ රූපයක් ආවත් ඒ රූපයෙන් හෙලවෙන්නේවත් නැති හිතක් හැදිලා ඇති. රහත් වුණා කියන්න තියෙන එකම සාක්ෂිය මොකක්ද? "ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්ස න කම්පති අසොකං විරජං ඛෙමං එතං මංගල මුත්තමං" කියලා කියන්නෙ අටලෝ දහමින් ස්පර්ශ කරන ලද සිත කෙනෙකුගේ කම්පා නොවේ නම් සෝක නැමැති රජස් නැති තැනට ගියාවූ ඒ ධර්මතාවය මංගල කාරණාවක් කියලා පෙන්නුවේ, පෙනෙන රූපෙන් ලාභ අලාභ ‍යස අයස නින්දා ප්‍රසංසා සැප දුක් කියන ධර්මතා එකක් වත් එයාට හම්බවෙන්නෙ නැහැ. ඇයි රූපය දකිනකොට ඇතිවෙන ගතිටික ගැන හොඳට එයාට නුවණයි. රූපය නිසා හිතට දැනෙන ගති රූපෙට අයිති නැහැ.

දැන් අපි පෙනෙන ද් දකිනකොටම වීර ගහක් කියලා හිතුනොත් අපිටනේ හිතෙන්නෙ. ඉතින් අපි හිතන එක කොහොමද පෙනෙන එකට අයිති වෙන්නෙ. ඒ රූපෙ කිව්වද මම වීර ගහක් කියලා. හැමවෙලාවෙම ඒ රූපෙ උදව්වෙන් තමන් තුල ඇතිවෙන ගතිය ආපහු ඒ රූපයට දැම්මහම ඒ රූපය වීර ගහක් වෙයි අපිට. එතකොට මෙන්න මේ කාරණා ටික හොඳට මතක තබාගන්න ඕනෙ. මේ භාවනා කරනවා කියලා අපි කරන්නෙ මොකක්ද? සත්‍යය අවබෝධයක්. ඇත්ත ඇතිහැටිය අවබෝධ කරගන්න යන්නෙ. මොකේ ඇත්ත ඇතිහැටියද? ඇස් ඉදිරිපිටට එන රූපයේ ඇත්ත ඇතිහැටිය, කන ඉදිරිපිටට එන ශබ්දයේ ඇත්ත ඇතිහැටිය අවබෝධ කරගන්න. ඕකට තමයි බුදුරජාණන්වහන්සේ භූතය කියලා කියන්නෙ. "භූතං භූතතො දිස්වා භූතස්ස නිබ්බිදාය, විරාගාය නිරෝධාය පටිපන්නො හොති" භූතය, භූතය හැටියට දැකලා භූතයේ කලකිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස පිලිපන්නා එයා.

අතිපුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2016.12.08 දින ලබුනොරුකන්ද ආරණ්‍ය සේනාසනයේදී භික්ෂුන් වහන්සේලා අරඹයා සිදු කරන ලද දේශනාව ඇසුරෙන්

සම්පූරණ දේශනාව ලබාගැනීමට
http://www.mediafire.com/file/2o7d4acy2eho93g/2016-12-08_Labunaruwa_Bhikku_Deshana.mp3
Photo

Post has attachment

Post has attachment
Download now
Cessation of the World from Within https://bit.ly/2trXoj0
Photo
Add a comment...

Post has attachment
Download now
BEYOND FORM https://bit.ly/2JWCSCr
Photo
Add a comment...

Post has attachment
Download now
WHAT IS SEEN IS NOT WHAT IT IS https://bit.ly/2K7Em8O
Photo
Add a comment...

Post has attachment
පහත දැක්වෙන පොත් මාන්කඩවල සුදස්සන හිමියන්ගේ ධර්ම දේශනා ඇසුරෙන් ලියන ලදී. මේ ජීවිතයේදීම නිවන් දකින්නට වෙර දරන අය සඳහා ධර්ම දානයක් ලෙස මෙම පොත් ප්‍රින්ට් කර නොමිලේ බෙදා හරින්න. භාගත කිරීමට ලින්ක් එක මත හෝ මුල් පිටකවරය මත click කරන්න. සියලු පොත් අඩංගු ගොනුව.
Add a comment...

Post has shared content
මේ මොහොතේ ජාති ආගම් බේදයකින් තොරව මනුෂ්‍යයා අත්විඳින විසිතුරු දෑ, ප්‍රනීත දෑ, සුඛෝපභෝගී නිවාස, සුඛෝපභෝගී යානවාහන, නේක විධ අහාරපාන, නොයෙකුත් විලාසිතාවන්ගේ සිරුරට සුවපහසු ඇඳුම්, පැළඳුම්…. මේ මනුෂ්‍යයාට ලැබී තිබෙන විසිතුරු ප්‍රනීත භාවය කියන්නේ මනුෂ්‍යයාගේ අතීත භවයන්හි දානයේ සංස්‌කාරයන්ගේ ඵලයයි.
අපි පුංචිකාලයේ වෙළෙඳසලකට ගියොත් එම වෙළෙඳසලේ විකිණීමට තිබුණේ, එක බෝතලයක බුල්ටෝද තව බෝතලයක නාරංබික්‌, තව බෝතලයක විස්‌කිරිඤ්ඤා තව බෝතලයක කළු සුරුට්‌ටු, පෙට්‌ටි සුරුට්‌ටු ආදියයි. ඔයිට වඩා දෙයක්‌ අතීතයේ වෙළෙඳසලක මුදල් කවුළුවක්‌ මත තිබුණේ නැහැ. අතීතයේ ඇඳුමක්‌ ගන්න වෙළෙඳසලකට ගියොත් එහි තිබුණේ කාකි රෙදිවලින්, චීත්ත රෙදිවලින්, පිජාමා රෙදිවලින් මැසූ ඇඳුම් පැළඳුම් පමණයි. අවුරුද්දට එක වතාවයි දෙමාපියන්ගෙන් ඇඳුම් කට්‌ටලයක්‌ ලැබුණේ. එයත් සරල ඇඳුමක්‌. නමුත් වර්තමාන සමාජයේ දරුවන්ගේත්, වැඩිහිටියන්ගේත් රස විඳීමේ ශක්‌තියත්, ලැබීමේ ශක්‌තියත් ඊට වඩා හාත්පසින්ම වෙනස්‌. වෙළෙඳපොළකට ගියොත් දරුවෙකුට වැඩිහිටියෙකුට කුමක්‌ද මිල දීගන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. විවිධත්වය, රසය, සුඛෝපභෝගීභාවය, විසිතුරු බව එකිනෙකට වෙනස්‌ සුඛෝපභෝගී නිවාස රටාව සුඛෝපභෝගී යානවාහන, අධිපහසුකම් සහිත වෛද්‍ය සේවය, තාක්‍ෂණික උපකරණයන්ගේ දියුණුව…. මේ සියලු සැපයට අදාළ සම්පත් මනුෂ්‍ය සමාජයට ලැබෙන්නේ, පෙර ජීවිතවල දානයන්ට අදාළ සංස්‌කාරයන්ගේ උත්කෘෂ්ඨ භාවය නිසාමයි. යම් සිල්වත් භික්‍ෂුවක්‌ මේ මොහොතේ දේශනා කරන ධර්මයන් සශ්‍රික දිව්‍යතලයක වැඩසිටින දෙවියෙක්‌ දිව්‍යශ්‍රෝත වලින් අසන්නේ එම දෙවියන්ගේ පින නිසා. භික්‍ෂුව මේ මොහොතේ ලියන මෙම සටහන, පිංවත් ඔබ කියවන මේ සටහන, මේ මොහොතේම ඈත දුරුරටක ජීවත්වන බෞද්ධ පිංවතෙක්‌ බොත්තමක්‌ ඔබලා අන්තර්ජාලයෙන් කියවන්නේ පින නිසාමයි.

මනුෂ්‍ය සමාජය තුළ වර්තමානයේ මතුවී පැමිණෙන තාක්‍ෂණයට අදාළ, සැපයට අදාළ, රසයට අදාළ සියලුම ධර්මතාවන්, මනුෂ්‍යයාගේම පෙර ජීවිතවල දානයන්ගේ ඵලයයි. නමුත් එම දානයේ ඵලය මනුෂ්‍ය සමාජයට සැප විපාකයන්ව පැමිණෙන්නේ අතීත සීලයේ දුර්වල භාවයන්ට අදාළ අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් සමඟ මුසුවෙලයි. ඒ නිසායි දිවට රසය ලැබුණත්, ශරීරයට සැපය ලැබුණත්, මනසට මිහිර ලැබුණත්, ජීවිතයට අඩු ආයුෂ ලැබී ඇත්තේ. අපි සියලුදෙනාම පෙර ජීවිතයන්හීදී විසිතුරු ආකාරයට දන් පූජා කළාට, සත්ත්ව ඝාතනයට, සත්ත්ව හිංසාවට, මිච්ඡා ආජීවයන්ට, මිච්ඡා සංකප්පයන්ට අදාළ අකුසල් සිදුකරගෙන තිබෙනවා. මේවා දුර්වල කරගෙනයි පිංවත් ඔබ දන් පූජා කරගෙන තිබෙන්නේ.

මෙන්න මේ ධර්මානුකූල නිවැරදි ප්‍රවේශය ඔබගේ ජීවිතය තුළින් මතුකර දැකීමට පිංවත් ඔබට මේ ලබන්නාවූ නව වසරේදී පුළුවන්කම ලැබුණොත්, එය අඩු ආයුෂ අනතුරෙන් මිදීමට ඔබට ගොඩාක්‌ උපකාරිවෙනවා. මෙම අනතුර අඳුනාගැනීමට අදක්‍ෂ පිංවතා තම ජීවිතවලට අතීත දානයන්ගේ ඵලය වශයෙන් ලබාදෙන සැපය, රසය, මිහිර විඳින්නට පරමායුෂය තව තව අඩුකරගැනීමට අවශ්‍ය ප්‍රධානම සාධක වන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් වර්ධනය කරගන්නවා. දානයේ ආනිශංස හේතුවෙන් ජනතාවට සැප, රස, මිහිර ලැබෙන විට, ඒවා භුක්‌තිවිඳීමේදී ඒවා අයිතිකරගැනීමට යෑමේදී රැස්‌වෙන අකුසල මූලයන් නිසා ඔබ තබන සෑම පියවරකදීම ඔබගේ ආයුෂය හීනකර ගැනීමේ ක්‍රියාන්විතයකට ඔබ හවුල්වෙනවා. මේ ක්‍රියාන්විතය තමයි පියවරෙන් පියවර මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 ය කියන තැනට අරගෙන යන්නේ.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා ‘ස්‌වාමීන් වහන්ස, නවීන තාක්‍ෂණයේ දියුණුව කොහොමද පිනේ ඵලයක්‌ වෙන්නේ’ කියල. නවීන තාක්‍ෂණය හේතුවෙන් වෛද්‍ය ක්‌ෂේත්‍රයට සහ අනෙකුත් අත්‍යවශ්‍ය ක්‌ෂේත්‍රවලට පැමිණෙන නවීන තාක්‍ෂණික උපකරණ කියන්නේ, මනුෂ්‍යයාගේ දැනීමේ ඵලයයි. මේ ඕනෑම තාක්‍ෂණික උපකරණයක්‌ සොයාගන්නේ, නිෂ්පාදනය කරන්නේ මනුෂ්‍යයාගේ දැනුම තුළින්. මනුෂ්‍යයාගේ දැනුම කියන්නේ ධර්මානුකූලව අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. යම් පිංවතෙක්‌ නූගත්භාවයට පත්වන්නේ අතීත අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ නිසා. එහෙමනම් නවීන තාක්‍ෂණය කියන්නේ මනුෂ්‍යයාගේ දැනුමේ ඵලයක්‌. දැනුම කියන්නේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ, පිනේ ඵලයක්‌.
මනුෂ්‍යයාගේ අතීත පින නිසාම ලැබෙන නවීන තාක්‍ෂණය හේතුවෙන් ඔබට ලැබෙන කාලයේ ඉතිරිය, නැතිනම් විවේකය, පිංවත් ඔබ පෙරළා උපයෝගි කර ගන්නේ නැවත අකුසල මූලයන් වර්ධනය කරගැනීමටයි. ඒ කියන්නේ පින ගින්දරක්‌ බවට පත්කරගන්නවා.
එක පිංවත් මහත්මයෙක්‌ සිටිනවා. ඔහු සිල් පද බිඳින, අනුනට හිරිහැර කරන මිච්ඡා ආජීවයෙන් ජීවත්වන අයෙක්‌. ඔහු බරපතල හදිසි අනතුරකට ලක්‌ව මරණාසන්න වෙනවා. නමුත් මනුෂ්‍යයාගේ පින නිසාම මතුවී තිබෙන නවීන වෛද්‍ය පහසුකම් හේතුවෙන් එම මහත්මයා මරණයෙන් බේරෙනවා. ඔහු මරණයෙන් බේරෙන්නෙත් ජීවත්වීමට අදාළව තිබුණා වූ අතීත කුසල් ශක්‌තියක්‌ නිසා. පෙර පින නිසා ඇතිවු තාක්‍ෂණයෙන් ඔහු ජීවිතය බේරාගත්තත්, එලෙස බේරාගත් තම ජීවිතය නැවත යොමුකරන්නෙත් මිච්ඡා ආජීවයටමයි. සිල් පද බිඳීම දෙසටමයි. බලන්න පින ගින්දරක්‌ බවට පත්කරගන්නවා. පින වැරදි ආකාරයෙන් කළමනාකරණය කරන නිසාම අනාගතයේ අඩු ආයුෂයට අදාළ සංස්‌කාර නැවත රැස්‌කරගන්නවා. එම නිසා ලබන්නාවූ නව වසරේදී පිංවත් ඔබ දක්‍ෂ වෙන්න නවීන වෛද්‍ය තාක්‍ෂණයේ විශේෂඥ දැනුම හේතුවෙන් මරණයෙන් රෝගීභාවයෙන් බේරුණ ඔබේ ජීවිතය, ඔබ මරණයෙන් බේරාදීමට උපකාරී වූ පින උදෙසාම, කුසලය උදෙසාම යොමුකරගන්න.

වර්තමානයේ රටේ නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන්ගෙන් බිහිවුණ අධිවේගී මාර්ග තිබෙනවා. මේ අධිවේගී මාර්ග පහසුකම් බිහිවෙන්නේ ජනතාවගේ පිනේ ශක්‌තිය නිසා. සමහර ගම්මානවල පාරවල් තිබෙනවා මඩ වගුරු වගේ ඒවා එම ජනතාවගේ අකුසල් විපාකයන්. ජනතාවගේ පින නිසාමයි අධිවේගී මාර්ග බිහිවෙන්නේ. එම අධිවේගී මාර්ගවල ගමන් කිරීම නිසා ජනතාවට ලැබෙන කාලයේ ඉතිරිය, විවේකය, ජනතාව නැවත යොමුකරන්නේ අකුසල මූලයන් වර්ධනය උදෙසායි. මොන පිංවතාද අධිවේගී මාර්ගයේ මාතරට ගිහිල්ල ලැබුණ පැය දෙකේ ඉතිරිය කුසල් ධර්ම වැඩීමට යොමුකරන්නේ. ඒ කාලයේ ඉතිරියත් යොදාගන්නේ තව අකුසල් මූලයන් රැස්‌කර තව තව ආයුෂ හීනකර ගන්නා දිශාවටමයි. බලන්න දානමය පින විපාකයට පැමිණෙන විට අකුසල් වැඩිකරගනිමින් පින ගින්දරක්‌ බවට පත්කර ගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂ වෙන්න, පින නිසාම ලැබුණ නවීන තාක්‍ෂණික උපකරණ සහ ක්‍රමවේදයන් තුළින් ඔබ ලබන්නාවූ කාලයේ ඉතිරිය පංච නීවරණ වැඩෙන කාමච්ඡන්දය වැඩෙන දිශාවට නොව කුසල්ධර්මයන් වැඩෙන පිංකම් දිශාවටම ලබන්නාවූ නව වසරේදී යොමුකරගන්න.
වර්තමානයේ පිංවතුන්ලාට බොහෝම ලස්‌සන විසිතුරු වර්ණවත් ශරීර අලංකාරයක්‌ ලැබිල තිබෙනවා. එකිනෙකට වෙනස්‌ මෝස්‌තරවලින් ඇඳුම් පැළඳුම් ස්‌වර්ණාභරණ සුවඳ විලවුන් පාවහන්…. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමති කැමති දෙය පූජාකරන්නාට කැමති කැමති දෙය ලැබෙනවාය කියල. විසිතුරු දෙය පූජාකරන්නාට විසිතුරු විසිතුරු දෙය ලැබෙනවාය කියල. බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා ‘ආනන්ද, මම කුමාර කාලයේ යම් සළුවක්‌ පෙරවූවා නම්, යම් ඇතිරිල්ලක්‌ පරිහරණය කළා නම්, ඒ සඳුන් සුවඳ ගැල්වූ සුසිනිඳු සළුවක්‌මයි. ඇතිරිල්ලක්‌මයි. මම ශරීරය දෝවනය කළා නම්, ඒ සුවඳ සඳුන් ගැල්වූ ජලයෙන්මයි කියලා. මේවා පෙර දාන පාරමිතාවන්ගේ විපාකයන්මයි. වර්තමාන සමාජය, ඇඳුමෙන්, පැළඳුමෙන්, ශරීර අලංකරණයෙන් මේ ලබන විසිතුරු භාවය, ප්‍රසන්න භාවය කුමක ඵලයක්‌ද? අතීතයේ විසිතුරු දෙය පූජාකිරීමේ හෙවත් දානයේ ඵලයක්‌මයි. එහෙම නැතිව ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ රටට නිදහස්‌ ආර්ථිකය ගෙන ඒමේ ඵලයක්‌ නම් නොවෙයි. අද මේ මනුෂ්‍යයන් ලබන විවෘත සැපය ධර්මානුකූල හේතුවක්‌. නමුත් වර්තමාන සමාජය, පෙර පින නිසා ලැබුණු මේ විසිතුරුභාවය, ඇඳුම් පැළඳුම්, ආභරණ, සුවඳ විලවුන් ආදිය ප්‍රයෝජනයට ගන්නේ බලවත් ආකාරයට අකුසල් මූලයන් වැඩෙන ආකාරයෙන්මයි.

තමන්ට නොගැලපෙන, ශීලාචාරකමට නොගැලපෙන ඇඳුමෙන් පැළඳුමෙන් වර්තමාන සමාජය ඔඩුදුවලා තිබෙනවා. බුදුරජාණන්වහන්සේ ගිහි පිංවතුන්ලාට ඇඳුම් පැළඳුම් සඳහාත් ප්‍රත්‍යවේක්‍ෂාව දේශනා කර තිබෙනවා. පිංවත් ඔබ ඇඳුමක්‌ ඇඳිය යුත්තේ සිය ශරීරයේ අලංකාරය, මදය, හැඩය, වර්ණය ලෝකයාට පෙන්වන්න නොවේ. තමන් තුළවත්, අනුන් තුළවත් කාමච්ඡන්දයන් ඇතිකිරීමට නොවේ. ‘මා මේ ඇඳුම අඳින්නේ අව් වැසි පිනි වලින්, මැසි මදුරුවන්ගෙන් ආරක්‍ෂා වී, ශරීරයේ ලැජ්ජා භය ඇති තැන් වසාගැනීම සඳහායි’ කියලා. නමුත් ඇඳුමක්‌ තුළින් ලැබිය යුතු මේ ධර්මානුකූල අර්ථය, වර්තමාන සමාජයෙන් අනතුරක්‌ දෙසට ගමන් කරනවා. සමහරක්‌ පිංවතුන් ඇඳුමක්‌ අඳින්නේ ශරීරයේ හැඩය, වර්ණය බාහිර සමාජයට උලුප්පා පෙන්වන ආකාරයටමයි. මෙවැනි නොගැලපෙන ඇඳුම් ඇඳගෙන මහපාරේ යන පිංවතුන්ලා ධර්මානුකූලව නම් හඳුන්වන්න වෙන්නේ ‘ඇවිදින අකුසල් සාප්පු’ වශයෙනුයි. මේ අය නොදැනුවත්භාවය නිසාම, සමාජයට අකුසලය ‘නොමිලේම’ විකුණනවා. මේ ගැන ධර්මානුකූලව අර්ථ දැක්‌වුවොත්, සැඟවිය යුතු දේවල් සැඟවූවේ නැතිනම්, නොසැඟවිය යුතු දේවල් සැඟවී යනවාය යන්නයි. වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා තුළින් සැඟවිය යුතු, ලැජ්ජාව බය ඇති තැන් ක්‍රමානුකූලව ප්‍රදර්ශනය වෙන විට, නොසැඟවිය යුතු දේවල් වන ශීලාචාරකම, ලැජ්ජාව බිය නැතිනම් හිරි ඔතප් සමාජයෙන් සැඟවී යනවා. වර්තමාන සමාජය ක්‍රමානුකූලව මේ අනතුර කරා ගමන් කරනවා.

මජ්ඣ සූත‍්‍රය : 1

නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස
නමොතස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස

‘සො උභන්තෙ විදිත්වාන මජ්ෙක්‍ඩ මන්තා න ලිප්පති
තං බ‍්‍රෑමි මහා පුරිසොති සෝ’ධ සිබ්බනිමච්චගා’ ති

ධර්ශ‍්‍රවණාභිලාශී ශ‍්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස දැන් මේ සූදානම් වෙන්නේ ලොවුතුරා බුදුරජෘණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්යෙන් බිඳක් ශ‍්‍රවණය කරන්නට. ඒ නිසා හැම දෙනා ම බොහෝම උවමනාවෙන් තුනුරුවන් කෙරෙහි සැදැහැ සිත් ඇතිකර ගෙන, මේ සද්ධර්මය අවබෝධ කරගන්න ඕන කියන කළණ අදහස ඇතුව, කළණ සිත් ඇතුව මේ දේශනාව ශ‍්‍රවණය කරන්නට ඕන.

විශේෂයෙන් අද ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කළේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ති‍්‍රපිටක ධර්යේ, අංගුත්තර නිකාය කියන කොටසට අයිති දෙවෙනි පණ්ණාසකයේ මහා වග්ගයෙ තියෙනවා මජ්ඣ කියලා සූත‍්‍රයක්. ඒ මජ්ෙඣ සූතයේ, මධ්‍යම ප‍්‍රතිපදාව කියන්නේ මොකක් ද? කුමක් හින්දද මැද කියන්නේ? මැද කියනකොට තියෙන අන්ත මොනවාද? ඒවයින් අයින් වෙන්නෙ කොහොමද? කියන ධර් කරුණු ටික පැහැදිලි කරලා තියෙනවා.

ඒ සූත‍්‍රය තමයි මම අද දවසෙදි මේ දේශනාව සඳහා මාතෘකා කළේ. මේ දේශනාව ස්වභාවයෙන් ම ටිකක් ගැඹුරුයි. නමුත් මෙතන දී අපි ඉස්සෙල්ලා මේ කාරණා ටික තේරුම් කර ගන්නට ඕන.

පින්වතුනි, මේ සසරෙ ඇති දුක් සහගත බව, අනවරාග‍්‍ර බව ඒ කියන්නේ මුල් කෙළවරක් නොපෙනෙන තරම් අතී දීර්ඝ බව, මේ දීර්ග සංසාරෙ ඇවිදින සත්වයෝ වි`දින දුක් කන්දරාව ගැන, බුදු රජාණන් වහන්සේ නොයෙක් විට ලෝකටය දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවන් අපිට පුළුවන් හැටියට ඒ තැන් අපි පෙන්නලා තියෙනවා.

ඉතින් මේ දුක් සහගත සසරෙන් අපිට එතෙර වෙන්න නම්. බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය නමැති ඒ මාර්ගයේ ගිහිල්ලාමයි අපිට එතෙර වෙන්න වෙන්නෙ.

එතකොට ඒ මාර්ගය වුනත්, අපි දන්න පමණකින්, අපි හිතන පමණකින්, ලෝකෙ තුල අපි හිතන විදියට තියෙන දෙයක් නෙමෙයි. ඒ ධර්යේ ඒ මාර්ගයේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ ලක්ෂණ මොනවද කියලා අපි තෝරගත්තෙ නැත්නම්, හඳුනගත්තෙ නැත්නම්, අපි ලෝකය තුල අතරමං වෙනවා මිසක අපිට කවදාවත් යන්න බෑ.

අපි කියමු, අපිට ඕන වෙනවා මේ රටේම ඉන්න බුද්ධිමත් ම පුද්ගලයා හොයාගන්න. බුද්ධිමත් ම පුද්ගලයා හොයන්න කියලා අපි පාරට බැහැලා යනවා. එයා හොයාගෙන. හැබැයි එයොග නම මොකක් ද, වාසගම මොකක් ද, කොහෙද ඉන්නෙ, එයාගෙ හැඩරුව සුදු කෙනෙක්ද, කළු කෙනෙක් ද, උස කෙනෙක් ද, මිටි කෙනෙක් ද, මහත කෙනෙක්ද මේ මුකුත් විස්තරයක් නෑ. නමුත් හොයනවා. එහෙම විස්තරයක් නොදැන වුනත් හොයන්න පුළුවන්. නමුත් හම්බවෙන දවසක් නෑ. මොකද හම්බවුනත් අපි හඳුනගන්න දන්නෙ නෑ.

නමුත් යම් කිසි දෙයක්. යම් කිසි කෙනෙක්ව හොයන කෙනෙකුට තමන් ළඟ තියාගන්න ඕන විස්තර ටිකක් තියෙනවා. මේ විස්තර ටික තිබුනොත් අපි හොයන කෙනාට හඳුනාගන්න අපට පහසුයි. එතකොට අපි හොයන කෙනාගෙ විස්තර අපි ගාව තියාගනෙයි හොයන්න ඕන. විස්තර දන්න තරමට පහසුයි කිව්වෙ. අපි කියමු, බුද්ධිමත් ම කෙනාගෙ නම අපි අහල තියෙනවා මුදියන්සේ කියලා. දැන් හොයාගෙන යනවා. මුදයන්සේ කෙනෙක් හම්බ වෙනවා යනකොට. නමුත් ඔය නම තියෙන එක්කෙනෙක් නෙමෙයි. බොහෝ අය ඉන්න පුළුවන්. නම තිබුන පමණකින් අපි මේ බුද්ධිමත් ම කෙනා කියලා මෝඩම කෙනා අල්ල ගත්තා වෙන්න පුළුවන්.

නමුත් අපි හොයන කෙනාගෙ නම මුදියන්සේ. එයා ඉන්නෙ අහවල් නගරෙ. එයා ටිකක් උස කෙනෙක්. සුදුයි. මූණෙ ලප කැළලක් තියෙනවා. ඔහොම විස්තරත් දැනගත්තහම, මුදියන්සේ කෙනේ හම්බවුනොත්, ඒ විස්තර වලට නොගැලපෙනවා නම්, එහෙනම් මෙයා නෙමෙයි කියලා අතහරින්න පුළුවන්. ඒ වගේ හොයන කෙනා ගැන විස්තර දන්නවා නම් කවුරු හරි අපිට දැක්වුවොත්, දැකපු පෙන්නපු පමණකින් එයා හම්බවුනා කියලා ගන්න වෙනවා.

ඒ වගේ අපි අහලා තියෙනවා, මේ දුක් සහගත සසරෙන් එතෙර වෙන්න පුළුවන්කම තියෙන්නෙ, එතෙර වෙන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩපු කෙනා විතරමයි කියලා.

දැන් අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගය හොයාගෙන යනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලා එක එක්කෙනා මෙන්න මේකයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය, මෙන්න මේකයි ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලා එක එක මාර්ග ඉදිරිපත් කරනවා. දැන් ප‍්‍රශ්ණෙ අපි කොයි කෙනා කියන එකද ගන්නෙ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලා. අර බුද්ධිමත්ම කෙනා හොයාගෙන යනකොට මුදියන්සේ ගොඩක් ඉදිරිපත් වුනොත් කොයි මුදියන්සේ ව ද අපි තෝරගන්නේ?

ඒ වගේ දැන් අපි ගාව තියෙන්න ඕන දැනුම් ටිකක් තියෙනවා. ඒ දැනුම කිසිම උපාසක කෙනෙක්ගෙන් වත් උපාසිකාවකගෙන් වත්, ස්වාමින් වහන්සේ නමකගෙන් වත්, භික්ෂුණියකගෙන්වත් අහගත්ත එකක් නෙමෙයි. කෙළින් ම බුදුරජාණන් වහන්සේම දේශනා කළ, බුදුරජාණන් වහන්සේගෙ ශී‍්‍ර මුඛ වචනයෙන් පෙන්නපු පෙළ ඉගෙනගෙන තියෙන්න ඕන විස්තර ටික.

හැමෝම ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙන්න මේ මාර්ගයෙ තමයි දුක තැනිවෙන්නෙ. දුක නැතිවෙන්නෙ මෙන්න මේකම කරන්න. මේ තත්වෙට පත්වුනහම, මේක ගත්ත ගමන් සුවපත් වෙනවා. කියලා තමයි ඔක්කොම ඉදිරිපත් කරන්නේ තම තමන්ව තියෙන කොටස්, අපිත් ඒ අතර එක්කෙනක්.

නමුත් මේ පින්වතුන් ළඟ තියෙන්නෙ ඕන දැනුම, කවුරු කියන එකද, කාගෙ භාෂිතය ද සුභාෂිතය ද? හරියටම දර්ශනය නැත්නම් නිවැරද මාර්ගය පෙන්නන්නෙ කවුද? කියන එක බලාගන්න ඔය පින්වතුන්ට පුළුවන්කම තියෙන්න ඕන. ඒ හැකියාව ලැබෙන්නෙ බුදු රජාණන් වහසන්සෙ දේශනා කළ ධර්ය ඔය පින්වතුන් ඉගෙන ගෙන තිබුනොත්, ඒ සඳහා අපිට වටිනා උපකාරයක්, ලොකු පිටුවහලක් වෙනවා මේ මජ්ඣ සූත‍්‍රය.

මජ්ෙඣ සූත‍්‍රයෙ පෙන්නවා මෙන්න මේ මේ දේවල් අන්ත. මේ කුමන හෝ තැනක ඉන්නවා නම් කුමන හෝ තැනක් හිතට හසුවෙලා තියෙනවා නම් තාම මධ්‍යම ප‍්‍රතිපදාවෙ නෑ. මේ වගේ අන්තයකින් මිදිලා ඉන්න දන්නෙ නැත්නම් එයා මධ්‍යම ප‍්‍රතිපදාව තාම දන්නෙ නෑ. තාම බැරිවෙන්න පුළුවන් අන්තෙ අතහැරලා ඉන්න. නමුත් අන්තෙ අතහැරලා ඉන්න ඕන හැටි, මේවා අන්ත කියලා, මේවා තුල මධ්‍යම ප‍්‍රතිපදාව නෑ කියලා එයා දැනගෙන තියෙන්න ඕන.

එතකොට ඒ අන්ත ටික අපි දැනගෙන හිටියොත්, කවුරුහරි මධයම ප‍්‍රතිපදාව තියලා දේශනා කරනකොට, කොතනින් හරි අහන්න ලැබෙනකොට, අපිට පුළුවන් ඒ දේශනාව දහමට ගලපලා, විනයට ගලපලා බලන්න. මේ දේශනාව තුල, මේ කියන අන්තවලට හසුවෙලා ද තියෙන්නෙ, මේ අන්තවලට ඇතුලත්ව ද මනස පවතින්නෙ, මේ කියන අන්තයන්ගෙන් මිදිලා මධ්‍යම ප‍්‍රතිපදාව උපදිනවාද මේ න්‍යාය තුළින්, කියලා තේරුම් කරගන්න පුළුවන්. එහෙම බහාලනකොට බැහැලෙන්නෙ නැත්නම්, සැසඳෙන්නෙ නැත්නම්, ඒක බැහැර කළ යුතුයි. පුද්ගල ශ‍්‍රද්ධාව පසෙකින් තබා එය බැහැර කළ යුතුයි. ඉතින් ළපෙනවා නම් පුද්ගල ශ‍්‍රද්ධාව පසෙකින් තබා, අශ‍්‍රද්ධාව පසෙකින් තබා එය ගත යුතුයි. බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා මහා නිදාන සූත‍්‍රයේ ලෝකෙට දේශනා කරපු කොටස් තියෙනවා මොකක් ද?

කවුරු හරි කිවුවොත් - මොකද මේ අනාගතය දැකලාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ - මෙන්න මේකයි සද්ධර්මය කියලා, මම මේ ටික බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලෙ බුදුරජාණන් වහන්සේගෙන්මයි ඇහුවෙ. අහගත්තෙ කියලා කවුරුහරි කිවුවොත් ඒත් ඒක පිළිගන්න එයා කියනවා. බුද්ධාපදේශ. ඒක බැහැර කරන්නත් එපා. සුත්තේ ඕතාරෙතබ්බානි, විනසෙ සන්දස්සි තබ්බානි, ධම්මතායං උපනික්ඛිපිතබ්බානි, සූත‍්‍රයට බහා බලන්න. විනයට ගලපලා බලන්න.

ධර්මය ගලපලා බලන්න. ගලපනකොට ගැලපෙන්නෙ නැත්නම් බුදු හාමුදුරුවො කිව්වයි කිව්වත්, මෙයාට වැරදිලා කියලා බැහැර කරන්න කියනවා. ගලපනකොට ගැලපෙනවා නම් බොහොම හොඳයි කියලා ශ‍්‍රද්ධාවෙන් ගන්න කියනවා.

ඊට පස්සෙ සංසාපදේශ, අද ඉන්න මුළු සංඝරත්නයම මෙන්න මෙහෙම කියනා කියලා කිව්වත්, ගන්න ඒපා කි යනවා. ඒක සූත‍්‍රයට, විනයට, ධර්මයට බහාලා ඒ සූත‍්‍රයට, විනයට, ධර්මයට ගැළපෙනවා නම් මේක හරි කියලා පිළිගන්න. ගැළපෙන්නෙ නැත්නම් මුළු සංඝරත්නයටමත් මේ වචනය වැරදිලා කියලා බැහැර කරන්න. මේ කියන ක‍්‍රමය හරියන්නෙ නෑ.

සම්බහුලත්ථෙරාපදේස - බොහෝ භික්ෂූන් වහන්සේලා මේ විදියට කියනවා කියලා කිවුවත්, ඒ දේශනාව ගන්නත් එපා. බැහැර කරන්නත් එපා. මේ වගේ සූත‍්‍රයට. ධර්යට, විනයට ආදේශ කරලා බලන්න. ගැළපෙනවා නම් ගන්න. නැත්නම් බැහැර කරන්න.

එකත්ථෙරාපදේස - දක්ෂ, ව්‍යක්ත, පණ්ඩිත, එක් තෙරුන් වහන්සේ නමක් මෙහෙම කියනවා කියලා කිව්වොත්, ඒක ගන්නත් එපා, බැහැර කරන්නත් එපා, මේ වගේ ධර්යට, සූත‍්‍රයට, විනයට ආදේහ කරලා බලන්න. ආදේශ කරනකොට ගැළපෙනවා නම් පිළිගන්න. ගැළපෙන්නෙ නැත්නම් ඒ තෙරුන් වහන්සේටත් වැරදිලා කියලා ප‍්‍රතික්ෂේප කරන්න කියලා ඔන්න ඔය අවවාද දීලා තමයි, බුදු රජාණන් වහන්සේ පිරිනිවන් වැඩියේ.

එතකොට කවුරුහරි ඔය පින්වතුන්ට - හතර පොලෙන් තමයි අපට යමක් ලැබෙන්නෙ - බුදු හාමුදුරුවො කිව්වයි කියලා හෝ මහා සංඝරත්නයම කියනවයි කියලා හෝ බොහෝ භික්ෂූන් වහන්සේලා කියන එකක් හෝ දක්ෂයි, ව්‍යාක්තයි, පණ්ඩිතයි කියන එක හාමුදුරු නමක් මෙහෙම කියනවා කියන න්‍යායයකින් තමයි අපිට හම්බවෙන්නෙ මොනවාහරි. ඒ හම්බවෙන දේ හරිද වැරදිද කියලා ගලපන්න අපිට දැනුමක් තියෙන්න ඕන. ඒ ටිකට ගලපලා බලලා ගැළපෙනවා නම් ගන්න. ගැළපෙන්නෙ නැත්නම් බැහැර කරන්න වෙනවා.

හම්බවෙන මොනවා හරි දෙයක් ගන්නෙ නැතුව දහමට, විනයට ගලපලා ගන්න පුළුවන් නුවණ ඇතිවෙනවා මෙන්න මේ ටිකෙන්. සසරට සාපේක්ෂව පුදුමාකාර වාසනාවක් වෙයි අපිට මේ අන්ත ටික මෙන්න මේකයි. මේ අන්ත වලට නැතුව මැද ඉන්න මේ ටිකයි කියලා ඉගෙනගත්ත පමණකින්. මේ දීර්ඝ සංසාරෙ අපිට හම්බවුනේ නැත්තෙ ඔය ටිකමයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘මහණෙනි යම්කිසි කෙනෙකුට කියනවා නම් උදේට අඩයටි පාරවල් සීයයි, දවල්ට සීයයි, හවසට සීයයි, දවසට අඩයටි පාරවල් තුන්සීය ගානෙ, අවුරුදු සීයක් උඹට ගහනවා. හැබැයි අවුරුදු සීයකින් පස්සෙ චතුරාර්ය සත්‍යය අවබෝධ කරවනවා කියලා මහණෙනි, ශීඝ‍්‍රව කැමති වෙන්න. ඉක්මණට කැමති වෙන්න. ඒක පුදුම ලාභයක්’’ කියලා.

ඇයි? දවසට අඩයටි පාරවල් තුන්සීය ගානෙ අවුරුදු සීයක් පුරාවට ගුටිකන පාරවල් ගාන ගණන් කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍යය අවබෝධ වුනොත් එතෙකින් ඉවරයි. චතුරාර්ය සත්‍යය අවබෝධ නොවී මේ සසර ඉන්නකොට ගුටිකන්න වෙන අඩයටි පාරවල් ගණන ගණන් කරන්න බෑ මහණෙනි’’ කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ‘‘ එතකුදු වුවත් මහණෙනි, මම දුකෙන් දොම්නසින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න කියන්නෙ නෑ. සැපෙන් සතුටින් ම අවබෝධ කරන්න කියනවා’’ කියලා.

නමුත් මේ දහම අවබෝධ කර ගැනීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ එක්කම මේ අවබෝධය කොච්චර දුෂ්කරද කියලා බලන්න. අපි හිතන තරම් පහසු නෑ ආර්ය අෂ්ඨාංගික මාර්ගය.

සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා බුදු රජාණන් වහන්සේට පවා වැටහුනාලූ ‘‘මම මේ අවබෝධ කරගත්ත දහම ලේසි එකක් නම් නෙමෙයි. මේ කාම ලෝකෙ දන්නෙ නෑ’ කියලා. මේක කියන්න පවා මන්දෝත්සාහී ඒ ස්වභාවය අපි ටිකක් තේරුම් කරගන්න ඕන.

මතු සම්බන්ධයි!

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනවාසී අති පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමියන් විසින් පවත්වන්නට යෙදුනා වූ ධර්ම දේශනයක් මෙසේ ලිඛිත මාධ්‍යයෙන්, කොටස් වශයෙන් පල කිරීමකි. දේශන විලාශයේ එන හඬ හැසුරුම් කියවීමේ දී හමු නොවන බැවින් ගැටළු සහගත තැන් හමුවිය හැකිය. එහෙත් මෙයින් ලබාගත හැකි ධර්මාවබෝධය අති විශාල බැවින් ප‍්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නට උත්සාහ කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!
Photo
Add a comment...
Wait while more posts are being loaded