Profile cover photo
Profile photo
Mahamegha Media Network
172 followers
172 followers
About
Posts

Post has attachment
සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට උපකාරී වන දේ...

"පේටකෝපදේසයෙන් උපුටා ගන්නා ලදී.

බුදු සසුනෙහි ධර්මයේ හැසිරීම කළයුතු ආකාරය ගැන අගනා විස්තරයක් මෙහි ඇත්තේය. නුවණැත්තෝ ප්‍රයෝජන ගනිත්වා!

1. ශ්‍රාවකයා හට සම්මා දිට්ඨිය ඉපදීම පිණිස හේතු දෙකක් ඇත්තේය. ප්‍රත්‍ය දෙකක් ඇත්තේය.

2. පළවෙනි හේතු ප්‍රත්‍යය - (පරතෝ ච ඝෝසෝ සච්චානුසන්ධි) අන්‍යයන්ගෙන් අසනු ලබන චතුරාර්ය සත්‍ය ප්‍රකාශනයෙන් යුතු ධර්මය යි.

3. දෙවෙනි හේතු ප්‍රත්‍යය - (අජ්ඣත්තං ච යෝනිසෝ මනසිකාරෝ) තමා තුළ පවත්නා නුවණ යොදා මෙනෙහි කිරීමේ හැකියාව ය.

4. එහි පරතෝ ඝෝෂය යනු කුමක් ද?

අන්‍යයන්ගෙන් අසනු ලබන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත යම් දේශනාවක් ඇද්ද, යම් අවවාදයක් ඇද්ද, යම් අනුශාසනාවක් ඇද්ද, යම් චතුරාර්ය සත්‍ය කථාවක් ඇද්ද, යම් චතුරාර්ය සත්‍යයට අනුකූල වූ ධර්මයක් ඇද්ද, එයයි.

ආර්ය සත්‍යයෝ සතරකි. එනම්; දුකත්, දුක් උපදවන හේතුවත්, දුක් උපදවන හේතූන්ගේ නිරෝධයත්, ඒ නිරෝධය සඳහා ඇති මාර්ගයත් ය. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව යම් දේශනාවක් ඇද්ද, යම් සැසඳීමක් ඇද්ද, යම් විස්තර කිරීමක් ඇද්ද, යම් බෙදා දැක්වීමක් ඇද්ද, යම් ප්‍රකට කිරීමක් ඇද්ද, යම් ප්‍රකාශ කිරීමක් ඇද්ද, මෙය සත්‍යානුලෝම වූ ඝෝෂය යැයි කියනු ලැබේ.

5. එහි තමා තුළ පවත්නා යෝනිසෝ මනසිකාරය යනු කුමක්ද?

චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන කල්හි එයට සවන් දෙන කෙනා බාහිර වෙනත් අරමුණකට සිත නොයොදා ධර්මයෙහි පැවසෙන ආකාරයට නුවණ මෙහෙයවා මෙනෙහි කරයි ද, මෙය තමා තුළ පවත්නා යෝනිසෝ මනසිකාරය යැයි කියනු ලැබේ.

6. උපමාව; යම් පුරුෂයෙක් ගින්න උපදවා ගැනීම පිණිස වියළී ගිය දර කැබැල්ලක් ගෙන ගිනි ගානා දඬු තලයෙහි දිගටම නොනවත්වා අතුල්ලන විට ගින්න උපදියි. ඒ මක් නිසා ද යත්; ගින්න ඉපිදවීම පිණිස නුවණින් කළ යුත්තේ එය නිසා ය.

එසෙයින් ම දුකත්, දුක් උපදවන හේතුවත්, දුක් උපදවන හේතූන්ගේ නිරෝධයත් ඒ නිරෝධය සඳහා ඇති මාර්ගයත් පිළිබඳව විකෘති නොවූ ධර්ම දේශනාවක් මෙනෙහි කරයි ද, මෙය තමා තුළ පවත්නා යෝනිසෝ මනසිකාරය යැයි කියනු ලැබේ.

7. ඉතා වැදගත් කරුණකි; එහි අනුන් විසින් දේශනා කරනු ලබන චතුරාර්ය සත්‍ය...."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/11/petakopadeshaya/
Add a comment...

Post has attachment
Do you want to live a blessed life ? – Part 02

"Everyone likes to be blessed and live a blessed life. In order to be blessed we reach out to people or things which we believe to have the power to bless us, or we depend on our possessions as our blessings. This interpretation of ‘blessings’ not only makes us dependent on external circumstances but also cause us to ignore the consequences of our actions. In other words, the view arises that our deeds, good or bad, have no effect on our happiness/blessings, as long as some higher power blesses us and put things right. This common misconception was proven wrong when Lord Buddha, explained what blessings are in the Maha Maṅgala Sutta. The Lord Buddha expounded that blessings are actions you do, and their corresponding favorable results, with the association of noble friends, culminate in becoming an Arahant.

In last month’s edition of Mahāmegha magazine, we discussed 18 blessings in the Mahā Maṅgala Sutta, and today we will learn the remaining 20 blessings explained by the Lord Buddha. But, before that, let us recollect what we discussed last month.

Asevanā ca bālānaṁ - Not to associate with the foolish
Paṅḍitānañ ca sevanā - but to associate with the wise
Pūjā ca pūjanīyānaṁ - to honor those worthy of honor
Patirūpadesavāso ca - to live in a suitable locality
Pubbe ca katapuññatā - to have performed meritorious actions in the past
Attasammāpaṇīdhi ca - to set oneself in the right direction
Bāhusaccañca - well educated in noble Dhamma
Sippañca - knowledge of the arts and sciences
Vinayo ca - well-grounded in the discipline
Susikkhito - listening to advice and training according to the Dhamma
Subhāsitā ca yā vācā - pleasant speech
Mātāpitū upaṭṭhānaṁ - to support one’s father and mother
Puttadārassa saṅgaho - to provide for one’s wife and children
Anākulā ca kammantā - to be engaged in peaceful occupations
Dānañca - generosity
Dhammacariyā ca - righteous conduct
Ñātakānañ ca saṅgaho - to help one's relatives
Anavajjāni kammāni - to be blameless in actions

These are 18 things we can do to create our own blessings day and night. Now let us learn the rest of the blessings explained in the Maha Maṅgala Sutta.

19). Ārati virati pāpā – To cease and abstain from evil

We are all aware that the stanza..."
Read more - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/10/do-you-want-to-live-a-blessed-life-part-02/
Add a comment...

Post has attachment
ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ

"බුද්ධාලම්භන ප්‍රීතිය ජනනය කරවන අර්ථසම්පන්න බොදු ගීයක් වර්තමාන කාලයේ නිර්මාණය වනු දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. තෙරුවන කෙරෙහි ඇති විය යුතු අවෙච්ච ප්‍රසාදය නිර්මාණකරුවන් වෙතින් බැහැර වී තිබීම, අධ්‍යාත්ම පරිහානියක ලකුණු පළ කරන්නකි. නූතන අන්තර්ජාල තාක්ෂණය සමඟ පොරබදන සන්නිවේදන ජාලයන් ඔස්සේ එකිනෙක තරඟ වෙමින් ගලා එන්නේ මිනිස් සිත් සතන් තුළ රාගය, ද්වේෂය වඩවන පහත් පෙළේ, අවර ගණයේ සිනමා සිත්තම් හා කාම ගීතයන් පමණකි. සුභාවිත ගේය පද නිර්මාණය කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක, ඩෝල්ටන් අල්විස්, මහගම සේකර, අජන්තා රණසිංහ, අරිසෙන් අහුබුදු වැනි වියතුන් අප හැර ගිය අතර ඉතිරිව සිටින ටික දෙනා ද නූතන කාම ගී රැල්ල හමුවේ උකටලී ව නිහඬ ව කල් ගෙවති. ඉන් එක් අයකු මෑතක දී පැවසුවේ “විද්‍යුත් මාධ්‍ය තමන් රචනා කරන ගීතයන් ප්‍රචාරය නොකරනවා නම් ගී පද රචනා කරන්නේ කාට ද? ඒවා ගයන්නේ කවුරුන් ද?” යනුවෙනි. ඉඳහිට හෝ ගායකයකු සුභාවිත ගීතයක් ගැයුවහොත් ඔහු අනාථ වන බව වැඩිදුරටත් ඔහු පැවසී ය.

එම නිසා මේ අධ්‍යාත්ම පරිහානියෙන් මඳ අස්වැසිල්ලක් ලබනු උදෙසා අතීතයේ ගැයුණු සුභාවිත බොදු ගීත රස විනිස “වියැළී මියැදෙන්නට පෙර” නූතන පරපුරට හඳුන්වා දීම අප ලබන කිසියම් අස්වැසිල්ලක් සේ සලකමු.

මීට අවුරුදු පනහකට හැටකට පෙර අප ශ්‍රී ලංකා සමාජය පැවතුණේ බුදු සමයෙන් උරුමකොට ගත් අධ්‍යාත්ම ශික්ෂණය අනුව සිය සිතුම් පැතුම් හසුරුවාගත් සමාජ පරිසරයක ය. සාමයික, සාමාජික හා දේශපාලනික ආදී හැම අංශයක ම එක්තරා සහජීවනයක් එකල දක්නට ලැබිණි. කර්ම ඵල විශ්වාසය පිළිබඳ මනා වැටහීමක් ඇතිව කල දවස ගෙවූ මිනිසුන් බහුල වශයෙන් සිටි එසමයේ සාහිත්‍ය කලා නිර්මාණයන් පවා හැඩගැසුණේ එකී ශික්ෂණය අනුව මෙහෙයවුණු පරිකල්පනය තුළිනි. එසමයේ ගීත සාහිත්‍යය විෂයෙහි ලා බෞද්ධ ගීත රචනා වූයේ සිනමා නාටක උදෙසා ය. මෙම යුගයේ; එනම් මීට අවුරුදු හැටකට පෙර සිටි බොදු ගී රචකයන් අතර ආනන්ද සමරකෝන්, සිරිසේන විමලවීර, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, කරුණාරත්න අබේසේකර ආදීන් විශේෂයෙන් කැපී පෙනිණ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාරා අවුරුදු දෙදහස් පන්සියයක් ගෙවුණු කාලයේ ලෝකය පුරා වාසය කළ බෞද්ධ ජනතාව ඉමහත් සැදැහැයෙන් යුතුව ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරූහ. ඊට ආසන්න වකවානුවේ දී තිරගත වුණ ‘දස්කම’ නමැති සිනමා නාටකය උදෙසා රචනා වී ගැයුණු අපූරු ගීතයක් මහාමේඝ පාඨක සැදැහැවතුන්ගේ පහන් සංවේගය උදෙසා මෙසේ ඉදිරිපත් කරමු.

“ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරි මැරේ - දස දහස් වාරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ

කුමට නැටුම් කෙළි කවට සිනාදා
මරුට නොමැත නිසි විටකදි බාදා
ඔබට නොදන්වා මරු මෙහි ආදා
යන්නට සිදුවන්නේ - ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ

කුණු කය නිසරුයි - නැත පවතින්නේ
කළ හොඳ පමණයි - මෙලොව රැඳෙන්නේ
නැති බැරිකම ලෙඩදුක් ඇතිවන්නේ
අපටයි මිනිසුනේ - ඇයි මෙය නොසිතන්නේ
නොතිර සසර සාගරේ”

කෙළවරක් නොදකින අපාර වූ සංසාරයේ මැරි මැරී ඉපිදෙමින් දුක් විඳින මනුෂ්‍ය වර්ගයා පිළිබඳ ව...."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/10/ipida-mare-yali-ipide-nothira-sasara-saagare/

Add a comment...

Post has attachment
සිරි දළදා පුද පූජා - 3

"සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරවරයෙහි සුවසේ වැඩ වෙසෙමින් මේ ශ්‍රී ලංකාද්වීපයෙහි මුදුන්මල්කඩ ලෙසින් දෙව් මිනිසුන්ගේ අනන්ත පූජෝපහාරයනට පාත්‍රවන වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පවත්වන දෛනික බුද්ධෝපස්ථාන විධිය පිළිබඳව පසුගිය ලිපියෙන් විමසා බැලුවෙමු. මෙවර විමසා බැලෙනුයේ උන්වහන්සේ උදෙසා ආහාර පූජාවන් සිදු කෙරෙන ආකාරය පිළිබඳව යි.

අලුයම තේවාව සිදු කළ තෙරුන් වහන්සේ විසින් ම උදෑසන බුද්ධ පූජාව ද පැවැත්වීම සිරිත බැවින් උන්වහන්සේ දළදා වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කොට නැවත ද දෑත් ධෝවනය කර ගඳකිළියට පිවිසෙන සේක. මුළුතැන්ගෙයිදී ඉතා පිරිසිදුව පිළියෙල කරන ලද ආහාර දානය හේමකත්වල තැන්පත් කොට කත්තියන රාළලා දෙදෙනා, හක්ගෙඩි අප්පු සහ ගෙපරාළ කත්තියන බරාදය නම් කුටියට වැඩම කරවති. මෙය ආහාර පූජාව පයිංඩ කිරීම නමින් හැඳින්වේ. ඒ සමඟ ම හේවිසි වාදනය නැවත ආරම්භ වන අතර, මේ අවස්ථාවෙහිදී වාදනය කරනු ලබන්නේ බුද්ධ පූජා පදය නම් වූ බෙරපදයකි. කත්තියන බරාදය තුළ දී ආහාර දානය පාත්‍රවල තැන්පත් කිරීම සිදු කරනු ලැබේ.

එකල්හි තේවාකාරක භික්ෂුව විසින් පිරුවටයකින් වසන ලද ගන්ධකුටියෙහි මලස්න මත, ගෙපරාළ විසින් ලබා දෙනු ලබන රන් පාත්‍රය තැන්පත් කොට, දන් වැළඳීමට පෙර භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තය ධෝවනය කිරීම සංකේතවත් කරමින් රන් කෙණ්ඩියෙන් එම පාත්‍රයට පැන් වඩනු ලැබේ. එය සිදු කරන්නේ පහත ගාථාව සජ්ඣායනා කරමිනි.

16. අනන්ත ඤාණෝ විමලෝ
දක්ඛිණෙය්‍යෝ ගුණාකරෝ
පතිගණ්හාතු භගවා
දක්ඛිණෝදක මුත්තමං

“නිර්මල වූ, අනන්ත ඥානයෙන් හෙබියා වූ, දක්ෂිණාර්හ වූ, ගුණයන්ට ආකරයක් බඳු වූ භාග්‍යවතුන් වහන්ස, මේ උතුම් දක්ෂිණෝදකය (ශ්‍රී හස්තය, ශ්‍රී මුඛය හා පාත්‍රා ධාතුව ධෝවනය කර ගැනීමට පූජා කරන ජලය) පිළිගෙන වදාරණ සේක්වා!”

ඉන් පසු හාල් සේරු 32ක බත් පිරවූ රන් රිදී පාත්‍රා 7, ව්‍යංජන 32 තැන්පත් කළ රිදී කුසලාන් 4, අවුල්පත් 5 බැගින් තැන්පත් කළ මණ්ඩා 4, කැඳ පාත්‍රය, කිරි ආහාර පාත්‍රය හා..."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/09/siri-dalada-puja-03/
Add a comment...

Post has attachment
මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ධාතු මහා සෑය රජගල වනයේ සැඟව ගොසින්

"අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට දායාද කරන ලද්දේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ය. මිහිඳු මහරහතන් වහන්සේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස ලක්දිව ව්‍යාප්ත කළ සේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවීම ආදියෙන් භාණක පරම්පරා බිහිකොට ලංකාදීපය බැබළවූහ. මහා සඟ පිරිවරක් උන්වහන්සේ පිරිවරා ගත්හ. උන්වහන්සේ ලංකාවට ශාස්තෘන් වහන්සේ හා සමානව ලොවට යහපත පිණිස බොහෝ කටයුතු කොට වදාළ සේක.

උත්තිය රජතුමා රජ වී අට වැනි වර්ෂයේ මිහිඳු මහරහතන් වහන්සේ සෑගිරියේදී එනම් මිහින්තලාවේදී වප් මස පුර අටවකදා පිරිනිවන් පා වදාළ මොහොතේ මිහිමඬල සෙලවී ගියේ, බොහෝ දෙනා හඬමින් වැලපෙමින් මහත් වූ රාජ ගෞරව දැක්වූහ. අනුරාධපුර ථූපාරාම සෑ රජුන් පැදකුණු කොට එකල බද්ධමාලක නම් වූ ස්ථානයේ (ඉසිභූමංගනය) උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලදී. මහා ජන ගඟක් ඒ ආදාහන පූජාවට සහභාගී වූහ. ඒ ආදාහනය කළ ස්ථානයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගෙන් අඩක් නිදන් කොට මහා සෑයක් උත්තිය රජතුමා කළේ ය. සෑගිරියේ ඉතිරි ධාතූන් වහන්සේලා තැන්පත් කළේ ය. එවකට සංඝයා නිතර ගැවසෙන විහාරවල මිහිඳු මහරහතන් වහන්සේ නමින් ස්ථූප ඉදි කළහ. මේ අනුව ලක් දෙරණ පුරා ම මිහිඳු මහරහතන් වහන්සේ නමින් වන්දනා මාන කිරීම සිදු විය. මේ ඒ අතීත විස්තරය යි.

මේ ආකාරයෙන් පරම්පරාවෙන් වන්දනා කරමින් පැමිණි මිහිඳු ස්ථූප ක්‍රමයෙන් අභාවයට ගිය සේක් ම ය. මිහින්තලාවේ මිහිඳු සෑයේ කැණීම්වලින් ලබාගත් උතුම් ධාතූන් වහන්සේලා අදත් මිහින්තලාවේ විහාර ධාතුමන්දිරයේ ඒ පුරාවස්තු සමඟ ප්‍රදර්ශනයට තබා තිබේ. අප රටවැසි බෞද්ධ ජනයාට ලැබුණු දායාදයක් යැයි ඒ ගැන හැඟේ. එනමුත් අනෙක් වෙහෙර විහාර ගැන හෝඩුවාවක් නොමැත.

මේ අතර “මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් ස්ථූපය යි” යනුවෙන් සඳහන් සෙල්ලිපියක් සහිත සෑයක් රජගලින් හමුවිය. රජගල විහාර භූමිය සිතා ගත නොහැකි තරම් පුරාවස්තු හා පුරාගොඩනැගිලි සහිත අද්භූත විහාර සංකීර්ණයකි. අද වුවත් ඒ පින්බිමට ගිය විට ඒ භූමිය ගැන පුදුම සිතේ. ශ්‍රී ලාංකේය ජාතිය ආගම ගැන වචනයෙන් කිව නොහැකි හැඟීමක් නිරායාසයෙන් පහළ වේ. මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව වැඩසිටි සාංචිය යම් සේ ද එය සිහියට නැගේ.

මිහිඳු මහරහතන් වහන්සේ නමින් සෙල්ලිපියක් සහිත එක ම මහා සෑය එය ව තිබෙද්දී වනයට වල් වැදී හුදෙකලා වීම පුදුමයකි. ඒ උතුම් මිහිඳු සෑය දකින්නට, වන්දනා කරන්නට ගිය මොහොතේ අප මහත් සංවේගයට පත් වූවත් වන්දනා කරන්නට ලැබුණු ප්‍රීතියෙන් එය සන්සිඳිණි. ලක්දිවට ශාස්තෘන් වහන්සේනමක් වැනි මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතු ස්ථූපය සකල බෞද්ධයන් විසින් මුදුන්මල්කඩෙහි ලා සත්කාර කළ යුතු නො වේ ද? නමුත් සිදුවී ඇති දේ ඔබ ම ගොස් දැක ගන්න. මිහිඳු මහරහතන් වහන්සේට ණය ගෙවීමට තියෙද්දී...."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/08/rajahala-pihiti-mihidu-maha-rahathan-wahnsege-uthum-dhathu-saaya/
Add a comment...

Post has attachment
ලොව බලවත් ම ප්‍රතිප්‍රහාරකය

"ලෝකයේ සියලුම සත්වයන් පාහේ තමාගේ ඉන්ද්‍රියයන්ට සන්නිවේදනය වන සෑම ක්‍රියාවකට ම පාහේ විවිධාකාරයෙන් ප්‍රතික්‍රියා දක්වති. ඇතැම් විට එය පිරිස් කණ්ඩායම් වශයෙන්, රට රටවල් වශයෙන්, ජාතීන් ජාතීන් වශයෙන්, ආගම් ආගම් වශයෙන් නොයෙක් කුලයන්ට බෙදී එකිනෙකාට රෞද්‍ර ලෙස ද මෘදු ලෙස ද එහෙමත් නැත්නම් යහපතින් ද අයහපතින් ද ප්‍රතික්‍රියා දක්වයි. ඇතැම් විට ඒවා කයෙන්, වචනයෙන්, ධනයෙන්, බලයෙන්, යුද්ධයෙන්, සාමයෙන් ආදී නොයෙක් වෙස්ගනියි. එම ස්වභාවය දෙවියන් මිනිසුන් අතර පමණක් නොව සතර අපායිකයන් අතර ද දක්නට ලැබේ. ඇතැම් ප්‍රතික්‍රියා කරණ කොටගෙන මහා මිනිස් සංහාරයන්ගෙන් ඒවා අවසන් වේ. එය මේ මොහොතේ ද ලොව පුරා ම දකින්නට ලැබෙන නොවිරල දසුනකි.

සතුරෙක් සතුරෙකුට කරන අනතුරට වඩා අනතුරක්

මේ කෙළවරක් නැති මහා ව්‍යසනවල මූල බීජය බොහෝ විට මුලින් ම හටගෙන තියෙන්නේ යම් පුද්ගලයෙකුගේ, දෙදෙනෙකුගේ සිත තුළ ය. කෙනෙකුගේ සිත තුළ හටගත් මේ ප්‍රතික්‍රියා දක්වන ස්වභාවය අවසානයේ මිලියන ගණන් ජීවිත විනාශ කරන ලෝක යුද්ධවලින් අවසන් වී ඇත. පරම්පරා ගණනකට එහි වන්දි ගෙවීමට සිදුවී ඇත. තමාට අහිමි වූ අයිතිවාසිකම් හෝ වේවා අසාධාරණකම් මතින් පුද්ගලයෙකුගේ සිත තුළ ගොඩනැගුණු මේ වෛරී සහගත ප්‍රතිප්‍රහාරය ක්‍රමක්‍රමයෙන් විකාශනය වී ජන කණ්ඩායම් අතරට සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ එය මහා ව්‍යසනයක පදනම සකස් කර දෙයි.

ලොව ම සුරක්ෂිත කරන සිතක උපදින බලසම්පන්න ගුණය

ඒ නිසා පුද්ගලයන් වශයෙන් මේ එකම එක ගුණයක් පුරුදු කිරීම තුල තමාටත් සියලු ලෝ වැසියන්ටත් මහා යහපතක්, ආරක්ෂාවක් සලසා දිය හැකිය. සියල්ලන් ම සුරක්ෂිත කළ හැකිය. ඒ මහානීය එක ම එක ගුණය නම් ක්ෂාන්තිය හෙවත් ඉවසීම යි. පුද්ගලයන් වශයෙන් ද කණ්ඩායම් වශයෙන් ද සුරක්ෂිත කරන පුද්ගලයෙකු විසින් අත්‍යාවශ්‍යයෙන් ම දියුණු කළ යුතු උතුම් ගුණයකි, ඉවසීම. යම් කෙනෙකුගේ සිත තුළින් යම් විටෙක ඉවසීම ගිලිහී යයි ද එවිට හේ කරන කියන දේ පිළිබඳ කිසිදු වගකීමක් ඔහුට නොමැත. ඕනෑම විනාශකාරී ක්‍රියාවකට ඔහු පෙළඹෙයි. ඇතැම් විට ඔහු ඉවසිය යුත්තේ සුළු මොහොතකි. සුළු කාලයක් එය දරා සිටීමට නො හැකි වීම තුළ ඔහු සිදුකරන ප්‍රතික්‍රියාව තමාටත්, තව බොහෝ දෙනෙකුටත් මහා අනර්ථයක් සිදුකරයි. ඒ නිසා ලොව බලවත් ම, යහපත් ම හා සුදුසු ම ප්‍රතිප්‍රහාරකය නම් ඉවසීම ය. අපි මෙම ලිපිය මගින් ඉවසීම පුරුදු කළ යුත්තේ කොතැනක ද එහි ආනිශංස, නොඉවසීමේ ආදීනව හා ඉවසීම පුරුදු කිරීමට උපකාර වන දේ ගැන කතා කරමු.

ඉවසීම පුරුදු කළ යුත්තේ කොතැනක ද?

පැවිද්දාට ඇති වටිනා ම බලය..."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/07/lowa-blawathma-prathipraharakaya/
Add a comment...

Post has attachment
මමත්වය තියෙන්නේ ‘මම’ කියන වචනයේ නෙවෙයි

"දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා බ්‍රාහ්මණයෙක් ආවා. ඇවිල්ලා කියනවා “ස්වාමීනී, තමා කියලා කරන්නෙක් නැත. අනුන් කියලා කරන්නෙක් නැත. භාග්‍යවතුන් වහන්ස, මම ඉන්නේ මේ දෘෂ්ටියේ” කියලා. ඒ මතයට එන්න තමයි අදත් හිස් පුද්ගලයෝ “තමා කියලා කරන්නෙකුත් නැත... අනුන් කියලා කරන්නෙකුත් නැත...” කියලා කියන්නේ.

අපි මෙහෙම ගනිමු. ඔන්න ඔබ තමන් තුළ ‘මම’ කියලා කෙනෙක් නෑ කියලා ‘මම’ කියන අදහස අත්හැරියා කියමු. ඒ වගේ ම මමත් ‘මම’ කියන අදහස අත්හැරියා කියමු. එතකොට තමා කියලා කෙනෙකුත් නෑ. එතකොට ඔබට අනුන් කියලා කෙනෙකුත් නෑනේ. නමුත් ඒ විදිහට සැලකුවා කියලා මමත්වය නැතිවෙන්නේ නෑ. එතැන දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා “මේ ජාතියේ දෘෂ්ටියක් තියෙන කෙනෙක් අනේ මට නම් නැවත පෙනෙන්නවත් නොලැබේවා..!” කියලා. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “තමන් ම හොඳට ඇවිදිමින් ම, තමන් ම ඉස්සරහට පස්සට යන ගමන්, තමන් ම අතපය ක්‍රියා කරමින් සිටිද්දී තමන් කියලා කෙනෙක් නෑ... අනුන් කියලා කෙනෙක් නෑ... කියලා කියනවනේ” කියලා. එතකොට බලන්න, විදර්ශනා ප්‍රඥාව කතාකරපු භාග්‍යවතුන් වහන්සේ කොච්චර පැහැදිලිව ව්‍යවහාරික ලෝකය හඳුනාගෙන හිටිය ද කියලා.

අපි සාමාන්‍ය සම්මුතිය තුළ ‘මම... අපි... ඔහු... ඇය..’ කියන මේ හැමදෙයක් ම කතා කරනවානේ. නමුත් පරමාර්ථය වශයෙන් අපි මේක විග්‍රහ කරමින් ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් බැලුවොත් මොකුත් නෑ. අපි බාහිර උදාහරණයක් ගත්තොත්..."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න -MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/07/mamathwaya-thiyenne-mama-kiyana-wachanaye-nemei/

Add a comment...

Post has attachment
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද? - 6 කොටස

"සම්බුදු කිස නිමවා පිරිනිවන් පා වදාළ කුසිනාරාව...

මහා කරුණාවෙන් යුතුව, විස්මිත ප්‍රඥාවෙන් යුතුව පන්සාලිස් වසරක් පුරාවට දෙවි මිනිසුන්ට අමා නිවන් මඟ පෙන්වා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ අසූවෙනි වියේදී පිරිනිවන් පා වදාළේ කුසිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේදී ය. කුසිනාරා නුවර යනු බුද්ධකාලීන භාරතයේ සොළොස් මහා ජනපද අතරින් මල්ල රාජධානියේ අගනුවර ය. එකල මල්ල රාජ්‍යයේ කුසිනාරා හා පාවා යන දෙරට විසූ මල්ලයෝ ස්වතන්ත්‍ර පාලනයක් ගෙන ගියහ. චීන දේශාටකයින්ගේ වාර්තා අනුව මල්ල රාජධානිය පිහිටියේ ශාක්‍ය රාජධානියට නැගෙනහිරින් වජ්ජි රාජ්‍යයට උතුරින් හිමාල කඳු පාමුල ය. ඈත අතීතයේ මෙම රාජ්‍යය කුසාවතී නමින් හැඳින්විණි. බෝධිසත්වයන් වහන්සේ මහා සුදස්සන රජු හා කුස රජුව උපන් කාලවලදී එතුමන්ගේ ද, මහාසම්මත පරපුරේ රජවරුන් බොහෝ දෙනෙකුගේ ද රාජධානිය වූයේ කුසිනාරාව ය. ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේද කුසිනාරාවේ සේතාරාමයේ බව ඛුද්දක නිකායට අයත් බුද්ධවංසපාළි ග්‍රන්ථයේ සඳහන් වේ. මගධ දේශයේ සිට කෝසල දේශයට යා යුත්තේ මල්ල දේශය හරහා මල්ල දේශය පසු කරමින් ය. භාග්‍යවතුන් වහන්සේ ද චාරිකාවේ වැඩම කළෝ එම මඟින් ම ය. මල්ල රාජධානියට කිහිප වරක් වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ, වරක් උරුවේල කප්ප නම් මල්ලයන්ගේ නියම් ගමෙහි වැඩ සිටියහ. මල්ල ජනපදයේ සැරිසරද්දී ථූන නම් බමුණු ගමට වැඩම කළ විටක බමුණෝ අමනාපයෙන් යුතුව සියලු ළිං පොකුණු තණකොළ, පිදුරු දමා වසා දැමූහ. බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් පැන් ගෙන ඒමට වැඩි ආනන්ද තෙරුන් තණකොළ, පිදුරු බැහැර වී මුවවිට දක්වා දියෙන් පිරුණු ළිඳ දැක බුද්ධානුභාවය කෙරෙහි බලවත්ව පැහැදී පැන් ගෙනැවිත් පූජා කරන ලදී. භෝග නගරය, අනුපිය නගරය, උරුවේල කප්ප නගරය මල්ල රාජ්‍යයෙහි තිබූ අනෙකුත් වැදගත් නගර වේ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා සිය කැමැත්තෙන් ම කුසිනාරාවට වැඩම කළ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. පිරිනිවන සඳහා විශාලා මහනුවරින් පිටත් වූ බුදුරජාණන් වහන්සේ භෝග නගරය පසුකොට පා තබන ලද්දේ පාවා නුවරට ය. පුක්කුස නම් මල්ල රාජ පුත්‍රයෙක් ගසක් මුල වැඩහුන් බුදුරදුන් දැක සිත පැහැදී තෙරුවන් සරණගොස් අගනා රන් සළු දෙකක් පූජා කළේ එහිදී ය. බුදුරජාණන් වහන්සේ පාවා නුවරට ගව් තුනක් (සැතපුම් දොළසක්) දුරින් පිහිටි කුසිනාරාවට වැඩම කළේ හිරණ්‍යවතී නදියෙන් එතෙර වීමෙනි. එසේ වඩින අතරතුර රෝගී තත්ත්වය මත විවේක ගනිමින් වැඩම කොට සන්ධ්‍යා කාලයෙහි කුසිනාරා නුවර උපවර්තන නම් සල් වනයට වැඩි සේක.

සල්වනයට වැඩි බුදුරදුන් අනඳ තෙරුන් ලවා සල්ගස් දෙකක් අතර උතුරට හිස සිටින සේ ඇඳක් පිළියෙල කරවාගෙන, යළිත් නොනැගිටින අදහසින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපුන සේක. නොයෙක් සක්වළින් අප්‍රමාණ දෙවි දේවතාවෝ අවසාන වතාවටත් බුදුරජාණන් වහන්සේ දැක බලාගෙන වන්දනා කිරීමට දිව මල්, දිව සුවඳ ගෙන උපවත්තන සල් වනයට පැමිණියහ. දිව මලින්, දිව්‍ය සුගන්ධයෙන් බුදුරදුන් පිදූහ.

භාග්‍යවතුන් වහන්සේ එදින රාත්‍රියෙහි පෙරයම මල්ල රජ දරුවන් ප්‍රධාන රැස්ව සිටි මහ පිරිසට දහම් දෙසා, රාත්‍රියේ මැදියම සුභද්‍ර නම් වූ පරිබ්‍රාජකයාට දහම් දෙසා...."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/07/budurajanan-wahnse-pahala-uye-lankaweda-part-06/
Add a comment...

Post has attachment
දියුණු වෙන්න කැමති ද?

"දියුණු වෙන්න කව්ද අකමැති? හැමෝගේ ම අදහස දියුණු වෙන්නයි. දියුණු වෙන්න මිනිස්සු මොන තරම් අරගල කරනව ද..? නමුත් ‘දියුණුව’ හඹා යන ඒ බොහෝ දෙනා සැබෑ ම දියුණුව කියන්නේ කුමක් ද යන වගවත් තේරුම් ගත් බවක් පෙනෙන්නට නෑ. ඒ නිසා සැබෑවට ම දියුණු වූ කෙනෙකු ලබන ප්‍රතිලාභ ඔවුන්ට අහිමියි. එබැවින් දියුණු වෙන්න කැමති ඔබ මුලින් ම සොයා බැලිය යුත්තේ සැබෑ දියුණුව කියන්නේ කුමක්ද යන වගයි.

සියලු දෙවිමිනිසුන් අතර සියලු ගුණයෙන් අපරිමිතව දියුණුවට පත් වූ අපගේ ශාස්තෘන් වහන්සේ තරම් ‘දියුණුව’ පිළිබඳ ව මනාව දැන සිටි වෙනත් ශාස්තෘවරයෙක් නම් නෑ. ඒ උතුම් බුදු නුවණින් දෙසා වදහළ ධර්මයට අනුව දියුණුවක් කරා පියනගන නුවණැතියන් හට ඒකාන්තයෙන් ම සැබෑ දියුණුවේ ප්‍රතිලාභ හිමිවෙනවා.

“මහණෙනි, පුද්ගලයින් තුන් දෙනෙක් ලෝකයේ දකින්නට ලැබෙනවා. ඒ තුන්දෙනා කව්ද?
අන්ධ කෙනා, එක ඇසක් ඇති කෙනා, ඇස් දෙක ම ඇති කෙනා.”

‘දියුණුව’ පිළිබඳව උත්සාහවත් වන ඔබගේ ආකල්පය ධර්මයෙන් ඔපමට්ටම් කෙරෙන මේ උතුම් දේශනය දෙස බලන්න.

“මහණෙනි, අන්ධ පුද්ගලයා කව්ද..? මහණෙනි, මෙහි සමහර කෙනෙකුට මෙන්න මේ වගේ ඇසක් නෑ. ඒ කියන්නේ යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී නොලැබූ භෝග සම්පත් ලැබෙනවා නම්, ලැබුණු භෝග සම්පත්වල වැඩිවීමකට පත්වෙනවා නම් ඒ වගේ ඇසක් ඔහුට නෑ. ඒ වගේ ම යම් විදිහක ඇසකින් බලා කටයුතු කරද්දී කුසල් - අකුසල් දන්නවා නම්, වැරදි - නිවැරදි දේ දන්නවා නම්, උසස් - පහත් දේවල් දන්නවා නම් එකිනෙකට වෙනස් වූ අයහපත් යහපත් දේවල් ගැන දැන ගන්නවා නම් ඒ වගේ ඇසකුත් ඔහුට නෑ. මහණෙනි, මොහුට තමයි කියන්නේ ‘අන්ධ කෙනා’ කියලා.”

මේ උතුම් දේශනාවට අනුව..."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/07/diyunu-wenna-kamathida/
Add a comment...

Post has attachment
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව - 23

"ආච්චි එදා භාවනා කරලා නැගිට්ටා විතරයි. මං මේ බලා සිටියේ ආච්චි එදා මට කියපු කාරණාවක් ගැන අහන්ට යි.

“ආච්චියේ, ඔයා මට කීවා නේ ද තව්තිසා දෙවියෝ සෑම පෝය දවසක ම රැස් වෙනවා ය කියලා?”

“ඔව් පුතේ… සෑම පෝයක ම දේවසභාව රැස්වෙනවා.”

“අනේ ආච්චියේ… මං හරී ආසයි ඒ විස්තරේ අසන්ට.”

“ඒ මෙහෙමයි පුතේ…. තව්තිසාවේ තියෙනවා ‘සුධර්මා’ කියලා විශාල ශාලාවක්. ඒ ශාලාවට ‘සුධර්මා’ යන නම ලැබුණේ අපේ සක්දෙවිඳු මිනිස් ලෝකේ ඉන්නැද්දි වෙච්චි දෙයක් නිසා. ‘මඝ’ තරුණයාගේ එක බිරිඳක් සිටියා. ඇගේ නම ‘සුධර්මා’. ඉතින් ඈ මඝ තරුණයා සාලාව හදද්දී කැණිමඬල පූජා කොරලා කියා සිටියා එයැයිගේ නම දාන්ට කියලා. ඒ පින නිසා ඈත් දෙව්ලොව උපන්නා. දෙව්ලොවෙත් පහළ වූ සාලාවට ඒ නම වැටුනා. හප්පා… මයෙ පුතේ ඒක හරි පුදුම ශාලාවක්.

ඒ කියන්නේ බිම පළිඟු ගල් අතුරලා, මැණික් වැට, රන් කණු, කණු පාමුල රිදී කැටයම්, පළිඟු රූප, සත්රුවන් පරාල, රුවන් දොරටු, ඉන්ද්‍රනීල මාණික්‍ය උළු, රන් කොත්, දිග පළල යොදුන් තුන්සියයක්. වටේ යොදුන් නවසියයක වේදිකාව. උස යොදුන් පන්සීයක්.

ඉතිං පුතේ ඒ ශාලාවේ සතර දිසාවේ තියෙන්නේ සතර වරම් දෙව්රජුන්ගේ ආසන. කෝටි ලක්ෂයක් ගාන්ධර්ව දිව්‍ය සේනාව පිරිවරාගෙන ධතරාෂ්ට්‍ර දෙව්රජු ඇවිත් නැගෙනහිර පැත්තේ තියෙන ආසනේ වාඩිවෙන්නේ බටහිර බලාගෙන.

කෝටි ලක්ෂයක් කුම්භාණ්ඩ දේවතාවරු පිරිවරාගෙන ඇවිත් විරූඪක දෙව්රජු උතුරු දිග බලාන දකුණු පැත්තේ තියෙන ආසනේ වාඩිවෙනවා.

කෝටි ලක්ෂයක් නාග දේවතාවෝ පිරිවරාගෙන විරූපාක්ෂ දෙව්රජු ඇවිත් බටහිර පැත්තේ ආසනේ වාඩිවෙන්නේ නැගෙනහිර දිග බලාගෙන.

කෝටි ලක්ෂයක් යක්ෂ දේවතාවෝ පිරිවරාගෙන වෛශ්‍රවණ දෙව්රජු ඇවිත් උතුරු පැත්තේ ආසනේ වාඩිවෙන්නේ දකුණු දිග බලාගෙන.

මැද තියෙන්නේ අපේ දෙව් මහරජුන්ගේ ආසනය. උන්නාන්සේ තව්තිසා ලෝකයේ තෙතිස් දෙවියන් පිරිවරාගෙන තිස්තුන් කෝටියක දෙව්පිරිස සමඟින් ඇවිත් අසුන් ගන්නවා.

ඉතිං පුතේ ඒ පිරිවර දෙවිවරු එන්නේ පරසතු මල්, මදාරා මල් මිටි අතින් අරගෙනයි. ඒවායේ සුවඳ පන්සිය යොදුනක් පුරා පැතිරෙනවා.

පුතේ… වස් කාලෙට පුතේ තව්තිසා දෙව්ලොව තවමත් වස් තුන් මාසෙ ම උපෝසථ සිල් සමාදන් වෙනවා. ඒ කාලේ අපගේ සක් දෙව් මහා රජ්ජුරුවෝ සිල් මුදවන්ට එන්නේ පුවඟු දිවයින මහා විහාරයටයි. අනිත් දෙවිවරු ඒ ඒ තැන්වල වැඩ ඉන්න රහතුන් වහන්සේලා ළඟට ගොහින් සිල් මුදාගන්නවා.

“අනේ ආච්චියේ, පරසතු මදාරා වගේ ම තවත් මල් ජාති එහෙ තියෙනවා ද?”

“ඇයි පුතේ…."

සම්පූර්ණ ලිපිය සඳහා පිවිසෙන්න - MAHAMEGHA.LK >> https://mahamegha.lk/2018/08/07/ape-achchige-lassana-bana-kathawa-sudam-sabawa/
Add a comment...
Wait while more posts are being loaded