Profile cover photo
Profile photo
Sri Dalada Maligawa
408 followers
408 followers
About
Communities and Collections
Posts

Post has shared content
The origin of Anuradhapura as an organized city.
The Anuradhapura city was created and developed as an organized city during the reign of king Pandukabhaya who was born to Deegagamini and Unmadhanie Chiththa . The king should be bestowed honor for his
great service of building a city which came to be call...
Add a comment...

Post has shared content
The history of the annual Dalanda Perahara in Sri Lanka.
The
annual Dalanda Perahara (Esala Perahara) held in honor of the tooth relic of
lord Buddha traces its origins back to the period of king kithsirimewan who was also known by the name of Kirthi Siri Meghawarna . He succeeded
his father Mahasen to the Anurad...
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment

Post has shared content

Post has attachment
Photo
Add a comment...

Post has attachment
Photo
Add a comment...

Post has attachment
වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමි ගුණ සමරුව

1815 පෙබරවාරි මස 18 වනදා ඉංගී‍්‍රසි හේවායන් විසින් සිංහලයේ අවසාන රජතුමන් වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීවග්‍රහයෙන් අල්ලා ගන්නා ලදී. ඒ සමඟම අපේ රටට උදාවූයේ තීරණාත්මක වූ ද සංවේගදායක වූ ද කාලවකවානුවකි. සිංහල බෞද්ධ බලයත් බෞද්ධ උරුමයත් අපේ නිවහල් ජාතියත් මේ සමඟම අන්ත පරිහානියකට ඇද වැටුණි. චිරාත් කාලයක් පුරා අපට අයත්ව තිබුණු රජ තනතුර ද අහිමිවිණි. බටහිර මුග්ධ පාලනයකට අපි නතු වූයෙමු. 1815 මාර්තු 02 වන දින මහනුවර දී රට භාර ගැනීමේ උඩරට ගිවිසුම අත්සන් කරන බවට ප්‍රකාශ කෙරිණි. කපුවත්තේ, මිල්ලව, මොල්ලිගොඩ, කැප්පෙටිපොළ නිලමේවරු සිංහල පක්‍ෂය වෙනුවෙන් පෙරමුණ ගෙන සිටියහ. ඒ පසුබිමෙහි යෝධ සෙවණැල්ලක් මෙන් වැජඹුණේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන්ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමන්ගේ සුවිශේෂ ගෞරවාදරයට පාත්‍රව සිටි වාරියපොළ සුමංගල හිමිපාණෝ එවකට සුදුහුම්පොළ විහාරාධිපති ධූරය හෙබවූහ. ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්ස්ගේ භාරකාරත්වය ද සුමංගල හිමිපාණන්ට පැවරී තිබුණි. පෙබරවාරි 28 වනදා ඉහත සඳහන් කළ රදල නිලමේවරු මාර්තු 02 වනදා අත්සන් කිරීමට නියමිත ද්‍රෝහී ගිවිසුම ගැන සුමංගල මාහිමිපාණන් සමඟ කතිකාවතක යෙදෙන්නට තීරණය කර හිමිපාණන් හමුවී වැඳ පුදා අවසර ගත්හ. සුමංගල හිමිපාණන්ගේ අභීත අදීන තියුණු ගැඹුරු කට හඬ අවදි කෙරිණි. නිලමේවරු එකත්පස්ව සිටිති. “දැන් මේ තිරණාත්මක අවස්ථාවේදී අප විසින් අපේ සිරිත් විරිත් ආගම ජාතිය ආරක්‍ෂා වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංගී‍්‍රසියෙන් ලබා ගත යුතුයි. එබඳු පොරොන්දුවකට අත්සන් කරන තෙක් ඉංගී‍්‍රසි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ.” අභීත කේශර සිංහරාජයෙකු සේ සිය දැඩි ස්ථාවර පළ කළ සුමංගල හිමිපාණෝ සිංහල රාජ්‍යයේ අවසාන ලිපිය සකස් කරන්නට සූදානම් වූහ. දේශනුරාගයෙන් ජාත්‍යාලයෙන් ඔද වැඩුණු සුමංගල හිමිපාණෝ අපට අපේ ජාතියට ආගමට දේශයට ස්වාධීනත්වයට වාසිවන ආකාරයේ වගන්ති කීපයකින් යුක්තව අදාළ කෙටුම්පත සකස් කළහ. මාර්තු 02 වන දිනය වූ ඒ විශේෂිත දිනයෙහි සැඳෑ සමයේ සිදුවන්නට හා තීරණාත්මක ගිවිසුම ගැන දැඩි කණස්සල්ලෙන් යුතුව සුමංගල හිමිපාණෝ ශ්‍රී දළදා මාළිගාවෙහි වැඩ සිටියහ. කල්තබා ඇතිකර ගත් නියමයන්ට අනුව ජෝන් ඩොයිලි විසින් සිංහල ඉංගී‍්‍රසි කොඩි ඔසවනු ලැබීමට සූදානම් වන ලෙස මහනුවර මඟුල් මඩුව ඉදිරිපස පෙළ සැදී සිටි සිංහල ඉංගී‍්‍රසි සෙන්පති දෙපලට නියම කරන ලදී. අනෙක් පසක සිංහල, ඉංගී‍්‍රසි සෙනවියෝ පෙළ ගැසී සිටියහ. තවත් සුළු මොහොතින් තමන්ගේ කතිර කොඩිය අහස් තලයෙහි ලෙළ දෙන වග දැන දැනත් බල කාමයෙන් නිල කාමයෙන් වියරු වැටුණු ඉංගී‍්‍රසි සෙන්පතියා කතිර කොඩිය අහසට නංවාලීය. ආත්ම විශ්වාසයෙන් ආත්මාභිමානයෙන් , ජාත්‍යානුරාගයෙන් තෙදවත් වූ වාරියපොළ හිමිපාණෝ අභීත කේසර සිංහ රාජයෙකු සේ ඉංගී‍්‍රසි සෙන්පති ඉදිරිට පැමිණියහ. “තොපට තොපගේ කොඩිය දැන්ම මෙහි ඔසවන්නට ඉඩක් නැහැ. තොපට මේ නියමය කළේ කවරෙක්” දැයි දැඩි ස්වරයෙන් ප්‍රශ්න කළහ. ඒ සමඟම ක්‍ෂණයකින් ම කතිර කොඩිය පහතට ඇද බිම දමා පයින් පෑගූහ. ගිවිසුම අත්පත් කිරීමට තවත් කල්වේලා තිබෙන බව ප්‍රකාශ කර සිංහල කොඩිය අහසට නංවාලූහ. මෙම වීර වික්‍රමාන්විත ක්‍රියාවෙන් කෝපයට පත් ඉංගී‍්‍රසි සෙනෙවියකු කඩුව කොපුවෙන් ඉවතට ගෙන වාරියපොළ හිමිපාණන් වෙත හෙළන්නට සූදානම් වෙත්ම ජෝන් ඩොයිලි ඉදිරියට පැන කඩු පහර වැළැක්විය. ඒ පමණක් නොව කතිර කොඩිය සම්මතයට එරෙහිව එසෙවීම පිළිබඳව අපේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාගෙන් සමාව අයැද සිටියේය. වැඩි කලක් ගතවන්නට මත්තෙන් ඌව වෙල්ලස්සේ වීර කැප්පෙටිපොළ වීරයන්ගේ ප්‍රධානත්වයෙන් සිංහලයේ ජන අරගලයට ඇරැඹිණි. ඒ සමඟම වාරියපොළ නාහිමියෝ සිංහල රජ පදවිය පිළිබඳ පරම සංකේතය වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ දළදා මාලිගයෙන් පිටමං කළහ. 1818 අරගල සමයෙහි වීරකැප්පෙටිපොළ වෙතට දළදා වහන්සේ භාරවූයේත් වාරියපොළ හිමිපාණන්ගේ මෙහෙයවීමෙනි. සිංහලේ රජ කිරුළ සිංහල බෞද්ධයෙකුට උරුම කරදී අතීත උරුමයන් යළිත් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම අප නාහිමිපාණන්ගේ උතුම් අභිලාෂය විය. එහෙත් ජාතියේ අවාසනාවට සිදුවූයේ අනපේක්‍ෂිත ක්‍රියාවකි. 1818 නොවැම්බර් 01 වනදා සවස් කාලයෙහි බ්‍රිතාන්‍ය රජයේ 73 වන රෙජිමේන්තුවේ එකසයින් සුට්බේරේඩ් විසින් මාතලේ කයිකාවල මුරපොළේදී දන්ත ධාතුන් වහනසේ සමඟ වාරියපොළ සුමංගලහිමියන් අත්අඩංගුවට ගැනිණි. වාරියපොළ හිමියන්ගේ හිස ගෙනවුත් දුන් අයකුට ත්‍යාග 1000 ක් ප්‍රදානය කරන බවට ඉංගී‍්‍රසි ආණ්ඩුව, අණ බෙර මගින් ප්‍රචාරය කර තිබූ බවද අමතක කළ යුතු නොවේ. දළදා වහන්සේට හෝ තමන් වහන්සේට කිසිදු කරදරයක් නොකරන බවට ඉංගී‍්‍රසි හේවායන් පොරොන්දු කර ගැනීමෙන් පසු දළදා වහන්සේ ඉංගී‍්‍රසින් වෙත භාර දුන්හ. “දළදා මාලිගාවෙන් දන්ත ධාතුන් වහන්සේ පිටකරනවාත් සමඟම සුමංගල හිමියෝද පිටත්වූහ. “නයිගිල්ල ‘ කරඬුව නොහොත් හේමමාලාවන් විසින් දළදා වහන්සේ තැන්පත් කර ගෙන පැමිණි කුඩා කරඬුවෙහි දළදා වහන්සේ තබා ස්වකීය සිවුරේ කුඩා උරයක් භදා එම උරයෙහි සඟවා ගත්හ. දඹුල්ලේ මහා විහාරයට ආසන්නව දඹුලු කැලයේ වාරියපොළ හිමියෝ සැඟවුණහ. දඹුලු කැලයෙහි සැරිසරමින් විසුවා පමණක් නොව දළදා වහන්සේට ඇති බලවත් ගෞරවය නිසා දළදා වහනසේ වැඩ සිටි සිවුරු ගැබ පිහිටි වම් උරය මත බෙල්ල ඇල නොකොට දකුණටම හරවා ගෙන කල් ගත කළහ. ශරීර ස්වභාවය වෙනස් විය. (වාරියපොළ මාහිමි – තුඹුල්ලේ සීලක්ඛන්ධ පි 95 – 97)

ශ්‍රී දළදා වහන්සේ සඟවා ගෙන සිටීම රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකූ ඉංගී‍්‍රසි ආණ්ඩුව එහිමිපාණන් යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවන ලදී. සොරකමත් කිරීමේ චෝදනාව මත යාපනයේ සිර කඳවුරෙහි වධ බන්ධනයට ලක් කරන ලදී. ඒ හිමිපාණෝ සිර කඳවුරෙන් නිදහස ලබන ලද්දේ 1821 අපේ‍්‍රල් මස 13 වන දිනදීය. වාරියපොළ සුමංගල හිමිපාණන්ගේ වීර ක්‍රියාවන් ගැන අධිනීතිඥ වෝල්ටර් විමලචන්ද්‍ර මහතා ළඟ සුරක්‍ෂිතව තිබුණු පුස්කොළ පොත්වල සඳහන් වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේව මැදි හත්පත්තුවේ දෙව මැදි කෝරළේ වාරියපොළ නම් ඓතිහාසික භූමිය සුමංගල හිමිපාණන්ගේ ජන්ම භූමියයි. හේරත් මුදියන්සේලාගේ බමුණාකොටුවේ රාළ පියාණන් වේ. කොටුවේ රාළගේ පුත් කිරිහාමි නම් කුල කුමරු අස්ගිරි මහා විහාරයේ ඉඳවලුගොඩ ධම්මපාල මහානායක ස්වාමින්ද්‍රයන් වෙතින් පැවිදි බිමට පත් විය. අස්ගිරි මහා විහාරයේ මහානායක ධම්මපාල නායක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව ලැබූහ. අනුශාසක ධූරයෙන් පිදුම්ලත් සුමංගල හිමිපාණෝ සුදුහුම්පොළ රාජ මහාවිහාරයෙහි විහාරාධිපති ධූරය හෙබවූහ. වාරියපොළ ශෛලතලාරාම රාජ මහා විහාරස්ථානයෙහි භාරකාරත්වය දැරූහ. ඒ ශ්‍රී නාමය අනුස්මරණය කිරීම සඳහා වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන එම විහාරස්ථානයෙහි ස්ථාපිත කර ඇත.වාරියපොළ භික්‍ෂු පරම්පරාවට විහාරස්ථාන රාශියක් අයත් වේ. අපේ දේශයේ ජාතියේ හා බෞද්ධ ආගමේ අනාගත චිරස්ථිතිය උදෙසා දේශපේ‍්‍රමයෙන් ජාතිවාත්සල්‍යයෙන් ආත්ම පරිත්‍යාගයෙන් අමිල මෙහෙවරක් ඉටුකළ වීරෝදාර ජාතික නායකත්වයක් ගොඩ නැගු වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ 1831 පෙබරවාරි මස 05 දින අමරණීය නාමයක් ජාතියට ඉතිරිකර අපවත් වී වදාළහ.
බන්ධුල ආර්. ගුලවත්ත
Photo
Photo
3/2/18
2 Photos - View album
Add a comment...

Post has shared content
Add a comment...
Wait while more posts are being loaded