Profile cover photo
Profile photo
Sajith Upendra
710 followers -
Think Smart
Think Smart

710 followers
About
Sajith's posts

Post has attachment
Photo

මාළු බෑම තහනම් ජලාශයෙක මාළු බාමින් සිටි උඩුදැළිය වන ජීවී නිලධරයකුට හසු විණි.
නිලධරයා - ''ඔය කූඩෙ ඉන්න මාළු ඔක්කොටම හරි යන්න ලොකු දඩයක් ගෙවන්න වෙයි !"
උඩුදැළිය - ඒත් මහත්තයො, මම මාළු ඇල්ලුවෙ නෑනෙ. මේ මගෙ සුරතල් මාළු ටිකනෙ ! මෙහෙට ගෙනාවෙ ටිකක් නිදහසේ පීනන්න කියලා. පීනලා ඉවර වුණාම එයාලා ආපහු කූඩෙට පනිනවා."
නිලධරයා - "අම්මපා හැබෑට ? ඒක නම් බලන්න වටින වැඩක් ! ඔප්පු කරල පෙන්නුවොත් මං ඔහෙට යන්න දෙනවා."
උඩුදැළිය මාළු ටික යළි ජලාශයට දැමී යැ. ඔවුහු දෙ දෙනා ඉවසිලිමත් වැ බලා හුන් හ. කිසිත් සිදු නො විණි.
නිලධරයා - කෝ මාළු ටික ?
උඩුදැළිය - මොන මාළු ද ?

@Upali Kannangara

එක් සැන්දෑවෙක උඩුදැළිය ගේ පුත් අට්ටපාල දෙවියනට යාච්ඤා කරමින් හිනි.
අට්ටපාල - අම්මාට යි තාත්තට යි ආත්තම්මට යි දෙවි පිහිට යි. සීයා ට ආයුබෝවන් !
මේ යාච්ඤාව අමුතු බව උඩුදැළියට තේරුණ ද ඔහුට එය ඉක්මනින් මැ අමතක විය. එහෙත්, පසු දින සීයා අවසන් ගමන් ගියේ යැ.
මාසයකට පමණ පසු, සිය පුතා යළි දෙවියන් යදිනු උඩුදැළියට ඇසිණි.
අට්ටපාල - අම්මාට යි තාත්තට යි දෙවි පිහිට යි. ආත්තම්මට ආයුබෝවන් !
පසු දින මිත්තණිය පරලොව ගියා යැ. මේ කාරණය ගැන දැන් උඩුදැළිය තරමක් බියට ලත් විය.
සතියකට පසු අට්ටපාල යළි යාච්ඤාවේ යැ.
අට්ටපාල - අම්මාට දෙවි පිහිට යි. තාත්තට ආයුබෝවන් !
උඩුදැළිය ක්ලාන්ත නො වූවා පමණකි. කිසිත් නො කී හෙතෙම මාර්ග තදබදයට හසු නො වනු පිණිස, වෙලාසනින් අවදි වී, සේවයට ගියේ යැ. දහවල් කෑම පමණක් නො වැ රාත්‍රී කෑම ද කාර්යාලයයේ දී ගත් උඩුදැළිය මැදියම් රැය ද පසු වීමෙන් අනතුරු ව යි ගෙදර ගියේ. වාසනාවට ඔහු තව මත් පණ පිටිනි. නිවෙසට සම්ප්‍රාප්ත වූ හේ තෙමේ පමා වීම ගැන බිරිය ගෙන් සමාව අයැද සිටියේ යැ.
උඩුදැළිය - මට සමා වෙන්න වස්තුවේ. අද කන්තෝරුවේ හරියට වැඩ තිබුණා. මට නම් මහ නරක ම දවසක් !
තියඹරා (බිරිය) - මහ නරක ම දවස ඔයාට විතර යි කියලද හිතේ ? අද උදේ තැපැල්කාරය මැරිලා වැටුණා අපේ ගේ ඉස්සරහා !
(අට්ටපාල = සටකපට)

@Upali Kannangara

පැරැණි වෙදැදුරෝ ඉසිවරුන් බඳු පුද්ගලයෝ වූ හ. ඔවුනට සහජ බුද්ධිය, නුවණ මෙන් ම මුඛරිකම ද තිබිණි. ඔවුහු හාස්‍යයට ද සමත්තු වූ හ. සෑහෙන පාරම්පරික වත්කම්වලින් යුතු මේ උතුම් පුද්ගලයෝ වෙදකමට ගාස්තු අය නො කළ හ. අපට ඥාති වූ කන්නන්ගර වෙද රාළහාමි ද රයිගම රොබෝ වෙද මහතා ද මෙ වැනි උතුමෝ වූ හ.
එ වැනි දක්ෂ වෙදැදුරෙක් විය “ජීවදයා” වෙද මහතා. හෙතෙම රෝගීයා ගේ මුවගට සිනා රැල්ලක් නංවන්නට ද සමතෙක් විය. ඔහු ගෙන් වෛද්‍ය ශාස්ත්‍රය හදාරන්නට ගෝළයෙක් පැමිණිණි. නමින් අගෝරිස් නම් වූ හෙතෙම වම දකුණ මාරු වූ කෙනෙක් විය.
බර පතළ ලෙස රෝගී වූ මිනිසුන් බැලීමට රෝගියා ගේ නිවෙසට ම යෑම වෙද මහතා ගේ සිරිත විය. ඒ යන සැම විටක ම අගෝරිස් ද වෙද මහතා ගේ ආම්පන්න ද රැගෙන ඔහු පසුපස ගියේ ය. තමා කරන කියන සැම දෙයකින් ම යමක් ඉගෙන ගන්නා ලෙස වෙද මහතා ඔහුට උපදෙස් දී තිබිණි.
දිනෙක උදරාබාධයකින් රෝගාතුර වූ මහලු කතක් බැලීමට වෙද මහතා ගියේ සුපුරුදු ලෙස අගෝරිස් ද සමඟිනි. නාඩි අල්ලා රෝගියාව පරීක්ෂා කළ වෙද මහතා කසායක් ලියා බෙහෙත් ගුළි කිහිපයක් ද දී පිට වී යෑමට සූදානම් ව මෙ සේ කීය.
“වරකා කෑව නේ ද ? වයසක මිනිස්සු වරකා කන්න හොඳ නෑ නේ. ඒකෙන් තමයි ඔය බඩේ අමාරුව හැදුණේ.”
“අනේ, ඔව්, වෙද මහත්තයෝ. වරකා ටිකක් නම් කෑව තමයි,” යැයි රෝගී කත පිළිතුරුදුන්නා ය.
මෙය ඇසූ රෝගියා ද නිවෙසේ අනෙක් අය ද වෙදැදුරා ගේ දැනුම ගැන පුදුමයට පත් වූ හ.
ආපසු යන අතරේ අගෝරිස්ට මෙ සේ නෙ අසා ම බැරි විය වෙද මහතා ගෙන්.
“අනේ බුදු වෙ‍ද මහත්තයෝ. අම්මපා හැබෑට ඒ ගෑනු එක්කෙනා වරකා කෑව කියලා කිව්වේ කොහොමද ? ලෙඩේට මුල් වෙච්ච කෑම ජාතිය දැනගන්නේ කොහොමද?”
“අගෝරිස්, මේ අහපන්,” යැයි වෙද මහතා පිළිතුරු දිනි. “ලෙඩෙක් බලනකොට හොඳට විමසිල්ලෙන් බලන්න ඕනෑ.. ලෙඩාගෙ ගෙදරට ගියොත් උකුසු ඇහෙන් හැම තැනම බලන්න ඕනෑ. එ‍හෙම බැලුවම මං දැක්කා ඒ වයසක ඇත්තිගෙ ඇඳ යට වරකා පළුවක් තියෙනවා.”
ඉන් කලකට පසු, එක් දිනෙක අසාධ්‍ය රෝගියකු බැලීමට වෙද මහතා කැඳවා-ගෙන යනු පිණිස පිරිසක් පැමිණිණි. අවාසනාවකට වෙද මහතා ගෙදර නොසිටියේ ය. ඒ නිසා, පැමිණි අය ගේ බලවත් ඉල්ලීම මත ලෙඩා බැලීම පිණිස ගියේ අගෝරිස් ගෝළ වෙද මහතා යි.
කුටිය‍ට ඇතුළු වන ගමන් ම අවට සිසාරා උකුසු බැල්මක් ද හෙළූ අගෝරිස් ලෙඩා ගේ නාඩි අල්ලා බලා, බොහෝ බරපතළ ලෙස, මෙ සේ ඇසී ය.
“රෙදි පාන්කඩ කෑව නේ ද? ලෙඩ හැදෙන්නෙ නැතැයි පාන්කඩ කෑවම !”

@Upali Kannangara

ෂ”ලොක් හෝම්ස් ද දොස්තර වොට්සන් ද එළිමහන් කඳවුරු චාරිකාවක ගොස් සිටිය හ. හොඳ කෑම වේලකුත් පෙට්‍රි වායින් බෝතලයකුත් බෙදා-හදා-ගැනීමෙන් අනතුරු වැ ඔවුහු රාත්‍රිය ගත කිරීම සඳහා කූඩරමට ගිය හ.
පාන්දර 3.00ට පමණ වොට්සන් හට වැලමිටෙන් තට්ටු කළ හෝම්ස්, “වොට්සන්, පොඩ්ඩක් අහස දිහා බලලා පේන්නේ මොකක්ද කියල මට කියනවද ?” යි කී ය.
“මට තාරක‍ා මිලියන ගණනක් පේනවා,” යි වොට්සන් පිළිතුරු දිනි.
“ඒකෙන් මොකද හිතන්නේ ?” යි හෝම්ස් ඇසී ය.
වොට්සන් මෙසේ පිළිතුරු දිනි. “තාරකා විද්‍යාත්මක ව, චක්‍රවාට මිලියන ගණනක්, ග්‍රහයෝ බිලියන් ගණනක් තියෙන බව තියෙන බව පේනවා. නක්ෂස්ත්‍රයට අනු ව, සෙනසුරු ඉන්නෙ සිංහ ලග්නේ බව පේනවා. දේවධර්ම විද්‍යාවෙන් බැලුවොත්, දෙවියන්වහන්සේ ‍උත්කෘෂ්ට බව යි අපි පොඩි වැදගැම්මකට නැති මිනිස්සු බව යි පේනවා. හෝරාවෙන් බැලුවොත්, වෙලාව පාන්දර 3 බව පේනවා. කාල ගුණ විද්‍යාවෙන් බැලුවොත්, හෙට දවස සුන්දර යි කියල පේනවා. දැන්, ඉතින්, ඔයාට මොනවද පේන්නේ ?”

“මට ද ? මට පේන්නේ කවුරු දෝ අපේ කූඩාරම හොරකම් කරලා !”

@Upali Kannangara

කොල්ලෙක් වීදි කොනෙහි මාළු විකුණමින් සිටියේ ගනුදෙනුකරුවන් ගේ අවධානය ගනු වස් මෙ සේ කෑගසමින් ය.
“ආච්චිගෙ රෙද්දෙ මාළු ! මෙන්න ආච්චිගෙ රෙද්දෙ මාළු ! ගන්න ! ලාබ යි, ලාබ යි !”
මෙය ඇසුණු උඩුදැළිය, “ඇයි ළමයෝ ආච්චිගෙ රෙද්දෙ මාළු කියන්නේ ?” යි ඇසී යැ.
කොල්ලා - “මෙවුන් ඇල්ලුවෙ යාළුවෙකුත් එක්ක ආච්චිගෙ චීත්තෙ වතුරට දාල.”
උඩුදැළිය මාළු රාත්තලක් මිල දී ගෙන නිවෙස බලා ගියේ යැ. මාළු ටික කියඹරා අතට දුන් හෙතෙම, “මෙන්න මේ ආච්චිගෙ රෙද්දෙ මාළු ටික
හොඳට මිරිසට උයන්නකෝ !” යි කී යැ.
“ඊයා, ඇයි ආච්චිගෙ රෙද්දෙ මාළු කියන්නේ ? එහෙම කියන්න හොඳ නෑ නේ !” යි තියඹරා විමතිය පළ කළා යැ. මාළුන් හට එසේ කීවේ ඇයි දැයි හෙතෙම ඇයට විස්තර කෙළේ යැ.
පසු වැ, රාත්‍රී කෑම මේසයේ දී, “පුතේ, අට්ටපාල, ඔන්න ඔය ආච්චිගෙ රෙද්දේ මාළු දීසිය මෙහාට ළං කරන්නකෝ !”
“තාත්තේ, ඔන්න ඔය puකේ අල දීසිය මෙහාට එවන්නකෝ !” යි අට්ටපාල ඊට ටික වෙලාවකට පසු ඉල්ලා සිටියේ යැ.

@Upali Kannangara

අලෙවි නියෝජිත වල්දිලියස්, පරිපාලන ලිපිකරු පොයියංගම් සහ කළමනාකරු උඩුදැළිය යන ති‍ දෙනා දිවා ආහාරය සඳහා වෙරලාසන්න හෝටලයකට ඇවිද යමින් සිටිය හ. වැල්ලට අඩක් යට වී තිබුණු ඉපැරැණි පිත්තල පහනක් ඔවුනට සමු විණි. උඩුදැළිය එය අසුලා-ගෙන පිසැ-දැමී යැ. ඒ සමඟ මැ ඉන් එළියට ආ භූතියක් මෙ සේ කීවාය -

“මම නුඹලාට එක වරය බැගින් ප්‍රදානය කරමි.”
“මට ඉස්සෙල්ලම, මට ඉස්සෙල්ලම,” යි පරිපාලන ලිපිකරු කී යැ. “මට යන්න ඕනැ බහමාස්වලට. එහෙ ගිහිල්ලා ලෝකෙ ගැන කිසි ම හාංකවිසියක් නැතුව ස්පීඩ් ‍බෝට්ටුවක් පැද පැද ඉන්න ඕනෑ !”

පටාස් ! පොයියංගම් තෙමේ අතුරුදහන් වී ගියේ යැ.

“ඊ ළඟට මට, ඊ ළඟට මට !” යි ඉල්ලා සිටියේ අලෙවි නියෝජිත වල්දිලියස් යැ.
“මට යන්න ඕනැ හවායිවලට !! එහේ වෙරලෙ වැතිරිල ඉන්න ඕනැ මගෙම මසාජ්කාරියක් එක්ක, ඇති වෙන්න පීන කලාඩා බීමත් තියා-ගෙන, මගේ ආදරිය අංගනා තිංගනාත් එක්ක !”

පටාස්, වල්දිලියස් ද අතුරුදහන් විණි.

“එ සේ නම්, දැන් යුෂ්මතා ගේ වාරය,” යි භූතිය උඩුදැළියට කීවා යැ.
“එහෙම ද ?” යි උඩුදැළිය පිළිතුරු දිනි. “මට ඕනැ මෙච්චර යි. හරියට ම කෑම වෙලාව පහු වුණ ගමන් අරුන් දෙන්නා කන්තෝරුවෙ ඉන්න ඕනෑ.”

කතාවේ ආදර්ශය - හැම විට මැ ඔබේ ලොක්කාට මුලින් කතා කරන්න ඉඩ දෙන්න.

පීන කලාඩා = pina colada
(piːnə kəˈlɑːdə) a cocktail made with rum,
pineapple juice, and coconut
අංගනා තිංගනා = ප්‍රලාප

@Upali Kannangara

ඇඩෙනවා.. මේකේ මංම දාපු පරණ පෝස්ට් කියවද්දී.. එවා නිකං හොන ගොං වගේනේ බං.. :/ දැන් ඉදන්වත් ටිකක් ලොකුවට හිතල දියුණු වෙන්න ඔන.. ^_^

Post has attachment
Photo

Post has attachment
Photo
Wait while more posts are being loaded